Wednesday, May 30, 2012
සරුංගලය......
මතකද එදා හැන්දෑවේ....
එකම එක සරුංගලයක්
එක නූලෙන් අල්ලගෙන හිටිය හැටි...
සරුංගලය වගේ නේද? අපේ පැතුම්...
ගොඩාක් උඩින් තිබුනේ
හිටපු ගමන් ආව රළු කෝඩයකට
ඒවා නොසෙල්වුනාම නෙවේ......
පුංචි හරි තිගැස්මක් ආවම
ඔයා මගේ අත තද කරගත්තා....
ඔව් සරුංගලය වගේම ඒ පැතුම්
මම ඊයෙත් අදත් හෙටත් රකිනවා හැමදාටම......
ඇයි මතක නැද්ද .....
අපි දිහා බලා ඉදිය චූටියෙක් කිව්වා
සරුංගලයට උඩ යන්න නූල කරදරයක් කියලා....
අනේ එහෙමයි කියලා
මටත් හිතුන වෙලාවල් තිබ්බා.....
ඒත් සරුංගලය උඩ තියෙන්නේ
නූලෙන් කියල ඔයා මට කියලා දුන්නා....
ඉතින් ඒ අහිංසක පැතුම් ගොන්නට
ඔයාගෙත් මගෙත් දෙහිතම ඕනි.....
හැමදාටම.....
ඇයි දන්නවද?
ඒවා අපි දෙන්නගෙම නිසා...
එන හැමදේටම මූණ දෙමු....
ඔයා මගේ ලග නම් මට ඕන කුණාටුවක්.....
Monday, May 28, 2012
හිතුවක්කාරකම්........
“ඔයා හරි හිතුවක්කාරයි......“
මතකද එදා මම කිව්වා
ඔය සුසුදු මුවගින් අල්ලා.....
හිතුවෙවත් නැති විදියට
ඒ අහිංසක හිතුවක්කාරකම
අද මටම නපුරක් වෙලා....
ගොඩාරියක් ඔයාටවත් නොදැනෙන තරම්........
Monday, May 14, 2012
ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව ලැබේවා!!
ඇත්තටම සොදුරු මිනිස්සුන්ගේ ජීවිත හරි කෙටි කියන කතාව ඇත්තක් කියලා මේ වෙලාවට තමයි තේරෙන්නේ.ජීවිතේ කියන්නේ ඕකට තමා ඉතින්...කොහොම වුනත් අපේ ආදරණීය මාමා සයිබරයෙන් විතරක් නෙමේ අපි හැමෝම දාලා ලොකු ගමනක් ගිහින්....මට නම් මාමා ගැන ලොකු දෙයක් කියන්න තරම් අයිතියක් නෑ මොකද බ්ලොග් ලිවිල්ල කල්පයටත් අළුත් නිසා..ඇත්තටම මම මාමා ගැන ලිව්වට මාමා මගේ එක පොස්ටුවක් වත් කියවලා නෑ....ඒත් ඒ ආදරණීය සහෘදයා කියපු එක දෙයක් තාමත් කල්ප ගේ හිතේ ඇදිලා තියෙනවා......
ඔබා මාමා කියන කෙනා මට හමුවන්නේ මුලින්ම සයිබරයෙන් ලස්සන පෝස්ට් එකක් කියවද්දී .එදා ඉදලා එතුමන්ගේ අඩවියේ පල වූ රස බර අත්දැකීම් ඒ රස කතා අපි බොක්කෙන්ම රස වින්දා....කොහොම කොහොම හරි සයිබර් උලෙලේදී තමා එතුමන් මට මුලින්ම මුන ගැහුනේ..පැත්තකට වෙලා මධුවිත පොඩ්ඩක් තොල ගගා ඉදිය මාමා දිහාවට ස්වායක්තයි අරුණැල්ලයි එක්ක කල්පයා සේන්දු වුනා..උන් දෙන්නා නම් කිව්ව ගමන් අදුන ගත්තා.
"මාමේ... මම කල්ප"
"ආ කොහොමද පුතා......."
එතුමන් කෙලින්ම බැලුවේ අපි එදා එල්ලන් ඉදපු ටැග් එක දිහා...
“වැහි පොදක් ....ම් ම් ම් ම් කියවන්න හම්බවෙලා නම් නෑ පුතේ අද ගිහින් අනිවාර්යෙන්ම කියවන්නම් " මාමා සුපුරුදු හිනාව දාන ගමන් කිව්වා....
ඉතින් ගොඩාක් වෙලා කතා කර කර ඉදලා එතුමන්ගේ ලගින් එද්දී අන්තිමට කියනවා .
