Saturday, December 31, 2011
නව වසරේ අපිත් අළුත් වෙමු...
ඔන්න මුලින්ම ප්‍රාර්ථනා කරන්නම් වැහි පොදත් එක්ක එකතුවුන ඔයාලා හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක් වෙන්න කියලා.....ඉතින් යාළුවනේ මේ මොහොතේ ඉදලා අපිට අළුත් දවසක් උදාවෙලා තියෙනවා.එහෙම නේද? අළුත්ම අළුත් වසරක්.වසර 4 කට පසු ඔන්න දවස් 366 අපිට මේ අවුරුද්දේ මුණගැහෙනවා.ඒ කියන්නේ අපිට වෙනදට වැඩිය දවසක් මේ අවුරුද්දේ වැඩ කරන්න වෙනවා කියන එක.හරි ඒ කොහොම වුනත් මේ උදාවුන නව වසරේ ඔයාලත් බලාපොරොත්තු ගොන්නක් පොදි බැදගෙන නේද මේ වන විටත් ඉන්නේ.නැත්නම් දැන්ම හදාගන්න. මේ අවුරුද්ද ඉවර වෙද්දී මෙන්න මේ ඉලක්ක වලට මම කොහොම හරි යනවා කියලා.මොකද දන්නවද යාළුවනේ ඉලක්කයක් නැති ජීවිතය හරියට නිකන් මාලිමාවක් නැති නැවියෙක් වගේ.....අනික බලාපොරොත්තු තමයි මිනිස්සු ජීවත්කරන්නේ..හොදට හිතලා බලන්න ජීවිතේ සමහර අවස්ථාවලදී අපිට මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි වුනා නේද?? ඒත් අපි අපේ බලාපොරොත්තුව සුන් නොකර කාලයට ඉඩ දීලා බලා හිටියා නේද...
ඉතින් ගිය අවුරුද්දේ සිදුවූ සියළුම දුක්ඛිත කාරණාවන් අදින් අමතක කරලා දමන්න.ඔයාලගේ අනාගතයට ඒ කුණු අරන් යන්න එපා.ඒවා අතීතයට එකතුවෙන්න ඉඩ හරින්න.මොකද අළුත් අවුරුද්දක අපි අළුත් වෙමු.අළුතෙන්ම හිතමු.ජීවිතය කියන්නේ දුකම නෙමේ,සතුටයි දුකයි දෙකම සමිශ්ර නයක් තමා ජීවිතය කියන්නේ.ඉතින් මගේ යාළුවනේ මිනිස් ආත්මයක් ලබා ඉතා කෙටි කාලයක් ජීවත් වන අපි ඇයි ඒ කුඩා කාලයත් දුකින් ඉන්නේ.ජීවිතය කියන මාර්ගය අධිවේගයෙන් යන්න අපිට අවස්ථාව දීලා නෑ.ඒක අපි හැමෝටම පොදුයි.ඔයාලම හිතලා බලන්නකෝ අපි මේ වනතෙක් ආ ජීවන මාර්ගයේ කොයි තරම් නම් කටු කම්බි,ගල් බොරළු තිබුනද? ඒත් අපි අපේ ගමන නැවතුවේ නෑ නේද... අපි අපිට පුළුවන් විදියට ඒ බාධක ජය ගත්තා.අන්න ඒකට අපේ ලගම හිටියා අපේ හොදම හිතවතා..කවුද ඒ? එයා තමයි අපේ ආත්ම විශ්වාසය.ඉතින් එයා හැමදාටම අපිත් එක්ක ඉන්නවා අපි හිතින් ශක්තිමත් නම්.ඔයාලා අහලා ඇති යාළුවනේ කතාවක් තියෙනවා
“ඔබ දුප්පතෙක් ලෙස ඉපිද දුප්පතෙක් ලෙසම මිය යන්නේ නම් එහි වරද ඔබේමයි....”
අපි හැමෝම පොහොසත්..සල්ලි කියන්නේ ජීවිතයම නෙමේ ඒත් සල්ලි හම්බ කරගන්න අපි හැමෝටම පුළුවන්.ඒකට තමයි අපිට ගොඩාක් පොහොසත් අපේ හිත අපිට දීලා තියෙන්නේ.ඒක මතින් තමයි අපේ මුළු ජීවිතයේම අනාගතය තීරණය කරන්නේ.මේ අළුත් අවුරුද්දේ ඔයාලා හැමෝම ඔයාලගෙ හිත් අළුත් සිතුම් පැතුම් වලින් පුරව ගන්න.හැබැයි කොයි වෙලාවේදී වත් ඍනාත්මක ඒවා නම් ඔය චූටි හිතට දා ගන්න එපා.මොකද ඒ ඍනාත්මක අදහස්,ඒ ප්‍රාර්ථනා අපේ හිත් මොට්ට කරනවා.ඔයාලා අහලා තියෙනවද යාළුවනේ මේ කතාව......
