Monday, December 31, 2012
සුබම සුබ 2013 නව වසරක් වේවා ....!!
කොහොමද මගේ යලුවනේ ...මුලින්ම ප්‍රර්තනා කරන්නම් ලබුවාවූ 2013 මේ අලුත් අවුරුද්ද ඔබ සෑම සියලු දෙනාටමත් ලෝක වාසී සියල්ලටමත් හිත්වල තියෙන අහිංසක බලාපොරොත්තු සියල්ලම යහපත් ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කරගන්න වාසනාව ලැබෙන අළුත් අවුරුද්දක් වේවා කියලා...
සමාවෙයල්ලා ඉස්සෙල්ලම කාලෙකින් මොනවත් නොලිව්වට...අධ්‍යාපන වැඩ එක්ක ටිකක් වේලාව මදි..ඒ අස්සේ තව මගුලක් උඔලගේ කොමෙන්ටු වලට මට reply යි කොරන්න දෙන්නේ සමහර වෙලාවට ...තරහා ගන්න එපා සුදූලා...ඒන හදාගන්න දන්න පින්වන්තයෙන් ඉන්නවනම් කියහන් හොදද? කොමෙන්ටු දාන්න ගියාම හිර වෙනවා මුළු බ්ලොගයම...ආයේ PC එකම Restart කරන්න ඕනි .
ඉතින් අළුත් අවුරුද්දේ අළුත් දේවල් ටිකක් දෙන්නම් යාළුවන්ට.අහා අමතක වුනානේ මම මේකේ මේ යක්ෂ දේව කතා ලියන එකට කට්ටියකට වල්ගේ පෑගිලානේ ...fb එකට message නොදා පෝස්ට් එකේම ඒවා දාහන් ඔය දාන එවුන් ටික.උන් අහනවා මගෙන් 21 ශතවර්ශෙත් පැනලා ඉන්න අපි තාම ඕවා විස්වාස කරනවා කියලා.විස්වාස කරන නොකරන එක වෙනම කතාවක් ඒත් දේව කාතා සාහිත්‍යයය අපූරූ වින්දනීය පැතිකඩක්.රස වින්දනය පෙරටු කරගෙන තමයි මම මූලිකවම ලියන්නේ.ඒවා වැඩක් නෑ කියවන එක් දෙන්නා වෙනුවෙන් හරි කල්පයා දිගටම ලියනවා...
ඉතින් එන්න පුළුවන් හැම වෙලේම මේ පැත්තට එන්නම් නාවත් උඹලගේ ඒවා පුළු පුළුවන් වෙලාවට කියවනවා.
එහෙනම් ඉතින් අදට සමුගන්නවා.....ලොකේ විනාසෙත් ආවනේ ...හි හි.. ඒවා ඔක්කොම අමතක කරලා අළුතෙන් හිතමු ...මේ අවුරුද්ද වැරදි අඩුවේන් යහපත් දේ වැඩියෙන් කරමු..ඔයාලා හැමෝටම නැවතත් වැස්සෙන් පතනවා සුබම සුබ 2013 නව වසරක් වෙන්න කියලා.සියල්ලටම ජයග්‍රහනයේ මංපෙත් විවර වේවා!!
මම වැහිපොදින් ...කල්ප---
Friday, November 9, 2012
මගේ පාර මතකයිද?.......
ඈත දුර අතීතේ අපිට අපි
නැතිව බැරි
ලස්සනම කාලයක්
ගෙවුනු හැටි මතකයිද?.......
හීතලට හැගුම් පොදි
හිම ලෙසින් හිරවෙද්දි
පපුතුරේ උණුහුමින්
රැක ගත්තා මතකයිද?.......
දහසකුත් හීන මල්
හිත අස්සෙ නලියද්දි
ඒ හීන නුඹේ දොතේ
රැන්දුවා මතකයිද?.......
පපුතුරේ කැටි වෙච්ච
සෙනෙහෙ දෝතක් රැගෙන
අත් දෙකින් ඇස් වහලා
සිප ගත්තා මතකයිද?
පපුතුරේ කැටි වෙච්ච
සෙනෙහෙ දෝතක් රැගෙන
අත් දෙකින් ඇස් වහලා
සිප ගත්තා මතකයිද?
දුක සතුට එක ලෙසට
උහුලන්න බැරි කමට
උහුලන්න බැරි කමට
කදුළු බිදු ඇස් කොනින්
ඉහිරුවා මතකයිද?...........
අනේ මගේ රත්තරන්
පාළුයිනේ කියන විට
හිස හෙමින් අතගාලා
හිත හැදුවා මතකයිද?...........
ඉස්සරම වගේ තව
එකම එක දවසකට
මං හොයාගෙන එන්න
මගේ පාර මතකයිද?.......
____ කල්ප........___
Tuesday, October 16, 2012
වල් වල් වල් ගම සෑර්........