"වැහි පොදක් අද බලන්නම් ආ....."
ඉතින් බ්ලොග් ඉතිහාසයේ සොදුරු අද්විතීය එවන් පුද්ගලයෙකුගෙන් එසේ ඇසීමම කල්පට ලොකු කික් එකක් වුනා...ඒත් එදා ඒ අව්‍යාජ හිනාවෙන් මූණ පුරෝගෙන ඉදිය ඒ මනුස්සයා දකින්න ලැබුන අන්තිම වතාව ඒක වෙයි කියලා කල්ප හීනෙන් වත් හිතුවේ නෑ.....
ඇත්තමට පුදුමයි එතුමන් මට මුනගැසුනු ප්‍රථම සහ අනතිම වතාව ඒ අවස්ථාව වීම....කොහොම වුනත් ඔබා මාමේ ඔබතුමන් මම දැන ගත්තු කාලෙට සයිබරයේ බ්ලොග් සටහන් අතරේ හොද කකුලක්....බොක්කෙන්ම හිත පිරිසිදු හොද මනුස්සයෙක්......
ඉතින් මට හිතෙන විදියට ජීවිතේ විදිපු කෙනෙක්.....ඉතින් සනත් විජේවර්ධන ආදරණීය සහෘදයානෙනි අප සැවෙම එක සිතින් ඔබට ප්‍රාර්ථනා කරන්නේ නිවන් සුවයි....යනෙනා තැනක සතුටින් කල් ගෙවන්න ලැබේවා......මෙසේ ඔබ අප හැර ගියත් හැමදාම අපේ බ්ලොග් පිටු අතරේ ඔබා මාමා යන නම සදාකල් පවතීවී.........
සදක් ලෙස පෑයුවා ඔබ අදුරු අහසට
මලක් ලෙස සුවද කලා ඔබ සයිබරයම
පහන ලෙස එලි කලා නුඹ අදුරු කැඩපත
විලක් ලෙස නැවතුනා නුඹ සියපතක් යට
Sunday, April 29, 2012
සෙල්ලම්ද කොල්ලෝ "හොරෙක් හොරෙක්.........."
ඔන්න මචන්ලා සෙල්ලම්ද
කොල්ලෝ කතා මාලාවෙන් අදත්
ආවා.........අපිට වෙච්චි පොඩි සීන් කෝන් ආතල් කතා කෑල්ලක් අරගෙන.මෙන්න මේකයි
සිද්ධිය.........
මේකත් අර
හොල්මන් කේස් එකත් එක්ක සම්බන්ධ සිද්ධියක්..ඒ වෑවර කේස් එක කියෙවුවේ නැත්නම්
මෙතනින් යන්න.මොකද? මුල් කතා ටික කියවලා ආවනම් හොදටම කේස් එක තේරෙයි...
හරි ඉතින් ඔය
උලව් හොල්මන් මන්දිරේ කරන්න ගිහින් රස ආකරයි කියලා මම කිව්වනේ..මේක මේ මන්දිරේ හදන
දවසක වෙච්චි දෙයක්...කොහොම හරි එදා රෑ පිට්ටනියේ ඉදියේ මමයි,තට්ටෙයි,රනෙයි ,වැලයි,ගොරෝ
නම් මතක නෑ ඌ ගෙදරට වෙලා බුදි මගේ හිතේ..තව රාමේ,ආ එතකොට අපේ වැලන්ටයින් ඌත්
ඉදියා...තව දෙතුන් දෙනෙක් හිටියා නම් මතක නෑ කොල්ලෝ...
ඔන්න ඉතින් රෑට කන්න කෑම
ගේන්න අපේ ගුස්පියෝ හතර පස් දෙනෙක් එලියට ගියා.අනිත් එවුන් මට ටිකක් එහායින්
ඉදියේ..මමත් හීතල හුලගට වැනී වැනී මන්දිරේ හදන්න ගෙනාපු පුවක් කොට කෑල්ලකට පශ්චාත්
බාගේ බර දීලා සිහින ලෝකෙක ඉදියේ.
.
“බොල හරකො
තෙමෙන්නේ නැතුව ඇතුලට වෙලා ඉදහන්” තට්ටේ මගේ පිටට
තට්ටුවක් දාගෙන එහාට ගියා.
ඉතින් බලාපල්ල මේ නස්ගෝනියා මරුවත් මදි ..ඇයි යකෝ ගහක්
කොලක් නැති මේ පිට්ටනිවේ මම අහවල් එකක් යටට වැස්සට යන්නද? මම ඉතින් මටම පොඩි කික් එකක් දා ගත්තා
මේ වගේ එවුන් අපේ ලගත් ඉන්න එක ගැන.