අශ්වයාගෙයි ,බූරුවාගෙයි චින්තන වෙනස ගැන මෙන්න මෙහෙම සදහනක් තියෙනවා.ඔයාලා දන්නවද බූරුවාගේ කන් තිබෙන්නේ පිටු පසට හැරිලා..ඒ කියන්නේ ඌ හැම තිස්සෙම අතීතයට කන් යොමාගෙන ඉන්නේ.ඒකනේ යාළුවනේ බූරුවා හරිම අලස සතෙක් ලෙස අපි දකින්නේ.අන්න ඒකට අශ්වයා උගේ කන් තියෙන්නේ ඉස්සරහට හැරිලා ඒ කියන්නේ හැම වෙලේම කන් යොමාගෙන ඉන්නේ අනාගතයට.අන්න ඒකයි ඌ හරිම කාර්යශීලි සතෙක් ලෙස අපි දකින්නේ.
ඉතින් යාළුවනේ ඔබත් අළුත් සිතුම් පැතුම් එක්ක අළුත් ජීවිතයක් ආරම්භ කරන්න.තමන්ගේ උපරිම චිත්ත ශක්තිය හා කාය ශක්තිය ඒ සදහා යොදවන්න.ඔයාලට පුළුවන් යාළුවනේ මේ ලෝකේ හිතනවනම් බැරි වැඩක් නෑ.අළුත් වසරේ අළුත් මං පෙතක් තෝරා ගන්න.ගල් බොරළු තිබුනත් ධෛර්යයෙන් ඉස්සරහට යන්න.ගිහින් ආපසු හැරිලා බලන්න ඔයාලටම සතුටු හිතෙයි ඔයාලා ගැනම.මොකද යාළුවනේ කතාවක් තියෙනවනේ කරගැට නැති අත් වලට රන් පදක්කම් වටින්නේ නෑ කියලා.ඉතින් හැමෝගෙම හිත් වල තියෙන හැම චූටි බලාපොරොත්තුවක් ඒ ආකාරයෙන්ම ඉටුවෙන්න කියලා වැහි පොදින් මම ප්‍රාර්ථනා කරනවා.ඔයාලගේ අදහස් උදහස් මට ගොඩාක් වටිනවා.දිගටම අපිත් එක්ක ඉන්න කියලා ආදරයෙන් මතක් කරනවා....ඉතින් අළුත් අවුරුද්දේ අළුත් දේවල් ටිකක් අරන් වැහි පොදින් හමුවෙමු...මගේ යාළුවෝ හැමෝටම සුභම සුභ නව වසරක් වේවා!!! සැමටම ජයෙන් ජය!!
___කල්ප___
සදවත.....
අමාවක වූ මා සිත් අහස
එලිය කලා සදක් විලසට පායා ඔබ
නියගයෙන් වියැලුනු මා හද මඩලට
කඩා වැටුනා නුඹ වැස්සක් විලසට
ඉතින් ඉන්න හැමදාටම
මා සුසුම් තුරුලට ගෙන
හිනැහෙන්න මා සදවත
මේ සසරේ රැදි තුරාවට......
__කල්ප__
Monday, December 26, 2011
තාත්තයි අප ජීවිතේ........
පිය මනින්නට මං පෙතක් සෑදු
නුඹයි නිරිදුන් අපෙ ලොවේ
නුඹේ සුලැගිල්ලේ පැටලෙමින්
පා තැබූ හැටි මතකයි අද මෙන්.....
දෙවැනි නැත වෙන කිසිම දෙයකට
නුඹේ සෙනෙහේ අපෙ ලයේ
දොරේ ගැලුවා ඔබේ වීරිය
සනසවන්නට අපි මෙසේ.....
හයිය හක්තිය මෙන්ම සියුමැලි
දරදඩු වු නුඹෙ උරපතේ
හිස තියා අප නිදි කලා ඔබ
තාත්තයි අප ජීවිතේ........
