Sunday, November 20, 2011

කළුකුමාර යක්ෂයා


කළු යකා,රට යකා,කළුයක් ආදී විවිධ වූ නම් ගොන්නකින් හදුන්වනු ලබන්නේද මෙම කළුකුමාර යක්ෂයාමය.යැකැදුරන් විසින් රට යක් යාගය,කළුකුමාර යාදිනි පුද දෙන්නේ මෙම යකු උදෙසාය.මෙම කළුකුමාර යක්ෂයා වැඩි වශයෙන් ඇල්ම බැල්ම හෙලන්නේ කාන්තාවන්ටය.විශේෂයෙන්ම අළුතෙන් වැඩිවියට පත් තරුණියන් මොහුගේ බැල්මට හසුවේ.

කළුකුමාර යක්ෂයා ඉතා පෘෂ්ටිමත් දේහදාරී ලස්සන යකෙක් ලෙස හැදින්වේ.නාන තොටක,තුං මංසලක,දෙමංසලක,ලිදක් අසල,රදා තොටුපොල,පනින පිම්මකදී,බෙර සද්දයකදී පුළුටු මාංශ ආදිය කා හො ඇදුම් මාරු කරන අවස්ථාවලදී ගොම්මන් යාමයේ කාන්තාවන් තනි වූ කල්හි මොහුගේ බැල්ම ඔවුනට වැටේ. කළු කුමාරයාගේ ගමන කළු ගොනෙක් පිට වෙයි.කළුකුමාර යක්ෂයා දුටු විට කාන්තාවන් රාගයෙන් ඔහු කෙරේ බැදෙන බව කියවේ.විශේෂයෙන්ම කළු ලක්ෂණ ඇති කාන්තාවන්ට මොහු වඩාත් ප්‍රිය කරන බව පොත පත වල කියැවේ.මේ අනුව ඔහුගේ සිත් ඇද ගන්නා කාන්තාවට ඔහුගේ බැල්ම නිසා අණවින කරවන බවද,ඇයගේ බැල්ම කළුකුමාර යක්ෂයා වෙත බැදීම නිසා ඇය ලෙඩ වෙන බවද යකැදුරන්ගේ මතයයි.

මොහුගේ බැල්මක්‌ දිෂ්ටියක්‌ ඇතිවූ විට උණ ගතිය, ඔල්මාදය, විකාර දෙඩවීම, ආදී රෝග ලක්‍ෂණයන් ඇතිවේ.නිවසින් පිටව යන විටදී යකඩ කැබැල්ලක්‌, ගිරයක්‌ අත තබාගෙන යන්නේද මේ යක්‍ෂයාගේ බැල්මෙන් වළකින්ටය. තමද ස්‌නානය කරන විට මහා ශබ්දයෙන් කෑ කෝ ගැසීම් ආදියද කාන්තාවන්ට එතරම් සුභ දායක නොවේ......

එසේම මෙම යකුන් නිසා කාන්තාවන්ගේ වද බව සිදුවන බවටද විස්වාස කෙරේ.එම නිසා දරුඵල නොමැති කාන්තාවන්ට යාගහෝම කරද්දී යකැදුරන් කළුකුමාර බලියක් අඹා පිදේනියක් දෙනු ලබයි.පුරාණ ජනප්‍රවාද වලට අනුව කළුකුමාර යක්ෂයා ගැහැනුන් වද කිරීමට බොහෝ ප්‍රසිද්ධය..

මොහුගේ අතීත උප්පත්ති කතාව ගැන විවිධ වූ අදහස් පොත්පත් වල සදහන් වේ.ඉන් එකක් පහත දැක්වේ.