කොහොම කොහොම
හරි මම එතන පැය බාගයක් වගේ ඉදියා.අපේ එවුන් මට පේන මානයේ ඉදියේ..සේරටම වඩා
බඩත්ගිනි පාන් ගේන්න ගිය එවුන් පාන් හදනවද
කොහෙද? ඇයි හත්වලාමේ පැයක් වෙනවා ගිහින් ලොවෙත් කට්ටිය මොල්ලි අනනව ඇති.දන්නෙ නැති
එවුන්නේ ගියේ..
මම පොඩි
සද්දයක් ඇහිලා ඇහැරුණා.....
“දුවපාන්.....හයියෙන්
දුවපාන්........”
“මෙහෙන් වරෙන්
........ඔන්න එනවා”
අම්මට සිරි
සුනාමියක්ද බොලේ මේ ...මම ආයේ පුල් ඩිම් වුනා ...හෝදන්න දෙයක් නෑ ඒකේ....මොකද මුන්
කෑ ගහගෙන දුවන්නේ...මම වට පිට බැලුවා මුහුද නම් නිකන් සිල් අරන් වගේ. නෑ නෑ සුනාමි
කොහෙද මේ වෙලාමේ මම ඒ වෙලාවේ ඒ ගොබ්බ අදහසින් ඔළුව හදා ගත්තා.
ආයේ වට පිට
බැලුවා...
අඹ ගහේ
ජම්බු....
අපේ එවුන් ටික
පෝලිමට එකා පස්සේ දුවනවා පන දාගෙන .පිට්ටනියෙන් එලියට පැනලා සේරම එක්ක මහ පාර දිගේ
දුවන්න ගත්තා.
මොකක්ද බං මේ
වෙන්නේ පිට්ටනියේ මම විතරයි.මටත් නිකන් දැන් දැනෙනවා වකුගඩු කාර්යක්ෂමතාව වැඩි
කරලා වගේ හැගීමක්.
පරණ සීන් එකක රිටන් එකක්ද?
මුන් මොනවා
හරි හොරකම් කරලා කඩේ එවුන් ගහන්න එලවනවද?
එහෙමත්
නැත්නම් මොකක් හරි කුජීත වැඩක් කරලා මාට්ටුද?
නැත්නම්
පොලීසියේ ලොක්කගේ තට්ටේ පලලද?
අනිවා නැත්නම්
මුං ලොවෙත් ලොකු සෑර්ගේ ගෙදරට ගල් ගහලා ගේට්ටුවට තූ කරන්න ඇති....
ඔන්න මගේ
ඔළුවට ආ සිතුවිලි වලින් ටිකක්..
මම විතරයි
දැන් පිට්ටනියේ..මම අත දිහා බැලුවා ලනු කපන පේපර් කටර් එක මගේ අතේ..මෙතන ඉන්න බෑනේ
අරුන් දුවන් මෙතනට ආවොත් තනි මම අම්බානෙකට කන විත්තිය මගේ පොඩි මොලේටත්
ආවා..කොහොමද ටිකිරි මොලේ ඈ..
ගත්තා පේපර්
කටර් එක අතට ,
දැම්මා එලියට පුල්
තලේම,
තිබ්බා පය
ඉස්සරහට ,
දුන්නා රන් එක
නිල් වෙන්න
අපේ එවුන්
දුවනවා උන්ගේ පස්සෙන් තව හතර දෙනෙක් දුවනවා මම පිහිය දික් කරගෙන උන් සේරම පස්සෙන්
දුවනවා..කොහොමද ආ...
අම්මෝ
මහන්සියට නවතිනවා හුස්ම අරිනවා ආයෙත් ඇරපු හුස්ම අහුල ගන්නවා.....මම දුවනවා
“මයිනෝ එකෙක්
නැවතියං යකෝ ....මාවත් ඇදන් දුවපල්ලකෝ....” මම කෑ ගගහ පස්සෙන් දුවනවා
කෙලියා නේද
තාප්පෙට අපේ උන් ටික ඈත නැවතුනා මට පෙනුනා පස්සෙන් දුවපු එවුනුත් අපේ එවුන් ලගටම
ගියා .නයි කයිද රෝස්පාන් .මෙන්න බොලේ මුං කෙලිනවා පහත් වෙලා අම්බානෙකට...මම හතර
වරම් දෙවියන් සිහි කරලා කිට්ටු වුනා කට්ටිය ඉන්න පොට් එකට ....
දැකපු දේට තනි
ඇහැට ඇඩෙනවා කොල්ලෝ....
