නොනිමි සෙනෙහස ඇත්තේ ඇය ලග
නොනිදවා නෙත රැක්කේ අපි සැම
රක්ත පැහැ රුධිරයත් කිරිකර
දෝරේ ගැලුවා ඇගේ සෙනෙහස
ගලායන වදනකින් ඈ මුව
පවා සෙනෙහස දැනෙනවා මට
ආදරෙයි මම හෙටත් නුඹ හට
සසර ගමනේ රැදි තුරාවට
පපු කැවැත්තට තුරුළු කරගෙන
කදුළු නැවතුවෙ අපේ ඇස්වල
දැනෙනවා ඇගේ හදේ උණුහුම
තවම සුවදයි අම්මේ නුඹ මට
____කල්ප_____
සහතික ඇත්ත .අම්මා ගැන මතක් කලට thnx
ReplyDeleteස්තූතියි සහෝදරයා..වැහි පොදට එකතුවුනාට! දිගටම රැදෙන්න කියලා ආරාධනය කරනවා..ඔබට ජය!!
ReplyDelete