රුහුනු පුරවරයේ මානාවුළු පුර නම් රාජ්‍යයක් පාලනය කරගෙන කළු රජු නම් රජ කෙනෙක් විසීය.හදිසියේ ඇතිවූ සතුරු ආක්‍රමණයක් හේතුවෙන් කළු රජු හට යුධ කිරීමට දුර රටකට යාමට අවශය්‍ය විය.ඉතින් තම සෙන්පතියා සමග නැව් නගින අවස්ථාවේ කළු රජු තම බිසෝවරු හට ප්‍රකාශ කර සිටියේ තමන් යුද්ධය ජයග්‍රහණය කලහොත් ආපසු එන අවස්ථාවේ නැවේ කුඹ ගසෙහි සුදු කොඩියක් දමන බවත්,පරාජ වුවහොත් කළු කොඩියක් දමන බවත්ය.

කෙසේ හෝ කළු රජු යුද්ධයෙන් ජයග්‍රහණය කලේය.ආපසු එන ගමනේදී ජයග්‍රහණයේ සතුට සමරමින් සියල්ලෝම ජයපැන් පානය කරන්නට විය.සිරිලකට ලංවෙත්ම තමන් ජයග්‍රහණය කල බව බිසෝවරුන්ට දැන්වීමට සුදු කොඩි ඔසවන ලෙස කළු රජු තම මිත්‍ර සෙන්පතියාට අණ කලේය.මත් පැනින් මත්වී සිටි සෙන්පතියා බිසෝවරුන් හට විහිළුවක් කරමි යැයි සිතා නැවේ කළු කොඩි එසවීය..
මාලිගාවේ සිට පැමිනෙන නැව් දෙස බලා සිටි බිසෝවරුන් හට මෙම කළු කොඩි දැකගන්නට හැකි විය.එයින් මහත් ශෝකයට පත් ඔවුන් තමන්ගේ සියළු රාජාභරණ උනා දමා වලව්වේ ගං ඇල්ලට පැන දිවි නසා ගත්හ.සිරිලකට ගොඩ බැස විගස තම බිසෝවරුන්ට වූ මේ විපතින් කම්පාවට පත්වූ කළු රජුද එකී ඇල්ලෙන්ම පැන දිවි නසා ගත්තේය.

මෙසේ ඇල්ලෙන් පැන මිය ගිය බිසොවරුන් මුදුන්මාල,ධර්මපාල,ගිරිමේඛල,ඕන්කාර,රනකපාල,කොණ්ඩමාල,එර්දි
යන නම් වලින් රිද්දි යකින්නියන් ලෙස උපත්තිය ලැබීය.තවද මෙකී ඇල්ලෙන්ම පැන මියගිය කළු රජු කළු කුමාරයා ලෙසින්ද උපත ලැබීය.

කළු කුමාර උප්පත්තිය පිලිබද මෙවන් විවිධ වූ අදහස් ඇත එම නිසා නිශ්චිත වූ තර්කයක් ගොඩ නැගීමට නුපුළුවන.


බස්ම අසුරා දැවූ සොහොනේ උපන්නේද ඇති දේවතා
තොස්ව කළුවත සැරසෙමින් සිට සුරත මුගුරක් ලෙලවතා
ලස්ස ගණනක් දුන්නු දොල පුද බලා උවදුරු දුරලතා
තොස්ව මෙරගට වරෙන් සැණෙකින් සිද්ද කළුයක් දේවතා

වරෙක උපන්නයි කළු ගල් ඇල් ලේ
සැණෙක මෙලක තුළ බලේ ලවුල් ලේ
රුවෙක එ අගනන් දැක සිත ලොල් ලේ
සැණෙක වරෙන් කළු යකු නර බිල් ලේ


කළුකුමාර යක්ෂයාගේ බිසව “රිද්දි“ නැමැත්තියෙකි.ඇයට දූ වරුන් සත්දෙනෙකි.රිද්දි බිසොවට මෙම දූ වරුන් ලැබී ඇත්තේ මහා බ්‍රහ්මයා සමග වාසය කිරීමෙන් යැයි කියවේ.මහා බ්‍රහ්මයා ඇය අතහැර පසු ඇය යකුන් වාසය කරන මහාමේරු පරිවතයට ගොස් ඇත.රිද්දි බිසොව ඉන්පසු වාසය කලේ යකුන් සමගය.එහිදී ඇයට කළුකුමාර යක්ෂයා හමුවී ඇත.ඉන් පසු කළුයකු ඇය සරණ පාවා ගෙන ඇත.ඉන් අනතුරුව යක් නායක වෙසමුණි ලගට ගොස් කළුකුමාර යක්ෂයා ජීවත්වීම සදහා වරයක් ඉල්ලා සිටියේය.වෙසමුණිගෙන් ඔහුට ලැබුන වරය නම් ගැහැනුන්ට හා දරුවන්ට ලෙඩ කිරීමයි.එයින් පසු ලෙඩ සුවකර ගැනීමට ආතුරයන් විසින් දෙනු ලබන දොල පිදේනි ගෙන ඔහුට ජීවත් විය හැක.