ඔය පාසල් යන කාලේ වෙච්ච සුන්දර මතක සටහනක් ලියන්න ඕනි කියල හිතුනා.ඇත්තටම ඒ කාලේ වැඩ නම් රස ආකාරයයි .හරි මෙන්න මේකත් ඒ වගේ වැඩක් .ඇත්තටම මේක සිද්ද වුනේ අපි සාමාන්‍යය පෙළ කරන කාලේ.ඔය ඉස්සර මම පාසලේ ආවේ මාතර පැත්තේ ඉදලනේ ඉතින් ඒ දවස් වල පාසල් එන්නෙත් යන්නෙත් CTB බස් එකක හරි කෝච්චියේ හරි තමයි .CTB නම් එන්නේ ගෙදරින් අතට දෙන ගාන ඉතුරු කරගන්න.ඔය මොනවා කලත් අපේ අම්ම උදේ පාන්දර රුපියල් 100 දෙනවා ඉතින් CTB සීසන් එකෙන් ආවම කීයක් හරි ඉතුරු වෙනවනේ බන් එකයි සෙල්ලම.සල්ලි ඉතුරු කරේ වැරැද්දකට නෙමෙයි හිතේ හැටියට වියදම් කරන්න අපිටත් තැන් එනවනේ කොහෙන් කියල එන සල්ලියක්ද නැත්නම් ඒ කාලේ.හි හි හි හරි ඉතින් ඔය හවසට ඉස්කෝලේ ඇරිලා ගෙදර යන්න ගාල්ලෙන් නගින්න වෙනමම සෙට් එකක් ඉදියා.කොටින්ම කිව්වොත් අපේ උන් සෙට් එක දැක්කම CTB බස් කාරයෝ ඇක්සලේටරේ උඩ නැගලා පාගන්නේ.හික් උන් පොලිසීයට වැඩිය බයයි ඒ කලේ අපිට.ඔය අපේ ඒ කලේ අංකේ තමයි 350 එත් පොඩ්ඩක් පරක්කු වුනාම කලින් යන්න ඕන වුනාම කොලඹ ඉදල එන තංගල්ල / කතරගම CTB එකක නැගල 350 රෝඩ් එකේ සීසන් එක දික් කලාම කොන්ද බනින්නේ අම්ම මුත්තා මතක් කරලා.ඌ කට ඇරපු ගමන් කියන්නේ බහින්න නවත්වන්නේ නම් නෑ කියලා .ඒවා කොහෙද අපේ ගල් හිවල්ලු ටිකත් එක්ක.දවසක් ඔහොම අගුනුකොලපැලැස්ස බස් එකක නැගලා ඔය අපේ එක ගුස්පියෙක් බහින ප්‍රාන්තේ බස් එක නැවැත්තුවේ නෑ නේ.අම්ම ගහයි අපේ එකා එකට යෙදුවා පට්ට වැඩක්.ඊලග දවසෙත් ඒ බස් එකටම නැගලා ඌ බහින හෝල්ට් එක ලගින් බස් එක යද්දී මූ බස් එක ඇතුලේ තිබ්බ කොස්සක් අරන් විසි කරා එලියට. හි හි ඩ්‍රයිවරයා ඕක දැකලා බස් එක නැවැත්තුවා ඒක ගන්න .අපේ හිවලා හිනා වෙවී මචං මම යනවා කියල යන්න ගියා.ඉතින් හිතපල්ලකෝ මුන් වගේ එවුන් එක්ක ඉදල මෙහෙම යහතින් ඉන්න එකම ඇති ඔය කිව්වට මමත් ඕවට හවුල්.මම කියන්න අවේ වෙනම සිද්දියක් මෙන්න මේකයි ඒ සීන් එක
දවසක් අපි 10 ක් විතර හවස ගෙවල් වල යන්න CTB එකක් එනකල් ඉන්නවා ඔය ඔය වැඩ බැරි උදවියගේ ස්ටෑන්ඩ් එකේ.ඉතින් ඉන්නවා ඉන්නවා නෑ රතු පාට බස් එකක්.මොනවා කරන්නද හැමෝම ඉතින් කටයි අරින්න පුළුවන් හැම තැනම අරන් ඉන්නවා පර දිහා බලාගෙනග එවෙලේ සංස්ථාවේ තෙල් බව්සරේ දැක්කත් අපේ එවුන්ට ආතල් ඇයි ඒකත් රතු පාටට පේනවනේ.ඉතින් ඔහොම ඉද්දි අවා පොලීසේයේ මහත්තයෙක්.ආයේ මරුමුස්ම ඩයල් එකක් තමයි.දැක්කමත් හොදි ඕනි නෑ.
ටිකින් ටික අපේ ලගට කිට්ටු වෙනවා,අපේ හිවල්ලුත් එකට එක ගුලි වෙනවා ඇයි හත්තිලව්වේ මනුස්සයෙක් ආවම මුන්ට පිප්පි බර හැදෙනවද කොහෙද.
"මොකෝ මේ පාරේ?තමුසෙලට ගෙවල් දොරවල් නැද්ද යන්න"
අර යකා අහපි උගේ මුළු ගොරහැඩි සද්දේම දාලා.කට ඇරිය පාරට කොළ බොක්කට යනකල්ම පේනවා ඒක ඇතුලේ.
"සර් මේ අපි අපි ගෙදර යන්න ඉන්නේ"
"එක පේනවා මිනිහෝ මෙච්චර වෙලා මොකද කරන්නේ"
තාම බස් එකක් අවේ නෑ ගෙදර යන්න එකයි.අපේ එකෙක් පැනල කියපි.කට තියන් ඉන්න බෑ නේ අපේ එකාලටත්
"තමුසේ කොහෙද යන්නේ?" ලොක්ක උගෙන් අපි
"සර් මම වැලිගම"
"පර්ස් එක ගන්නවා එලියට"
නයි කයිද රෝස පන් පාරේ ඉන්නවටත් දඩ ගහන්නද බන් මේ යන්නේ මම ලග ඉන්න එකාගේ කනට කෙදිරුවා
ඌ සෙත් පිරිත් කියනවා දත් පූට්ටු කර කර.නොදකින් වල හිවලා චීත්ත කෑල්ල වගේ අඩනවා මම මටම බැනගත්තා.
"කීයක් තියේද ඕකේ?"
"සර් රුපියල් 40 යි"
මූ මොකටද එන්න හදන්නේ ප්ලේන්ටියක් වත් බොන්නද කීයක් හරි ඉල්ලන්න හදන්නේ
නෑ නෑ එහෙම වෙන්න බෑ ඇයි යකෝ අපිත් සීසන් ගිහින් සතයක් ඉතිරි කරගන්නේ මේ වලස් තොප්පියට ඒක දුන්නම අපි වියදම් කරන්නේ අහවල් ඒවා උකස් කරලද
"තමුසෙට වැලිගමට යන්න කීයක් යනවද ?"
"20 යි සර්"... අපේ එකා ඇඹරෙනවා සත දෙකේ කෑල්ල වගේ.විලි ලැජ්ජාවට මම අත් දෙකින්ම ලග ඉන්න එකාගේ ඔඩොක්කුව වහ ගත්තා.
