කාලෙකට පස්සේ පෝස්ටුවක් ලියන්න කියලා හිතුනා...එක එක වැඩ නිසා සිංහල ටිකක් කොටන්න වත් වේලාවක් නෑ යාළුවනේ...ඒත් ඉතින් පොඩි වේලාවක් හරි වැස්සට තෙමෙන්න කල්පය අද ඕං ආවා...මෙන්න මේකයි අද ස්ටෝරි එක..ලේස්ති වුනේ නම් කාලෙකින් යක් කතාවක් ලිව්වේ නැති නිසා එයින් එකක් ලියන්න.ඒත් ඒකටත් ඇතුලත් පොඩි විස්තරයක් මෙන්න මේක..
හරි මෙන්න මේකයි සිද්ධිය....අද කතාව උඩවැඩියා ගහක් ගැන.ඒත් මේක ටිකක් විශේෂයි.ඒ වගේම දුර්ලභයි..අපි මේක ගැමි වහරේ හදුන්වන්නේ “නගා මැරූ අල” කියලා.ඔයාලා සමහරක් විට මේක අහලත් ඇති..ඒත් නගා මැරූ අල ගැන දන්න නොදන්න විස්තර ටිකක් සොයා බලමු..ඉතින් සේරමට කලින් බලා ගන්නකෝ මේ පහල තියෙන්නේ ඔය කීව උඩවැඩියා අල ශාකය.
හරි අපි දැන් බලමු මේ ගහට මේ වගේ නමක් එන්න හේතුවුන අතීත කතාව...මේ සම්බන්ධව නම් යාළුවනේ ජනප්‍රවාද බොහෝමයයි..විමසිල්ලෙන් බැලුවම අපිට තේරුම් යනවා ඒ සේරමගේම තියෙන්නේ එකම සිද්ධි මාලාව කියලා..එහෙම වෙලා තියෙන්නේ ප්‍රාදේශීය වශයෙන් ජන වහරේ ඇති විෂමතාවයයි...ඔය කොහොම වුනත් ටිකක් වෙනස් විදියේ අදහසක් තමයි මේක...
දන්තපුරයේ බඹදත් රජුගේ පුත් සිංහකුමාර රජුට දාව හංසවතී දේවියට රෑමත් පුතෙකු ලැබින.ඉතින් මේ ලස්සන කුමරුන්ට දළ කුමරු කියා නම් තැබීය.අපි හැමෝටම වගේ දළ කුමරුගෙත් ජන්ම පත්‍රය (ඒකිව්වේ කේන්දරය) හැදීම නැකැත් පිලිබද උගත් ඇදුරන් වෙත බාර කලා..ඉතින් ජන්ම පත්‍රය සෑදූ ඇදුරන් විශේෂිත ප්‍රකාශයක් සිදු කලේය ..එනම් කෙදිනක හෝ මේ කුමරා තම නැගනියක් ආවාහ කර ගන්නා බවයි...මේ අශුභ ආරංචිය දැනගත් විගස දළ කුමරුගේ දෙමාපියන් බොහෝ සේ කලබල විය.
කාලය ඔහොම ගෙවී යද්දී හංසවතී දේවිය දෙවන වරටත් ගැබ් ගත්තාය....දස මසකට පසු ඇය රූමත් දියණියක් ප්‍රසූත කලාය...ඇය සැබවින්ම ඉතාම ලස්සනය..ඉතින් මගෙ යාළුවනේ ඇදුරන්ගේ අනාවැකිය ගැන බියෙන් පසුවූ දෙමාපියන් ඇය කාටත් හොරා රහසින් මහ වනයක් මැද ගල්ගුහාවක ඇති දැඩි කිරීමට තීරණය කලහ.දල කුමරුට හොරෙන් ඇයව එසේ පෝෂණය කරන්නට වුනා..ගිරි ලෙනක ඇති දැඩි වූ බැවින් මේ රූමත් කුමරිය ගිරි දේවිය නමින් හදුන්වන්නට වුනා.හරි කොහොම කොහොම හරි මේ රුවැති යුවතිය කාලයත් සමග වැඩෙන්නට වුනා...
