Wednesday, May 30, 2012

සරුංගලය......





මතකද එදා හැන්දෑවේ....
එකම එක සරුංගලයක් 
එක නූලෙන් අල්ලගෙන හිටිය හැටි...
සරුංගලය වගේ නේද? අපේ පැතුම්...
ගොඩාක් උඩින් තිබුනේ
හිටපු ගමන් ආව රළු කෝඩයකට
ඒවා නොසෙල්වුනාම නෙවේ......


පුංචි හරි තිගැස්මක් ආවම
ඔයා මගේ අත තද කරගත්තා....
ඔව් සරුංගලය වගේම ඒ පැතුම්
මම ඊයෙත් අදත් හෙටත් රකිනවා හැමදාටම......


ඇයි මතක නැද්ද .....
අපි දිහා බලා ඉදිය චූටියෙක් කිව්වා
සරුංගලයට උඩ යන්න නූල කරදරයක් කියලා....
අනේ එහෙමයි කියලා 
මටත් හිතුන වෙලාවල් තිබ්බා.....
ඒත් සරුංගලය උඩ තියෙන්නේ
නූලෙන් කියල ඔයා මට කියලා දුන්නා....


ඉතින් ඒ අහිංසක පැතුම් ගොන්නට
ඔයාගෙත් මගෙත් දෙහිතම ඕනි.....
හැමදාටම.....
ඇයි දන්නවද?
ඒවා අපි දෙන්නගෙම නිසා...
එන හැමදේටම මූණ දෙමු....
ඔයා මගේ ලග නම් මට ඕන කුණාටුවක්.....


Monday, May 28, 2012

හිතුවක්කාරකම්........








“ඔයා හරි හිතුවක්කාරයි......“
මතකද එදා මම කිව්වා
ඔය සුසුදු මුවගින් අල්ලා.....
හිතුවෙවත් නැති විදියට
ඒ අහිංසක හිතුවක්කාරකම
අද මටම නපුරක් වෙලා....
ගොඩාරියක් ඔයාටවත් නොදැනෙන තරම්........


Monday, May 14, 2012

ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව ලැබේවා!!



ඇත්තටම සොදුරු මිනිස්සුන්ගේ ජීවිත හරි කෙටි කියන කතාව ඇත්තක් කියලා මේ වෙලාවට තමයි තේරෙන්නේ.ජීවිතේ කියන්නේ ඕකට තමා ඉතින්...කොහොම වුනත් අපේ ආදරණීය මාමා සයිබරයෙන් විතරක් නෙමේ අපි හැමෝම දාලා ලොකු ගමනක් ගිහින්....මට නම් මාමා ගැන ලොකු දෙයක් කියන්න තරම් අයිතියක් නෑ මොකද  බ්ලොග් ලිවිල්ල කල්පයටත් අළුත් නිසා..ඇත්තටම මම මාමා ගැන ලිව්වට මාමා මගේ එක පොස්ටුවක් වත් කියවලා නෑ....ඒත් ඒ ආදරණීය සහෘදයා කියපු එක දෙයක් තාමත් කල්ප ගේ හිතේ ඇදිලා තියෙනවා......

ඔබා මාමා කියන කෙනා මට හමුවන්නේ මුලින්ම සයිබරයෙන් ලස්සන පෝස්ට් එකක් කියවද්දී .එදා ඉදලා එතුමන්ගේ අඩවියේ පල වූ රස බර අත්දැකීම් ඒ රස කතා අපි බොක්කෙන්ම රස වින්දා....කොහොම කොහොම හරි සයිබර් උලෙලේදී තමා එතුමන් මට මුලින්ම මුන ගැහුනේ..පැත්තකට වෙලා මධුවිත පොඩ්ඩක් තොල ගගා ඉදිය මාමා දිහාවට ස්වායක්තයි අරුණැල්ලයි එක්ක කල්පයා සේන්දු වුනා..උන් දෙන්නා නම් කිව්ව ගමන් අදුන ගත්තා.

"මා‍මේ... මම කල්ප"
"ආ කොහොමද පුතා......."
එතුමන් කෙලින්ම බැලුවේ අපි එදා එල්ලන් ඉදපු ටැග් එක දිහා...
“වැහි පොදක් ....ම් ම් ම් ම්   කියවන්න හම්බවෙලා නම් නෑ පුතේ අද ගිහින් අනිවාර්යෙන්ම කියවන්නම් " මාමා සුපුරුදු හිනාව දාන ගමන් කිව්වා....

ඉතින් ගොඩාක් වෙලා කතා කර කර ඉදලා එතුමන්ගේ ලගින් එද්දී අන්තිමට කියනවා .

"වැහි පොදක් අද බලන්නම් ආ....."

ඉතින් බ්ලොග් ඉතිහාසයේ සොදුරු අද්විතීය එවන් පුද්ගලයෙකුගෙන් එසේ ඇසීමම කල්පට ලොකු කික් එකක් වුනා...ඒත් එදා ඒ අව්‍යාජ හිනාවෙන් මූණ පුරෝගෙන ඉදිය  ඒ මනුස්සයා දකින්න ලැබුන අන්තිම වතාව ඒක වෙයි කියලා කල්ප හීනෙන් වත් හිතුවේ නෑ.....

ඇත්තමට පුදුමයි එතුමන් මට මුනගැසුනු ප්‍රථම සහ අනතිම වතාව ඒ අවස්ථාව  වීම....කොහොම වුනත් ඔබා මාමේ ඔබතුමන් මම දැන ගත්තු කාලෙට සයිබරයේ බ්ලොග් සටහන් අතරේ හොද කකුලක්....බොක්කෙන්ම හිත පිරිසිදු හොද මනුස්සයෙක්......

ඉතින් මට හිතෙන විදියට ජීවිතේ විදිපු කෙනෙක්.....ඉතින් සනත් විජේවර්ධන ආදරණීය සහෘදයානෙනි අප සැවෙම එක සිතින් ඔබට ප්‍රාර්ථනා කරන්නේ නිවන් සුවයි....යනෙනා තැනක සතුටින් කල් ගෙවන්න ලැබේවා......මෙසේ ඔබ අප හැර ගියත් හැමදාම අපේ බ්ලොග් පිටු අතරේ ඔබා මාමා යන නම සදාකල් පවතීවී.........

සදක් ලෙස පෑයුවා ඔබ අදුරු අහසට
මලක් ලෙස සුවද කලා ඔබ සයිබරයම
පහන ලෙස එලි කලා නුඹ අදුරු කැඩපත
විලක් ලෙස නැවතුනා නුඹ සියපතක් යට