ඒ එක්කම අවා කොලඹ පැත්තේ ඉදලා බස් එකක්
"20යි නේ යන්නේ එහෙනම් දැන් ඔය අපු බස් එකේ 20 දීල යනවා.මෙතන රස්තියාදු ගහන්නේ නැතුව"
ලොක්ක කියපි අපේ එකාට
මල හත්තිලව්වයි....
මෙන්න මූ හැම එකගේම පර්ස් බලල බස් වලට යැව්වා
මමයි තව දෙන්නෙකුයි අන්තිමට ඉතුරු වුනේ
ලොක්කා මම ලගටත් අවා
"තමුන්නාන්සේ කොහෙද යන්නේ"
"සර් ගෙදර"
"ගෙදර තමයි මිනිහෝ ඇයි වෙනදා වෙන කොහේ හරිද ගියේ"
"නෑ එත් ගෙදරම තමයි.සමහරක් දාට ආච්චිලහ යනවා" මම පූස් පැටියා වලේ දත් ටිකම දාලා විරිත්තුවා
"කොහෙද ගම?" ලොක්කා ඇහුවේ රතු කට්ටත් ලගටම ඇවිත්
"සර් වල්ගම"
"කොහේ කිව්වා"
"වල්ගම"
"වැලිගම අරුත් එක්කම යන්න එපැයි තමුසෙත්"
"නෑ නැ සර් වල්ගම....
වල් වල් වල් ගම"
"තමුසේ මාත් එක්ක විහිලු කරනවද මොකක්ද ඒ ගම බලනවකො නමේ කැත."
ඇයි යකෝ මර කෙළියක්නේ මේ ගුස්පියට කොහොම තේරුම් කරන්නද
"සර් මම බහින්නේ වල් ගම කඹුරුගමුව ඊලගට වල්ගම"
මෙන්න අන්තිමට මූ මෙහෙම කියපි
"ඔය අනික් එවුන් දෙන්න යනවල උබලයි ගෙවල් වල
තමුසේ මේ එක එක කෑළ වල ඉදල මෙහෙ එනවා ඔය එන මොකක් හරි එකක නැගලා යනවා තමුනුත් දැන්ම ගෙදර"
කෝම හරි මම ඊලගට අපු බස් එකේ නැගලා යන්න අවා මොකද ඒ යකා එක්ක එක්ක හුරතල් වෙන්න බෑ අනික අපේ එවුනුත් සේරම ගිහින් නේ මට තනියම ජර මර දාන්නත් බෑ.
උබලට කියන්න ඔය පැත්තේ ඉදලා ඉස්කෝලේ එනකල් හැමදාම මොකක් හරි අහගන්නවා.
ඉන්නේ කොහෙද කියන්න ගියාම හික්ස් ඒ වුනත් ඒ කලේ සුන්දරම කාලයක් මගේ ජීවිතේ..මොනවා කරන්නද ජීවිතේම සෙල්ලමක්නේ කොල්ලෝ...
Thursday, October 4, 2012
ශ්‍රී විශ්ණු දෙවියෝ......
අවුරුද්දක්
ගෙවුන වෙලේ අලුත්ම ලිපි පෙළක් අරන් එන්නයි මේ ලේස්ති වුනේ.ඉස්සෙල්ලම කියන්න ඕනි මේ ලිපි පෙළ මේ විදියට ලියන්න
විජය ශ්‍රී ජයසිංහ මහතාගේ හෙළබිම පුද ලබන දෙවිවරු ග්‍රන්ථය ගොඩක් වැදගත්
වුනා කියල.දේව ඉතිහාසය කියන්නේ ඇත්තටම වින්දනීය සාහිත්‍ය මාවතක්.ජනප්‍රවාද
ඇදහීම මත ගොඩ නැගුනු දේව සාහිත්‍යයේ රස මුසු තැන මීට කලිනුත් වැහි පොදින් අරගෙන
අවා.දැන් අපි බලමු දෙවිවරු ගැන අසන්නට නොලැබෙන තොරතුරු ටිකක්.හරි අද අපි මුලින්ම
කතා කරන්න යන්නේ විෂ්ණු දෙවියන් ගැන අප්‍රකට තොරතුරු ටිකක්.
විෂ්ණු දෙවියන්
ලංකාවේ බෞද්ධ ජනතාව අතර ඉමහත් ගෞරවාදරයට පත් වෙච්ච දෙවි කෙනෙක් ලෙස සලකන්න
පුළුවන්.අපේ ජනතාව මොහුව පිළිගන්නේ ලංකාදීපයත් සම්බුද්ධ ශාසනයත් අරක්ෂා කරන
ශාසනාරක්ෂක දෙවි කෙනෙක් ලෙසටයි.ඇයි යාලුවනේ එකනේ සතර වරම් දෙවිවරු අතරෙත් විෂ්ණු
දෙවියන් වැජබෙන්නේ.ලංකාවේ වාදයට මුසු වෙච්ච තවත් කරුණක් තමයි විෂ්ණු සහ උපුල්වන්
දෙවියන් කියන්නේ දෙදෙනෙකු යන වග.නමුත් අපට පෙනී යන්නේ ඒ දෙදෙනෙකු නොව එක අයෙකුම
බවයි.මොකද යාලුවනේ මම එහෙම කියන්නේ අපිට ඔය පැටලිල්ල වෙලා තියෙන්නේ විෂ්ණු සහ
උපුල්වන් යන දෙවිවරු දෙදෙනාම නිල පැහැයෙන් යුතු ශරීර දරන නිසයි.මෙහෙම හිතන්නකෝ
උපුල්වන් කියන්නේ පැහැයක් නිල් පැහැයටම කියන තවත් නමක්.අපි උත්පලවන්න දෙවියන්
කියන්නෙත් ඒ නිසයි. එක නිකන් පර්යාස නාමයක් වගේ.එම නිසා උපුල් වන පැහැය ගත්තු
දෙවියන් ලෙස අපි සලකන්නෙත් විෂ්ණු දෙවියන්ටම තමයි.දෙවිනුවර තමයි ශ්‍රී විෂ්ණු දේවාලය
පිහිටලා තියෙන්නේ
....මතකද ඔයාලට අපි එකට කියනවා නේද දෙවිනුවර ශ්‍රී උත්පලවන්නා
මහා දේවාලය කියලත්.ඉතින් පැහැදිලි නේද දෙවිනුවර වැඩ හිටින්නෙත් විෂ්ණු දෙවියන්ම
තමයි කියන කාරණය.