ඔන්න මගේ යාළුවනේ මෙහෙස කාලය ගත වෙද්දී දළ කුමරුට තමාගේ මේ නැගිණිය ගැන කණ වැකුනා...තමා කිසිදිනෙක වත් දැක නොතිබූ තමාගේ නැගිණිය දැක ගැනීමේ ආශාවක් ඔහු හට පහළ වුනා...ඉතින් මේ බව ඔහු පිය රජතුමාට දැන්වුවත් පිය රජතුමා නම් ඒකට කිසි විටෙකත් අවසර ලබා දුන්නේ නෑ...මොකද අනාවැකි ඇදුරන්ගේ අනාවැකිය නිසා..අවසානයේ සියල්ලමට හොරෙන් මේ ගමන පිටත්ව යන්න දළ කුමරු තීරණය කලා...රජ මාලිගාවේ සියල්ලටම හොරෙන් මහ වනයේ වෙසෙන තම නැගිණිය බලන්නට දළ කුමරු පිටත් වුනා..මහා ගිරි දුර්ග පසු කරමින් කෑලෑ සතුන් මග හරිමින් දින ගනනක් ඔහු මෙසේ වනයේ ඇවිදයන්නට වුනා.නමුත් ඔහුට මිනිස් පුළුටක් හෝ කැලය තුල නොදැනෙන්නට වුනා.අවසානයේ ඔහු විශාල ගල් ගුහාවක් අභියසට පැමිණියා...දින ගනනක විඩාව නිවා ගැනීමට ටික වේලාවක් ඈදී ගන්නට ඔහු ගල් ගුහාවේ ඇතුලට ගියා...එකෙනෙහිම දල කුමරුට දැක ගත හැකි වූයේ විස්මිත දර්ශනයකි..ඉතාම රෑමත් ලදක් ගුහාව ඇතුලත සැතපී සිටියා..ඇය අවදි කල ඔහු ඇය සමග සතුටු සාමිච්චියේ යෙදෙන්නට වුනා.එසේ කතා බහ කරන අවස්ථාවේ දළ කුමරු තම අසිපත් ගුහාව තුල පොලොවේ ඇන තැබුවා...
ඔන්න මගේ යාළුවනේ මෙහෙම දෙදෙනා එක්ක කතා කරමින් සිටින අවස්ථාවේ දල කුමරු වනයේ එන අතර මගදී නෙලා ගත් අඹ ගෙඩියක් ගිරි දේවිය හට දුන්නා.තම සහෝදරයාගේ තෑග්ග පිලිගත් ගිරි දේවිය අඹය අතට ගෙන දල කුමරු පොලොවේ ඇන තිබූ අසිපත ගෙන එහි තුඩින් අඹය දෙපළු කර කෑල්ලක් අනුභව කලාය...අනික් පළුව තම අයියන්ඩිය හට දුන්නාය.වෙහෙස මහන්සිය නිසා ස්වල්ප වේලාවකින් දළ කුමරු නින්දකට වැටී තිබුනා..
අඹ පළුය අනුභව කිරීමෙන් පසුව ගිරි දේවියට පාලනය කර ගත නොහැකි රාගික ආශාවක් ඇති වන්නට වුනා.කෙමෙන් කෙමෙන් ඒ තත්වය උග්‍ර වන්නට වුනා..තම සහෝදරයා නින්දෙන් අවදි කල ඇය ඔහු හා දැවටෙන්නට වුනා..නින්දෙන් අවදි වූ දළ කුමරුටද මේ තත්වයම ඇතිවූ තිබුනා.ඔහුටද පාලනය කර ගත නොහැකි රාගික ආශාවක් තම නැගිණිය කෙරේ ඇති වන්නට වුනා.මේ සංසිද්ධිය අවසානයේ ප්‍රතිඵලයක් ලෙස දළ කුමරු හා ගිරි දේවිය සංවාසයේ යෙදෙන්නට වුනා..නැවත පියවි සිහියට එලඹි කල සිදුවූ දේ ගැන දෙදෙනාටම කල කිරීමක් ඇති වුනා..තම සොහොයුරා අතින් තමා ගැබ් ගත් බැව් දැනගත් ගිරි දේවිය වැල් පටක එල්ලී ගෙල වැලලා මිය ගියාය.මිය යනවිට ගැබ් අරගෙන සිටි ඇය මිය යාමෙන් පසු “ගිරි යකින්න “ නමින් කුඩා ලමයින් හට වින කරන යක්ෂනියක්වී උපත ලැබූ බව පැවසෙනවා..දල කුමරුද මෙකී සිද්ධියෙන් පසු සියදිවි හානි කරගන්නා ලදී ඔහු “ගරා යක්ෂයා“ නමින් යක් භවනේ උපත ලැබීය....ඔන්න යාළුවනේ ඕක තමයි සිද්ධිය...ගරා යකා ගැන තව වැඩිපුර විස්තර ටිකක් ඊලග පෝස්ටුවකින් පල කරන්නම්..
