සයුර හැමදා වෙරළ සිම්බට
අයිති නෑ සුදු රැල්ල වෙරළට
ආව මතකය හද පුරෝගෙන
වෙරළ ඉන්නේ සෙනේ අත ගෙන
ඊයේ අද හෙට කෙදින ආවත්
තාම රැල්ලට ආදරේ ඇත
මන්ද සයුරට රැල්ල පොඩි මුත්
අහිමි වෙරළට මහ මෙරකි එය
දුන්නු මතකය සිදී යන්නට
නොදී එනු මැන රැල්ල හනිකට
වෙරළ තාමත් මග බලාගෙන
තෙතමනය නුඹ ලග නිසාමය......
----- කල්ප -----
මන්ද සයුරට රැල්ල පොඩි මුත්......
ReplyDeleteඅහිමි වෙරළට මහ මෙරකි එය .......
මං මේකේ ආසම පද පේලිය ......... හරිම ලස්සනයි :)
අවුරුදු එකහමාරකට පස්සෙයි ආයේ බ්ලොග් එක ලියන්න ගත්තේ :D :D .මමත් පුද්ගලිකවම ආස වචනයක් ඒක.ඉස්සර වගේම වැස්සත් එක්ක එකතු වුනාට බොහෝමයක් තුති ජය වේවා! කල්ප
Delete