Showing posts with label පරිගණක තාක්ෂණය. Show all posts
Showing posts with label පරිගණක තාක්ෂණය. Show all posts

Sunday, December 11, 2011

Photoshop වලින් වැස්සක් හදමුද?...

ඔන්න යාළුවනේ වැහි පොදත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා වෙනුවෙන් අළුත්ම ලිපියක් අරගෙනයි මම අද ආවේ...වැහිපොදත් එක්ක ඉදගෙන වැස්සක් හදන්න කියල දුන්නෙ නැත්නම් ඒක නිකන් ලුණු නැති කිරි හොද්ද වගේ. fire effect එකට ඔයාලගෙන් ලැබුනු ප්‍රතිචාරත් එක්ක ඔන්න අද මම කියලා දෙන්න යන්නේ Photoshop භාවිතයෙන් ඡායාරූපයකට වැස්සක ස්වරූපයක් දෙන්නේ කොහොමද කියලා..හරි වැඩේ පටන් ගනිමු.

මුලින්ම ඔයාලට අවශ්‍ය පින්තූරය Photoshop වල open කරගන්න.ඊට පස්සේ මතක ඇතිව එහි duplicate එකක් ගන්න.මොකද දන්නවන යාළුවනේ අපි original picture එකම Photoshop වලදී සංස්කරණය කලහොත් අපිට පසුවට ගන්න ආයේ original පින්තූරයක් ඉතිරිවෙන්නේ නෑ.මම කියන දේ තේරෙනව ඇති ඔයාලට.

හරි ඔයාලගේ පින්තූරයේ duplicate එකක් ලබා ගැනීමට
Image --> Duplicate කියන විධානය භාවිතා කරන්න.

මේ තියෙන්නේ මම ඒ විදියට duplicate එකක් ලෙස ලබාගත් සංස්කරණය කරන්නට බලාපොරෙත්තු වෙන ඡායාරූපය.


ඊලගට ඔයාලා tool box එකින් Brush Tool එක select කරගන්න.මොකද අපි මේ නිර්මාණය කරන්නේ Brush Toll එකින් නිසා.

හරි ඊලගට Brush Presets කියන tab එකට යන්න.

ඒක select කලාට පස්සේ ඔයාලට ලැබෙනවා පහලට menu එකක්.මම මේ දක්වලා තියෙන ආකාරයට ඒකේ අගයන් වෙනස් කරන්න.අමාරුවක් නෑ යාළුවනේ...

මුලින්ම Brush Presets වල Brush Tipshape යන අවස්ථාව යටතේ එන අගයන් වෙනස් කරන්න.

ඒකේ තියෙන

Spacing = 500%
Angle = 900
Roundness = 5%
Hardness = 0


තව රවුමක් මැද "+" තියෙනව නේද...අන්න ඒ ඊතලය පහලට එන සේ සකසන්න.ඒකෙන් කරන්න වැහි බිංදු ඉහල සිට පහලට වැටෙන ආකාරයට සකස් කිරීමයි.

හරි Brush Tip shape වල settings හදලා ඉවරවෙලා එතනම පල්ලෙහා තියෙන Shape Dynamic අවස්ථාව තෝරාගන්න.එහි පහත සදහන් settings වෙනස් කරගන්න.

Size Jitter = 100%
එහි control = off
Minimum Diameter = 100%


හරි ඊලගට පහල තියෙන Scattering අවස්ථාව ගන්න.එහිත් පහත ආකාරයට settings සකසන්න.

Both Axes කියන තැනට tick එකක් දාලා එහි අගය 1000 කරන්න.
එහි Control = off
Count = 16
Count Jitter = 100%
control = off


ඕකේ...ඊලගට ඔයාලා පහල තිබෙන Other Dynamic අවස්ථාව තෝරාගන්න.
එහි පහත ආකාරයට සකසන්න.

Opacity Jitter = 100
Control = off

Flow Jitter = 90%
Control = pen pressure


හරි දැන් අපි අපිට වුවමනා ආකාරයට Brush එක සකසා ගෙන අවසන්.