කවුද එකෙක් බිම ..ඌට කවුරු වුනත් දීලා නැති වෙන්න..අපේ
එවුනුයි පස්සෙන් එලවපු එවුනුයි අර බිම උන්නු හාදයගේ කරේ නැගගෙන..මෙන්න යකෝ
පොලීසියෙන් ආවා ඒ අස්සේ...මොන විලි සංග
වැඩක්ද ඒ??
එකෙක් එනවා
මගේ දිහාට තාම පිහිය මගේ අතේ....
"අනේ බුදු මාමේ පිහිය ගත්තේ ලනු කපන්න..ගොඩාක් දික්
කර ගත්තේ රෑට කන්න පාන් කන්න...මාමා දන්නවනේ පාන් ඇ දිගැටි මැද හිස් බෝල වගේ
ඒවා..".මම අහන්නත් කලින් කියාගෙන ගියා
"හි හි" මෙන්න
අංකල් කාරයා හිනාවෙලා මගේ පිටට තට්ටුවක් දාලා එහාට ගියා ...
අර බිම උන්නු
හාදයා අල්ලගෙන වාහනේ දාගෙන පොලිස් ලොක්කලා එතනින් වාෂ්ප වුනා.වෙන දේවල් බලන් ඉදලා
මට නිකන් කොයිල් වගේ..මට පිස්සුද එහෙමත් නැත්නම් මුන්ට පිස්සුද?
මම හීන්
සීරුවේ කිට්ටු කලා රනේ ගාවට .
“අනේ බං මට
පිස්සු ....කියහං මයෙ බොක්ක මොකද වුනේ
කියලා....”මම ඌ ගාවින්
වාඩි වුනා
“මුකුත් නෑ බං
අපි පිට්ටනියෙ කතා කර කර ඉද්දී ඇහුනා සද්දයක් හොරෙක් හොරෙක් කියලා
අපි හැරිලා
බලද්දී පොරක් දුවනවා බෑග් එකකුත් අරන්.."
“ඊට පස්සේ”මට නම් දැන් කොයිල්
එකෙන්ම.
"උගේ පස්සෙන්
ආව අංකල් කෙනෙක් කිව්වා..අනේ පුතේ අර මිනිහා මගේ බෑග් එක අරගෙන දිව්වා
කියලා...ඉතින් බං පව්නේ මනුස්සයා ..අපි ටික අර ගොබ්බයගේ පස්සෙන් එලෙව්වා ඌව
අල්ලන්න ....උඹට කියන්න බං ඌ නීල කාපර් හොරෙක් රන් එක දුන්නා නැති වෙන්න..තාමත්
මගේ කකුල් රිදෙනවා” රනේ කිව්වා..
“උඹ මේ ඇටි
කෙහෙලක් කතා කරනවා.එතකොට යකෝ උඹලා අරම මහ හයියෙන් කෑ ගහගෙන ගියේ හොරෙක් පස්සෙන්ද? “ මම හීන් හඩින් ඇහුවා..
“ඔව් ඇයි මොකෝ
අවුල” රනේ කියපි.
“නෑ මුකුත් නෑ “
“කියහන් කියහන්”
“නෑ ඇයි යකෝ කෑ
ගැහුව එක වාක්‍යයක හොරෙක් කියලා යෙදුවේ නැත්තේ” මම ඒ ටික රනේට කනට කරලම කිව්වා...
ඉතින් බලන්න
කොල්ලනේ මේ නසරානි රැල එක්ක තව මොන කතාද?
Saturday, April 21, 2012
අළුත් අවුරුද්දේ වෙනස්ව හිතමු..........