විෂ්ණු දෙවියන්
හැදින්වීමට විවිද වූ නම් රාශියක් භාවිතා කරනවා.උපුල්වන් දෙවියන්,ශ්‍රී විෂ්ණු දෙවියන්,ආභලී,රජී,වසු දේවතා,නල දේවතා,දමෝරා,හරිහර,පුලවන්....යන නම් ඒ අතර වෙනවා.විෂ්ණු
දෙවියන්ගේ ප්‍රියන්භිකාව වන්නේ ශ්‍රී ලක්ෂ්මී දේවියයි .හින්දු ඇදහීම වලට අනුව ප්‍රදාන
යුග සතරේදී විෂ්ණු ශරීර වර්ණ සතරකින් ලොව පහල වෙනවා කියලයි සැලකෙන්නේ.කෘත යුගයේදී ධවල වර්නයෙනුත්,නේත්‍ර යුගයේදී ස්වර්ණ හෙවත් රන් පැහැයෙනුත්,ද්වාපර යුගයේදී රක්ත හෙවත් රතු පැහෙයෙනුත්,කලි යුගයේදී නීලෝත්පල හෙවත් නිල පැහැයෙනුත්
ලොව පහල වෙනවලු.ඒ කියන්නේ අපි මේ ගෙවන්නේ කලි යුග කාලේ....
දැන් අපි බලමු
තවත් විශේෂ කාරණයක්.කාලෙන් කාලෙට ලෝකවාසී ජනයාගේ හිත සුව පිණිස දෙවිවරු විවිද වූ
මූර්තින්ගෙන් ලොවට පහල වෙනවා කියල ජනයා අතර මතයක් තියෙනවා.ඉතින් යාලුවනේ විෂ්ණු
දෙවියන්ටත් මේ ආකාරයට මූර්ති දහයක් තියෙනවා.අපි ඒවා හදුන්වනවා දශ විෂ්ණු අවතාර
කියල.අපි දැන් බලමු එකින් එක මොනවද ඒ කියලා......
01.මත්ස්‍ය අවතාරය
නොකඩවා වැසි
වසන්නට වූයෙන් ලෝකයම වසාලන්නට සමත් මහා ජාල ගැල්මක් ඇති වුනා.ඒ වෙලේ ලොව පළමු
මිනිසා වූ මනු හට විෂ්ණු මේ බව දන්වන ලදී.ගම දනව් යට කරමින් රුදුරු ජාල කද ලෝකය
වසා ගෙන යද්දී විෂ්ණු මත්ස්‍ය වේශයකින් ලොව පහල විය.ඊට පසුව මහා බල සම්පන්න වූ
නැවක් මවා එතුමන් තම මත්ස්‍ය හිසින් එය ඇදගෙන පැමිණ මනුත් ඔහුගේ පවුලේ උදවියත්
ඉර්ශීවරුද නැවට නංවාගෙන ඒ මහා ජල ගැල්මෙන් බේරා ගන්නා ලදී.
02.කුර්ම අවතාරය
ලෝකය වසා ගෙන
ගිය ඒ ජල ගැල්මෙන් යාලුවනේ ලොව පැවතී සියලුම දේවල් මුහුදට ගසාගෙන ගියාලු.ඒ අතර
දෙවියන් අත තිබූ මහානුභාව සම්පන්න සියලුම වස්තූන් සයුරට ඇදී ගියාලු.මේ අතර දේවයන්
අමරණීය තත්වයට පත් වූ අමෘතය ද සමුදුරේ රල පෙළ අතරේ සැගවී ගිය කියලයි සැලකෙන්නේ.විෂ්ණු දෙවියන් ශිව දෙවියන් වගේ බලගතු දෙවිවරු අමරණීයත්වයට පත් වුනේ අමෘතය පානය කිරීමෙන් කියලයි සැලකෙන්නේ.ඉතින් දෙවියන්
සතු මේ වස්තුව නැති වූ බව දන ගත අසුරයින් බෝ හෝ සේ සතුටුව සුරයන් හට කරදර කරන්නට
වුනාලු.මේ අසුරයින් ගේ දුක් විදින්නට බැරිම තැන සුරයින් තමන් ගලවගන්න ලෙසට විෂ්ණු
දෙවියන්ට ආයාචනා කරන්නට වුනා.ඉතින් මේ ගැටලුව ගැන කල්පනා කල විට විෂ්ණුට පැහැදිලි
වුනේ මෙයට තියෙන එකම විසදුම නැවත අමෘතය ලබා ගැනීමම පමණක් වන බවයි.ඉතින් විෂ්ණු
දෙවියන් ශිව දෙවියන් හා
එකතුව මන්දර
පර්වතය ගලවා වාසුකී නම් න රජු ඒ වටා ඔතා විෂ්ණු දෙවිදු කුර්ම අවතාරයෙන්
ලොව පහල වී කිරි සයුරේ කිමිද එහි පත්ලටම ගිලී මන්දර පර්වතය පිට මත තබා ගන්නා
ලදී.වසුකීගේ වලිගයෙන්ද හිසින්ද අදිමින් ඉදිබු වේශයෙන් කිරි සයුරේ ගිලී
සිටි විෂ්ණුගේ පිටමත වූ මන්දර පර්වතය සොලවමින් සුරයෝ කලබන්නට වූ බව
සැලකෙනවා.ඒ කලබීම හේතු කොටගෙන යාලුවනේ රල පෙළ සගවාගෙන තබාගත් ඒ මහාර්ඝ
වස්තූන් එකින් එක ආයේ මතුවෙන්නට පටන් ගත්තලු.කල්ප වෘක්ෂය , සුරබිදෙන , ශ්‍රී ලක්ශ්මිය , හලා හලා විෂ වැනි ඒ වස්තූන් සමග අමෘතයද
නැවත ඒ අතුරෙන්
මතු වූහ.නැවත
අමොර්තය ලැබුණු නිසා සුරයින්ට අසුරයින් පරදා ජය ගන්නා හැකි වුනා යැයි
සැලකෙනවා.
