Sunday, April 29, 2012

සෙල්ලම්ද කොල්ලෝ "හොරෙක් හොරෙක්.........."




ඔන්න මචන්ලා සෙල්ලම්ද කොල්ලෝ කතා මාලාවෙන්  අදත් ආවා.........අපිට වෙච්චි පොඩි සීන් කෝන් ආතල් කතා කෑල්ලක් අරගෙන.මෙන්න මේකයි සිද්ධිය.........

මේකත් අර හොල්මන් කේස් එකත් එක්ක සම්බන්ධ සිද්ධියක්..ඒ වෑවර කේස් එක කියෙවුවේ නැත්නම් මෙතනින් යන්න.මොකද? මුල් කතා ටික කියවලා ආවනම් හොදටම කේස් එක තේරෙයි...


හරි ඉතින් ඔය උලව් හොල්මන් මන්දිරේ කරන්න ගිහින් රස ආකරයි කියලා මම කිව්වනේ..මේක මේ මන්දිරේ හදන දවසක වෙච්චි දෙයක්...කොහොම හරි එදා රෑ පිට්ටනියේ ඉදියේ මමයි,තට්ටෙයි,රනෙයි ,වැලයි,ගොරෝ නම් මතක නෑ ඌ ගෙදරට වෙලා බුදි මගේ හිතේ..තව රාමේ,ආ එතකොට අපේ වැලන්ටයින් ඌත් ඉදියා...තව දෙතුන් දෙනෙක් හිටියා නම් මතක නෑ කොල්ලෝ...

ඔන්න ඉතින් රෑට කන්න කෑම ගේන්න අපේ ගුස්පියෝ හතර පස් දෙනෙක් එලියට ගියා.අනිත් එවුන් මට ටිකක් එහායින් ඉදියේ..මමත් හීතල හුලගට වැනී වැනී මන්දිරේ හදන්න ගෙනාපු පුවක් කොට කෑල්ලකට පශ්චාත් බාගේ බර දීලා සිහින ලෝකෙක ඉදියේ.
.
බොල හරකො තෙමෙන්නේ  නැතුව ඇතුලට වෙලා ඉදහන් තට්ටේ මගේ පිටට තට්ටුවක් දාගෙන එහාට ගියා.

ඉතින් බලාපල්ල මේ නස්ගෝනියා මරුවත් මදි ..ඇයි යකෝ ගහක් කොලක් නැති මේ පිට්ටනිවේ මම අහවල් එකක් යටට වැස්සට  යන්නද? මම ඉතින් මටම පොඩි කික් එකක් දා ගත්තා මේ වගේ එවුන් අපේ ලගත් ඉන්න එක ගැන.

කොහොම කොහොම හරි මම එතන පැය බාගයක් වගේ ඉදියා.අපේ එවුන් මට පේන මානයේ ඉදියේ..සේරටම වඩා බඩත්ගිනි පාන් ගේන්න ගිය එවුන්  පාන් හදනවද කොහෙද? ඇයි හත්වලාමේ පැයක් වෙනවා ගිහින් ලොවෙත් කට්ටිය මොල්ලි අනනව ඇති.දන්නෙ නැති එවුන්නේ ගියේ..
මම පොඩි සද්දයක් ඇහිලා ඇහැරුණා.....

දුවපාන්.....හයියෙන් දුවපාන්........

මෙහෙන් වරෙන් ........ඔන්න එනවා

අම්මට සිරි සුනාමියක්ද බොලේ මේ ...මම ආයේ පුල් ඩිම් වුනා ...හෝදන්න දෙයක් නෑ ඒකේ....මොකද මුන් කෑ ගහගෙන දුවන්නේ...මම වට පිට බැලුවා මුහුද නම් නිකන් සිල් අරන් වගේ. නෑ නෑ සුනාමි කොහෙද මේ වෙලාමේ මම ඒ වෙලාවේ ඒ ගොබ්බ අදහසින් ඔළුව හදා ගත්තා.
ආයේ වට පිට බැලුවා...

අඹ ගහේ ජම්බු....

අපේ එවුන් ටික පෝලිමට එකා පස්සේ දුවනවා පන දාගෙන .පිට්ටනියෙන් එලියට පැනලා සේරම එක්ක මහ පාර දිගේ දුවන්න ගත්තා.

මොකක්ද බං මේ වෙන්නේ පිට්ටනියේ මම විතරයි.මටත් නිකන් දැන් දැනෙනවා වකුගඩු කාර්යක්ෂමතාව වැඩි කරලා වගේ හැගීමක්.


පරණ සීන් එකක රිටන් එකක්ද?
මුන් මොනවා හරි හොරකම් කරලා කඩේ එවුන් ගහන්න එලවනවද?
එහෙමත් නැත්නම් මොකක් හරි කුජීත වැඩක් කරලා මාට්ටුද?
නැත්නම් පොලීසියේ ලොක්කගේ තට්ටේ පලලද?
අනිවා නැත්නම් මුං ලොවෙත් ලොකු සෑර්ගේ ගෙදරට ගල් ගහලා ගේට්ටුවට තූ කරන්න ඇති....

ඔන්න මගේ ඔළුවට ආ සිතුවිලි වලින් ටිකක්..

මම විතරයි දැන් පිට්ටනියේ..මම අත දිහා බැලුවා ලනු කපන පේපර් කටර් එක මගේ අතේ..මෙතන ඉන්න බෑනේ අරුන් දුවන් මෙතනට ආවොත් තනි මම අම්බානෙකට කන විත්තිය මගේ පොඩි මොලේටත් ආවා..කොහොමද ටිකිරි මොලේ ඈ..