___කල්ප___
Friday, December 23, 2011
තවම සුවදයි අම්මේ නුඹ මට
නොනිමි සෙනෙහස ඇත්තේ ඇය ලග
නොනිදවා නෙත රැක්කේ අපි සැම
රක්ත පැහැ රුධිරයත් කිරිකර
දෝරේ ගැලුවා ඇගේ සෙනෙහස
ගලායන වදනකින් ඈ මුව
පවා සෙනෙහස දැනෙනවා මට
ආදරෙයි මම හෙටත් නුඹ හට
සසර ගමනේ රැදි තුරාවට
පපු කැවැත්තට තුරුළු කරගෙන
කදුළු නැවතුවෙ අපේ ඇස්වල
දැනෙනවා ඇගේ හදේ උණුහුම
තවම සුවදයි අම්මේ නුඹ මට
____කල්ප_____
Thursday, December 22, 2011
ශ්‍රී මහා පත්තිනි දේවිය
ඔන්න යාළුවනේ ටික දවසකට පස්සේ ආයෙත් වැහිපොදින් මම ආවා ලස්සන කතාවක් අරගෙන.කතාවක් කිව්වට මේක ඇත්තටම දෙවි කෙනෙක් ගැන නොදන්න අප්‍රකට තොරතුරු විදහා දැක්වීමක්.හරි ඔන්න මම අද කියන්න යන්නේ පාරිශුද්ධත්වයට අධිපති දේවතා වහන්සේ ගැන.කවුද දන්නවද ඒ? ඇය තමයි මහා පත්තිනි දේවතාවිය.
මුලින්ම අපි හොයලා බලමු ඇයගේ උපන් කතා වස්තුව සම්බන්ධ රස කතාවක්.හරි පත්තිනි දේවියගේ උපත සම්බන්ධයෙන් අපේ ජනවහරේ නොයෙකුත් අදහස් තියෙනවා.ඉතිහාසයේ සමහරක් තැනක පත්තිනි දේවිය “හත් පත්තිනි ,දොලොස් පත්තිනි” ආදී නම් වලින් හදුන්වනවා.එයට හේතුව වන්නේ ඇයගේ උපත සත් වරක් හෝ දොලොස් වරක් සිදුවී යැයි මතයක් තිබෙනවා.
හත් පත්තිනි ලෙස හදුන්වන්නේ ඇය දියෙන්,දලෙන්,ගලෙන්,ගින්නෙන්,අඹෙන්,කුලෙන්,මලෙන් යන ආකාරයෙන් සත් වාරයක් උපන් නිසාලු.
දොලොස් පත්තිනි ලෙස හදුන්වන්නේ ඇය පිනි බිංදුවෙන්,දලෙන්,දෙමට මලෙන්,ගලෙන්,සළුවෙන්,නයි කදුලෙන්,අඹෙන්,සුලගින්,සළඹෙන්,ගිනි දැල්ලෙන්,සිගා රැල්ලෙන් යන ආකාරවලට උපන් නිසාලු.ඔය කොහොම වුනත් පත්තිනි දේවියගේ උපත් ගනන නම් හතකට වඩා වැඩි බව අපට පැහැදිලියි.ඒ සදහා ඇය ගැන පවසන පහත කවියද සසදා බලන්න යාළුවනේ......
ජලෙනි,දලෙනි,මලෙනි,සලඹ වරෙක උපන්නා
ගලෙනි,කුලෙනි,සළුවෙනි එක් වරෙක උපන්නා
අඹෙනි,දඹෙනි,නයි කදුලෙනි වරෙක උපන්නා
එවැනි තෙදැති පතිනි මෙලක දිවබල පෙන්නා
ඔරුමාල පත්තිනි,වැඩිමොඩි පත්තිනි,ශිව පත්තිනි,සිද්ධ පත්තිනි,ගිනි පත්තිනි,තෙද පත්තිනි,ජල මේඝ පත්තිනි,මල් පත්තිනි,කනක බිසෝ,ශ්‍රී මහා පත්තිනි,අම්මා දේවිය,හලඹ කුමාරි,කිරි අම්මා,මා පත්තිනි,වීර පත්තිනි,සිරිමා පත්තිනි,හදුන් කුමාරි ආදී නම් වලින්ද මැයව හදුන්වනු ලබනවා.
පත්තිනි උපත ගැන මෙන්න මෙහෙමයි කියවෙන්නේ....................