හරි දැන් සිද්ධිය දන්නවනේ ..ඇත්තවට ඔහොම වෙන්න හේතුව මේකයි...දල කුමරු තම අසිපත පොලොවේ ඇන තැබුවා මතකයිනේ ..අන්න ඒ වේලාවේ එතන පොලොව යට විශේෂිත අල වර්ගයක් තිබිලා..කඩු තුඩේ කොන ඇනිලා තියෙන්නේ අන්න ඒ අලයේ ..ඒ අලයේ තිබූ යම්කිසි විෂක් කඩුපත දිගේ ඉහලට පැමිනිලා..නැවත අඹ ගෙඩිය කපන අවස්ථාවේ ඒ විෂ අඹ යුෂ හා මිශ්‍රව දෙදෙනාගේම ශරීරගත වෙලා...ඇත්තටම ඒ වෙලාවේ දල කුමරුගේ හා ගිරි දේවියගේ මේ අධික රාගික අශාවට හේතුව මේ විෂ කියලයි සදහන් වෙන්නේ...කෙසේ වුවත් තම නැගිනිය මරා දමන්නට හේතුවුනු මේ අල වර්ගයට එදා පටන් “නගා මැරූ අල” කියා හදුන්වන්නට වුනා..
ඇත්තටම යාළුවනේ ලංකාව තුල උඩවැඩියා ශාක 188 ක් පමණ තිබෙනවා.මේ විශේෂිත අල වර්ගයත් එයින් එකක්..නමුත් අනෙක් උඩවැඩියා මෙන් නොව මෙම විශේෂය ගස් කදන් මත නොව පොලොව මට්ටමේ තණ පදුරු සමග වැඩෙන බව සැලකේ.සාමාන්‍ය යෙන් එක් පැලයක බල්බ වැනි අල දෙකක් හට ගන්නවලු..දේශීය වෛද්‍ය විද්‍යාවේදී කාමාශාව වැඩි කිරීමට දිව්‍ය ඔසුවක් ලෙස නගා මැරූ අල සැලකෙනවා.අද වෙද්දී නම් ඉතාම දුර්ලභ ශාක විශේෂයක් බවට මේක පත් වෙලා තියෙනවා.කොහොම වුනත් ශ්‍රී පාද අඩවි හිමේ යම්තාක් දුරට මේවා පවතින බවට විශ්වාසයක් පවතිනවා..හරි ඔන්න ඕකයි කතන්දරේ....ඔන්න ඉතින් කට්ටියම හෙට ඉදලා අල හොයන්න ලෑස්ති වෙන්න එපා හොදද?? දන්න දෙයක් අළුත් වුනා නම් නොදන්නා දෙයක් දැන ගත්තනම් සතුටුයි ....හැමෝටම ජය වේවා!!
Tuesday, March 27, 2012
Tuesday, March 6, 2012
මතක සිහින
දැකගන්නට නැති වුනත්
නුඹ ලග පාත මට
ඔය නෙතු කැල්ම තියෙනවා
ඇහි පිල්ලමක් යට
වැහි බිදු වැටෙන කඵවර රෑ
සිහිනවල
නෙතු නොපියාම නුඹ ගැන
සිහි කරමි මම
රිදුනත් මගේ හිත මේ
තරමටම අද
අමතක කලේ නෑ තවමත්
නුඹව මම.......
Sunday, February 19, 2012
Tuesday, February 7, 2012
හිතන්නෙපා........
ඔයා හිතන්නෙපා
මේ සතුට ඔයා ගිය නිසා කියලා....
ඇත්තමයි,
අද මම මෙහෙම හිනා වෙන්නේ...
මම අඩනවා දැකලා
ඔයාට දුක හිතෙයි කියලා
මගේ හිත කියන නිසා.....
Monday, January 23, 2012
සෙල්ලම්ද කොල්ලෝ "බලාපියව් මෙන්න මෙහෙමයි ඩිෆ් ගහන්නේ"
ඔන්න කස්ටියට අළුත් කතාවක් අරගෙන අදත් ආවා මේ ටිකේම ලියන්න බැරි වුනා අප්පා.....සිංහල කොටන්න ගියාම එපා වෙනවා කොල්ලෝ....කොහොම වුනත් පාසල් කාලේ වෙච්ච සුන්දර කතාවක් ඕං අද අකුරු කලා..
මෙන්න මේකයි සිද්ධිය.....
