Wednesday, September 26, 2012

හැපි බර්ත්ඩේ ටූ යූ.....!! අවුරුද්දක් වැස්සේ තෙමීමි.....





               කොහොමද ඔයාලට.....හැමෝම සතුටින් ඇති ...ටික කලක් නිවාඩු අරන් වගේ ඉදලා වැහි පොදට ආයෙම ගොඩවුනා.මේකනේ සහෝ වැලේ වැල් නැති කල්පයත් මොනා හරි දේකට පාර හදාගන්න එපැයි.කොහෙද ඉස්කෝලේ ගිය ටිකෙත් කරත් කලේ මෙලෝ රහක් නැති වැඩ.ඉතින් කෝම හරි අන්තිමේ හිතේ සතුටින් වැඩ කරන්න පුවවන් පාරක් සොයා ගත්තා.ඉතින් හා හා පුරා කියලා ඒකේ අධ්‍යාපන කටයුතු වල හිරවෙලයි උන්නේ.ඒ විත්ති වැඩක් නෑ.

 ඔන්න මම අද උඹලට ලොකු කෙක් ගෙඩියක් අරගෙනමයි ආවේ.2011 අවුරුද්දේ අද වගේ දිනයක තමයි මම ඉපදුනේ...නෑ නෑ කල්පයා මේ බ්ලොග් කෙරුවාවට අත්පොත් තිව්වේ.ඒ කියන්නේ මචං වැහිපොදේ කුළුදුලේ උපන්දිනය අද.බ්ලොගය වගේම තමයි කල්පත් තාම පොඩි කොල්ලා.ඉතින් කොම්පීතරයත් එක්ක කාලයක් ඔට්ටු ඇල්ලුවට මේ බ්ලොග් කෙරුවාව ඇත්තටම මම දැනං හිටියෙ නෑ.හැබැයි මතකයි කලකට ඉස්සෙල්ලා මේ වගේ මොකක්දෝ හැදුවා කියලා...මතක නම් නෑ දැන් ඒක නිකන් ආතල් එකට හදන ඊමෙල් එකක් වගේ වෙන්න ඇති.

හරි කොහොමින් කොහොම හරි මේ වැඩේම එන්ටර් වුන හැටි කියමුකෝ.ගිය අවුරුද්දේ ඔය එක්තරා මොකක්දෝ වැඩ සටහනකින් මට අපූරු ඩයල් එකක් සෙට් වුනා.කොහොම හරි අපි හොද බොක්කක් වුනාට පස්සේ දවසක් මිනිහගේ බ්ලොගය කියවන්න මට ඉඩ ලැබුනා.අම්මට සිරි ඇත්තටම එදා හිතුනා ඇයි මටත් බැරි කියලා මෙහෙම වැඩක් කොරන්න.කියන්න අමතක වුනානේ කවුද අර ඩයල් එක කියලා.වෙන කවුරුත් නෙමේ ලට්ට ලොට්ට බ්ලොගය ලියන පොඩ්ඩා.පොඩ්ඩා කිවවට උගේ එක 18 මෙහා එකෙක්ට බලන්න බෑ.මොනා වුනත් කියවපු මුල්ම දවසේ ඉදන් මම උගේ ඒ ලට්ට ලොට්ට ගොඩට ආසා කලා.කමෙන්ට් නොකලට හැමදාම කියෙව්වා.ඇති ඇති අඩෝ මූ ගැන කිව්වට මූ මට ගානක් දෙනවැයි මොකෝ.ඉතින් පොඩී ගෙනුත් විස්තර අහන් කල්පයා අත ගැහුවා බ්ලොගයට.මුල්ම පොස්ට් දෙක තුන නම් මෙලෝ රහක් නෑ.සිරාවටම දැන් බැලුවම මමද කියලා හිතෙනවා ලිව්වේ.ඒත් ඒවා අයින් නොකරන්නේ ඒ මගේ පලවෙනි අඩි දෙක තුන නිසා...අහා කියන්න අමතක වුනානේ වැහි පොදක් කියන නම නම් හිතය ඔහේ ආපු එකක්.ෂුවර් එකටම වැස්ස දවසක වෙන්න ඇති ලියන්න ඇත්තේ .