දැන් අපි Image එකේ අදුරු ස්වභාවය පොඩ්ඩක් වැඩි කර ගමු.මොකද වහින වෙලාවට පරිසරය අදුරුයිනේ යාළුවනේ....හරි ඒක කරන්න මේ විධානය පාවිච්චි කරන්න.
Image --> Adjustments --> Shadow Highlights

එහි මෙන්න මේ ආකාරයට settings සකස් කරන්න.

Shadow menu එකේ සියළුම option වල අගය “0“ කරන්න.
Highlights වල Amount = 50
Total Width = 70

මම මේ පහත දාලා තිබෙන රූපයේ ආකාරයට සකස් කරගන්න.

හරි නේද යාළුවනේ.....
ඉතින් ඔන්න ඊලගට අපිට වුවමනා පින්තූරය select කරගෙන New layer එකක් open කරගන්න.ඒ සදහා
Layer --> New විධානය පාවිච්චි කරන්න.

හරි මීලගට අපේ පින්තූරයේ උඩ කොනක Brush tool එකින් Click කරලා(එක්වරක්) පින්තූරයේ පහලට විත් Keyboard එකේ Shift කී එක සමග click කරන්න.එවිට සියුම් වැහිබිදු වැනි පින්සල් පහරක් පින්තූරය මත ඇදේවි.මෙන්න මේ විදියට.

(ඔබ අවශ්‍ය පරිදි පින්සලේ ඝනකම අඩු වැඩි කරගන්න...ඒ සදහා keyboard එකේ කොටු වරහන් keys ප්‍රයෝජනයට ගන්න.)

ඉන්පසු Layer එකේ Blending mood එක සකසන්න.
Blending Mood = Soft light

ඉන්පසු ඔබට වැහි බිදු වැටෙන ආකාරයක් පින්තූරය මත දකින්නට හැකි වේවි.

Control + J key press කිරීම මගින් නව layers විවෘත කරගනිමින් මෙම පින්සල් පහරවල් ඇද මෙම ක්‍රියා පිලිවෙල නැවත නැවත සිදු කරමින් වැස්සේ තාත්වික බව වැඩි කරගන්න.


ඔබට අවසානයේ මෙවන් රූපයක් නිර්මාණය කරගත හැක.


වැඩේ හොද නරක ගැන comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා යාළුවනේ.ඔයාලගෙ අදහස් උදහස් මගේ ඉදිරි ලිපි වලට ලොකු හයියක්.....

Friday, December 9, 2011

Delete කිරීමට අපහසු Files මකා ගැනීමට ක්‍රමයක්

Photoshop Fire Effect එකට පස්සේ ආයෙත් අළුත් ලිපියක් ලියන්න ඕන කියලා හිතුනා යාළුවනේ.ඉතින් මේක මට මගේ යාළුවෙක් තමා කියලා දුන්නේ.ඉතින් මම හිතුවා ඔයාල එක්කත් ඒක බෙදා ගන්න ඕන නිසා ලිපියක් විදියට ඒක සකස් කරන්න.ඉතින් කියවල බලලා කියන්නකෝ හොද නරක....

මෙන්න මේකයි කාරණය..ඔයාලා දන්නවනේ computer එකෙන් අපි file delete කරද්දී සමහර files තියෙනවා අපිට delete කරන්න අපහසු.ඒ කියන්නේ පරිගණකය අපිට ඒවා delete කරන්න ඉඩදෙන්නේ නෑ...විශේෂයෙන්ම adware,spyware වගේ වැඩසටහන්. සමහරවිට මේ files යම් මෘදුකාංගයක් විසින් භාවිතයට ගන්නවා වෙන්නට පුළුවන්.ඉතින් මෙන්න මේ වගේ වෙලාවට අපිට නිතරම මේ වාගේ පණිවිඩ දක්නට ලැබෙනවා...එහෙම නේද?..

"cannot delete file:access denied"
"There has been a shearing violation"
"The source or destination file may be in use"
"The file is in use by another program or user "



ඉතින් මෙවැනි files delete කරද්දී "Access denied" වාගේ පණිවිඩ නිතරම අපිට ලැබෙනවා..ඉතින් අද අපි බලමු කොහොමද එවැනි files delete කරගන්නේ කියලා.