ගත්තා පේපර් කටර් එක අතට ,
දැම්මා එලියට පුල් තලේම,
තිබ්බා පය ඉස්සරහට ,
දුන්නා රන් එක නිල් වෙන්න


අපේ එවුන් දුවනවා උන්ගේ පස්සෙන් තව හතර දෙනෙක් දුවනවා මම පිහිය දික් කරගෙන උන් සේරම පස්සෙන් දුවනවා..කොහොමද ආ...

අම්මෝ මහන්සියට නවතිනවා හුස්ම අරිනවා ආයෙත් ඇරපු හුස්ම අහුල ගන්නවා.....මම දුවනවා

මයිනෝ එකෙක් නැවතියං යකෝ ....මාවත් ඇදන් දුවපල්ලකෝ.... මම කෑ ගගහ පස්සෙන් දුවනවා

කෙලියා නේද තාප්පෙට අපේ උන් ටික ඈත නැවතුනා මට පෙනුනා පස්සෙන් දුවපු එවුනුත් අපේ එවුන් ලගටම ගියා .නයි කයිද රෝස්පාන් .මෙන්න බොලේ මුං කෙලිනවා පහත් වෙලා අම්බානෙකට...මම හතර වරම් දෙවියන් සිහි කරලා කිට්ටු වුනා කට්ටිය ඉන්න පොට් එකට ....

දැකපු දේට තනි ඇහැට ඇඩෙනවා කොල්ලෝ....

කවුද එකෙක් බිම ..ඌට කවුරු වුනත් දීලා නැති වෙන්න..අපේ එවුනුයි පස්සෙන් එලවපු එවුනුයි අර බිම උන්නු හාදයගේ කරේ නැගගෙන..මෙන්න යකෝ පොලීසියෙන් ආවා  ඒ අස්සේ...මොන විලි සංග වැඩක්ද ඒ??

එකෙක් එනවා මගේ දිහාට තාම පිහිය මගේ අතේ....

"අනේ  බුදු මාමේ පිහිය ගත්තේ ලනු කපන්න..ගොඩාක් දික් කර ගත්තේ රෑට කන්න පාන් කන්න...මාමා දන්නවනේ පාන් ඇ දිගැටි මැද හිස් බෝල වගේ ඒවා..".මම අහන්නත් කලින් කියාගෙන ගියා

"හි හි" මෙන්න අංකල් කාරයා හිනාවෙලා මගේ පිටට තට්ටුවක් දාලා එහාට ගියා ...

අර බිම උන්නු හාදයා අල්ලගෙන වාහනේ දාගෙන පොලිස් ලොක්කලා එතනින් වාෂ්ප වුනා.වෙන දේවල් බලන් ඉදලා මට නිකන් කොයිල් වගේ..මට පිස්සුද එහෙමත් නැත්නම් මුන්ට පිස්සුද?

මම හීන් සීරුවේ කිට්ටු කලා රනේ ගාවට .

අනේ බං මට පිස්සු ....කියහං මයෙ බොක්ක මොකද වුනේ  කියලා....මම ඌ ගාවින් වාඩි වුනා

මුකුත් නෑ බං අපි පිට්ටනියෙ කතා කර කර ඉද්දී ඇහුනා සද්දයක් හොරෙක් හොරෙක් කියලා
අපි හැරිලා බලද්දී පොරක් දුවනවා බෑග් එකකුත් අරන්.."

ඊට පස්සේමට නම් දැන් කොයිල් එකෙන්ම.

"උගේ පස්සෙන් ආව අංකල් කෙනෙක් කිව්වා..අනේ පුතේ අර මිනිහා මගේ බෑග් එක අරගෙන දිව්වා කියලා...ඉතින් බං පව්නේ මනුස්සයා ..අපි ටික අර ගොබ්බයගේ පස්සෙන් එලෙව්වා ඌව අල්ලන්න ....උඹට කියන්න බං ඌ නීල කාපර් හොරෙක් රන් එක දුන්නා නැති වෙන්න..තාමත් මගේ කකුල් රිදෙනවාරනේ කිව්වා..

උඹ මේ ඇටි කෙහෙලක් කතා කරනවා.එතකොට යකෝ උඹලා අරම මහ හයියෙන් කෑ ගහගෙන ගියේ හොරෙක් පස්සෙන්ද? මම හීන් හඩින් ඇහුවා..

ඔව් ඇයි මොකෝ අවුල රනේ කියපි.

නෑ මුකුත් නෑ

කියහන් කියහන්

නෑ ඇයි යකෝ කෑ ගැහුව එක වාක්‍යයක හොරෙක් කියලා යෙදුවේ නැත්තේ මම ඒ ටික රනේට කනට කරලම  කිව්වා...

ඉතින් බලන්න කොල්ලනේ මේ නසරානි රැල එක්ක තව මොන කතාද?

Saturday, April 21, 2012

අළුත් අවුරුද්දේ වෙනස්ව හිතමු..........