කළුකුමාර යක්ෂයා සමහරක් අවස්ථාවල ලබාදුන් බලයට වඩා බලය ඉක්මවා කටයුතු කරන්නට වූයේය.එවැනි අවස්ථාවල ඔහු මර්ධනය කිරීමට වෙසමුණි යක් රජ කළුකුමාර යක්ෂයාව යකුන්ට දඩුවම් පමුනුවන තැන වන “අසුරගිරි“ කොටුවේ හිර මැදිරියක සිර කරන ලදී.එම දඩුවම ඉතා බරපතල වූයේ කෑමට කිසිම ආහාරයකි නොදුන් නිසාය.කළුකුමාරයා වසර 12 ක් දඩුවම් විද එයින් නිදහස් විය.

කළු යක් යාගයේදී යකැදුරන් ස්ත්‍රී ඇදුමෙන් සැරසී දීපංකර බුදුන්ගෙන් අචසර ගනු දක්නය ලැබේ.වරම් ගැනීමෙන් පසු ඔවුන් “දොලොස් පාළියකට“ සූදානම් වෙයි.එහිදී නානුගෑම,හිස සේදීම,දත් මැදීම,හවරිය බැදීම ආදිය විදහා දක්වයි.එය ඉතා විනෝදබර අංගයක් වේ.
කළුකුමාර යාගයේදී මෙවැනි යාග කවි අසන්නට ලැබේ......

“හමන මද නල සදුන් - සිහිල් ගිනි සේ දැනේ
සුවද මල් පෙති අතුළ - යහන කටුසේ දැනේ
සමද නද කොවුල් රැව් - කණත යවු ලෙව් ඇනේ
මදන රූ යුදට දැන් - දැනෙයි සැර පසු ගෙනේ“

Saturday, November 19, 2011

මාර්ටින් වික්‍රමසිංහ

ලාංකික සමාජයේ කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කල ලේඛකයන් අතර ප්‍රමුඛ ස්ථානයක් මාර්ටින් වික්‍රමසිංහ මහතාට හිමිවෙයි.පුවත්පත් කලාවේදියෙකු,විචාරකයෙකු වශයෙන්ද මාර්ටින් වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධය.සාහිත්‍ය චින්තකයෙකු ලෙසටද ලාංකික ජනතාව අතර ඔහු කල බලපෑම අතිමහත්ය.

1914 සිට 1976 දක්වා පුරා වසර 60ක් පමණ වූ ඔහුගේ ජීවිත කාලය තුල ඔහු අතින් බිහිවූ ලේඛන සංඛ්‍යාව 2000 කට ආසන්නය.පුවත්පත් කලාවේදියෙකු ලෙස සේවය කල දිගු කාලය තුල ඔහුගේ වැඩි අවධානය යොමුවූයේ භාෂාව,සාහිත්‍යය,ආගම,සංස්කෘතිය,මානව විද්‍යාව ආදී පැතිවලටයි.ඊට අමතරව අතිරේක විෂයයන් කීපයකටද ඔහුගේ ඇස යොමුවිය.