03.වරාහ අවතාරය
තවත් කලෙක
යාලුවනේ හිරන්යාක්ෂ නම් බලවත් අසුරයා අපේ මහා පොලව සමුදුර පතුලට හෙලූ අතර
එම නිසා සයුර කැලඹී මහා ජල කදක් ඇති වුනාලු.එයින් ලෝකය බිලි ගන්නට සැරසෙද්දී විෂ්ණු
දෙවියන් වරාහ අවතාරයෙන් (සූකර වේශයෙන් ) ලොව පහල වී එකී රුදුරු අසුර එක්ක සටන් කර
තම දලින් එන ඔහුව මර දමා තම දලයෙන් පොලොව සමුදුරෙන් මතු පිටට ගෙනවිත් ඒ මහා
ජලස්කන්දෙන් ලෝකය බේරාගත්තේ යැයි සැලකෙනවා.
04.නරසිංහ අවතාරය
මේ විෂ්ණු
අවතාරය ගැන නම් සමහර වෙලාවට ඔයා දන්නවා ඇති.මෙම අවතාරයේදී අඩක් මිනිස් වේශයෙන්ද
අඩක් සිංහ වේශයෙන්ද දක්නට ලැබෙයි.දැඩි බලසම්පන්න වතාවත් වල යෙදුනු අසුරයෙක්
හැටියට එකල හිරන්යකශිපු ප්‍රසිද්ධව සිටියා.බ්‍රහ්මනයෙක්ගෙන් අසීමිත ලෙස
වරයක් ඔහු විසින් ගන්නා ලදී.එනම් දහවලේ හෝ රාත්‍රියේ යන දෙකෙහිම මිනිසෙකු දෙවියෙක්
මුර්ගයෙකු යන කාටවත්ම තමාව නොමැරිය හැකි බවයි.මේ අසාධාරන බලයෙන් යුක්ත අසුරයා
දෙවියන්ටද මිනිසුන්ටද එක සේ කරදර කරන්නට වුනා .නමුත් ඔහුගේ වාරයේ ස්වභාවය නිසා
කාටවත්ම ඔහුව මර්ධනය කරන්නට බැරි වුනා.නමුත් ඔහුගේ පුතා වූ ප්‍රහ්ලාද ඉතා සාධාරණ
පුද්ගලයෙකු වුනා .තම පියාගේ නපුරු වැඩ බල ඉන්න බැරි තැන ඔහු විෂ්ණු දෙවියන් මුණ
ගැසී මේ උවදුරෙන් ලොව ගලවාගන්නා ලෙස සැල කර සිටියා.ඉතින් අපේ ශ්‍රී විෂ්ණු දෙවියන්
දවාලටත් රැයටත් අයිති නොවෙන සැන්දෑ සමයක අර්ධ මිනිස් අර්ධ සිංහ වේශයක් ඇති නර සිංහ
අවතාරයෙන් ලොව පහල වී අසුරයාගේ මාලිගය බලා ගොස් එහි ආරක්ෂක කුළුණක්
පුපුරවාගෙන ඒ තුලට ඇතුල් වී තම බයංකාර මුර්ග කමින් ඔහුව මරා දමන ලදී.
05.වාමන අවතාරය
විෂ්ණුගේ වාමන
අවතාරය පිලිබදව පොත පතේ සදහන් වෙන්නේ මෙන්න මේ විදියටයි යාලුවනේ.ලොව එක‍් කලක බලි නම් අසුරයා උග්‍ර
තපස් දම් රකිමින් මහත් වූ බලයක් ලබාගෙන එයින් උදම් වී ලෝ ජනයා හටද දෙවිවරු හටද
සැහැසිකම් කරන්නට වුනාලු.ඉතින් ඔහුගේ මේ අසීමිත බලයට බිය වූ දෙවිවරු ඊට එරෙහිව
පියවරක් ගන්නා බය වුනාලු,මේ වෙලේ වාමන වේශයකින් ලොව පහල වූ විෂ්ණු
දෙවියන් අසුරයා වෙත ගොස් තම තමාගේ තුන් අඩියක් වැසෙන තරමේ බිම් ප්‍රමාණයක්
ඉල්ලා සිටින ලදී.අසුරයා ඊට වරම් දුන්නු සැනින්ම එක්වරම යෝධ ශරීරයක් මවා ගත් වාමන අවතාරය තම තුන්
අඩියෙන් අහසද පොළොවද වාතස්කන්ධයද වසා ගන්නා ලදී.ඉතින් අවසානයේ බලි ට ඉතුරු වූයේ පාතාල ලෝකය පමණි.
06.පරශුරාම අවතාරය
පරශුරාම යනු
පොරොවක් අතින් ගත් තැනැත්තා යන අදහසයි .ඉතින් අතීතයේ ජමදග්නි නම් බ්‍රාහ්මණයාට
පුත්ව විෂ්ණු දෙවියන් පරශුරාම අවතාරයෙන් ලොව පහල විය.එකල රජ කල කාර්තිවීර්ය රජු
ජමදග්නි සතු සියලුම දේපල සොර ගන්නා ලදී.ඒ වෙලේ පරශුරාම අවතාරයෙන් සිටි
විෂ්ණු එම දුෂ්ට කාර්තිවීර්ය රජු මරා දමන ලදී.තම පිය මරා දැමුණු බව ඇසූ
කාර්තිවීර්ය රජුගේ පුත් කුමාර කෝපයට පත්ව ජමදග්නි රජු මරා දමන ලදී.මෙයින් අසීමිත ලෙස කෝපයට පත් විෂ්ණු පරශුරාම ක්ෂත්‍රීය
කුලයේ සියලුම පිරිමින් පිට පිට විසි එක වතාවක් මරා දමන ලද බව සැලකෙනවා.
