ඔන්න කස්ටියට කලින් කතාවක ඉතුරු කෑල්ලත් අරන් අද
ආවා....පරක්කු වුනාට කමා කරත්වා!
මෙන්න මේකයි මතකද කලින් කතාව අර විශ්නු දෙවියන් බට කොල කාපු කතාව මතක නැත්නම් කියවලම එන්නකෝ...
අද මෙන්න මේකයි වැඩේ..... ඉතින් ඔන්න විශ්නුගේ සෙනසුරු
අපලය ඉවර වෙද්දී ගණේෂ් ට ඒක ලබන්නට කාලය
පැමිනුනා....ඒ කිව්වේ ගණ දෙවියන්ට.දන්නවනේ ඉතින් ඒ මොලේ තරම මතක ඇතිනේ.....අයියට වල්ලි අම්මා සෙට් කරලා දුන්න හැටි.....හරි අද මම කියන්න යන්නේ මේ හෙනහුරු අපලෙන්
ගණේෂ් බේරුන හැටි....
ඉතින් සෙනසුරු අපලය ලග ලගම තමන්ට එන බව දැන ගත් ගණ
දෙවියන් ඉන් බේරීමට මගක් සොයන්නට වුනා...කෙමෙන් කෙමෙන් කාලය ගෙවුනා .....ඔන්න
ඉතින් අවසාන දිනය ලංවුනා ඒ කිව්වේ ඕං හෙට තමයි ගණ දෙවියන්ට සෙනසුරා ලබන්නේ
....ඉතින් මේක ගැන කල්පනා කල ගණ දෙවියන් අවසානයේ හදිසි තීරණයක් ගත්තා.ආයේ හෝදන්න
දෙයක් නෑ මොකක් හරි උප්පර වැට්ටියක් වෙන්න ඇති..
ඒ මොකක්ද දන්නවද?
ඒ තමයි තම දේව
මන්දිරේ විශාල සාදයක් පවත්වන එක.කොහොමින් කොහොම හරි දේව සභාවේ සියල්ලටම ඇරයුම් පත්
පිටත් කරලා...ඔහු සාදයට සූදානම් වුනා...අති සුවිශේෂි අන්දමින් සාදය පිලිවෙල
වුනා.ඉතින් ඒ අපූරු දිනය උදා වුනා ගණේෂ් හොදට ඇද පැලද ගෙන තම සාදයට සහභාගී වන්නට
ගියා....ඇත්තටම සේරම දේව පිරිවරයන් ඒකට ඇවිත් තිබුනා මොකද දන්නවද යාළුවනේ ගණ දෙවියන් කියන්නේ හරිම සුහදශීලි
කෙනෙක්..ඉතින් බලන්නකෝ අනික් වැඩේ...
සෙනසුරත් උදේ පාන්දරම අවදි වෙලා ගණ දෙවියන් මුණ ගැහෙන්න
එන්න බලන් පිටත් වුනා....තමාගේ අපලය පූජා කිරීමට සෙනසුරු ඉක්මනින්ම ගණ මන්දිරයට
සැපත් වුනා..
ඔහුට අදහාගන්න බැරි වුනා ....අනික් අය තම අපලයට බියෙන්
සැගවෙද්දී ගණ දෙවියන් සාද සමරනවා....හැමෝම අමෘතය බොනවා නාටිකාවන් රග දෙනවා එතන
මගුල් සක්වලක්....ඔන්න ඒ අතරේ සෙනසුරු දැක්කා දෙවියන් පිරිසක් වට කරගෙන කතා බහක
ඉන්නා ගණේෂ්ව...
ඔහු හිමීය ඒ දිහාට කිට්ටු වුනා සෙනසුරු දැක්ක විගස අනෙක්
අය තුල තිගැස්මක් ඇති වුවත් ගණ දෙවියන් තුල නම් එහෙම එකක් තිබුනේ නෑ..සෙනසුරු කට
හඩ අවදිකලා...
"ගණේෂ් ඔබට අද
දිනය මතකයි නේද?"
"එහෙම අමතක වෙනවද? මේ හදිසියේ එන්න ඇත්තේ මට තෑගි
දෙන්නනේ.."