ඉස්සර පඩි නම් රටේ පඩි නම් රජ කෙනෙක් රජ කලා.ඉතින් මේ රජුට තිබුනා අක්කර ගනනක් ලොකු අඹ වනයක්.ඒ කාලෙ අඹ අවාරේ.ඒත් මේ වනයේ එක ගසක හදිසියේම කල ගෙඩියක් වගෙ විශාල අඹ ගෙඩියක් හටගත්තා.ඉතින් මෙම අරුම පුදුම අඹේ ගැන උයන බාරව හිටි උයන් පල්ලා රජ තුමාට දැන්නුවා.රජතුමා බොහෝ සෙයින් සතුටු වී මෙම අඹය නෙලා ගෙන එන්න තමන්ගෙ හේවායින් එක්ක වනයට ගියා.ඇත්තටම ඒ අඹය හරිම ලොකුයි. ඉතින් රජතුමා තමන්ගේ හේවායින්ට මේ අඹය දුන්නෙන් විද බිමට හෙලන්නට අණ කලා.
ඉතින් යාළුවනේ හේවායින් අඹ ගෙඩිය වෙත ඊතල ප්රලහාර එල්ල කලා.ඒත් රජතුමාගේ අතිදක්ෂ කිසිම හේවායෙකුටවත් මේ අරුම පුදුම අඹ ගෙඩිය අසලින් වත් යන්න හී විදින්න බැරි වුනා.බලන්නකෝ ඒකෙත් හැටි.ඉතින් අඹය නෙලා ගන්න බැරිවුනු කල රජතුමා රට පුරා අණබෙරයක් යැව්වා මේ අඹය නෙලා දෙන්න රටවැසියෙකුට ඉදිරිපත් වන ලෙස.මේ පුවත දැන ගත් ශක්රණ දෙවියන් මහල්ලෙක් විලස උයනට පැමිණියා.ඔහු දුටු රජුට හා හේවායින්ට සිනා පහල වුනා.නමුත් අන් අයගේ උසුළු විසුළු මැද සක් දෙවිදු එක් හී පහරකින්ම අඹය බිමට හෙළුවා.මෙහිදී නොසිතූ සිදුවීමක් සිද්ධ වුනා.යාළුවනේ මේ පඩි රජතුමාට ඇස් තුනක් තිබුනා.ඉතින් අඹය කඩන අයුරු දෙස උඩ බලා සිටි පඩි රජතුමාගේ නලල මත තිබු ඇස මතට අඹ නටුවෙන් ගලා ආ කිරි බිංදුවක් වැටිනි.එම කිරි නිසා ඔහුගේ එම ඇස අන්ධ වූ බව පැවසෙනවා.තම ඇස අන්ධ කල අඹය කෙරේ කෝපයට පත්ව පඩි රජු අඹය පාරුවක තබා ගග දිගේ පහලට පා කර හැරියේ එයින් තමාට මෙන්ම තම රටටද කරදරයක් වේවි දෝ යැයි සිතාගෙන.
ඉතින් යාළුවනේ මේ අසාමාන්යම අඹය ගග දිගේ පහලට පාවී එනවිට ගග පහල දිය නාමින් සිටි තාපසවරයෙක්ට හමුවුණා.මේ විශාල අඹය දුටු ඔහු එය ගගෙන් ගොඩට ගෙන තමාගේ අසපුවට ගෙන ගොස් ආරක්ෂිත තැනක තිබ්බා.ඔන්න ඉතින් ඒ පාර සිද්ධ වුනේ අරුම පුදුම දෙයක්.හරියටම සත් දිනකට පසු මේ විශාල අඹ ගෙඩිය පැළී ඒ තුලින් අතිශයින්ම රෑමත් කුමාරිකාවක් උපත ලැබුවා. ඇය එතැන් සිටපත්තිනි නමින් හැදින්වූවා.
ඔන්න ඔහොමයි පත්තිනි උපත ඉතිහාසයේ දැක්වෙන්නේ.....හරි ඊලගට අපි හොයලා බලමු ඇය ගැන තව විස්තර ටිකක්........
රූප කායෙන් අති සුන්දර ලදක් වූ පත්තිනි දේවිය තරුණ වියට එලඹීමත් සමග තම ගම් ප්රලදේශයට භාණ්ඩ වෙලදාමට ආ පලග නම් තරුණයෙක් හා සරණ පවා ගත්තා.පත්තිනිය තම සැමියාට ඉතාම පති භක්තියෙන් හා ආදරයෙන් සලකාගෙන ජීවත් වුනත් පලග තුල නම් ඇය කෙරේ එවැනි තත්වයක් තිබුනේ නෑ.ඔහු පෙරුම්කාරී නම් නලගනක් සමග අනියම් සම්බන්ධයක් පැවැත්වූවා.අනියම් සම්බන්ධතාවයට අමතරව ඔහු සූදු කෙලියටද පුරුදු වුනු නිසා දිනෙන් දින ඔවුන් අන්ත අසරණ තත්වයට ඇද වැටුනා.