ඉතින් ඔහොම පොස්ට් දාද්දි මාසෙකට විතර පස්සේ පලවෙනි කමෙන්ට් එක වැටුනා.ඒක දැක්කම හිතට ආව කික් එක නම් කියල නිම  කරන්න බෑ සහෝ.මට මතක  විදියට ඒක දැම්මේ සුලග ටීම් එක....ඔහොම ගෙවිලා යද්දී මාත් එක්ක ඉන්න අයත් ටික ටික වැඩි වුනා.ඒවා දකිද්දිත් හිතට ආවේ අමුතුම ගැම්මක්.මට මතකයි මගේ මුල්ම සගයෝ ටික නන්දු...තාරා...මධුරංග...දිනේෂ් අයියා...නිපූ නගා...දිනිති අක්කා..සහෝදරයා....නුවන් ...රැංගෝ...ලොකු ජෝන්....තරූගේ ලෝකය..හිතුවක්කාරි..නුවන්  ඔය වගේ සහෘදයන් ටිකක්.අනේ නම් අමතක වුනානම් සමාවෙන්න ඕන.ඉතින් ටිකෙන් ටික සහෝදර බ්ලොග් වල අභාෂයත් අරන් කල්පයා දිගටම ලිව්වා.එක එක විකාර ලියන්න ඇති.ඒත් ලියද්දී තේරුනේ මම ලියපු  පෝස්ට් වලින් වැඩිපුර පුතිචාර  ලැබුනේ දේව සාහිතයයේ ලිපි වලට  ඒ වගේම පාසල් අත්දැකීම් වලින් ලිව්ව ලිපි වලටයි. කෝම හරි දේව කතා අහන්න ආසයි කියලා දැනුන නිසා සරල විදියට මේ අවුරුද්දේ පුරාවෘත්ත පුළුවන් තරම් ලියන්න වේලාව එක්ක උත්සාහ ගන්නම්.ආ තව දෙයක් දේව සාහිත්‍යයය ලියද්දී තර්ක විතර්ක කරමින් ලිපි වලට අදහස් පල කල සැමට තුති.මොකද මමත් අළුත් දේවල් එයින් ඉගෙන ගත්තා.ඉදිරියටත් ඒක එහෙමම කරහල්ලා සහෝ මොකද සංවාදේ තියෙන තැන තමයි අළුත් දේ බිහිවන්නේ.

ඉතින් ඔය අස්සේ ගාල්ලේ ගේට්ටුවත් තිබ්බනේ.පොඩීගේ ඇරයුමෙන් මමත් ඒ පැත්තට සේන්දු වුනා.එදා තමයි බ්ලොග් කියන දේ පරාසය ගැන තේරුනේ.ඇත්තටම සුපිරි සෙට් එකක් එක එක අදහසි තියෙන විවෘතව කතා කරන එලම ගැන් එකක් එදා සෙට් වුනා.ඒ ගමනත් එක්ක වැහි පොදට යන එන පිරිස වැඩි වෙන්න ගත්තා.එදා අදුනගත්ත අය මාත් එක්ක එකතු වුනා.තව සයිබර් සිහින උලෙලදීත් ගොඩාක් අය අදුනගෙක වැහි පොදත් එක්ක එකතුවුනා...කමෙන්ට් ෆලෝවර්ස්ලා පසුපස්සේ දුවන්නේ නැතුව කල්පයා දිගටම ලිව්වා.දාන එක කමෙන්ට් එකට හරි උපරිම තෘප්තියෙන් විදින්න කල්පයට පුළුවන් වුනා.හරි ඉතින් සහෝ ඉඩ කඩ ලැබෙන සෑම වෙලේම මොනා හරි දෙයක් ඔයගොල්ලෝ වෙනුවෙන් ලියන්නයි උත්සාහ ගත්තේ..සමහර ප්‍රයන්ත සාර්ථක මෙන්ම අසාර්ථක වෙන්නත් . ඇති....ඇයි යකෝ ඇත්තටම එකක්ක දෙකක් මටම මොලෝ රහක් නෑ...ඉතින් එහෙනම් කේක් එකත් කපා ගෙනම කන්නකෝ.අළුත්ම දේව ලිපි පෙලක් ලගදීම ලියන්න පටන් ගන්නම් මචාං..

හොදද ඉතින් අවුරුද්දක් පුරාවට වැහි පොදත් එක්ක එකතු වෙලා සීතල වැහි බිංදු අතරේ ජීවිතයෙන් තත්පරයක් හරි  කැප කරලා කල්පයට ශක්තියක් වෙච්ච ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි.ආදරයෙන් ඉල්ලන්නේ කුඩයක් නැතිව එන්න වැස්සට ...දවසක් දෙකක් තෙමිලා යන්න...වැහි බිංදු අතරේ නලියන චමත්කාරය දෑසින් දකින්න හදවතින් විදින්න.බය වෙන්න එපා ලෙඩ වෙන්නේ නෑ තෙමුනා කියලා....වැහිපොද එක්ක කල්පයා එක්ක මෙතුවක් කල් රැදී සිටි ඔයාලා හැමෝටම බුදු සරණයි!!

-----කල්ප----

Sunday, September 9, 2012

ලබැදි නුඹ............




ලබැදි නුඹ පැමිණි දා
හද මඩල වෙත ආදරෙන්......
දැනුනෙ නෑ මට මගේ නොව නුඹ
කියා කෙදිනකවත්......
කදුළු සිත්තම් නෙතේ අභියස
රන්දාලා රහසින්.....
උණු කදුළු කැට ඉතිරි කර මා
නික්මුණා නුඹගෙන්.......
ලැබූ ඒ මහ මෙරක් සෙනෙහස
සසර කෙලවර තෙක්.....
රැක ගනිමි එය මගේ නෙත් මෙන්
බොහෝ සුරැකිව දැන්......
කෙසේ කියම්දෝ හැරගියත් නුඹේ
හදේ අරණින් මං....
ඔබයි සැමදා සෙනෙහෙවන්තිය
ආදරේ මට දුන්.......