ඔය ස්කෝලේ යන කාලේ අපි හිටියා පාසලේ නායක සංසදේ.හරිම සුන්දර තැනක් ජීවිතයේ ගොඩාක් දේවල් කල්පයත් ඉගෙන ගත්තේ , වැඩි දියුණු කර ගත්තේ එතැනින්.අපේ හිටියා 16 දෙනෙක්.සේරමලා එක සෙට් එකක්....ආයෙත් කතා කරන්න දෙයක් නෑ...
ඔන්න ඉතින් දවසක්දා අපේ ඔය සංසදේ භාර සෑර් උදේ පාන්දරම කට්ටියම පෝලිම් කලා පොඩි රැස්වීමකට කියලා....
ඔය අපේ සර් ඉන්නවනේ,අපි ආදරේට කියන්නේ “ලුකා“ කියලා.....මොකද දන්නවද මචංලා එයාගේ නමට ඉස්සරහින් එහෙම අකුරු දෙකක් තියෙනවා.මම හිතන්නේ වාසගම වෙන්න ඇති.ඔය අපේ වැලා නම් කියන්නේ ඒකෙන් කියන්නේ පානුයි ලුකයි කේස් එකක්ලු..අනේ මන්දා ඉතින් ඒක උගේ ප්‍රජාතන්ත්වාදී වාග් නිදහසනේ අපිත් ඉතින් ඔළුව වනලා බාර ගත්තා.
හරි හරි ...ඔන්න ඉතින් සර් ලගට ආවා.....හරිම ශාන්ත ගමනින් නැවතිල්ලේ අඩිය තිය තිය....අපිත් ඕං ඒ දිහා කට ඇරගෙන බලන් හිටියා...
නයි කයිද රෝස්පාන්...ලගට ආවමයි දැක්කේ මූණ...අකලට ගහපු කලාබරයක් වගේ...අනිවා අපේ ගුස්පියෙක්ගේ මොකක් හරි ජිල්මාට් වැඩක් මාට්ටු වෙලා ඇති..නෑ නෑ අපේ කේස් එහෙම මාට්ටු වෙන්න විදියක් නෑ....අනික අපි හොද ලමයිනේ ..ඉතින් නොදැනුවත්ව හෝ වැරද්දක් වෙන්න විදියක් නෑ බොලේ...
ඔන්න ඉතින් සර් දෙයියනේ කියලා ඉස්සෙල්ලම කිට්ටු වුනේ අපේ පූස් දිහාවට..ඌට එහෙම කියන්නේ උගේ උගුරේ මයිල් හැදෙනවා ඒකයි....හි හි ...පූසුත් ටිකක් තක්බීර් වෙල්.ඇයි හත්වලාමේ මේ උදේ පාන්දර මොන ගුන්ඩුවක්ද දන්නේ නෑනේ!!
“තොපිලා වල් බල්ලෝ .....උඹලට කියන් සිංහලක් තේරෙන්නේ නෑ.........නේ..කවුද යකෝ...........අර කොල්ලෙක්ට උඩ දාගෙන ...ගහලා තියෙන්නේ.....උඹලා දන්නව.....ද? උගේ තාත්තා පොලිසීයෙලු ..දැන් බලා පල්ලා......උඹලා කරන මේ වැඩ නිසා මටත් පොලිසි ගානේ යන්න වෙනවා....කියපිය කවුද ඒ වැඩේ කලේ කියලා...“ සර් බෙරිහන් දෙනවා....
සේරමලා එක එකාගේ මූන බලනවා...
“අඩේ මේ මොන හෙන ගෙඩියක්ද බං..කවුද දන්නේ තාත්තා පොලිසීයේ කියලා.“ ජොන්ටි හිමීට මගේ කනට කෙදිරුවා..
“ඒකනේ බං ගහද්දී වත් උන් කිව්වේ නෑනේ....මොකටද බං උන්ට ගැහුවේ“ මම රනේට කිව්වා..
“ඇයි යකෝ උඹත් ගැහුවනේ ...මගෙන් මුකුත් අහගන්නේ නැතුව ඉදහන්“ රනේ මට කියපි.
තුන් දෙනාගේ කුසු කුසුව ඇහිලද කොහෙද සර් අපේ පැත්තට ආවා...
“මොක්කද බොලේ......බොලාගේ ඔය කතා...ව.“
හරි දැන් නම් සොරි ඩොට් කොම් තමා..
“මම දන්නවා කවුද මේ වැඩේ කලේ කියලා....උඹලම කියනවද?? නැත්නම් මම ඉස්සරහට ගන්නද? “ මිනිහට දැන්නම් ඌරුජුවල්..