දිනක් පත්තිනිය තම සැමියාට තම පාදයේ බැදි සලඹ දුන්නේ මුදල් අගහිගකම් හේතුවෙන් මදුරා පුරයට ගොස් එය විකුණා ගෙන ඒමටයි.ඉතින් යාළුවනේ පලග පත්තිනියගේ සලඹ විකුණාගන්නට මදුරාපුර බලා පිටත් වුනා.එහිදී ඔහුට නොසිතූ විරූ කරදරයකට මුහුනපාන්නට සිද්ධ වුනා.මදුරාපුර දේවියගේ රන් සලඹක් මේ කාලයේදීම සොරුන් විසින් පැහැර ගෙන තිබුනා.ඉතින් සොරා සොයමින් ඇවිද්ද මදුරාපුර රාජ සේවකයින් පලග සමග පත්තිනි සලඹ අත්අඩංගුවට ගත්තේ එකී සලඹ දේවියගේ සලඹ යැයි වරදවා වටහා ගනිමින්.එය කෙසේ වුනත් මදුරාපුර දේවියගේ සලඹ සොරකම් කිරීමේ වරදට පඩි රජු විසින් පලගට මරණ දඩුවම නියම කලා.මේ ආකාරයට නිවරැද්දේ වැරදිකරුවෙකු වූ පලග අමු සොහොනකට ගොස් මරාදමා ඔහුගේ මලකද කොසඹ රුකක් යට පසින් යට කලා.මේ බවක් නොදත් පත්තිනිය තම සැමියා එනතෙක් මග බලන් සිටියා.
දිනක් ඇය නපුරු සිහිනයකින් තම සැමියා මරණයට පත්ව සිටිනු දුටුවා.ඒ වේලාවේම පඩි පුරයට ගිය පත්තිනිය ඔහු පිලිබද සොයා බලන්නට වුනා.විස්තර සොයා බැලීමේදී තම සැමියා හට උරුම වූ අකල් මරණය ඇයගේ කන වැකුනා.මෙයින් බලවත් ශෝකයට හා දුකට පත් වූ පත්තිනිය සැමියාට තිබූ පති භක්තිය මුල් කරගෙන සැමියා හට අකල් මරණයක් උරුම කල සියල්ලන්ගෙන්ම පලි ගන්නට සිතා ගත්තා.ඔහු තමා හට කුමන වෙනස්කම් සිදු කලත් ඈ ඔහු කෙරේ තිබූ ස්වාමි භක්තිය මෙයින් මනාවට පැහැදිලි වෙනවා නේද යාළුවනේ....ඉතින් ඇය තමාගේ වම් පියයුර කඩා පඩි පුර පොලොවේ ගසමින් මුළු පඩි පුරයටම සාප කරන්නට පටන් ගත්තා.පත්තිනියගේ මේ ශාපයෙන් පඩිපුරම ගිනි ජාලාවක් වී අධර්මිෂ්ඨ පුද්ගලයින් සියල්ලම මේ ගින්නෙන් ඇවිලෙන්නට වුනා.පුරාණ පොත්පත් වල කියවෙන පරිදි අවසානයේ ඇය තමන්ගේ පතිව්රේතා බලයෙන් පාලගට පණ දී කිරි උතුරවා පඩි පුරයටම සෙත් පැතුවාලු.
ඉතිහාසයේ සදහන් වන පරිදි පත්තිනිය ඉතා බලගතු දේවියක වන්නේ ඇය තුල පැවති පති භක්තිය හේතු කොට ගෙනය.අදටත් කිරි අම්මා දානයක් දීමේදී පත්තිනිය හට පුද කරනුයේ ඇය සැබවින්ම දේවත්වයෙන් පිරිපුනා ආදරණීය මාතාවක් නිසා කියලයි ජන වහරේ පවතින්නේ.ඉතින් මගේ යාළුවනේ විටෙක සත් පත්තිනි තවත් විටෙක දොලොස් පත්තිනි ලෙස හදුන්වන්නා වූ මේ දේවතාවිය තිස් දහසක් නාග මානකාවියන් පිරිවරාගෙන නවගමුවේ දේවාලයෙහි වැඩ සිටිනා බවට බැතිමතුන්ගේ මතයක් පවතිනවා......
එමනිසා විශේෂයෙන් කුඩා ලමයින්,කිරි අම්මා වරුන්,හා කාන්තාවන් අදටත් නවගමුවේ දේවාලයෙන් පත්තිනියගෙන් ආශිර්වාද ලබා ගන්නට බොහෝ සෙයින් පැමිණෙනවා.....