නවකථා,කෙටිකථා,විචාර ආදී බොහෝමයක්ද ළමා සාහිත්‍ය කෘති රැසක්ද මෙතුමා අතින් පෝෂණය විය.ග්‍රාමීය විද්‍යාව,සත්ව විද්‍යාව,ආදී විෂය පථයන්ගෙන් ප්‍රාථමික පාසල් සදගහා අවශ්‍ය පාඨ ග්‍රන්ථ රැසක්ද මාර්ටින් වික්‍රමසිංහ මහතා අතින් ලියැවිනි.තවද ඔහුගේ කෘතීන් කිහිපයක්ම අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ පරීක්ෂණ නිර්දේශ ග්‍රන්ථ ලෙස නම් කරනු ලැබීය. ගම්පෙරළිය,යුගාන්තය එයට නිදසුන් වේ.

විද්‍යා විෂය සිංහලෙන් හදුන්වාදීමද මෙතුමා අතින් සිදුවූ වැදගත් කාර්යයකි.විද්‍යා විත්ති පොත් පෙල ලාංකික සිසුන් අතර ඉමහත් ජනාදරයට පාත්‍ර පොත් පෙලකි.එමෙන්ම ග්‍රාමීය විද්‍යා ප්‍රවේශය වැනි කෘති පාසල් පොත් ලෙස එකල බාවිතා විය.
සිංහල හා ඉංග්‍රීසි දෙබසින්ම නිර්මාණ කල එතුමාගේ බොහෝමයක් කෘති විදේශීය භාෂාවන්ටද පරිවර්තනය විය.දිණමිණ උප කතෘ ලෙසද ලක්මිණ හා සිළුමිණ කතෘ වශයෙන් වසර 27 ක් පමණ මාර්ටින් වික්‍රමසිංහ මහතා තම නිබද හැකියාව ලාංකිකයන්ට ලබා දුන්නේය.ඔහු අතින් ලියැවුනු කතුවැකි ප්‍රමාණය අති මහත්ය..විනීත මනුවර්ණ,මයුරපාද යන ආරූඪ නම් වලින් එතුමා ලිපි පල කලේය.

23 වියේදී ලේඛන කලාවට අත්පොත් තැබූ මාර්ටින් වික්‍රමසිංහයන් ගේ මුල්ම නිරිමාණය 1914 දී එලි දැක්වූ “ලීලා“ නම් නවකථාවයි.මාර්ටින් වික්‍රමසිංහයන් ලේඛන කලාවට බට මේ කාලයේ රට තුල ප්‍රබුද්ධ කණ්ඩායම් සියල්ල අනුකාරකයින් වූ කාලය වූහ.එනම් දේශීය දේ ඉවතලා පිටරටට ගැතිවීමට උත්සාහ ගැනීමයි.මේ අන්තවාදී පිරිස් දේශීය ප්‍රගමනයට දායක කර ගැනීමට මාර්ටින් වික්‍රමසිංහයින් පුරෝගාමී විය.අපටම අනන්‍ය සංස්කෘතියක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කල මෙතුමා සාහිත්‍ය කලාව වෙනුවෙන් කල සේවය අපරිමේයය.සිංහල සාහිත්‍ය‍යේ නැගීම ආදිය එයට නිදසුනකි.එහි ගුණාත්මක බව නිසාම සාහිත්‍යයවේදීන්ගේ ගුරු අත්පොත බවට එය පත්විය.
බටහිරෙන් ආ සෑම දෙයක්ම ප්‍රතික්ෂේප කිරීම වෙනුවට එහි වැදගත් දෙයින් පෝෂණය වීමේ වැදගත්කම මාර්ටින් වික්‍රමසිංහයන් පෙන්වා දුන්නේය.ලාංකික කෙටි කථා සාහිත්‍යෙය් ආරම්භය මොහු අතින් සිදුවිය.1924 වසරේ අභිරහස නමින් දිනමිණට සැපයූ කෙටි කථාවෙන් ආරම්භ කල ඔහු කලාත්මක කෙටි කථාව සිංහල සාහිත්‍යයට හදුන්වා දුන්නේය.

සිංහල බසත්,හෙල ගැමි වහරත් නිරතුරු තම නිර්මාණ වලට ඈදා ගත් මෙතුමා එමගින් ලාංකික ලේඛකයාට නවමු මංපෙතක් එලි කලේය. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගම් පෙරළිය,කරුවල ගෙදර,මඩොල් දූව,විරාගය ආදී නවකතා සිනමාවට හා පුංචි තිරයටද නැගීය.