මුලින්ම ඔයාලට delete කිරීමට අවශ්‍ය file එක සොයාගන්න.
ඊට පස්සේ ඒ file එක තියෙන file path එක සටහන් කරගන්න.
උදාහරණයක් විදියට ඔයාගේ C:\ කියන partition එකේ system32 folder එකේ තියෙන “computer.exe" කියන file එකේ path එක වෙන්නේ "C:\WINDOWS\System32\computer.exe" යන්නයි.

අමාරුවක් නෑ යාළුවනේ... හිමීට ඔයාලට delete කරන්න අවශ්‍ය සෑම file එකකම path මේ විදියට සටහන් කරගන්න.

හරි ඊලගට පරිගණකය restart කරන්න.
restart කර windows load වෙද්දී.(ඒ කියන්නේ windows xp හෝ windows 7 ,logo එක දිස්වන්නට ප්‍රථම) key board එකේ F8 key එක press කරගෙන මොහොතක් ඉන්න.

එහිදී ඔයාලට menu එකක් දැකගන්නට ලැබේවි.ඒ menu එකෙන් "safe mode with command prompt" යන්න click කරන්න.

මගේ යාළුවෝ හරියට කලානම් ඔයාලට කළු පැහැති තිරයක් එක්ක "command prompt" එක දැක ගන්නට පුළුවන්.
හරි දැන් ඔයාලා "Del" කියලා ඒකේ type කරන්න.type කරලා ඉවර වෙලා ඔයාලට delete කිරීමට අවශ්‍ය file එකේ file path එක type කරන්න.මෙන්න මේ විදියට...

Del C:\WINDOWS\System32\computer.exe

දැන් ENTER විධානය දෙන්න.මේ ආකාරයට "command prompt" හරහා අපිට delete කිරීමට අපහසු files,delete කර ගන්න පුළුවන්.

තවත් වැදගත් දෙයක් යාළුවනේ මම මෙහිදී උදාහරණයක් ලෙම windows හි system32 ,file path එක ගත්තට එවැනි windows ,files ඔයාලා කිසිවිටෙකත් delete කරන්න යන්න එපා.මොකද එහෙම වුනොත් windows වල file මැකී යාම හේතුවෙන් ඔයාලට නැවත WINDOWS ස්ථාපනය කරන්න සිදුවේවි.ඒ මම ගත්තේ උදාහරණයක් පමණයි..

Wednesday, December 7, 2011

Photoshop භාවිතයෙන් අකුරු වලට Fire Effect එකක්.......

ඔන්න යාළුවනේ ටික දවසකට පස්සේ ආයෙත් post එකක් ලිවුවා.හැමදාම යක්කු ගැනයි,ආදරය ගැනයි ලිව්ව නිසා හිතුනා වෙනසකටත් එක්ක පරිගණක තාක්ෂණය ගැන ලිපියක් ලියන්න..ඉතින් graphic කරන අයට මේක වැදගත් වෙයි කියලා හිතනවා..මොකද මේක තමන්ට රිසි සේ නිර්මාණාත්මකව යොදන්න පුලුවන් Photoshop Effect එකක් නිසා..කට්ටියම කරලා බලන්නකෝ එහෙනම්..හොද නරක කියන්නත් අමතක කරන්න එපා යාළුවනේ...

මෙන්න මේකයි සෙල්ලම "Photoshop Fire Effect "

ඉතින් මුලින්ම Photoshop තුලට ඇතුල් වෙලා
File --> New --> Gray scale
colour mode එක යටතේ නව පිටුවක් විවෘත කරගන්න

ඊට පස්සේ...canvas එක "black" colour එකින් fill කරගන්න
Edit --> Fill --> Black

tool pallet එකේ තියෙන Horizontal type mask tool භාවිතා කර අවශ්‍ය අකුරු පෙල type කරගන්න.
text selection එක සදහා සුදු (white) වර්ණය ඇතුලත් කර ගන්න
Edit --> Fill --> White


හරි නේද?..යාළුවනේ...
ඔන්න එහෙනම් ඊලගට අපි ඔය අකුරු වටා නලියන කඩඉර save කරගන්න ඕන..බලා ගන්නකෝ ඒකත්,
Select --> Save selection යන විධානය පාවිච්චි කරන්න


ඉතින් ඔන්න ඊලගට canvas එක 900cw rotate කරගන්න..
ඒකට මේ විධානය පාවිච්චි කරන්න
Image --> Rotate canvas --> 900cw

ඔන්න යාළුවනේ අපි දැන් Photoshop වල වැදගත් දෙයක් ඉගෙන ගන්නයි හදන්නේ.Photoshop වල තියෙනවා ගොඩාක් filters
ඒත් අපි ඒවා වැඩිය පාවිච්චි කරන්නේ නෑ..ඉතින් අපි දැන් බලමු අපේ මේ නිර්මාණයට කොහොමද ඒ filters යොදාගන්නේ කියලා.හරි එහෙනම් පටන් ගමු..