අවුරුද්දට පස්සේ ඉස්ස ඉස්සෙල්ලම මේ පැත්තට අදයි එන්න ලැබුනේ....කොහොම වුනත් හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා වැහිපොදින් ප්‍රාර්ථනා කරනවා...ඉතින් අළුත් අවුරුද්දේ මොනවද අළුත් වැඩ.තාම plan කරලා නැද්ද යාළුවනේ ...නැත්නම් අළුත් දේවල් ටිකක් හිතලා අදම පටන් ගන්න.....අහලා ඇතිනේ අපි ජීවත් වෙන්නේ සිහින වලට ජීවය දෙන්න කියලා කතාවක්.අන්න ඒ නිසා මේ පුංචි හිත් වල තියෙන ඔය පුංචි හීන ටික ඇස් මායිමේම හැබෑවක් කරගන්න උත්සාහ ගන්න...ඉතින් කල්පටත් මේ අවුරුද්ද ගොඩාක් සතුටුයි මොකද මේ පාර ගෙදර හැමෝම එක්ක අවුරුද්ද සමරන්න පුළුවන් වුනා....කොහොම කොහොම හරි මේ ලගදී දවසක රූපවාහිනිය බලද්දී රූපවාහීනී වැඩසටහනක් මගේ හිත් ගත්තා..ඇත්තටම අළුත් අවුරුද්දට අළුත් සිතුවිලි ටිකක් ඒකෙන් ගන්න පුළුවන් වේවි කියලා මට හිතුනා...අවුරුද්දටම නෙමේ අපේ ජීවිත කාලෙටම මොනවා හරි දෙයක් ඒකෙන් ගන්න පුළුවන් කියලයි මට දැනුනේ...ඉතින් උදේ අවදි වුන ගමන් ඇහිච්ච මේ වැඩසටහනෙන් පුළුවන් විදියට මම වෙන් කර ගත්තු කරණු ටිකක් පහලින් තියෙනවා .ඇත්තටම යාළුවනේ ජීව්තයේ ධනාත්මක සංකල්පය වැඩිදියුණු කරගන්න මේවා ඔයාලට යම් තරමකින් හෝ ඉවහල් වේවි....හරි එහෙවම් ඔන්න මේ ටික හීමීන් සීරුවේ කියවලා ඔළුවට අදහසක් දා ගන්නකෝ....මේ කරුණු අපේ ජීවිතයට කොතරම් සමීපද බලන්න යාළුවනේ.........
1. කෙහෙන් හරි පටන් ගන්න නොනැවතී ඉදිරියට යන්න.
2. වඩා භයානක ආර්ථික දිලිදුභාවය නොව මානසික දිලිදුභාවයයි.
3. කරනා දෙය හරියට කරන්න ලැබෙනා දේ ගැන නොසිතන්න.
4. කාලය යනු ජීවයයි.
5. වැදගත් සිදුවූ දෙය නොව අප එයට දක්වන ප්‍රතිචාරයයි.
6. අරමුණු ඇත්තෝ ලොව ජය ගත්තෝ.
7. වෙනස් යනු වැරදියි යන්න නොවේ.
8. අගය කිරීම වැඩෙන් කරමු.
9. ඔබ ජීවත් විය යුත්තේ ඔබේ සිහින වලට ජීවය දීමටයි.
10. ලොව වෙනස් කලේ කීකරු මිනිසුන් නොවේ අකීකරු මිනිසුන් වේ.
11. වැදගත් ඔබ කොතරම් උපයනවාද නොව උපයන දෙයින් කොපමණ ඉතුරු කරනවාද යන්නයි.
12. සාර්ථකත්වයට කෙටි මංමාවත් නැත.
13. සාර්ථක වූවෝ අමුතු දේවල් කල අය නොව කරනා දෙය වෙනස් අයුරින් කල අය වේ.
14. ඉන්නා බව දැනෙන්න ජීවත් වෙන්න.
15. වෙනස් කල හැකි දේ වෙනස් කරන්න වෙනස් කල නොහැකි දේ දෙස බලන ආකාරව වෙනස් කරන්න.
16. විවේචනයෙන් ඔබ්බට.
17. ඔබ යනු ඔබගේ සිතුවිලි වල ප්‍රතිඵලයකි.
18. ජීවිතයෙන් මම තඹ සතයක් ඉල්ලා සටන් කලෙමි.ජීවිතය මට තඹ සතයකට වඩා කිසිවක් දුන්නේ නැත.
19. දුන්න දුනුගමුවේ - ඊතල කිතලගමුවේ.........රාල මීගමුවේ - මුවෙක් ඇඩුවයි සබරගමුවේ.
20. ලොව කිසිවෙකුට වෙනස් නොවී සිටිය නොහැක.ඔබ වෙනස් වන්නේ කවර දිශාවටද?
21. මිනිසුන් අසාර්ථක වන්නේ නැත.කරනුයේ සාර්ථකත්වයට කලින් අත්හැර දැමීමයි.
22. වෙනස් ප්‍රතිඵලයක් අවශ්‍යය නම් කරනා දෙය වෙනස් කරන්න.
23. ඔබ සතුව කවර කුසලතා ඇත්තත් මිනිසුන් සමග වැඩ කිරීමේ කුසලතාව නැත්නම් ඉන් කිසිවකින් පලක් නැත.
24. මා හට ඔබ වෙත දිය හැක්කේ කුමක්ද?
25. අනාගතය යනු වර්තමානයයි.
26. අපි රැකියා වලට සුදුසු නැද්ද? අපිට සුදුසු රැකියා නැද්ද?
27. කරදරර අපට කරදර කරන තුරු ,කරදර වලට අපි කරදර නොකල යුතු.