ඇයට දුන් හද


ඇයි දුන්නේ.....?
තියා ගන්න බැරි නිසා නේද...
ඇත්තටම ආදරය හරි පුදුමයි!
මතකද දවසක් කිවුවා..
“ඔයා මට දුන්න ඔයාගේ ඔය හදවත ආයේ ඔයාම ඉල්ලුවත් මමනම් කවමදාවත් දෙන්නේ නෑ....
අනේ ප්ලීස් ඒක ආයෙ මගෙන් ඉල්ලන්නත් එපා “
අමතක වෙන්න විදියක් නෑ
ඒත් අද...........
මම ඒක ඉල්ලන්නත් කලින්
ඒක මට දීලා ඔයා ඈතට ගියා...
මගේ ආදරෙන් පිරිලා ඒක බර වැඩි වෙන්න ඇති නේද....?
මටත් දැන් ඒන ලොකු බරක්
සදාකාලික නවාතැන්පලකට ඒක බාරදෙන්න කාලේ හරි නේද...
දැන්වත් ආදරබර හදවතක් තියාගන්න පුරුදු වෙන්න
නැත්කම් ඉස්සරහට දරාගන්න බැරි වෙයි.....
හැමදාටම................

Saturday, November 12, 2011

පාට සිත්තම

එපා සිදලනු අපේ ආලය
තවම සුපිපෙන පියුමක්ය එය
හැකිද ඔබ හට තනි කරන්නට
ඒ පියුම මා හදේ තනිකොට.....

බැහැ පියන්නට මගේ නෙත් දෙක
ඉන්නවා නුඹ සෑම හීනෙක
හීන නොදකින රැයේ තුන්යම
හිතත් හඩනවා තාම ඔබ ගැන....

පාන සුන්දර සිනා කුමටද
නොම රැදේ නම් ඔබෙ සිතේ
ඇත ඉඩක් පෙරදා ම මෙන් හද
සුසුම් සමගින් මගෙ හදේ....

නුඹේ මතකය රැදී සිත ලග
සිතේ ඔබ සිතුවමකි අද මට
නොමැකෙනා පාටින් කරන්නට
දෙන්න අවසර නුඹේ නෙත ලග.....

Wednesday, October 19, 2011

හීනයක් වී හෙටත් එයි නම්.....

පියා නෙතු හිත හොවා ලැම මත
ගෙවූ කල් සිහි කරන්නම්
කියා ගන්නට වදන් අහිමිව
හිතින් ඉකිබිද හඩන්නම්
ලියා කදුලක වියෝ ගීතය
ඉතින් පා කර හරින්නම්............

හීන නොදකින රැයේ තුන්යම
ඔබව සිහිකර තැවෙන්නම්
පේන මානෙක නැතත් ඔබෙ රුව
ළගම වේ යැයි සිතන්නම්
පාන සුන්දර සිනා කුමටද
සුසුම් මැද දිවි ගෙවන්නම්
හීනයක් වී හෙටත් එයි නම්
ආදරෙයි මම කියන්නම්.....

හිනාමල් පෙති දරා දෝතට
ඔබේ සියොලග වෙලෙන්නම්
ඒ හිනා මල් ඉන්දලා නුඹෙ
නෙතේ අද්දර පිපෙන්නම්
සිතේ ඔබ සිතුවමකි අද මට
නොමැකෙනා පාටින් කෙරූ මං
වඩී නම් ඔබ මගේ ලෝකෙට
සදා නිරතුරු රකින්නම්.........

Sunday, October 16, 2011

වෙන් වුනත් සතුටින් නම් ඔබ........


ඔබ වෙන් වෙන්නට වුනා
දුක් සුසුම් බොහෝ දැනුනා
මොකද......
හදවතේ ඇත්තේ දෙපැත්තක් නිසා
දෙපැත්තම අද කදුලින් බර වෙලා......