අවුරුද්දට පස්සේ ඉස්ස ඉස්සෙල්ලම මේ පැත්තට අදයි එන්න ලැබුනේ....කොහොම වුනත් හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා වැහිපොදින් ප්‍රාර්ථනා කරනවා...ඉතින් අළුත් අවුරුද්දේ මොනවද අළුත් වැඩ.තාම plan කරලා නැද්ද යාළුවනේ ...නැත්නම් අළුත් දේවල් ටිකක් හිතලා අදම පටන් ගන්න.....අහලා ඇතිනේ අපි ජීවත් වෙන්නේ සිහින වලට ජීවය දෙන්න කියලා කතාවක්.අන්න ඒ නිසා මේ පුංචි හිත් වල තියෙන ඔය පුංචි හීන ටික ඇස් මායිමේම හැබෑවක් කරගන්න උත්සාහ ගන්න...ඉතින් කල්පටත් මේ අවුරුද්ද ගොඩාක් සතුටුයි මොකද මේ පාර ගෙදර හැමෝම එක්ක අවුරුද්ද සමරන්න පුළුවන් වුනා....කොහොම කොහොම හරි මේ ලගදී දවසක රූපවාහිනිය බලද්දී රූපවාහීනී වැඩසටහනක් මගේ හිත් ගත්තා..ඇත්තටම අළුත් අවුරුද්දට අළුත් සිතුවිලි ටිකක් ඒකෙන් ගන්න පුළුවන් වේවි කියලා මට හිතුනා...අවුරුද්දටම නෙමේ අපේ ජීවිත කාලෙටම මොනවා හරි දෙයක් ඒකෙන් ගන්න පුළුවන් කියලයි මට දැනුනේ...ඉතින් උදේ අවදි වුන ගමන් ඇහිච්ච මේ වැඩසටහනෙන් පුළුවන් විදියට මම වෙන් කර ගත්තු කරණු ටිකක් පහලින් තියෙනවා .ඇත්තටම යාළුවනේ ජීව්තයේ ධනාත්මක සංකල්පය වැඩිදියුණු කරගන්න මේවා ඔයාලට යම් තරමකින් හෝ ඉවහල් වේවි....හරි එහෙවම් ඔන්න මේ ටික හීමීන් සීරුවේ කියවලා ඔළුවට අදහසක් දා ගන්නකෝ....මේ කරුණු අපේ ජීවිතයට කොතරම් සමීපද බලන්න යාළුවනේ.........


1. කෙහෙන් හරි පටන් ගන්න නොනැවතී ඉදිරියට යන්න. 
2. වඩා භයානක ආර්ථික දිලිදුභාවය නොව මානසික දිලිදුභාවයයි. 
3. කරනා දෙය හරියට කරන්න ලැබෙනා දේ ගැන නොසිතන්න. 
4. කාලය යනු ජීවයයි. 
5. වැදගත් සිදුවූ දෙය නොව අප එයට දක්වන ප්‍රතිචාරයයි. 
6. අරමුණු ඇත්තෝ ලොව ජය ගත්තෝ. 
7. වෙනස් යනු වැරදියි යන්න නොවේ. 
8. අගය කිරීම වැඩෙන් කරමු. 
9. ඔබ ජීවත් විය යුත්තේ ඔබේ සිහින වලට ජීවය දීමටයි. 
10. ලොව වෙනස් කලේ කීකරු මිනිසුන් නොවේ අකීකරු මිනිසුන් වේ. 
11. වැදගත් ඔබ කොතරම් උපයනවාද නොව උපයන දෙයින් කොපමණ ඉතුරු කරනවාද යන්නයි. 
12. සාර්ථකත්වයට කෙටි මංමාවත් නැත. 
13. සාර්ථක වූවෝ අමුතු දේවල් කල අය නොව කරනා දෙය වෙනස් අයුරින් කල අය වේ. 
14. ඉන්නා බව දැනෙන්න ජීවත් වෙන්න. 
15. වෙනස් කල හැකි දේ වෙනස් කරන්න වෙනස් කල නොහැකි දේ දෙස බලන ආකාරව වෙනස් කරන්න. 
16. විවේචනයෙන් ඔබ්බට. 
17. ඔබ යනු ඔබගේ සිතුවිලි වල ප්‍රතිඵලයකි. 
18. ජීවිතයෙන් මම තඹ සතයක් ඉල්ලා සටන් කලෙමි.ජීවිතය මට තඹ සතයකට වඩා කිසිවක් දුන්නේ නැත. 
19. දුන්න දුනුගමුවේ - ඊතල කිතලගමුවේ.........රාල මීගමුවේ - මුවෙක් ඇඩුවයි සබරගමුවේ. 
20. ලොව කිසිවෙකුට වෙනස් නොවී සිටිය නොහැක.ඔබ වෙනස් වන්නේ කවර දිශාවටද? 
21. මිනිසුන් අසාර්ථක වන්නේ නැත.කරනුයේ සාර්ථකත්වයට කලින් අත්හැර දැමීමයි. 
22. වෙනස් ප්‍රතිඵලයක් අවශ්‍යය නම් කරනා දෙය වෙනස් කරන්න. 
23. ඔබ සතුව කවර කුසලතා ඇත්තත් මිනිසුන් සමග වැඩ කිරීමේ කුසලතාව නැත්නම් ඉන් කිසිවකින් පලක් නැත. 
24. මා හට ඔබ වෙත දිය හැක්කේ කුමක්ද? 
25. අනාගතය යනු වර්තමානයයි. 
26. අපි රැකියා වලට සුදුසු නැද්ද? අපිට සුදුසු රැකියා නැද්ද? 
27. කරදරර අපට කරදර කරන තුරු ,කරදර වලට අපි කරදර නොකල යුතු. 
28. යමක් ලබන්න යමක් කරන්න. 
29. වයසක ඔබ බලා ගත යුත්තේ තරුණ ඔබ විසින්මය. 
30. ආකල්පමය වෙනසක් අවශ්‍යය කර තිබේ. 
31. ඔබ ඊයේ කරදර වූ හෙට දවස අදයි. 
32. අසාර්ථකයි කියා දෙයක් නැත.ඇත්තේ අත්දැකීම් ගොන්නක් පමණි. 
33. වලක් වුවත් කලක් ගිහින් මලක් පිපී විලක් වෙනවා. 