07.රාම අවතාරය
ආයෝද්යාවේ
දශරථ රජුගේ පුත් කුමරෙකු ලෙස විෂ්ණු දෙවියන් කලක ලොව පහල විය
.රාමායනයේ කතා නායකයා වන රම කුමරු විෂ්ණුගේ මේ රම අවතාරය වේ.සීතාවට දිවි හිමියෙන්
පෙම් බැදී රාම කුමරුන්...රාමචන්ද්‍රන් ලෙසද ප්‍රකටය,ලක්දිව රාවනා පරපුර සමග සම්බන්ධ මේ කතා
පුවතේදී විෂ්ණුගේ රම අවතාරය හින්දු අගමේදී මනාව පිලිබිබු කර තිබෙනවා දකින්න
පුළුවන්.
08.ක්‍රිෂ්ණ අවතාරය
ශ්‍රී විෂ්ණු
දෙවියන් ක්‍රිෂ්ණ ලෙස ලොව පහල විය මේ කතාව ඉතා රසවත් මෙන්ම දිගු කතා පුවතක්
වෙනවා.මථුරා පුරයේ වාසුදේව සහ දෙවකී යන දෙපලට දාව පවුලේ අටවන පුත්‍රයා ලෙස ක්‍රිෂ්ණ
ලොවට පහල විය.ලංකාවේ පණ්ඩුකාභය සිද්දියට සමීප සීද්දියක් මෙහිදීද සිදුව අත.නිමිති
කරුවන්ගේ වචනයක් අනුව දේවකීගේ අටවන පුත්‍රයා අතින් කංස රජුට මරණයට පත්වෙන්නට
තිබූ බව දන ගත් කංස රජ දේවකීට ලැබෙන සම පිරිමි දරුවෙක්ම විනාස කළේය.නමුත් ක්‍රිෂ්නයන්
විනාස කරන්නට දේවකීගේ ලොකු පුතා වන බලරාමයෝද,කංස රජුද ගත් සියලු උපායන් වතුරේ ගියේය. සියල්ලටම රහසින් නන්ද නම්
ගොපල්ලෙකුත් ඔහුගේ බිරිද යශෝදත් කුඩා ක්‍රිෂ්නයන් වෘන්ද නම් වනයක කුඩා කල පටන් හදා වඩා ගත්හ.ක්‍රිෂ්ණ කුඩා කල පටන් බොහෝ පුදුම සහගත දේ කල බව පැවෙසෙනවා .ඔයාල දැකල
ඇති ක්‍රිෂ්ණ කුමරුන් හරිම ලස්සන කෙනෙක් බට නලාව අතින් ගෙන තමයි එයා ඉන්නේ..ක්‍රිෂ්ණ
ගෝපි තරුණියන් හා පෙමින් බැදෙන්නට වුනා කාලයත් එක්ක ..ඒ අතුරින් ඔහුගේ ප්‍රධාන පෙම්වතිය වුනේ
රාධා.අහල ඇතිනේ රාධා ක්‍රිෂ්ණ පෙම් පුවත.තරුණ වියත් එක්ක ක්‍රිෂ්ණ කංස රජු මරා දමා මථුරාපුරය අයිති කරගන්නට යෙදුනා.අවසානයේ මගධ රජ කෙනෙකු ඔහුට විරුද්ධව සටනට පැමිණීම
හේතුවෙන් ඔහු මථුරාවෙන් පැන ගොස් රුක්මනී නම් දේවියක් සරණ
පාවාගෙන ද්වාරක නම් නුවරක ජීවත් වන්නට වුනා.මුළු භාරතයේම අසදරණයට විරුද්ධව නැගී
සිටි ක්‍රිෂ්ණ අවසානයේ අදිපතින්ගේ ක්‍රියාවන්ට කල කිරී ආත්මයෙන් නැතිවී ගියාලු.ඔහු
ඇති කල ද්වාරකා නම් නුවර මුහුද විසින් ගිල ගත්ත කියලයි සදහන් වෙන්නේ.
09.බුද්ධ අවතාරය
ශ්‍රී විෂ්ණු
දෙවියන්ගේ අවතාරයක් ලෙසට බුදුන් සලකන්නට භාරතයේ හින්දු ජනයා පුරුදු වී සිටිනවා.එම
නිසා වර්තමානයේ විෂ්ණු අදහන අය බුදුන්ගේ පිලිමයකටද වන්දනා මාන කරන්නට පෙලබී සිටිනවා
10.කල්කින් අවතාරය
අපි මෙතෙක් කතා
කල සියලුම අවතාරයන් මේ වන විට ලොවට පහල වූ ඒවා වේ,නමුත් මේ කල්කින් අවතාරය අනාගතයේදී ලොවට පහල වන බවට විස්වාස කරන අවතාරයක්
වේ.මේ කලියුගය අවසානයේදී සුදු අසෙකු පිට නැග ගිනි දළු සහිත අසිපත අතින් දරා ශ්‍රී
විෂ්ණු කල්කින් අවතාරයෙන් ලොවට පහල වන බවට විස්වාස කරනවා.අධර්මිෂ්ටයින් නසා සාදු
ජනයා සුරකින්නට ඔනු ලොවට පහල වන බවයි සැලකෙන්නේ.
හරි ඔන්න
ඔය විදියට තමයි විෂ්ණු දෙවියන්ගේ දස අවතාර ගැන සදහන් වෙන්නේ.විෂ්ණු දෙවියන් නිල
පැහැති ශරීරයක් හිමි කෙනෙක්.සංඛයක් . චක්‍රයක් , ගධාවක් ආයුධ ලෙසටද ඇත දරාගෙන සිටින අතර
වහනය ගුරුළා වේ.කසාවන් වස්ත්‍රයකින්ද රක්තවර්ණ සලුවකින්ද සැරසී සිටින ඔහුගේ ලය මත
ශ්‍රී වස්ත සලකුණ ඇත .
ශාන්තිය කරුණාව දයාව සව්භාග්‍ය ආදී බොහෝ දේ කටත්
විෂ්ණු දෙවියන් දේව සභාවේද මහා දෙවි හැටියට සැලකෙනවා. ශාන්තිකර්ම වලදී පවා දේව මණ්ඩලේ ප්‍රදාන
දෙවි හැටියට එතුමන්ට ආරාධනා කරන අයුරු අපිට දැක ගත හැකියි .
