Thursday, December 25, 2014

෴ ඇයත් සාගරිකාම විය - දෙවැනි දිගහැරුම ෴



හීන් සීතලත් එක්ක රාත්‍රී 7.05 පමණ වෙද්දී සාගරිකා ඇයගේ ගමන් අවසානයට ලගාවුනා.ස්ටේශන් එකෙන් එලිය බහිනවා කියන්නේ නිකන් වැල්ලේ මාළු ලෑල්ලට අඩිය තියනවා වගේ.ත්‍රීවීල් කාක්කෝ හැම තැනම.උන්ගේ මල පෙරේත බැල්ම දැකලම දැන් ඔතනින් යන හැමෝටම  පුරුදු වෙලා.සමහරක් එවුන්  බලන්නේ අපි නිකන් පිරිමි බඩු වගේ.හනි හනිකට ගෙදර යන්න බස් එකක් ගන්න ස්ටෑන්ඩ් එක පැත්තට මම පය ඉක්මන් කලා.

වෙලාවකට පුදුම කට්ටක්. ඒත් මොනවා කරන්නද? මම මටම කියා ගත්තා.තව කොච්චර කලක් මේක කරන්න වෙයිද කියලා උඩ දෙයියෝ තියා පහල ඉන්න මම වත් දන්නේ නෑ.ආසාවෙන් පටන් ගත්ත ජොබ් එකත් දැන් දැන් එපා වී ගෙන එනවා කියලයි මටනම් හිතෙන්නේ.හිතේ සතුටක් නැති තැන කඩා වැටීම් ගොඩයි......

තාරකා.... ඒ මගේ ෆ්‍රස්ට් ලව් එක නම් නෙමේ.ඒත් ජීවිතේ වැඩියෙන්ම ආදරේ කල එකී ඈ. ඒ නිසා තාමත් අමතක නොවන වේදනාවක් පපුවේ කීරී ගාන්නේ මොන හේතුවකටද කියලා   හිතාගන්න බෑ.ඒ මගුලටත් කණ කොකා අඩලා අදට හරියට  සති දෙකයි දවස් හතරයි.ඔය සති දෙකට පිරිමියෙක් වුනත් දරඩඩු හිත අස්සේ කාටවත් නොපෙනෙන වෙනස්ම මනුස්සයෙක් ඉන්නව කියලා මට තේරුනෙත්,කොට්ටයක් තෙමෙන්න කදුලු  වක්කරපු දවසේ.

තේරුමක් නෑ ....ඇයි ආදරේ ලැබෙද්දී විතරක් ලගින් ඉන්නේ.අටලෝ දහම වගේ දුකේදිත් සැපේදිත් හැම තනදිම ඉන්නයි අපි ජීවිතයේදී කෙනෙක් ගේ අතින් අල්ලගන්නේ.මේ ජීවිත ගමන යනතාක් ගිහින් ඇස් දෙක පියාගන්නකල් එක්කන් යන්නයි අපි කෙනෙක් ගේ අතින් අල්ල ගන්නේ.එහෙම තියෙද්දී සල්ලිත් හම්බ කරල දීලා , අඩු පාඩුවක්  අතපසුවීමක් වුනාම හිත එහෙ මෙහෙ දුවන යන ගෑනු ගන්නවට වඩා හොදයි  වැස්සියෙක් සහේට ගන්නවා.මම මටම කියා ගත්තා.

ඔරලෝසුවේ 8 වගේ වෙද්දී මම ගෙදරට යාගත්තා.අම්මෝ පුදුම මහන්සියක්..... ඔක්කොම අමතක වුනා මේසේ උඩ වහලා තිබ්බ බත් පිගාන දැක්කම.ඒ අපේ අම්මගේ ආදරේ.රට වටේ කොහෙන් කෑවත් ඉස්මුරුත්තාවට ඇවිත් තිබ්බත් මම ඔය පිගාන කොහොම හරි බඩට ඔබා ගන්නවා.මොකද බත් වලට එහා ගිය සෙනෙහසක් රසයක් ඒකේ තියෙන නිසා.අනික ඒක නොකා විසි කරද්දී විසික් වෙන්නේ බත් ඇට නෙමෙයි අම්මගේ ආදරේ කියලා මම අත්දැකීමෙන් දන්නවා.

අදනම් මහන්සිය උපරිමයි.මූණ කට සෝදන් සරමක් දාගෙන මම කටවල් දෙකට තුනට බත් පිගාන හිස් කලා.කොහිල මාළුවයි බටු බැදුමයි එක්ක බත් ටික බඩට වගේම හිතටත් ලොකු අස්වැද්දීමක් දුන්නේ.වෙනදා නොතිබූ මහන්සිය නිසා ඉක්මනින් නිදාගන්න මම තීරණය කලා.මොන තරම් සුව පහසුවක් තිබ්බත් .. අපිලිවෙලේ උපරිම එක වුනත් මගේ ඇද මට සිරියහනක් වගේ.ඒක කියන්න තේරෙන්නේ නෑ.. ඒත් අමුතුම සීතලත් එක්ක අදේ දිගාවෙද්දී සනීපෙට නින්ද යනවා කියලනම් මම ඉර හද වගේ දන්නවා....


මතු සම්බන්ධයි
2014-12-25
කල්ප


8 comments:

  1. සෑහෙන කාලෙකට පස්සේ දිය පොදක් වැටිලා තියෙන්නේ.
    හැබැයි ඉතිං මේ හෝ ගාන වැස්ස වගේ පෝස්ට් තිබ්බා නම් තම හොඳ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ.. වැඩ එක්ක වෙලාවක් හොයා ගන්න එකනේ ලොකුම අමාරුව :D

      Delete
  2. කතාව නම් නියමයි දිගටම ලියන්න ජය වේවා !!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ.. ජය වේවා

      Delete
  3. අද වෙන්න ඔ්න අපි මේ පැත්තට අාවේ... බ්ලොගය අගෙයි... දිගට ම ලියමු... අපිත් ඒනවා දිගට ම ...........

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා එහෙනම් .. ස්තූතියි සහෝ.. දිගටම හමු වෙමු ජය!!

      Delete
  4. අැයි ෙප්‍ර්මය ලැ ෙබද්දිී විතරක් ලගින් ඉන්ෙන්

    ReplyDelete
    Replies
    1. ඒක තමයි කුහකත්වේ...

      Delete

මතක සටහනක් අකුරු කරලා යන්නත් අමතක කරන්න එපා........