අද මම හිනා වෙනවා
ඔයා මම ලග නැති නිසා
මොකද......
මා නොමැති ලෝකයේ
ඔයා අද සිනාවෙන් සිටින නිසා........

මම බලන් සතුටු වුනා
ඔයා හිනාවෙන නිසා
මා නෙතට කදුලු බර වුනා
මොකද......
තාමත් ඔයාට ආදරේ නිසා......

නෑ නෑ ආයේ එන්නේ නෑ
කවදාවත්ම එන්නේ නෑ
මොකද......
මගේ ලෝකේ දුකක් යැයි
ඔබ සිතන නිසා............

සතුටු කදුලු නෙතින් ගිලිහුනා
ඒ අතරින් දුකද පිටවුනා
මොකද......
ඔයා එයත් එක්ක ජීවිතේ
සතුටින් ගතකරන නිසා.....
ඔයාගේ සතුට මගෙත් සතුට වන නිසා.......

Saturday, October 15, 2011

මහසොහොන් යක්ෂයා

යාළුවනේ රෑ දෙගොඩයාමේ ලියන්න කියලා මේ ලෑස්ති වෙන්නේ...යක්කු ගස් නගින වෙලේ මම ලියන්නම් යක්කු ගැනම.ඔයාලා ඕන තරම් මෙයා ගැන අහලා ඇති.මොකද යැකැදුරන් කියන ආකාරයට ලංකාවේ ජීවත්වන යක්ෂයින්ගෙන් බලවත්ම කෙනා මෙයා.ඒකනේ අපි නිතරම මෙයා දැකලා බය වුන අයට බලි තොවිල් දෙන්නේ..කොහොම වුනත් “මහසෝනා“ ගැන ඔයාලා නොදන්න කරුණු ටිකකුත් අරන්,මම කියවපු පොත් වල කරුනුත් අරන් ලිව්වා ලස්සන කථාවක් කියවලා බලමුද එහෙනම්........

යකුන් අතර මහසොහොන් යක්ෂයා බලවත්ම යකෙකු ලෙස හදුන්වයනවා.මොහුගේ පියා “මහා කාලසේනය“.මව “ගොන්ඩා“ නැමැත්තියයි.මහසොහොන් යක්ෂයා දුටුගැමුණු රජතුමාගේ කාලයේ ප්‍රබලම යක්ෂයෙක්.එළාර යුද්ධයේදී මොහු දුටුගැමුණුට උදව් කර ඇත.ඒ කාලයේ ඔහුගේ නම “ජයසේන“ .



දවසක් මොහු තම්මැන්නා සොහොනේ පැවති යකෙකුගේ රැස්වීමකට යමින් සිටියේය.මේ කාලයේ දුටුගැමුණු රජු යුද්ධය දිනා රට සංවර්ධනය කරන කාලය විය.දස මහා යෝධයෙකු වූ ගෝඨයිම්බරද ජයග්‍රහණයේ සතුට සමරන්නට උත්සවයක් පවත්වමින් සිටියේය.ඔහුගේ තුන්මහල් ප්‍රසාදයේ තෙවන මහලේ සදළුතලයේ මෙය පැවැත්විනි.එය සදහා විවිධ බීම,මස් වර්ග ගෙනවිත් තිබී ඇත.උඩින් තම්මැන්නාව වෙත යමින් සිටි ජයසේන යකු මෙය දිටීය.මස් සුවද දැනී ලොල් වූ පෙරේත සිත් ඇතිව ජයසේන යකු වහා එතනට බැස්සේය.ජයසේන යකුට මේ අවස්ථාවේ දක්නට ලැබුණේ කිසි දිනෙක නොදුටු දර්ශනයකි.ගෝඨයිම්බර තම සූරූපි බිරිද සමග නර්තනයේ යෙදෙන අයුරුයි.ජයසේන යකු එයට වශී විය.සැනෙකින් ඇය දෙස නෙත් යොමා සිටි ඔහු ඇයට ආවේශ විය.ඇය සිහිසුන්ව බිම ඇද වැටුනාය.ඇසි විරූපි විය.කටින් සෙමද නාසයෙන් සොටුද ගලා ආවේය.ඇය දෙස බලා සිටි ගෝඨයිම්බරට මෙය අමුනුෂ්‍ය බැල්මක් යැයි වැටහිනි.ඔහුට දැඩි කෝපයක් ඇති විය.ගෝඨයිම්බර තරහෙන් පුපුරන්නට විය.