"ඔව් ඔව් නුඹට සුවිශෙෂී වරයක්." සෙනසුරු කින්ඩියට කිව්වා
"ඉතින් කියමු බලන්න"
"අද තමයි නුඹට මගේ අපල චක්‍රය පිහිටන්නේ"
"හම් මම දන්නවා ඒත් එක ඉල්ලීමක් තියෙනවා මගෙන්"
"කියමු බලන්න"
"අද වගේ සතුටු දවසක් නැති කරගන්න මම කැමති නෑ... ඒ නිසා
ඔය කියන අපලය එක් දිනක් කල් දාලා දෙන්න"
"එහෙම කිරීමට නුපුළුවන ගණේෂ් ඇයි තා එහෙම ඉල්ලීමක් කරනුයේ"
"නෑ සාදයේ වැඩ කටයුතු ඉවර වෙද්දී රැය පහන් වෙන නිසා"
"හරි මම එහෙනම් හෙට එන්නම් .....ආයේ නම් පස්සට බෑ
නොවරදවාම ලේස්ති වෙලා ඉන්න"
"ගණේෂ්........" සෙනසුරු ආයේ හැරුනා......
"ඇයි"
"මට තා අවිශ්වාසයි."
"ඇයි ඒ??"
"මම දන්නවා නුඹ කපටියා කියලා ....කොහොමද මම පිලි ගන්නේ නුඹ
මට හෙට එන්න කිව්වා කියලා....කියමු බලන්න.."
ගණ දෙවියන් ටිකක් කල්පනා කලා.තමා සිතා සිටි පරිදිම
සියල්ල සිදූවූ වා යැයි ඔහුට හිතුනා.
"නුඹට මම පොරොන්දු වෙන්නම්"
"හා හා හා නුඹේ කට වචනෙට මම රැවටෙන්න....හිතුවද මම
මෝඩයෙක් කියලා"
"හරි නුඹ සටහනක් තියලා යන්න නුඹේ අපලය හෙට කියලා"
"හම් හම් ඒකත් නරකම නෑ. දැන් කොහේද ඕක තියන්නේ නොමැකෙන
තැනක් වෙන්න ඕනි.."
"හරි නුඹ මගේ උදරයේ (බඩේ) එය දක්වන්න..." ගන දෙවියන් කිව්වා...
දන්නවනේ මගේ යාළුවෝ ගණ දෙවියන්ට ටිකක් විශාල උදරයක්
තියෙනවා .ඉතින් කතා කරගත් පිරිදි සෙනසුරු තම නියපොත්තෙන් ගණේෂ්ගේ උදරය මත පැහැදිලි
අකුරින් අපලය හෙට කියලා ලිව්වා....
සියල්ල අවසානයේ හැමෝම නික්ම ගියා.ඔයාලා දන්නවනේ දේව
පොරොන්දු ආයේ තනි වචනෙම තමයි කිව්වොත් කිව්වා ....
ඉතින් අදාල දිනයේ සෙනසුරු නැවත පැමිණියා
"ගණේෂ්......"
"මොකද අදත් මග හරින්නද හදන්නේ"
"මොනවද සෙනසුරු මග හැරියේ"
"ඇයි ඊයේ කිව්වේ අපලය අරන් හෙට එන්න කියලා"
"ඇත්තද ? ඉතින් කෝ සාක්ෂි"
"තමුන්ගේ බඩේ බැලුවනම්....."සෙනසුරු කෝපයෙන් කිව්වා.
ගණ දෙවියන් තම බඩ දිහා බැලුවා රවුම් අකුරින් මෙහෙම ලියා
තියෙනවා.......
සෙනසුරු අපලය හෙට
"අයියෝ ඒක හෙටනේ ඇයි ඔබ අද ආවේ.....යන්න යන්න ගිහින් හෙට
එන්න"
ඉතින් යාළු තේරනවනේ වෙච්චි දේ...ඔන්න ඔහොම අපලය යනකන්ම
සෙනසුරුට හෙට කියන දවසේ එන්න වුනාලු ඒ හින්දා කවුරු හරි හෙට කිවුවොත් ඒ ගැන
දෙපාරක් හිතන්න