 මේවා කරුණු වශයෙන් දැක්වුවත් ඉතා ගැඹුරින් ජීවිතය හා සමගාමීව අධ්‍යනය කල හැකි කාරණා යාළුවනේ.....ඒ හින්දා ටිකක් හිතලා බලන්නකෝ.....ඇත්තටම මේ වැඩසටහන මෙහෙයවපු ගුරුවරයාගේ නම නම් මතක නෑ මට .කොහොම වුනත් එතුමන්වත් ස්තූති පූර්වකව මේ වෙලාවේ මතක් කරන්න ඕන...වැදගත් යමක් කියලා දුන්නට.... ඉතින් ලැබුවාවූ අළුත් අවුරුද්දත් හැමොටම ජය කෙහෙලි නංවන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා යාළුවෝ හැමෝටම ජය වේවා!!

Tuesday, March 27, 2012

නගා මැරූ අල

කාලෙකට පස්සේ පෝස්ටුවක් ලියන්න කියලා හිතුනා...එක එක වැඩ නිසා සිංහල ටිකක් කොටන්න වත් වේලාවක් නෑ යාළුවනේ...ඒත් ඉතින් පොඩි වේලාවක් හරි වැස්සට තෙමෙන්න කල්පය අද ඕං ආවා...මෙන්න මේකයි අද ස්ටෝරි එක..ලේස්ති වුනේ නම් කාලෙකින් යක් කතාවක් ලිව්වේ නැති නිසා එයින් එකක් ලියන්න.ඒත් ඒකටත් ඇතුලත් පොඩි විස්තරයක් මෙන්න මේක..

හරි මෙන්න මේකයි සිද්ධිය....අද කතාව උඩවැඩියා ගහක් ගැන.ඒත් මේක ටිකක් විශේෂයි.ඒ වගේම දුර්ලභයි..අපි මේක ගැමි වහරේ හදුන්වන්නේ “නගා මැරූ අල” කියලා.ඔයාලා සමහරක් විට මේක අහලත් ඇති..ඒත් නගා මැරූ අල ගැන දන්න නොදන්න විස්තර ටිකක් සොයා බලමු..ඉතින් සේරමට කලින් බලා ගන්නකෝ මේ පහල තියෙන්නේ ඔය කීව උඩවැඩියා අල ශාකය.



හරි අපි දැන් බලමු මේ ගහට මේ වගේ නමක් එන්න හේතුවුන අතීත කතාව...මේ සම්බන්ධව නම් යාළුවනේ ජනප්‍රවාද බොහෝමයයි..විමසිල්ලෙන් බැලුවම අපිට තේරුම් යනවා ඒ සේරමගේම තියෙන්නේ එකම සිද්ධි මාලාව කියලා..එහෙම වෙලා තියෙන්නේ ප්‍රාදේශීය වශයෙන් ජන වහරේ ඇති විෂමතාවයයි...ඔය කොහොම වුනත් ටිකක් වෙනස් විදියේ අදහසක් තමයි මේක...

දන්තපුරයේ බඹදත් රජුගේ පුත් සිංහකුමාර රජුට දාව හංසවතී දේවියට රෑමත් පුතෙකු ලැබින.ඉතින් මේ ලස්සන කුමරුන්ට දළ කුමරු කියා නම් තැබීය.අපි හැමෝටම වගේ දළ කුමරුගෙත් ජන්ම පත්‍රය (ඒකිව්වේ කේන්දරය) හැදීම නැකැත් පිලිබද උගත් ඇදුරන් වෙත බාර කලා..ඉතින් ජන්ම පත්‍රය සෑදූ ඇදුරන් විශේෂිත ප්‍රකාශයක් සිදු කලේය ..එනම් කෙදිනක හෝ මේ කුමරා තම නැගනියක් ආවාහ කර ගන්නා බවයි...මේ අශුභ ආරංචිය දැනගත් විගස දළ කුමරුගේ දෙමාපියන් බොහෝ සේ කලබල විය.

කාලය ඔහොම ගෙවී යද්දී හංසවතී දේවිය දෙවන වරටත් ගැබ් ගත්තාය....දස මසකට පසු ඇය රූමත් දියණියක් ප්‍රසූත කලාය...ඇය සැබවින්ම ඉතාම ලස්සනය..ඉතින් මගෙ යාළුවනේ ඇදුරන්ගේ අනාවැකිය ගැන බියෙන් පසුවූ දෙමාපියන් ඇය කාටත් හොරා රහසින් මහ වනයක් මැද ගල්ගුහාවක ඇති දැඩි කිරීමට තීරණය කලහ.දල කුමරුට හොරෙන් ඇයව එසේ පෝෂණය කරන්නට වුනා..ගිරි ලෙනක ඇති දැඩි වූ බැවින් මේ රූමත් කුමරිය ගිරි දේවිය නමින් හදුන්වන්නට වුනා.හරි කොහොම කොහොම හරි මේ රුවැති යුවතිය කාලයත් සමග වැඩෙන්නට වුනා...