ආල වදන රුවන්
දුන්න පණිවිඩ කරලා
දෑල වරේ රන්
දුන්නේ එලිය බලලා
නීල වර්ණ දේව
රැසින් ගිනිජල් දීලා
කොළ නැතිව
විෂ්ණු මෙමල් අස්නට වැඩලා
වලා යටින්
පායන පුන් සදෙසේ දිලෙනවා
දූලා එරන්
සදුන් රුකක් සේම පෙනෙනවා
හෙළ දිෂ්ටි
බලා සතුන් දුකින් මුදනවා
බල එසිරි මෙමල්
අසන විෂ්ණු වඩිනවා
නපුර
නසමින් ලංකාදීපයත් සම්බුද්ධ සාසනයත් සුරකින එතුමන් ලංකාදීපයේ මුර දේවතාව ලෙසට
සලකනු ලබනවා.
Wednesday, September 26, 2012
හැපි බර්ත්ඩේ ටූ යූ.....!! අවුරුද්දක් වැස්සේ තෙමීමි.....
කොහොමද ඔයාලට.....හැමෝම සතුටින් ඇති ...ටික කලක් නිවාඩු අරන් වගේ ඉදලා වැහි
පොදට ආයෙම ගොඩවුනා.මේකනේ සහෝ වැලේ වැල් නැති කල්පයත් මොනා හරි දේකට පාර හදාගන්න
එපැයි.කොහෙද ඉස්කෝලේ ගිය ටිකෙත් කරත් කලේ මෙලෝ රහක් නැති වැඩ.ඉතින් කෝම හරි
අන්තිමේ හිතේ සතුටින් වැඩ කරන්න පුවවන් පාරක් සොයා ගත්තා.ඉතින් හා හා පුරා කියලා
ඒකේ අධ්‍යාපන කටයුතු වල හිරවෙලයි උන්නේ.ඒ විත්ති වැඩක් නෑ.
ඔන්න මම අද උඹලට ලොකු
කෙක් ගෙඩියක් අරගෙනමයි ආවේ.2011 අවුරුද්දේ අද වගේ දිනයක තමයි මම ඉපදුනේ...නෑ නෑ
කල්පයා මේ බ්ලොග් කෙරුවාවට අත්පොත් තිව්වේ.ඒ කියන්නේ මචං වැහිපොදේ කුළුදුලේ
උපන්දිනය අද.බ්ලොගය වගේම තමයි කල්පත් තාම පොඩි කොල්ලා.ඉතින් කොම්පීතරයත් එක්ක කාලයක්
ඔට්ටු ඇල්ලුවට මේ බ්ලොග් කෙරුවාව ඇත්තටම මම දැනං හිටියෙ නෑ.හැබැයි මතකයි කලකට
ඉස්සෙල්ලා මේ වගේ මොකක්දෝ හැදුවා කියලා...මතක නම් නෑ දැන් ඒක නිකන් ආතල් එකට හදන
ඊමෙල් එකක් වගේ වෙන්න ඇති.
හරි කොහොමින් කොහොම හරි මේ වැඩේම එන්ටර් වුන හැටි
කියමුකෝ.ගිය අවුරුද්දේ ඔය එක්තරා මොකක්දෝ වැඩ සටහනකින් මට අපූරු ඩයල් එකක් සෙට්
වුනා.කොහොම හරි අපි හොද බොක්කක් වුනාට පස්සේ දවසක් මිනිහගේ බ්ලොගය කියවන්න මට ඉඩ
ලැබුනා.අම්මට සිරි ඇත්තටම එදා හිතුනා ඇයි මටත් බැරි කියලා මෙහෙම වැඩක්
කොරන්න.කියන්න අමතක වුනානේ කවුද අර ඩයල් එක කියලා.වෙන කවුරුත් නෙමේ ලට්ට ලොට්ට
බ්ලොගය ලියන පොඩ්ඩා.පොඩ්ඩා කිවවට උගේ එක 18 මෙහා එකෙක්ට බලන්න බෑ.මොනා වුනත් කියවපු
මුල්ම දවසේ ඉදන් මම උගේ ඒ ලට්ට ලොට්ට ගොඩට ආසා කලා.කමෙන්ට් නොකලට හැමදාම
කියෙව්වා.ඇති ඇති අඩෝ මූ ගැන කිව්වට මූ මට ගානක් දෙනවැයි මොකෝ.ඉතින් පොඩී ගෙනුත්
විස්තර අහන් කල්පයා අත ගැහුවා බ්ලොගයට.මුල්ම පොස්ට් දෙක තුන නම් මෙලෝ රහක්
නෑ.සිරාවටම දැන් බැලුවම මමද කියලා හිතෙනවා ලිව්වේ.ඒත් ඒවා අයින් නොකරන්නේ ඒ මගේ
පලවෙනි අඩි දෙක තුන නිසා...අහා කියන්න අමතක වුනානේ වැහි පොදක් කියන නම නම් හිතය
ඔහේ ආපු එකක්.ෂුවර් එකටම වැස්ස දවසක වෙන්න ඇති ලියන්න ඇත්තේ .
ඉතින් ඔහොම පොස්ට්
දාද්දි මාසෙකට විතර පස්සේ පලවෙනි කමෙන්ට් එක වැටුනා.ඒක දැක්කම හිතට ආව කික් එක නම්
කියල නිම කරන්න බෑ සහෝ.මට මතක විදියට ඒක දැම්මේ සුලග ටීම් එක....ඔහොම ගෙවිලා
යද්දී මාත් එක්ක ඉන්න අයත් ටික ටික වැඩි වුනා.ඒවා දකිද්දිත් හිතට ආවේ අමුතුම
ගැම්මක්.මට මතකයි මගේ මුල්ම සගයෝ ටික නන්දු...තාරා...මධුරංග...දිනේෂ් අයියා...නිපූ
නගා...දිනිති අක්කා..සහෝදරයා....නුවන් ...රැංගෝ...ලොකු ජෝන්....තරූගේ
ලෝකය..හිතුවක්කාරි..නුවන් ඔය වගේ සහෘදයන්
ටිකක්.අනේ නම් අමතක වුනානම් සමාවෙන්න ඕන.ඉතින් ටිකෙන් ටික සහෝදර බ්ලොග් වල අභාෂයත්
අරන් කල්පයා දිගටම ලිව්වා.එක එක විකාර ලියන්න ඇති.ඒත් ලියද්දී තේරුනේ මම
ලියපු පෝස්ට් වලින් වැඩිපුර පුතිචාර ලැබුනේ දේව සාහිතයයේ ලිපි වලට ඒ වගේම පාසල් අත්දැකීම් වලින් ලිව්ව ලිපි වලටයි.