අම්මා ගහයි බැට් එකෙන් ......
පිටිපස්සේ මල්ලිලා ටිකක් සෙල්ලම් කල නිසා උන්ගේ ඇගේ වදින නිසා රනේ ටිකක් ඉස්සරහට වුනා..හරිනේ පරිප්පුව..
“ආ ඔය එන්නේ .....වරෙන් වරෙන් “ සර් ඉන්නේ නම් ෆට්ටා හැපි එකේ ...හරියට නිකන් ෂර්ලොක් හෝම්ස් ගේම් එකක් දුන්නා වගේ..අපේ එවුන් සේරම ටියුබ් ලයිට් වෙලා වෙච්ච සීන් එක දැකලා..
අපේ එවුන් එහෙම තනි කරන පුරුද්දක් අපිට නෑ..මමත් ගියා ඉස්සරහට
“ආ ඔය එන්නේ හීන් නූල් ගේම් දෙන එවුනුත්“ ආයේ පිස්සුවක් ඇතැ මම ගහන ගේම් සේරම ගහන්නේ තංගුසෙන්මයි .සර් බයිලා කතා කරනවා.
මෙන්න බොලේ ඒ පාර රනේත් ඉස්සරහට ආවා.හුරේ දැන් නම් හිතට ටිකක් ගැම්මක් ආවා..
දෙයියෝ සාක්කි....යන්න වුනේ විනාඩියයි අපේ සේරම එවුන් ඉස්සරහා.කොහොමද සෙට් එකේ ෆිට් එක.සර් නිකන් අන්දුන් කුන්දුන් වෙලා බලන් ඉන්නවා..
“මේ මොන උලව්වක්ද බොල....දහයක් විතර එක පොල්ලකින් ගැහුවෙ අහවල් විදියටද?....කෝ කෝ අදාල නැති එවුන් පස්සට ගියා නම්..“ කරන්න දෙයක් හිතා ගන්න බැරිව සර් කෑ ගහනවා...
අපි යයි පස්සට එහෙම ඉදිරියමට තිබ්බ පය අපි එහෙම ලේසියෙන් හොලවන්නේ නෑ..කට්ටියම හෙල්ලුනේවත් නෑ..
දැන් නම් සර් කාරයට හොදටම මල....අයේ හෝදන්න දෙයක් නෑ...
“හරි උඹලා සෙට් එකට කරන්නේ හොද වැඩක් ...ඒත් දැන ගනියව් බොලා මට කරන්නේ ** වැඩක්...ඒක මතක තියා ගනිල්ලා...ගහපිය ඔක්කොම ඩිෆ්. Down යනවලා සේරමලා...“ සර්ට අසූ හාරදාහට නැගලා..
බලාපල්ලකෝ උදේ පාන්දරම පෝරියල්...
“ඇයි දන්නේ නැද්ද උඹලා ඩිෆ් එකක් ගහන්න වත්...මහ ලොකුවට ගහගන්න යන්නේ..“
ඇයි හත්වලාමේ අපි එහෙම ගැහුවේ නෑනේ...දෙකක් තුනක් ඇන්නා විතරයි ඒකත් අපේ එකෙක්ට සද්දයක් දාලා...ඕක ඉතින් මහ දෙයක් යෑ...ඒ කොල්ලා ඊට පහුවෙනිදම අපිත් එක්ක ඇවිත් කතා කරලා ෆිට් වුනා..කොහේවත් ඉන්න එවුන්ටනේ මේකේ උණ තියෙන්නේ ...මට නම් සිරාවටම රතු කට්ට පැන්නා...
“ඇයි උඹලට ඒකත් උගන්වන්න ඕනිද? එහෙනම් බලාපිය මෙන්න මෙහෙමයි ඩිෆ් ගහන්නේ“ සර් බාස්කට් බෝල් ක්‍රීඩාංගනේ Down ගියා...
“1 Down”
“2 Down”
“3 Down”
“හරියට බලා ගනිල්ලා පපුව බිම ගෑවෙන් නොගෑවෙන ගාන“
“4 Down”
“5 Down”
“පස්ස පැත්ත ඉස්සෙන්න බෑ...ඇගට සමාන්තරව යන්න ඕන...මෙන්න මේ විදියට “ අප්පට සිරි ලුකා සර් හිටු කියලා ඩිෆ් ගහනවා...බලන් ඉන්න ආසාවේ බෑ..