ඔන්න මගේ යාළුවනේ මෙහෙස කාලය ගත වෙද්දී දළ කුමරුට තමාගේ මේ නැගිණිය ගැන කණ වැකුනා...තමා කිසිදිනෙක වත් දැක නොතිබූ තමාගේ නැගිණිය දැක ගැනීමේ ආශාවක් ඔහු හට පහළ වුනා...ඉතින් මේ බව ඔහු පිය රජතුමාට දැන්වුවත් පිය රජතුමා නම් ඒකට කිසි විටෙකත් අවසර ලබා දුන්නේ නෑ...මොකද අනාවැකි ඇදුරන්ගේ අනාවැකිය නිසා..අවසානයේ සියල්ලමට හොරෙන් මේ ගමන පිටත්ව යන්න දළ කුමරු තීරණය කලා...රජ මාලිගාවේ සියල්ලටම හොරෙන් මහ වනයේ වෙසෙන තම නැගිණිය බලන්නට දළ කුමරු පිටත් වුනා..මහා ගිරි දුර්ග පසු කරමින් කෑලෑ සතුන් මග හරිමින් දින ගනනක් ඔහු මෙසේ වනයේ ඇවිදයන්නට වුනා.නමුත් ඔහුට මිනිස් පුළුටක් හෝ කැලය තුල නොදැනෙන්නට වුනා.අවසානයේ ඔහු විශාල ගල් ගුහාවක් අභියසට පැමිණියා...දින ගනනක විඩාව නිවා ගැනීමට ටික වේලාවක් ඈදී ගන්නට ඔහු ගල් ගුහාවේ ඇතුලට ගියා...එකෙනෙහිම දල කුමරුට දැක ගත හැකි වූයේ විස්මිත දර්ශනයකි..ඉතාම රෑමත් ලදක් ගුහාව ඇතුලත සැතපී සිටියා..ඇය අවදි කල ඔහු ඇය සමග සතුටු සාමිච්චියේ යෙදෙන්නට වුනා.එසේ කතා බහ කරන අවස්ථාවේ දළ කුමරු තම අසිපත් ගුහාව තුල පොලොවේ ඇන තැබුවා...

ඔන්න මගේ යාළුවනේ මෙහෙම දෙදෙනා එක්ක කතා කරමින් සිටින අවස්ථාවේ දල කුමරු වනයේ එන අතර මගදී නෙලා ගත් අඹ ගෙඩියක් ගිරි දේවිය හට දුන්නා.තම සහෝදරයාගේ තෑග්ග පිලිගත් ගිරි දේවිය අඹය අතට ගෙන දල කුමරු පොලොවේ ඇන තිබූ අසිපත ගෙන එහි තුඩින් අඹය දෙපළු කර කෑල්ලක් අනුභව කලාය...අනික් පළුව තම අයියන්ඩිය හට දුන්නාය.වෙහෙස මහන්සිය නිසා ස්වල්ප වේලාවකින් දළ කුමරු නින්දකට වැටී තිබුනා..

අඹ පළුය අනුභව කිරීමෙන් පසුව ගිරි දේවියට පාලනය කර ගත නොහැකි රාගික ආශාවක් ඇති වන්නට වුනා.කෙමෙන් කෙමෙන් ඒ තත්වය උග්‍ර වන්නට වුනා..තම සහෝදරයා නින්දෙන් අවදි කල ඇය ඔහු හා දැවටෙන්නට වුනා..නින්දෙන් අවදි වූ දළ කුමරුටද මේ තත්වයම ඇතිවූ තිබුනා.ඔහුටද පාලනය කර ගත නොහැකි රාගික ආශාවක් තම නැගිණිය කෙරේ ඇති වන්නට වුනා.මේ සංසිද්ධිය අවසානයේ ප්‍රතිඵලයක් ලෙස දළ කුමරු හා ගිරි දේවිය සංවාසයේ යෙදෙන්නට වුනා..නැවත පියවි සිහියට එලඹි කල සිදුවූ දේ ගැන දෙදෙනාටම කල කිරීමක් ඇති වුනා..තම සොහොයුරා අතින් තමා ගැබ් ගත් බැව් දැනගත් ගිරි දේවිය වැල් පටක එල්ලී ගෙල වැලලා මිය ගියාය.මිය යනවිට ගැබ් අරගෙන සිටි ඇය මිය යාමෙන් පසු “ගිරි යකින්න “ නමින් කුඩා ලමයින් හට වින කරන යක්ෂනියක්වී උපත ලැබූ බව පැවසෙනවා..දල කුමරුද මෙකී සිද්ධියෙන් පසු සියදිවි හානි කරගන්නා ලදී ඔහු “ගරා යක්ෂයා“ නමින් යක් භවනේ උපත ලැබීය....ඔන්න යාළුවනේ ඕක තමයි සිද්ධිය...ගරා යකා ගැන තව වැඩිපුර විස්තර ටිකක් ඊලග පෝස්ටුවකින් පල කරන්නම්..

හරි දැන් සිද්ධිය දන්නවනේ ..ඇත්තවට ඔහොම වෙන්න හේතුව මේකයි...දල කුමරු තම අසිපත පොලොවේ ඇන තැබුවා මතකයිනේ ..අන්න ඒ වේලාවේ එතන පොලොව යට විශේෂිත අල වර්ගයක් තිබිලා..කඩු තුඩේ කොන ඇනිලා තියෙන්නේ අන්න ඒ අලයේ ..ඒ අලයේ තිබූ යම්කිසි විෂක් කඩුපත දිගේ ඉහලට පැමිනිලා..නැවත අඹ ගෙඩිය කපන අවස්ථාවේ ඒ විෂ අඹ යුෂ හා මිශ්‍රව දෙදෙනාගේම ශරීරගත වෙලා...ඇත්තටම ඒ වෙලාවේ දල කුමරුගේ හා ගිරි දේවියගේ මේ අධික රාගික අශාවට හේතුව මේ විෂ කියලයි සදහන් වෙන්නේ...කෙසේ වුවත් තම නැගිනිය මරා දමන්නට හේතුවුනු මේ අල වර්ගයට එදා පටන් “නගා මැරූ අල” කියා හදුන්වන්නට වුනා..