ඉතින් යාළුවනේ ලිපිය ගැන ඔයාලගේ අදහස් දක්වන්න කියලා වැස්සෙන් ආරාධනා කරනවා......මොකද ඒවා වැහි පොදේ ඉදිරි ලිපි වලට ලොකු අත්වැලක් වෙනවා...නැවත හමුවෙනකම් ඔබට ජය!!
Tuesday, December 20, 2011
මගේ ජීවීතේ.......
හිමිදිරි ඒ අහස් කුසට
පැහැබර හිරුකිරණ ඔබය
රෑ අහසේ දගකරනා
සදකැන් ගොමුවත් නුඹමය
නිමා නොවන සසර ගමනේ
මා නැවතුම්පල නුඹය
හිත ලග සෙනෙහස දැවටූ
නුඹ ලග මගෙ ජීවිතයම
___කල්ප___
Friday, December 16, 2011
ගණ දෙවිදුගෙ ඇත් හොඩවැල
ඔන්න දේව ඉතිහාසයේ කතා ගොන්නේ දෙවැනි කතාව අරන් මම අද ආවේ.කරදිය වලල්ල කතාවට ලැබුන ප්‍රතිචාර එක්ක හිතේ සතුට බොහෝමයි.අපි දන්න දෙවියන් ගැන නොදන්න කතා ටිකක් අහන්න අපි කවුරුත් ආසයිනේ..ඇත්තටම මේවා නිකන් ගොසිප් වගේ නේද?....හි හි හි ඒත් රසවත් බව නිසා ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවේ...හරි අද කතාව මෙන්න මේකයි.
ඔයාලා කලින් කතාවෙත් අහන්න ඇතිනේ ගණ දෙවියන් ගැන.අදත් ඔන්න එයා තමයි අපේ කතා නායකයා.අද මම කියන්න හදන්නේ ගණ දෙවියන්ට හොඩවැලක් ලැබුනේ කොහොමද කියලා කියන්න.ඔයාලා දැකලා ඇතිනේ යාළුවනේ ගණ දෙවියන්ට තියෙන්නේ ඇත් මූනක් සහ දේව ශරීරයක්.ඉතින් මේ ඇත් මූණ ලැබුන හැටි ගැන තමා මේ කතාව.
ගණ දෙවියන්ගේ මල්ලි තමා කතරගම දෙවියන්.කතරගම දෙවියන් ගොඩාක් ලස්සන දෙවිකෙනෙක්...මේ බලන්නකෝ
ඉතින් තරුණ වයසට ඒමත් සමගම කතරගම දෙවියන් කතරගම කන්ද තම වාස භූමිය කරගෙන වාසය කරන්නට වුනා.ඉතින් තම යහළු දෙවියන් එක්ක දිනක් මොහු සංචාරයේ යෙදෙන්නට වුනා.ඔන්න ඔහොම කට්ටියම මැණික් ගග දිගේ ඇවිදගෙන ආවා.එහෙම එද්දී දේව පිරිසට සුන්දර දර්ශනයක් නෙත ගැටුනා.මොකක්කද දන්නද ඒ?...දේවතාවියන් පිරිසක් මැණික් ගගේ බැස දියකෙලින ආකාරය.තරුණවියේ පසුවූ සියළුම දේවතාවියන් ඉතාමත් දැකුම්ළු දර්ශනයක් බවට පත්වුනා.ඉතින් උසුළු විසුළු කරමින් දිය කෙලින මේ සුර ලදුන් දිහා තරුණ දේව ගැටයන් ඇසිපිය නොහෙලා බලන් හිටියා.
ඔය කට්ටිය දිය කෙලිය තැන අද හදුන්වන්නේ සෙල්ල කතරගම කියලා.අහලා ඇතිනේ මගෙ යාළුවෝ.අද නම් මේ ස්ථානය එදා වගේ නෑ..වෙනස් වෙලා
ඉතින් ඔන්න කතරගම දෙවියනුත් මේ කාන්තාවන් දිහා මන්මත් සිතින් බලා සිටියා.මේ අය අතුරින් එක් දේවියක් දිහා කන්ද කුමරුගේ නෙත හොරැහින්ම වෙන් වුනා.ඔහු ඈ දෙස අන් අයට වඩා විමසිල්ලෙන් බැලුවා.නීල වර්ණ වරලස,කාන්තිමත් නෙත් දෙක,සුන්දර රූ සපුව කතරගම දෙවියන්ගේ නෙත් නිතැතින්ම ඇයට වශී වුනා.මේ සුන්දර දේව කන්‍යාවිය වෙන කවුරුවත් නෙමේ අපි දන්නා වල්ලි අම්මා යි.ඒ වන විට තරුණ වියේ පසු වූ ඇය අතිශයින්ම සුර ලදක් සේ දිස්වුනා.