“7 Down”
“8 Down”
“9 Down”
“ඔන්න අන්තිම එක බලාගන්නවලා හරියට 10 Down“ ගින්දර වගේ ඩ්ෆ් 10ක් ලුකා සර් ගැහුවා...නහයෙන් කටින් දාඩිය බේරෙනවා සර්ගේ....හරි අමාරුවෙන් නැගිටලා කලිසමේ ගෑවිච්ච වැලි ටික පිහිදලා දැම්මා.....
අපිටත් දැන්නම් දුකේ බෑ..මොනා කරන්නද??
අඹ ගහේ ජම්බු...
ඩිං ඩොං....... ඩිං ඩොං......ඩිං ඩොං......
පලවෙනි පීරීයඩ් එකේ ඉවර වෙන බෙල් එක ගැහුවා.කට්ටියම එක එකාගේ මූණවල් දිහා බලපි...
“1 වෙනි එක ඉවරයි නේ....දැන් පන්ති වල වැඩනේ? මටත් 9 පන්තියක් තියෙනවා....“සර් කියපි
“ඔව් සර් අපිටත් ලැබ් එකේ chemistry ප්‍රැක්ටිකල් එකක් පරක්කු වුනොත් අවුල්....“ මම හොට දාලා කිව්වා....
“හරි එහෙනම් කට්ටියම දැන් යනවලා ..ස්කෝලේ ඇරුණම හෝල් එක ගාවට එනවා“ මූණ ඇඹුල් කරන් සර් කිව්වා.එහෙම කියලා ලුකා සර් ඔෆිස් එක පැත්තට හැරුනා...
ඒ වචනය කටින් පිට වුනා විතරයි අපි කෙලින්ම නැවතුනේ අපේ රූම් එකේ...දුකට සතුටට හැමට ඒකනේ ....
“මගේ අම්මේ නූලෙන් බේරුනේ“ පූස් කිව්වේ පුටුවක වාඩි වෙන ගමන්
“අනිවා අනිවා.....නැත්නම් කපෝතියි ආ....දැක්කනේ වෙච්ච දේ“ කට්ටා කිව්වා.
“රපට පාං.... පාං.... පපං..“රාමෙත් කතාවට එකතුවුනා...
“ඒක නෙමේ බං අපි දැන හෝ නොදැන අර කොල්ලට ගැහුවා..“කොටා කතාවකට මුල පිරුවා...“
“ඉතින් ඉතින්“ ගොරෝ සුපුරුදු පරිදි කකුල දැම්මා..
“මේකනේ මචාං අපි ඌට ගැහැවා....ඉතින් අපිනේ වැරැද්ද කලේ...“
“ඔව් ඔව්“
“එහෙනම් මොල උලව්වකටද බං උදේ පාන්දර දාඩිය පෙරාගෙන,වැටීගෙන පෙරලීගෙන ලුකා සර් අපේ ඉස්සරහා අරම ඩිෆ් ගැහැවේ....“කොටා විරිත්තලා කිව්වා..
“නැවතිල්ලේ බැලුවම ඒකත් ඇත්තනේ බං අපි කන්න ඕන පෝරියල් එක ඒ මනුස්සයනේ කෑවේ.....අනේ මන්දා...මතකයි නේ ඩිෆ් 10 ගහලා ඉවර වෙලා කලිසමත් පිහිද ගත්තා...“මම කිව්වා.
“ඒකනේ බං කරපු අපි මේ ආතල් එකේ ඉන්නේ....කොහේ වත් යන අර මනුස්සයා උදේම ෆට්ට කට්ටක් තමා බොල කෑවේ..“ රනේ කිව්වා...
“අපි එහෙමයි දත් මදින්නේ....!! “ කොටා දත් 28 ම විරිත්තලා කිව්වා.....
කලින් කතා ටිකත් කියවන්න මෙතනින් යන්න යාළුවනේ....
ඇහට කනට පේන එකක් ගලවපියෝ...
රෑ පානේ බෑවා අපි වෑවරේ.....
Monday, January 16, 2012
විශ්ණු දෙවියනුත් බට කොළ කෑවලු.....
කොහොමද යාලුවනේ ඔන්න ටික දවසකට පස්සේ ආයෙත් අවා දේව ඉතිහාසයේ ලස්සන කතාවක් අරගෙන.මීට කලින් දාපු කතා දේව කතා වලට හොද ප්‍රතිචාරයක් තිබ්බා ඇත්තටම ගොඩාක් සතුටුයි ඒ ගැන .මොකද ඒවා තමා ගොඩාක් වටින්නේ මට..