ඇත්තටම යාළුවනේ ලංකාව තුල උඩවැඩියා ශාක 188 ක් පමණ තිබෙනවා.මේ විශේෂිත අල වර්ගයත් එයින් එකක්..නමුත් අනෙක් උඩවැඩියා මෙන් නොව මෙම විශේෂය ගස් කදන් මත නොව පොලොව මට්ටමේ තණ පදුරු සමග වැඩෙන බව සැලකේ.සාමාන්‍ය යෙන් එක් පැලයක බල්බ වැනි අල දෙකක් හට ගන්නවලු..දේශීය වෛද්‍ය විද්‍යාවේදී කාමාශාව වැඩි කිරීමට දිව්‍ය ඔසුවක් ලෙස නගා මැරූ අල සැලකෙනවා.අද වෙද්දී නම් ඉතාම දුර්ලභ ශාක විශේෂයක් බවට මේක පත් වෙලා තියෙනවා.කොහොම වුනත් ශ්‍රී පාද අඩවි හිමේ යම්තාක් දුරට මේවා පවතින බවට විශ්වාසයක් පවතිනවා..හරි ඔන්න ඕකයි කතන්දරේ....ඔන්න ඉතින් කට්ටියම හෙට ඉදලා අල හොයන්න ලෑස්ති වෙන්න එපා හොදද?? දන්න දෙයක් අළුත් වුනා නම් නොදන්නා දෙයක් දැන ගත්තනම් සතුටුයි ....හැමෝටම ජය වේවා!!

Tuesday, March 6, 2012

මතක සිහින



දැකගන්නට නැති වුනත්
නුඹ ලග පාත මට
ඔය නෙතු කැල්ම තියෙනවා
ඇහි පිල්ලමක් යට
වැහි බිදු වැටෙන කඵවර රෑ
සිහිනවල
නෙතු නොපියාම නුඹ ගැන
සිහි කරමි මම
රිදුනත් මගේ හිත මේ
තරමටම අද
අමතක කලේ නෑ තවමත්
නුඹව මම.......

Sunday, February 19, 2012

ම'සිත....



ඔහුත්....
මමත්.....
ඔබෙන් ආදරය යදියි
ඔබ ආදරය පුදයි
දුක මසිත පෙළයි....

Tuesday, February 7, 2012

හිතන්නෙපා........


ඔයා හිතන්නෙපා
මේ සතුට ඔයා ගිය නිසා කියලා....
ඇත්තමයි,
අද මම මෙහෙම හිනා වෙන්නේ...
මම අඩනවා දැකලා
ඔයාට දුක හිතෙයි කියලා
මගේ හිත කියන නිසා.....

Monday, January 23, 2012

සෙල්ලම්ද කොල්ලෝ "බලාපියව් මෙන්න මෙහෙමයි ඩිෆ් ගහන්නේ"


ඔන්න කස්ටියට අළුත් කතාවක් අරගෙන අදත් ආවා මේ ටිකේම ලියන්න බැරි වුනා අප්පා.....සිංහල කොටන්න ගියාම එපා වෙනවා කොල්ලෝ....කොහොම වුනත් පාසල් කාලේ වෙච්ච සුන්දර කතාවක් ඕං අද අකුරු කලා..
මෙන්න මේකයි සිද්ධිය.....

ඔය ස්කෝලේ යන කාලේ අපි හිටියා පාසලේ නායක සංසදේ.හරිම සුන්දර තැනක් ජීවිතයේ ගොඩාක් දේවල් කල්පයත් ඉගෙන ගත්තේ , වැඩි දියුණු කර ගත්තේ එතැනින්.අපේ හිටියා 16 දෙනෙක්.සේරමලා එක සෙට් එකක්....ආයෙත් කතා කරන්න දෙයක් නෑ...

ඔන්න ඉතින් දවසක්දා අපේ ඔය සංසදේ භාර සෑර් උදේ පාන්දරම කට්ටියම පෝලිම් කලා පොඩි රැස්වීමකට කියලා....

ඔය අපේ සර් ඉන්නවනේ,අපි ආදරේට කියන්නේ “ලුකා“ කියලා.....මොකද දන්නවද මචංලා එයාගේ නමට ඉස්සරහින් එහෙම අකුරු දෙකක් තියෙනවා.මම හිතන්නේ වාසගම වෙන්න ඇති.ඔය අපේ වැලා නම් කියන්නේ ඒකෙන් කියන්නේ පානුයි ලුකයි කේස් එකක්ලු..අනේ මන්දා ඉතින් ඒක උගේ ප්‍රජාතන්ත්වාදී වාග් නිදහසනේ අපිත් ඉතින් ඔළුව වනලා බාර ගත්තා.

හරි හරි ...ඔන්න ඉතින් සර් ලගට ආවා.....හරිම ශාන්ත ගමනින් නැවතිල්ලේ අඩිය තිය තිය....අපිත් ඕං ඒ දිහා කට ඇරගෙන බලන් හිටියා...