පේනව නේද ඇයගේ රූප ශ්‍රීය.ඉතින් මේ දේව දූතිය කෙරේ කතරගම දෙවියන්ගේ සිතේ ආදරයක් ඇතිවුනා.ඉතින් හිතේ පැලවෙච්ච මේ ආදරයත් එක්ක කතරගම දෙවියන් දේව මාලිගයට යන්න පිටත් වුනා.කාලයත් එක්ක කන්ද කුමාරයාගේ හිතේ ආදරය කෙමෙන් වැඩි වන්නට වුනා.ඉතින් වල්ලි මාතාවට තමාගේ හිතේ තිබෙන ආදරය ප්‍රකාශ කලත් ඇය ඒක ප්‍රතික්ෂේප කලා.බලන්න ඉතින් යාළුවනේ අද කාලේ කෙල්ලො වගේමයි නේද ඒ කාලෙත්.. ඉතින් හිතේ ඇති වෙචිච ආදරය ගැන දුක් වෙවී කතරගම දෙවියන් කාලය ගත කලා.කතරගම දෙවියන් හට වුවමනා වුනා වල්ලි අම්මාට තමා කෙරේ පැහිදීමක් ඇති වන යමක් කිරීමට.මේ ගැන කල්පනා කරන අතරතුරේදී ඔහුය තම සොහොයුරා මතක් වුනා.ඒ කියන්නේ ගණ දෙවියන්.ඔයාලා දන්නවනේ ගණ දෙවි නුවණ කියන්නේ ලේසි පාසු කාරණයක් නෙමේ.ගණේෂ් ට තිබුණා අනෙක් දෙවියන්ට වඩා සූක්ෂමව දුරදක්නා සිතිමේ නුවණක්.කරදිය වලල්ල කතාවෙන් ඔයාලට ඒක තේරෙන්න ඇතිනේ.ඔන්න ඉතින් කතරගම දෙවියන් තමාගේ ගැටළුව තම අයියාට ඉදිරිත් කලා.අයියා මලෝ අතරේ දුරස් බවක් නෑනේ.මලිලීගේ කතාව අසා ගණ දෙවිදුන් සිනාසෙන්නට වුනා.
“මල්ලී ඇය ඔබ හට ආදරය නැතුවා නොවේ..ඒත් කාන්තාවන් එකහෙලා තම ආදරය දැක්වීමට මැලි වෙනවා....මම දිනක් ගග අසබඩ සිටිද්දී මට ඇහුනා වල්ලි උඹ ගැන මොනවදෝ අනික් එවුන් එක්ක කතා කරනවා.උඹ ඇයට උඹේ දස්කම් පෙන්නපන්..එවිට ඇගේ හිත ඔබ කෙරේ බැදේවි....“ ගනේෂ් කියන්නට වුනා.
“ඉතින් අයියන්ඩි කියන්න මා කුමක් කරම්ද කියා“ කතරගම දෙවියන් හටද නොඉවසිලිය.
ගණ දෙවිදුන් ටිකක් වේලා කල්පනා කරන්නට වුනා.
“මුරුගන් (කතරගම දෙවියන්)! අපි මේ සදහා මේ වගේ දෙයක් කරමු...වල්ලි ඊලග කුජදා අනික් එවුන් හා දිය කෙලින්නට සෙල්ල කතරගමට එනවා..සුපුරුදු පරිදි.“
“ඔව් ඔව් ඉතින් ඉතින්“
“වල්ලි දිය නාන වෙලාවට අපි යමු එතනට.එතනදී මම ඇත් වේශයක් මවාගෙන ගං ඉවුරට එන්නම්..මට බයේ උන් හිස් ලූලූ අත දුවන්න ගනී.එතකොට මම වල්ලි පස්සේ පන්නන්නම්.මට බයේ වල්ලි දුවද්දී උඹ ඇවිත් ඒකිව මගෙන් බේරා ගනින්.වල්ලි උඹේ වීර ක්‍රියාව දැකලා නිසැකවම උඹට බහ දෙනු ඇත“
“හොද අදහසක් අයියණ්ඩි“ කතරගම දෙවියන් සතුටින් පිනා යමින් කීය.