28. යමක් ලබන්න යමක් කරන්න.
29. වයසක ඔබ බලා ගත යුත්තේ තරුණ ඔබ විසින්මය.
30. ආකල්පමය වෙනසක් අවශ්‍යය කර තිබේ.
31. ඔබ ඊයේ කරදර වූ හෙට දවස අදයි.
32. අසාර්ථකයි කියා දෙයක් නැත.ඇත්තේ අත්දැකීම් ගොන්නක් පමණි.
33. වලක් වුවත් කලක් ගිහින් මලක් පිපී විලක් වෙනවා.
මේවා කරුණු වශයෙන් දැක්වුවත් ඉතා ගැඹුරින් ජීවිතය හා සමගාමීව අධ්‍යනය කල හැකි කාරණා යාළුවනේ.....ඒ හින්දා ටිකක් හිතලා බලන්නකෝ.....ඇත්තටම මේ වැඩසටහන මෙහෙයවපු ගුරුවරයාගේ නම නම් මතක නෑ මට .කොහොම වුනත් එතුමන්වත් ස්තූති පූර්වකව මේ වෙලාවේ මතක් කරන්න ඕන...වැදගත් යමක් කියලා දුන්නට.... ඉතින් ලැබුවාවූ අළුත් අවුරුද්දත් හැමොටම ජය කෙහෙලි නංවන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා යාළුවෝ හැමෝටම ජය වේවා!!

Tuesday, March 27, 2012
නගා මැරූ අල
කාලෙකට පස්සේ පෝස්ටුවක් ලියන්න කියලා හිතුනා...එක එක වැඩ නිසා සිංහල ටිකක් කොටන්න වත් වේලාවක් නෑ යාළුවනේ...ඒත් ඉතින් පොඩි වේලාවක් හරි වැස්සට තෙමෙන්න කල්පය අද ඕං ආවා...මෙන්න මේකයි අද ස්ටෝරි එක..ලේස්ති වුනේ නම් කාලෙකින් යක් කතාවක් ලිව්වේ නැති නිසා එයින් එකක් ලියන්න.ඒත් ඒකටත් ඇතුලත් පොඩි විස්තරයක් මෙන්න මේක..
හරි මෙන්න මේකයි සිද්ධිය....අද කතාව උඩවැඩියා ගහක් ගැන.ඒත් මේක ටිකක් විශේෂයි.ඒ වගේම දුර්ලභයි..අපි මේක ගැමි වහරේ හදුන්වන්නේ “නගා මැරූ අල” කියලා.ඔයාලා සමහරක් විට මේක අහලත් ඇති..ඒත් නගා මැරූ අල ගැන දන්න නොදන්න විස්තර ටිකක් සොයා බලමු..ඉතින් සේරමට කලින් බලා ගන්නකෝ මේ පහල තියෙන්නේ ඔය කීව උඩවැඩියා අල ශාකය.
හරි අපි දැන් බලමු මේ ගහට මේ වගේ නමක් එන්න හේතුවුන අතීත කතාව...මේ සම්බන්ධව නම් යාළුවනේ ජනප්‍රවාද බොහෝමයයි..විමසිල්ලෙන් බැලුවම අපිට තේරුම් යනවා ඒ සේරමගේම තියෙන්නේ එකම සිද්ධි මාලාව කියලා..එහෙම වෙලා තියෙන්නේ ප්‍රාදේශීය වශයෙන් ජන වහරේ ඇති විෂමතාවයයි...ඔය කොහොම වුනත් ටිකක් වෙනස් විදියේ අදහසක් තමයි මේක...
දන්තපුරයේ බඹදත් රජුගේ පුත් සිංහකුමාර රජුට දාව හංසවතී දේවියට රෑමත් පුතෙකු ලැබින.ඉතින් මේ ලස්සන කුමරුන්ට දළ කුමරු කියා නම් තැබීය.අපි හැමෝටම වගේ දළ කුමරුගෙත් ජන්ම පත්‍රය (ඒකිව්වේ කේන්දරය) හැදීම නැකැත් පිලිබද උගත් ඇදුරන් වෙත බාර කලා..ඉතින් ජන්ම පත්‍රය සෑදූ ඇදුරන් විශේෂිත ප්‍රකාශයක් සිදු කලේය ..එනම් කෙදිනක හෝ මේ කුමරා තම නැගනියක් ආවාහ කර ගන්නා බවයි...මේ අශුභ ආරංචිය දැනගත් විගස දළ කුමරුගේ දෙමාපියන් බොහෝ සේ කලබල විය.