“ශ්‍රී කාන්තාව වන් මාගේ ස්ත්‍රියට කුමන යකෙක් බැල්ම හෙලා සිටීද? කාන්තාවකට වසන යකු නිවටයෙකි බොල!එවන් එකෙක් සිටී නම් වහා ඉදිරියට එව!මම ඔහු අල්ලා දෙපලු කරමි.....“ ගෝඨයිම්බර කෑ ගෑවේය.

තමා ඉදිරියේ බැන වදින ගෝඨයිම්බර දුටු ජයසේන යකු කෝපාවිෂ්ඨ විය.ඔහු දෙස රවා බැලීය.

“තෝ ගුගුරන්නේ කා ඉදිරියේද බොල නරය! මම ජයසෙන යකු වෙමි,තොප අල්ලා පරසක්වල ගලෙන් එපිටට විසි කරමි“ යකු ගෑ ගැසීය.

යකුගේ කඵ දේහයේ ඇස්වලල්ල ඉතා භයංකාරය,ගිනි බෝල වන් ඇස් නෙරා ගොස්ය.දළ ඉදිරියට නෙරා වුත්ය,කෙස් රොද කෙලින් සිටුවන ලද බට ගස් වැන්න.බලන විට ඇතිවූයේ බියක්මය.

“එම්බා කොල්ල තොට මා හා යුද්ධ කළ හැකිද?“
කියමින් වියරු හිනාවක් දැම්මේ එයින්ම ගෝඨයිම්බර බය කර ගැනීමටය.

“එම්බා යක්ෂය තා කුමක් කියන්නෙහිද? බොල,මෝඩ කැණහිල,කේශර සිංහයින් පරදවා බෝ ජයගන්නේ කෙසේද?...“ගෝඨයිම්බරද නොදෙවිනි වූහ.

මේ ආකාරයට දෙදෙනා අතර මහා සංවාදයක් ඇති විය.එහෙත් ජයසේන යකුද පසු බැස්සේ නැත.ඔහු නැවත මෙසේ කීය..

“නරය! කටට ආ පලියට නන් නොදොඩව,මට ජයසේන කියන්නේ සෑම තැනම ජයගත් නිසාය.තොප වගේ හා පැටියෙක්ට මා හා සටන් කල හැකිද?“

ගෝඨයිම්බරට දැඩි කෝපයක් ඇති විය.

“එම්බල යක්ෂය මා කුඩා බව ඇත්තය,ඒත් තාගේ ඔය විශාල ශරීරය සිදුරු කරන්නට මා වැය කරන්නේ ඇගිලි දෙකක් පමණි.කෑ නොගොසා වර මා හා සටනට!“ අසීමිත වූ කෝපයෙන් යුතුව ගෝඨයිම්බර තෙපලීය...

මෙයින් යකු තවත් කෝපාවිෂ්ඨ විය.
“එම්බා ගෝඨයිම්බරය ,මෙහි මා යුද්ධ කරන්නේ කාට බලන්නද? අදින් සත්වන දිනයේ තම්මැන්නා සොහොනට එව!“

යකුට බිය නොවූ ගෝඨයිම්බර තෙමේ ඇරයුම ඒ ලෙසින්ම පිලි ගත්තේය.