ඉතින් ඔන්න යාළුවනේ කතිකාකරගත් පරිදි එම දිනයට කතරගම දෙවියන් හා ගණ දෙවියන් සෙල්ල කතරගම බලා පිටත් වුනා.වල්ලි අම්මා පැමිණෙන තෙක් ඔවුන් ගසකට මුවා වී බලා සිටියා.ටික වේලාවකින් දේව කන්‍යාවියෝ පිරිස දිය කෙලීමට ගං ඉවුරට පැමිනුනා.
“මල්ලී ! මම දැන් යනවා වල්ලිව බය කරන්න.උඹ කතා කරගත්තා වගේ ක්‍රියා කරන්න.මේකත් මතක තියා ගන්න.වැඩේ ඉවර වූ වහාම මෙන්න මේ පැන් කෙන්ඩියෙන් පැන් ටිකක් මගේ ඇගට ගසන්න.ඉර බැස යන්න කලින් පැන් ටිකක් ඉහින්න නම් අමතක කරන්න එපා.“ කියමින් ගණ දෙවියන් කතරගම දෙවියන් අත මන රන් පැන් කෙන්ඩියක් තැබුවා.
ගණ දෙවියන් බියකරු ඇත් වේශයක් මවා ගෙන ගං ඉවුරට ඇදෙන්නට වුනා.ගග දෙසට එන හස්තියා දුටු සුර ලියන් ඔබ මොබ අත දුවන්නට වුනා.ගණ දෙවිදුන් වල්ලි අම්මා පිටුපස පන්නන්නට වුනා.තමා පිටුපස එන දැවැන්ත හස්තියා දුටු ඇය වේගයෙන් දුව යන්නට වුනා.නමුත් ගණ දෙවියන් ඇයට කිට්ටු කලා.මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් කතරගම දෙවියන් වහා පැන හස්තියා මෙල්ල කර වල්ලි අම්මාව ගණේෂ් ගෙන් බේරා ගත්තා.
ඇතාට බයේ සිටි වල්ලි සිහිසුන් නැති තත්වයේ පසුවුනා.වහා තම අත රැදි පැන් කෙන්ඩියෙන් ජලය අතට ගත් කතරගම දෙවියන් වල්ලි අම්මාගේ මුහුණට පැන් ඉස්සා.ඉන්පසු ඇය නැවත යථා තත්වයට පත්වුනා.කතරගම දෙවියන් වල්ලිව ආදරෙන් තමාට ලං කර ගත්තා. ආදරයෙන් වැලදගෙන සිටි කතරගම දෙවියන් හට තම සොයුරාගේ ඉල්ලීම අමතක වුනා.වල්ලි අම්මා සමග පෙම් බස් දෙඩූ ඔහුට සවස් වෙද්දී තමයි පැන් කෙන්ඩිය මතක් වුනේ.බලන්නකෝ වෙච්ච වැඩේ...ඔහු හනික කලබලෙන් ගණ දෙවියන් සොයා ගියා(ඇතාව).හනික පැන් කෙන්ඩියෙන් පැන් ඉහින්න හැදුවත් වල්ලි අම්මාට පැන් ඉස්ස නිසා පැන් කෙන්ඩියේ පැන් තිබුනේ ඉතාම ස්වල්පයයි.ඔහු හනික එම පැන් ටික ගණේෂ්ගේ ශරීරයට ඉසිනු ලැබුවා.ඒත් සමගම ඉර බැසයන්නට වූ හෙයින් ගණේෂ් ගේ ශරීරය පමණක් යලි යථාතත්වයට පැමිණියා.ගණ දෙවියන්ගේ මුහුණ ඇත් මුහුණක් බවට මේ හේතුව නිසා පත්වුනා.ඉතිං යාළුවනේ ඔන්න එදා ඉදලා ගණ දෙවියන් ඇත් මුහුණක් ඇති දේව ශරීරයක් ඇති දෙවි කෙනෙක් වුනා.නමුත් ඔහුගේ නුවණ නම් දිනෙන් දින මෝරන්නට වුනා.
එදා ගණ දෙවි නුවණින් කතරගම දෙවියන් වල්ලි අම්මා තමා කෙරේ ඈදා ගත්තා.පසු කලෙක ඔවුන් දෙදෙනා විවාහ වී කතරගම කන්ද වාසභූමිය කරගෙන ජීවත් වුනා.මොන දේ වුනත් ගණේෂ් හා මුරුගන් අතරේ තිබුන සහෝදර ප්‍රේමයට නම් අඩුවක් වුනේ නෑ....

Subscribe to:
Posts (Atom)