කාලය ඔහොම ගෙවී යද්දී හංසවතී දේවිය දෙවන වරටත් ගැබ් ගත්තාය....දස මසකට පසු ඇය රූමත් දියණියක් ප්‍රසූත කලාය...ඇය සැබවින්ම ඉතාම ලස්සනය..ඉතින් මගෙ යාළුවනේ ඇදුරන්ගේ අනාවැකිය ගැන බියෙන් පසුවූ දෙමාපියන් ඇය කාටත් හොරා රහසින් මහ වනයක් මැද ගල්ගුහාවක ඇති දැඩි කිරීමට තීරණය කලහ.දල කුමරුට හොරෙන් ඇයව එසේ පෝෂණය කරන්නට වුනා..ගිරි ලෙනක ඇති දැඩි වූ බැවින් මේ රූමත් කුමරිය ගිරි දේවිය නමින් හදුන්වන්නට වුනා.හරි කොහොම කොහොම හරි මේ රුවැති යුවතිය කාලයත් සමග වැඩෙන්නට වුනා...
ඔන්න මගේ යාළුවනේ මෙහෙස කාලය ගත වෙද්දී දළ කුමරුට තමාගේ මේ නැගිණිය ගැන කණ වැකුනා...තමා කිසිදිනෙක වත් දැක නොතිබූ තමාගේ නැගිණිය දැක ගැනීමේ ආශාවක් ඔහු හට පහළ වුනා...ඉතින් මේ බව ඔහු පිය රජතුමාට දැන්වුවත් පිය රජතුමා නම් ඒකට කිසි විටෙකත් අවසර ලබා දුන්නේ නෑ...මොකද අනාවැකි ඇදුරන්ගේ අනාවැකිය නිසා..අවසානයේ සියල්ලමට හොරෙන් මේ ගමන පිටත්ව යන්න දළ කුමරු තීරණය කලා...රජ මාලිගාවේ සියල්ලටම හොරෙන් මහ වනයේ වෙසෙන තම නැගිණිය බලන්නට දළ කුමරු පිටත් වුනා..මහා ගිරි දුර්ග පසු කරමින් කෑලෑ සතුන් මග හරිමින් දින ගනනක් ඔහු මෙසේ වනයේ ඇවිදයන්නට වුනා.නමුත් ඔහුට මිනිස් පුළුටක් හෝ කැලය තුල නොදැනෙන්නට වුනා.අවසානයේ ඔහු විශාල ගල් ගුහාවක් අභියසට පැමිණියා...දින ගනනක විඩාව නිවා ගැනීමට ටික වේලාවක් ඈදී ගන්නට ඔහු ගල් ගුහාවේ ඇතුලට ගියා...එකෙනෙහිම දල කුමරුට දැක ගත හැකි වූයේ විස්මිත දර්ශනයකි..ඉතාම රෑමත් ලදක් ගුහාව ඇතුලත සැතපී සිටියා..ඇය අවදි කල ඔහු ඇය සමග සතුටු සාමිච්චියේ යෙදෙන්නට වුනා.එසේ කතා බහ කරන අවස්ථාවේ දළ කුමරු තම අසිපත් ගුහාව තුල පොලොවේ ඇන තැබුවා...
ඔන්න මගේ යාළුවනේ මෙහෙම දෙදෙනා එක්ක කතා කරමින් සිටින අවස්ථාවේ දල කුමරු වනයේ එන අතර මගදී නෙලා ගත් අඹ ගෙඩියක් ගිරි දේවිය හට දුන්නා.තම සහෝදරයාගේ තෑග්ග පිලිගත් ගිරි දේවිය අඹය අතට ගෙන දල කුමරු පොලොවේ ඇන තිබූ අසිපත ගෙන එහි තුඩින් අඹය දෙපළු කර කෑල්ලක් අනුභව කලාය...අනික් පළුව තම අයියන්ඩිය හට දුන්නාය.වෙහෙස මහන්සිය නිසා ස්වල්ප වේලාවකින් දළ කුමරු නින්දකට වැටී තිබුනා..