නයි කයිද රෝස්පාන්...ලගට ආවමයි දැක්කේ මූණ...අකලට ගහපු කලාබරයක් වගේ...අනිවා අපේ ගුස්පියෙක්ගේ මොකක් හරි ජිල්මාට් වැඩක් මාට්ටු වෙලා ඇති..නෑ නෑ අපේ කේස් එහෙම මාට්ටු වෙන්න විදියක් නෑ....අනික අපි හොද ලමයිනේ ..ඉතින් නොදැනුවත්ව හෝ වැරද්දක් වෙන්න විදියක් නෑ බොලේ...

ඔන්න ඉතින් සර් දෙයියනේ කියලා ඉස්සෙල්ලම කිට්ටු වුනේ අපේ පූස් දිහාවට..ඌට එහෙම කියන්නේ උගේ උගුරේ මයිල් හැදෙනවා ඒකයි....හි හි ...පූසුත් ටිකක් තක්බීර් වෙල්.ඇයි හත්වලාමේ මේ උදේ පාන්දර මොන ගුන්ඩුවක්ද දන්නේ නෑනේ!!

“තොපිලා වල් බල්ලෝ .....උඹලට කියන් සිංහලක් තේරෙන්නේ නෑ.........නේ..කවුද යකෝ...........අර කොල්ලෙක්ට උඩ දාගෙන ...ගහලා තියෙන්නේ.....උඹලා දන්නව.....ද? උගේ තාත්තා පොලිසීයෙලු ..දැන් බලා පල්ලා......උඹලා කරන මේ වැඩ නිසා මටත් පොලිසි ගානේ යන්න වෙනවා....කියපිය කවුද ඒ වැඩේ කලේ කියලා...“ සර් බෙරිහන් දෙනවා....

සේරමලා එක එකාගේ මූන බලනවා...

“අඩේ මේ මොන හෙන ගෙඩියක්ද බං..කවුද දන්නේ තාත්තා පොලිසීයේ කියලා.“ ජොන්ටි හිමීට මගේ කනට කෙදිරුවා..
“ඒකනේ බං ගහද්දී වත් උන් කිව්වේ නෑනේ....මොකටද බං උන්ට ගැහුවේ“ මම රනේට කිව්වා..
“ඇයි යකෝ උඹත් ගැහුවනේ ...මගෙන් මුකුත් අහගන්නේ නැතුව ඉදහන්“ රනේ මට කියපි.

තුන් දෙනාගේ කුසු කුසුව ඇහිලද කොහෙද සර් අපේ පැත්තට ආවා...

“මොක්කද බොලේ......බොලාගේ ඔය කතා...ව.“
හරි දැන් නම් සොරි ඩොට් කොම් තමා..
“මම දන්නවා කවුද මේ වැඩේ කලේ කියලා....උඹලම කියනවද?? නැත්නම් මම ඉස්සරහට ගන්නද? “ මිනිහට දැන්නම් ඌරුජුවල්..

අම්මා ගහයි බැට් එකෙන් ......

පිටිපස්සේ මල්ලිලා ටිකක් සෙල්ලම් කල නිසා උන්ගේ ඇගේ වදින නිසා රනේ ටිකක් ඉස්සරහට වුනා..හරිනේ පරිප්පුව..
“ආ ඔය එන්නේ .....වරෙන් වරෙන් “ සර් ඉන්නේ නම් ෆට්ටා හැපි එකේ ...හරියට නිකන් ෂර්ලොක් හෝම්ස් ගේම් එකක් දුන්නා වගේ..අපේ එවුන් සේරම ටියුබ් ලයිට් වෙලා වෙච්ච සීන් එක දැකලා..

අපේ එවුන් එහෙම තනි කරන පුරුද්දක් අපිට නෑ..මමත් ගියා ඉස්සරහට
“ආ ඔය එන්නේ හීන් නූල් ගේම් දෙන එවුනුත්“ ආයේ පිස්සුවක් ඇතැ මම ගහන ගේම් සේරම ගහන්නේ තංගුසෙන්මයි .සර් බයිලා කතා කරනවා.

මෙන්න බොලේ ඒ පාර රනේත් ඉස්සරහට ආවා.හුරේ දැන් නම් හිතට ටිකක් ගැම්මක් ආවා..
දෙයියෝ සාක්කි....යන්න වුනේ විනාඩියයි අපේ සේරම එවුන් ඉස්සරහා.කොහොමද සෙට් එකේ ෆිට් එක.සර් නිකන් අන්දුන් කුන්දුන් වෙලා බලන් ඉන්නවා..

“මේ මොන උලව්වක්ද බොල....දහයක් විතර එක පොල්ලකින් ගැහුවෙ අහවල් විදියටද?....කෝ කෝ අදාල නැති එවුන් පස්සට ගියා නම්..“ කරන්න දෙයක් හිතා ගන්න බැරිව සර් කෑ ගහනවා...
අපි යයි පස්සට එහෙම ඉදිරියමට තිබ්බ පය අපි එහෙම ලේසියෙන් හොලවන්නේ නෑ..කට්ටියම හෙල්ලුනේවත් නෑ..
දැන් නම් සර් කාරයට හොදටම මල....අයේ හෝදන්න දෙයක් නෑ...

“හරි උඹලා සෙට් එකට කරන්නේ හොද වැඩක් ...ඒත් දැන ගනියව් බොලා මට කරන්නේ ** වැඩක්...ඒක මතක තියා ගනිල්ලා...ගහපිය ඔක්කොම ඩිෆ්. Down යනවලා සේරමලා...“ සර්ට අසූ හාරදාහට නැගලා..

බලාපල්ලකෝ උදේ පාන්දරම පෝරියල්...

