Saturday, September 24, 2011

"පතමු අපි අපේ වෙන්නට............"



එදා පළමුව දුටුව දිනයේ
හැගුනි මට නුඹ හුරු පුරුදු සේ
අරුත නොදනිම් බැදීමකටයි
ඇවිත් නුඹ ලග නතරවූයේ........
සදාතනිකයි ආදරේ
ගෙවා ආ මග බොහෝ දුර වේ මැයි
ඇවිද යන්නට දෙඅත පටලා ඒ මාවතේ
දකිමු අපි අද සොදුරු සිහිනය
සත්තකින් එය මගෙයි ඇයගෙයි
නිමක් නැති සෙනෙහේ..........
තහනම්ද මට සිඹින්නට ඔබෙ
ඔය සිනිදු කම්මුල්
ලබා නොමැතිව උපන්නත් ඒ පින නුඹෙන් මම
ලතෙන් සෙනෙහස තිබේ සිත යට
ඉතිරි කරගෙන ඔබට දෙන්නට........
පතා ඉමු අපි අපේ වන්නට ලබා මතු භවයේ
නෙදැනුනා සේ දුක් සහෝ ගිනි
ඉදිමු සැමදා සිනහ වී අපි
නොසිටියත් නුඹ ගතින් මා ලග
සිතින් සැමදා සිටී මගෙ ලග.........
කදුලු ගං තෙර පසුකරන්නට
සිනහ පෙති මල් පුද කරන්නට
යනෙන ගමනේ නතර වන තැන
පවා........... නුඹ ලගයි මම..........

2 comments:

මතක සටහනක් අකුරු කරලා යන්නත් අමතක කරන්න එපා........