දිනය උදා විය...................
යක්ෂ ගෝත්‍රිකයන් මැද සටන ඇරඹීය.පලමුව පහරදීමේ වාරය ජයසේනට හිමි විය.ඔහුට ලැබුනු වාරයෙන් ඔහු උපරිම ප්‍රයෝජන ගත්තේය.සුළු වේදනාවක් ගෝඨයිම්බරට දැනෙන්නට විය.ගෝඨයිම්බර බිම සිට ජයසේනගේ මූණ දෙස බැලීය.තරමක් පස්සෙන් පස්සට ගියේය.උඩ පැන්නේය,ඔහුගේ වම්පස පයෙහි සුළැගිල්ල යකුගේ හක්කට එල්ල විය.යකුගේ හිස ගැලවී බොහෝ ඈතට විසි විය.එය ජනප්‍රවාදයේ එන පරිදි රිටිගල නම් ගමේ කරඹ ගසක රැදී ඇත.(අද එම ස්ථානය ඔළුකරදන නම් වේ)ජයසේනගේ හිස නැති කද වෙවුලන්නට විය.තරගය බැලීමට ජයසේනගේ මිතුරු සෙනසුරුද පැමිණ සිටියේය.ගැලවී ගිය හිස සෙවීමට ඔහු උත්සාහ ගත්තේය.නමුත් එය අසාර්ථක විය.ඈතිනි වලසෙකු ගමන් කරනවා සෙනසුරු දුටුවේය.කලබල විම නිසා කල් යල් බලා මනාව වැඩකරන සිරිතද අමතකව ගොස් වහා දිවගිය සෙනසුරු එම වලසාගේ හිස කඩා ගෙනවිත් ජයසේනගේ කදට සවි කලේය.ඉර උදාවන්නාට කලින් කලබලේ මෙය වූ බැවින් සෙනසුරුට කුඩා වැරදීමක් විය.එනම් ඔහු වලස් හිස සවි කර ඇත්තේ මුහුණ පිටුපසට සිටින ලෙසය.එනම් අනෙක් අතටය.හිස පසුපසට සවි කර ඇති බව ජයසේනට පෙනුනේ ඔහු නැගී සිටි අවස්ථාවේදීය.මෙම කාරණාව නිසා ඔහු ගමන් ගත්තේ පසු පසටය.එදා සිට නැවත පන ලැබු ජයසේන රියන් 81 ක් උස ඇස් 03 හා අත් 04 ඇති රතු ඇදුමින් ද කළු පාට ශරිරයෙන් යුතුව යෝධ ඌර වාහනයකින් ගමන් කරන මහසෝන් යක්ෂයා බවට පත්විය. මොහුට අවතාර 05 ක් ඇති බවද සදහන් වේ.

එළුවකු වාහනයක් කරගත් "ලේ සොහෝන් යක්ෂයා"
මුවකු වාහනයක් කරගත් "අමු සොහොන් යක්ෂයා"
අශ්වයා වාහනය කරගත් "ජය සොහොන් යක්ෂයා"
බැටළු වාහනය සහිත "මරු සොහොන් යක්ෂයා"
අලියකු පිට යන "ගොළු සොහොන් යක්ෂයා"

මේ මහසෝන් යක්ෂයාගේ පංච අවතාර වේ.
වෙසමුණි රජු මහ සොහෝන් යක්ෂයාට මිනිස් හා කුකුළු බිලිපුද ලබා ගැනීමට අවසර දී ඇත.සුසාන භූමි කදු මුදුන් හා ගිරිහෙල් වාසස්ථාන කර ගත් මහ සොහොන් යක්ෂයා ගෝඨයිම්බර දැහැනට පමණක් අවනත වන බව යැකදුරන්ගේ විශ්වාසයයි.

මහසෝන් උප්පත්තිය පිලිබදව යැකැදුරන් මෙසේ පවසයි....

“සෙනසුරු දළ කුමරු
දූ කෙළියෙ යන දවස
දැකපු මළකද නෙතට
තිදෙන යාළු බැවින්
ගොසින් බැස හිම මැදට
ඉසක් සොයනා ඔහුට
දැකපි වලසෙක් නෙතට
කපා ඇලි වලස් හිස
පිහිටුවා යක් කදට
පණ දෙවා සිත් සතුට“

හොද,නරක අඩු පාඩු කියලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා.ඉස්සරහට ලියන ඒවට ඔයාලගෙ අදහස් තමා වටින්නේ..........