“ඇයි දන්නේ නැද්ද උඹලා ඩිෆ් එකක් ගහන්න වත්...මහ ලොකුවට ගහගන්න යන්නේ..“

ඇයි හත්වලාමේ අපි එහෙම ගැහුවේ නෑනේ...දෙකක් තුනක් ඇන්නා විතරයි ඒකත් අපේ එකෙක්ට සද්දයක් දාලා...ඕක ඉතින් මහ දෙයක් යෑ...ඒ කොල්ලා ඊට පහුවෙනිදම අපිත් එක්ක ඇවිත් කතා කරලා ෆිට් වුනා..කොහේවත් ඉන්න එවුන්ටනේ මේකේ උණ තියෙන්නේ ...මට නම් සිරාවටම රතු කට්ට පැන්නා...

“ඇයි උඹලට ඒකත් උගන්වන්න ඕනිද? එහෙනම් බලාපිය මෙන්න මෙහෙමයි ඩිෆ් ගහන්නේ“ සර් බාස්කට් බෝල් ක්‍රීඩාංගනේ Down ගියා...

“1 Down”
“2 Down”
“3 Down”
“හරියට බලා ගනිල්ලා පපුව බිම ගෑවෙන් නොගෑවෙන ගාන“
“4 Down”
“5 Down”

“පස්ස පැත්ත ඉස්සෙන්න බෑ...ඇගට සමාන්තරව යන්න ඕන...මෙන්න මේ විදියට “ අප්පට සිරි ලුකා සර් හිටු කියලා ඩිෆ් ගහනවා...බලන් ඉන්න ආසාවේ බෑ..

“7 Down”
“8 Down”
“9 Down”
“ඔන්න අන්තිම එක බලාගන්නවලා හරියට 10 Down“ ගින්දර වගේ ඩ්ෆ් 10ක් ලුකා සර් ගැහුවා...නහයෙන් කටින් දාඩිය බේරෙනවා සර්ගේ....හරි අමාරුවෙන් නැගිටලා කලිසමේ ගෑවිච්ච වැලි ටික පිහිදලා දැම්මා.....
අපිටත් දැන්නම් දුකේ බෑ..මොනා කරන්නද??

අඹ ගහේ ජම්බු...

ඩිං ඩොං....... ඩිං ඩොං......ඩිං ඩොං......

පලවෙනි පීරීයඩ් එකේ ඉවර වෙන බෙල් එක ගැහුවා.කට්ටියම එක එකාගේ මූණවල් දිහා බලපි...

“1 වෙනි එක ඉවරයි නේ....දැන් පන්ති වල වැඩනේ? මටත් 9 පන්තියක් තියෙනවා....“සර් කියපි

“ඔව් සර් අපිටත් ලැබ් එකේ chemistry ප්‍රැක්ටිකල් එකක් පරක්කු වුනොත් අවුල්....“ මම හොට දාලා කිව්වා....

“හරි එහෙනම් කට්ටියම දැන් යනවලා ..ස්කෝලේ ඇරුණම හෝල් එක ගාවට එනවා“ මූණ ඇඹුල් කරන් සර් කිව්වා.එහෙම කියලා ලුකා සර් ඔෆිස් එක පැත්තට හැරුනා...

ඒ වචනය කටින් පිට වුනා විතරයි අපි කෙලින්ම නැවතුනේ අපේ රූම් එකේ...දුකට සතුටට හැමට ඒකනේ ....
“මගේ අම්මේ නූලෙන් බේරුනේ“ පූස් කිව්වේ පුටුවක වාඩි වෙන ගමන්

“අනිවා අනිවා.....නැත්නම් කපෝතියි ආ....දැක්කනේ වෙච්ච දේ“ කට්ටා කිව්වා.
“රපට පාං.... පාං.... පපං..“රාමෙත් කතාවට එකතුවුනා...
“ඒක නෙමේ බං අපි දැන හෝ නොදැන අර කොල්ලට ගැහුවා..“කොටා කතාවකට මුල පිරුවා...“

“ඉතින් ඉතින්“ ගොරෝ සුපුරුදු පරිදි කකුල දැම්මා..
“මේකනේ මචාං අපි ඌට ගැහැවා....ඉතින් අපිනේ වැරැද්ද කලේ...“
“ඔව් ඔව්“
“එහෙනම් මොල උලව්වකටද බං උදේ පාන්දර දාඩිය පෙරාගෙන,වැටීගෙන පෙරලීගෙන ලුකා සර් අපේ ඉස්සරහා අරම ඩිෆ් ගැහැවේ....“කොටා විරිත්තලා කිව්වා..

“නැවතිල්ලේ බැලුවම ඒකත් ඇත්තනේ බං අපි කන්න ඕන පෝරියල් එක ඒ මනුස්සයනේ කෑවේ.....අනේ මන්දා...මතකයි නේ ඩිෆ් 10 ගහලා ඉවර වෙලා කලිසමත් පිහිද ගත්තා...“මම කිව්වා.
“ඒකනේ බං කරපු අපි මේ ආතල් එකේ ඉන්නේ....කොහේ වත් යන අර මනුස්සයා උදේම ෆට්ට කට්ටක් තමා බොල කෑවේ..“ රනේ කිව්වා...

“අපි එහෙමයි දත් මදින්නේ....!! “ කොටා දත් 28 ම විරිත්තලා කිව්වා.....



කලින් කතා ටිකත් කියවන්න මෙතනින් යන්න යාළුවනේ....

ඇහට කනට පේන එකක් ගලවපියෝ...

රෑ පානේ බෑවා අපි වෑවරේ.....