මුලින්ම අපි අපේ canvas එකට wind කියන filter එක යොදමු.ඒ සදහා...
Filter --> Stylize --> Wind අවස්ථාව තෝරා ගන්න
එහි
Method = Wind
Direction =From the left

ආකාරයට සකසන්න..හරි නේද යාළුවනේ.

ආ දැන් ඕකේ නේද....ඔන්න මම තවත් වැදගත් වෙයි කියලා හිතන දෙයක් කියලා දෙන්න මේ හදන්නේ.ඔයාලා දන්නවද ? Photoshop වල පහසුකමක් දීලා තියෙනවා අපි අවසන් වරට apply කල filter එක නැවත නැවත apply කිරීමට අවශ්‍ය නම් පොඩ් shortcut key එකක්.ඒක තමයි Ctrl + F යන විධානය

ඉතින් ඔයාලට කලින් යෙදුව wind filter එක ප්‍රමාණවත් නැත්නම් (Ctrl + F) press කර එය වඩ වඩා තීව්ර කරගන්න.
හරි එහෙනම් ඊලගට canvas එක 900ccw rotate කරගන්න
Image --> Rotate canvas -->900

ඉන්පසු image එක සදහා diffuse filter එක ලබා දෙන්න
Filter --> Stylize --> Diffuse
එහි Mode = Anisotropicකරගන්න

හම් දැන් වෙනසක් පේනවා නේද..? ඔයාලට
හරි ඉතින් ඊලගට Image එක සදහා Ripple filter එක හදුන්වාදෙන්න
Filter --> Distort --> Ripple
එයද තමන්නට ඇති පමණ යොදාගන්න

දැන් save කරගත් text selection එක load කරගන්න
Select --> Load selection
ඉන්පසු text selection එක සදහා feather එකක් ලබා දෙන්න.මෙහි feather එකක් දීමෙන් කරනුයේ අකුරු වල කඩතොළු ගතිය මගහරවා ගැනීමයි..හොදට මතක තියාගන්න යාළුවනේ මේ feather option එක ඉස්සරහට ඔයාලට ගොඩාක් වැදගත් වෙයි.
Select --> Feather

text selection එකට කළු වර්ණය ඇතුලත් කරගන්න
Edit --> Fill --> Black

ඊලගට ඔයාලා image එකේ colour mode එක Index colour කරගන්න.මෙන්න මෙහෙමයි ඒක කරන්නේ හරිම ලේසියි යාළුවනේ..Image --> Mode --> Index Colour

හරි එහෙනම් ඊලගට නැවත,color table අවස්ථාව තෝරන්න
Image --> Mode --> Color Table
මෙහි clor table හි black body යන අවස්ථාව තෝරාදෙන්න...
හරි යාළුයනේ එතකොට ඔයාලට ඔයාලා බලාපොරොත්තු වූ ආකාරයේ image එකක් දැක ගන්නට ලැබේවි..දැන් අපි ගින්දර වගේ නේද.....??selection එක select menu එකට ගිහින් deselect කරගන්නත් අමතක කරන්න එපා..


ඔයාල යොදන filters වල අඩු වැඩි කිරීම් අනුවත්,යොදාගන්නා font එක අනුවත් මේ colour balance වෙනස් වෙනවා...මේ පහලින් දාලා තියෙන්නේ එහෙම වෙනස් මම නිර්මාණය කරපු fire image 3ක්.ඉතින් කරලම බලලා හොද නරක කියන්නකෝ.....ඔයාලා පොඩි දෙයක් හරි ඉගෙනගත්තානම් ඒක වැහි පොදට සතුටක්..