අඹ පළුය අනුභව කිරීමෙන් පසුව ගිරි දේවියට පාලනය කර ගත නොහැකි රාගික ආශාවක් ඇති වන්නට වුනා.කෙමෙන් කෙමෙන් ඒ තත්වය උග්‍ර වන්නට වුනා..තම සහෝදරයා නින්දෙන් අවදි කල ඇය ඔහු හා දැවටෙන්නට වුනා..නින්දෙන් අවදි වූ දළ කුමරුටද මේ තත්වයම ඇතිවූ තිබුනා.ඔහුටද පාලනය කර ගත නොහැකි රාගික ආශාවක් තම නැගිණිය කෙරේ ඇති වන්නට වුනා.මේ සංසිද්ධිය අවසානයේ ප්‍රතිඵලයක් ලෙස දළ කුමරු හා ගිරි දේවිය සංවාසයේ යෙදෙන්නට වුනා..නැවත පියවි සිහියට එලඹි කල සිදුවූ දේ ගැන දෙදෙනාටම කල කිරීමක් ඇති වුනා..තම සොහොයුරා අතින් තමා ගැබ් ගත් බැව් දැනගත් ගිරි දේවිය වැල් පටක එල්ලී ගෙල වැලලා මිය ගියාය.මිය යනවිට ගැබ් අරගෙන සිටි ඇය මිය යාමෙන් පසු “ගිරි යකින්න “ නමින් කුඩා ලමයින් හට වින කරන යක්ෂනියක්වී උපත ලැබූ බව පැවසෙනවා..දල කුමරුද මෙකී සිද්ධියෙන් පසු සියදිවි හානි කරගන්නා ලදී ඔහු “ගරා යක්ෂයා“ නමින් යක් භවනේ උපත ලැබීය....ඔන්න යාළුවනේ ඕක තමයි සිද්ධිය...ගරා යකා ගැන තව වැඩිපුර විස්තර ටිකක් ඊලග පෝස්ටුවකින් පල කරන්නම්..
හරි දැන් සිද්ධිය දන්නවනේ ..ඇත්තවට ඔහොම වෙන්න හේතුව මේකයි...දල කුමරු තම අසිපත පොලොවේ ඇන තැබුවා මතකයිනේ ..අන්න ඒ වේලාවේ එතන පොලොව යට විශේෂිත අල වර්ගයක් තිබිලා..කඩු තුඩේ කොන ඇනිලා තියෙන්නේ අන්න ඒ අලයේ ..ඒ අලයේ තිබූ යම්කිසි විෂක් කඩුපත දිගේ ඉහලට පැමිනිලා..නැවත අඹ ගෙඩිය කපන අවස්ථාවේ ඒ විෂ අඹ යුෂ හා මිශ්‍රව දෙදෙනාගේම ශරීරගත වෙලා...ඇත්තටම ඒ වෙලාවේ දල කුමරුගේ හා ගිරි දේවියගේ මේ අධික රාගික අශාවට හේතුව මේ විෂ කියලයි සදහන් වෙන්නේ...කෙසේ වුවත් තම නැගිනිය මරා දමන්නට හේතුවුනු මේ අල වර්ගයට එදා පටන් “නගා මැරූ අල” කියා හදුන්වන්නට වුනා..
ඇත්තටම යාළුවනේ ලංකාව තුල උඩවැඩියා ශාක 188 ක් පමණ තිබෙනවා.මේ විශේෂිත අල වර්ගයත් එයින් එකක්..නමුත් අනෙක් උඩවැඩියා මෙන් නොව මෙම විශේෂය ගස් කදන් මත නොව පොලොව මට්ටමේ තණ පදුරු සමග වැඩෙන බව සැලකේ.සාමාන්‍ය යෙන් එක් පැලයක බල්බ වැනි අල දෙකක් හට ගන්නවලු..දේශීය වෛද්‍ය විද්‍යාවේදී කාමාශාව වැඩි කිරීමට දිව්‍ය ඔසුවක් ලෙස නගා මැරූ අල සැලකෙනවා.අද වෙද්දී නම් ඉතාම දුර්ලභ ශාක විශේෂයක් බවට මේක පත් වෙලා තියෙනවා.කොහොම වුනත් ශ්‍රී පාද අඩවි හිමේ යම්තාක් දුරට මේවා පවතින බවට විශ්වාසයක් පවතිනවා..හරි ඔන්න ඕකයි කතන්දරේ....ඔන්න ඉතින් කට්ටියම හෙට ඉදලා අල හොයන්න ලෑස්ති වෙන්න එපා හොදද?? දන්න දෙයක් අළුත් වුනා නම් නොදන්නා දෙයක් දැන ගත්තනම් සතුටුයි ....හැමෝටම ජය වේවා!!

Tuesday, March 6, 2012
මතක සිහින
දැකගන්නට නැති වුනත්
නුඹ ලග පාත මට
ඔය නෙතු කැල්ම තියෙනවා
ඇහි පිල්ලමක් යට
වැහි බිදු වැටෙන කඵවර රෑ
සිහිනවල
නෙතු නොපියාම නුඹ ගැන
සිහි කරමි මම
රිදුනත් මගේ හිත මේ
තරමටම අද
අමතක කලේ නෑ තවමත්
නුඹව මම.......
Subscribe to:
Posts (Atom)