හරි වැඩි කතා ඕන නෑ මෙන් මේකයි අද කතාව.
ඔයාලා අහලා තියෙනවද අපේ සමහර ආච්චිල,සීයල කියනවා මොකක් හරි හේතුවක් නිසා කෙනෙක් අන්ත අසරණ තත්වයට වැටුනම මෙන්න මෙහෙම කතාවක් ....
“ඕවා ගනන් ගන්න කාරණා නොවේ...පුතේ, අහලා ඇතිනේ නරක කාලේ විශ්ණු දෙවියොත් බට කොල කෑවයි කියලා“
ඔන්න ඉතින් ඕක කොයි තරම් අහලා තිබ්බත් ඕක ගැන හරි විස්තරයක් දන්නේ නෑ නේද....ඇත්තමට මමත් මගේ සීයාගෙන් තමයි මේ කතාව පොඩි කාලේ ඇහුවේ.දැන් ඉතින් ඔයාලත් එක්ක බෙදා ගන්නයි මේ ලෑස්තිය..
මේ කතාව ගෙතෙන්නේ විශ්ණු දෙවියන්, හා සෙනසුරු වටා.....
මේ ඉන්නේ යාළුවනේ විශ්ණු දෙවියන්...දන්නවනේ මෙයාගේ වාහනේ තමා ගුරුළා....
හරි ඕං නමෝ විත්තියෙන් කතාව පටන් ගන්නම්...
ඔය සෙනසුරු කියන දේවතාවා ටිකක් නපුරු ඒ වගේම දඩබ්බර කෙනෙක් .
එයාව දැකලා නැත්නම් බලා ගන්නකෝ මේ ඉන්නේ එයා තමයි....
ඇයි මතක ඇතිනේ අර මහසෝනාගේ ඔළුව ගැලවුන වෙලේ වලස් ඔළුව සවි කලෙත් හෙනහුරා (සෙනසුරු) තමා.
ඒ කතාව කියෙව්වේ නැත්නම් මෙතනින් ගිහින් කියවලා එන්නකෝ....
මට හිතෙන්නේ නරක මිත්‍ර ආශ්‍රය තමා...
ඉතින් අපිට වගේම තමා ඔය දෙවියන්ටත් කාල චක්‍රය අනුව අදාල කාලයට අදාල ග්‍රහයින් ලබනවා...තමාගේ ජීවන පෙල්ගැස්මට අපිට වගේම ඔවුන්ටත් ඒක බලපානවා.ඉතින් අහලා ඇතිනේ අපේ අයත් ඔය අපල ග්‍රහයින් ලැබුවම නොයෙක් ආකාරයේ පුද පූජා පවත්වනවා ඒවායින් සිදුවන කරදර මගහැරවා ගන්න.
ඔන්න අපේ කතා නායකතුමා ඒ කියන්නේ විශ්ණු දෙවියන් කියන්නේ හරිම බලගතු ඒ වගේම ලස්සන දෙවි කෙනෙක්.විශ්ණු දෙවියන්ගේ බිසව තමයි ශ්‍රී මහා ලක්ෂ්මී දේවිය.අහලා ඇතිනේ මගෙ යාළුවො ඒ දේවිය ගැන එයා තමයි ධනයට අධිපති දේවිය.ඔයාලා ලංකාවේ ප්‍රයිවට් බස් වල ගිහින් තියෙනවනම් මෙයාගේ රූන නොදකින්න විදියක් නෑ.ඉතින් විශ්ණු ලක්ෂ්මී දෙන්නා ගොඩාක් ආදරෙන් සතුටින් කාලය ගත කලා.
ඔන්න ඔහොම කාලය ගත වෙද්දී විශ්ණු දෙවියන්ගේ සෙනසුරු දසාව ලං වුනා.අපේ යාළුවෝ අහලා ඇතිනේ සෙනසුරු කියන්නේ ටිකක් අපල ග්‍රහයෙක්.එයාගේ කාල පරාසයට කරදර බාධක එමටයි.