කෝම හරි දේව කතා අහන්න ආසයි කියලා දැනුන නිසා සරල විදියට මේ අවුරුද්දේ පුරාවෘත්ත
පුළුවන් තරම් ලියන්න වේලාව එක්ක උත්සාහ ගන්නම්.ආ තව දෙයක් දේව සාහිත්‍යයය ලියද්දී
තර්ක විතර්ක කරමින් ලිපි වලට අදහස් පල කල සැමට තුති.මොකද මමත් අළුත් දේවල් එයින්
ඉගෙන ගත්තා.ඉදිරියටත් ඒක එහෙමම කරහල්ලා සහෝ මොකද සංවාදේ තියෙන තැන තමයි අළුත් දේ
බිහිවන්නේ.
ඉතින් ඔය අස්සේ ගාල්ලේ ගේට්ටුවත් තිබ්බනේ.පොඩීගේ ඇරයුමෙන් මමත් ඒ පැත්තට
සේන්දු වුනා.එදා තමයි බ්ලොග් කියන දේ පරාසය ගැන තේරුනේ.ඇත්තටම සුපිරි සෙට් එකක් එක
එක අදහසි තියෙන විවෘතව කතා කරන එලම ගැන් එකක් එදා සෙට් වුනා.ඒ ගමනත් එක්ක වැහි
පොදට යන එන පිරිස වැඩි වෙන්න ගත්තා.එදා අදුනගත්ත අය මාත් එක්ක එකතු වුනා.තව සයිබර්
සිහින උලෙලදීත් ගොඩාක් අය අදුනගෙක වැහි පොදත් එක්ක එකතුවුනා...කමෙන්ට් ෆලෝවර්ස්ලා
පසුපස්සේ දුවන්නේ නැතුව කල්පයා දිගටම ලිව්වා.දාන එක කමෙන්ට් එකට හරි උපරිම
තෘප්තියෙන් විදින්න කල්පයට පුළුවන් වුනා.හරි ඉතින් සහෝ ඉඩ කඩ ලැබෙන සෑම වෙලේම මොනා
හරි දෙයක් ඔයගොල්ලෝ වෙනුවෙන් ලියන්නයි උත්සාහ ගත්තේ..සමහර ප්‍රයන්ත සාර්ථක මෙන්ම
අසාර්ථක වෙන්නත් . ඇති....ඇයි යකෝ ඇත්තටම එකක්ක දෙකක් මටම මොලෝ රහක් නෑ...ඉතින් එහෙනම්
කේක් එකත් කපා ගෙනම කන්නකෝ.අළුත්ම දේව ලිපි පෙලක් ලගදීම ලියන්න පටන් ගන්නම්
මචාං..
හොදද ඉතින් අවුරුද්දක් පුරාවට වැහි පොදත් එක්ක එකතු වෙලා සීතල වැහි බිංදු
අතරේ ජීවිතයෙන් තත්පරයක් හරි කැප කරලා
කල්පයට ශක්තියක් වෙච්ච ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි.ආදරයෙන් ඉල්ලන්නේ කුඩයක්
නැතිව එන්න වැස්සට ...දවසක් දෙකක් තෙමිලා යන්න...වැහි බිංදු අතරේ නලියන චමත්කාරය
දෑසින් දකින්න හදවතින් විදින්න.බය වෙන්න එපා ලෙඩ වෙන්නේ නෑ තෙමුනා
කියලා....වැහිපොද එක්ක කල්පයා එක්ක මෙතුවක් කල් රැදී සිටි ඔයාලා හැමෝටම බුදු
සරණයි!!
-----කල්ප----
Sunday, September 9, 2012
ලබැදි නුඹ............
ලබැදි නුඹ පැමිණි දා
හද මඩල වෙත ආදරෙන්......
දැනුනෙ නෑ මට මගේ නොව නුඹ
කියා කෙදිනකවත්......
කදුළු සිත්තම් නෙතේ අභියස
රන්දාලා රහසින්.....
උණු කදුළු කැට ඉතිරි කර මා
නික්මුණා නුඹගෙන්.......
ලැබූ ඒ මහ මෙරක් සෙනෙහස
සසර කෙලවර තෙක්.....
රැක ගනිමි එය මගේ නෙත් මෙන්
බොහෝ සුරැකිව දැන්......
කෙසේ කියම්දෝ හැරගියත් නුඹේ
හදේ අරණින් මං....
ඔබයි සැමදා සෙනෙහෙවන්තිය
ආදරේ මට දුන්.......
Tuesday, July 31, 2012
අමතකව ගිය ඒ පැතුම..........
මැදියම් රැයක් පහන් වනතුරු .....
පෙරදාක නිදි නෙලැබ බලා ඉද......
යවන්නට පෙරුම් පිරූ ඒ සුබ පැතුම.....
වසරක ඇවෑමෙන් අද මටත් අමතකව ඇත....
ඒ පැතුමේ කවරය වෙනස් වුවත්....
එදා මෙන්ම අහිංසකයි.......
පමා වුනත් ඒ පුංචි පැතුම මට....
හැමදාම නැති වුනත් ඒ විසල් ආදරය.....
දවටලා එවන්නම් කවරයේ කොනක....
නුඹ පිලි ගත්තත් නැතත් අද........
Subscribe to:
Posts (Atom)