ඉතින් කොහොමින් කොහොම හරි විශ්ණු දෙවියන්ටත් හෙනහුරා ලැබුවා.ඕං ඉතින් සෙනසුරු ලැබුව දවසේ ඉදලම විශ්ණුට හරි කරදර .කල කෝලාහල වැඩි...මිනිස්සු වගේම තමා පවුල් ආරවුල්...දේව සභාවේ ප්‍රශ්ණ....දිනෙන් දිනම මේ තත්වය උග්‍ර වෙන්නට පටන් ගත්තා.කාලය ගත වෙත්ම විශ්ණු අන්ත අසරණ දුගී තත්වෙට වැටුනා.දේව සභාවේ ඔහු ඇති කරගත් ආරවුල් හේතුවෙන් විශ්ණු හට අනිත් දෙවියන්ගේත් ඇල්ම බැල්ම අඩු වුනා....අපල කාලය වැඩි වත්ම තම ධනයද ක්‍රමයෙන් හීන වී යනු ඔහුට දැනුනා ...
ඉතින් අවසානයේ ඔහු අපේ ව්‍යවහාරය අනුව පාරට වැටෙන තත්වයට පත්වුනා.ඔන්න බලන්න දෙවියන්ටත් යන කල..
තමා මෙහෙම දුක් විදින බව අනික් දෙවියන් දැනගතහොන් තමාට ලොකු නින්දාවක් බව විශ්ණු වටහා ගත්තා.ඉතින් විශ්ණු ඇත් වේශයක් මවාගෙන වනගත වුනා.දිව්‍ය ලෝකේ වගේ නෙමේනේ යාළු කැලයේ ඉතින් දිව්‍ය භෝජන නෑනේ..ඒක නිසා ව්ශ්ණුට කන්නට වුනේ ගස් වල කොල පොතු තමා..ඇත් වේශයකින් සිටි නිසා විශ්ණ වැඩිපුරම කෑවේ බට කොල.කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියා විශ්ණු කැලයට වී හෙනහුරාගෙන් බේරීමට බට කොල කකා සිටියා..ඔන්න සත් අවුරුද්දකට පසු අපලය ඉවර වුනාම විශ්ණු ආයෙත් කැලයෙන් එලියට විත් දිව්‍ය විමානයට වැඩම කලා..සුපුරුදු පරිදි දේව දූතයන් පිරිවරාගෙන ඔහු වාසය කලා..ඉතින් ටික දිනකට පසු හෙනහුරා විශ්ණුගෙ මන්දිරය අසලින් ගමන් කරන වෙලාවක විශ්ණුව මුණ ගැසුනා..ඉතින් විශ්ණු හෙනහුරා දිහා බලලා කිව්වලු මෙන්න මෙහෙම..
“කෝ උඹ කාට අපල කලත් මට වින කරන්න උඹට බැරි වුනානේ හෙනහුරෝ“
ඉතින් මගෙ යාළුවනේ හෙනහුරත් ඇගට පතට නෙදැනී මෙහෙම කිව්වලු....
“ඇයි විශ්ණු දිව්‍ය භෝජන වලදපු ඔබතුමා කැලේකට වෙලා බට කොල කාපු එකම මදිද අපලෙට“
මද සිනාවකින් එසේ කියූ හෙනහුරා තමා ආ ගමන යන්න පිටත් වුනා...
ඉතින් හිතන්න යාළු විශ්ණු දෙවියනුත් සෙනසුරු අපලයේදී බට කොල කෑවා නම් අපට මොන කතාද?..ඔන්න ඕකයි විශ්ණු දෙවියන් බටකොල කෑව සිද්ධිය .....
ඉතින් මගෙ යාළුවනේ විශ්ණුගෙන් පස්සේ ග්‍රහ චක්‍රයට යට අනුව සෙනසුරා ලබන්න තිබුනේ ගණ දෙවියන්ට.දන්නවනේ එයාගේ හැටි මොකක් හරි සෙල්ලමක් දාලා බේරෙන්න ඇති. ඊලග කතාවෙන් ඒකත් අරන් එන්නම්.......ජය වේවා!!!

Sunday, January 15, 2012
අන්සතු වූ මල
හිදින්නට පෙම් පිරූ ඔය තුරුලේ
අද හිදින්නට මට වරම් නෑ මිතුරේ
මා පෙම් කලත් ඔබ නෑ පෙමින් බැදුනේ
දකින විටදී හද හඩයි ඔබ
අන් අයෙකු තුරුලේ.....
නෙතග බැල්මෙන් මා වශීකල
නුඹේ නිල් නෙතු බොදවෙලා අද
දැනෙන මේ දුක් ගින්න පැතිරී
ඇවිලිලා මගේ හදේ සිව්කොන....
නෙඑනු මැන පෙරමගට ආයේ
මුණ ගැසෙන්නට මගේ අභියස
දරන්නට බෑ මෙවන් දුක්කද
වැඩිය මහ සාගරේ ජලකද....
Subscribe to:
Posts (Atom)