Showing posts with label ජීවිතය. Show all posts
Showing posts with label ජීවිතය. Show all posts

Saturday, April 21, 2012

අළුත් අවුරුද්දේ වෙනස්ව හිතමු..........

අවුරුද්දට පස්සේ ඉස්ස ඉස්සෙල්ලම මේ පැත්තට අදයි එන්න ලැබුනේ....කොහොම වුනත් හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා වැහිපොදින් ප්‍රාර්ථනා කරනවා...ඉතින් අළුත් අවුරුද්දේ මොනවද අළුත් වැඩ.තාම plan කරලා නැද්ද යාළුවනේ ...නැත්නම් අළුත් දේවල් ටිකක් හිතලා අදම පටන් ගන්න.....අහලා ඇතිනේ අපි ජීවත් වෙන්නේ සිහින වලට ජීවය දෙන්න කියලා කතාවක්.අන්න ඒ නිසා මේ පුංචි හිත් වල තියෙන ඔය පුංචි හීන ටික ඇස් මායිමේම හැබෑවක් කරගන්න උත්සාහ ගන්න...ඉතින් කල්පටත් මේ අවුරුද්ද ගොඩාක් සතුටුයි මොකද මේ පාර ගෙදර හැමෝම එක්ක අවුරුද්ද සමරන්න පුළුවන් වුනා....කොහොම කොහොම හරි මේ ලගදී දවසක රූපවාහිනිය බලද්දී රූපවාහීනී වැඩසටහනක් මගේ හිත් ගත්තා..ඇත්තටම අළුත් අවුරුද්දට අළුත් සිතුවිලි ටිකක් ඒකෙන් ගන්න පුළුවන් වේවි කියලා මට හිතුනා...අවුරුද්දටම නෙමේ අපේ ජීවිත කාලෙටම මොනවා හරි දෙයක් ඒකෙන් ගන්න පුළුවන් කියලයි මට දැනුනේ...ඉතින් උදේ අවදි වුන ගමන් ඇහිච්ච මේ වැඩසටහනෙන් පුළුවන් විදියට මම වෙන් කර ගත්තු කරණු ටිකක් පහලින් තියෙනවා .ඇත්තටම යාළුවනේ ජීව්තයේ ධනාත්මක සංකල්පය වැඩිදියුණු කරගන්න මේවා ඔයාලට යම් තරමකින් හෝ ඉවහල් වේවි....හරි එහෙවම් ඔන්න මේ ටික හීමීන් සීරුවේ කියවලා ඔළුවට අදහසක් දා ගන්නකෝ....මේ කරුණු අපේ ජීවිතයට කොතරම් සමීපද බලන්න යාළුවනේ.........


1. කෙහෙන් හරි පටන් ගන්න නොනැවතී ඉදිරියට යන්න. 
2. වඩා භයානක ආර්ථික දිලිදුභාවය නොව මානසික දිලිදුභාවයයි. 
3. කරනා දෙය හරියට කරන්න ලැබෙනා දේ ගැන නොසිතන්න. 
4. කාලය යනු ජීවයයි. 
5. වැදගත් සිදුවූ දෙය නොව අප එයට දක්වන ප්‍රතිචාරයයි. 
6. අරමුණු ඇත්තෝ ලොව ජය ගත්තෝ. 
7. වෙනස් යනු වැරදියි යන්න නොවේ. 
8. අගය කිරීම වැඩෙන් කරමු. 
9. ඔබ ජීවත් විය යුත්තේ ඔබේ සිහින වලට ජීවය දීමටයි. 
10. ලොව වෙනස් කලේ කීකරු මිනිසුන් නොවේ අකීකරු මිනිසුන් වේ. 
11. වැදගත් ඔබ කොතරම් උපයනවාද නොව උපයන දෙයින් කොපමණ ඉතුරු කරනවාද යන්නයි. 
12. සාර්ථකත්වයට කෙටි මංමාවත් නැත. 
13. සාර්ථක වූවෝ අමුතු දේවල් කල අය නොව කරනා දෙය වෙනස් අයුරින් කල අය වේ. 
14. ඉන්නා බව දැනෙන්න ජීවත් වෙන්න. 
15. වෙනස් කල හැකි දේ වෙනස් කරන්න වෙනස් කල නොහැකි දේ දෙස බලන ආකාරව වෙනස් කරන්න. 
16. විවේචනයෙන් ඔබ්බට. 
17. ඔබ යනු ඔබගේ සිතුවිලි වල ප්‍රතිඵලයකි. 
18. ජීවිතයෙන් මම තඹ සතයක් ඉල්ලා සටන් කලෙමි.ජීවිතය මට තඹ සතයකට වඩා කිසිවක් දුන්නේ නැත. 
19. දුන්න දුනුගමුවේ - ඊතල කිතලගමුවේ.........රාල මීගමුවේ - මුවෙක් ඇඩුවයි සබරගමුවේ. 
20. ලොව කිසිවෙකුට වෙනස් නොවී සිටිය නොහැක.ඔබ වෙනස් වන්නේ කවර දිශාවටද? 
21. මිනිසුන් අසාර්ථක වන්නේ නැත.කරනුයේ සාර්ථකත්වයට කලින් අත්හැර දැමීමයි. 
22. වෙනස් ප්‍රතිඵලයක් අවශ්‍යය නම් කරනා දෙය වෙනස් කරන්න. 
23. ඔබ සතුව කවර කුසලතා ඇත්තත් මිනිසුන් සමග වැඩ කිරීමේ කුසලතාව නැත්නම් ඉන් කිසිවකින් පලක් නැත. 
24. මා හට ඔබ වෙත දිය හැක්කේ කුමක්ද? 
25. අනාගතය යනු වර්තමානයයි. 
26. අපි රැකියා වලට සුදුසු නැද්ද? අපිට සුදුසු රැකියා නැද්ද? 
27. කරදරර අපට කරදර කරන තුරු ,කරදර වලට අපි කරදර නොකල යුතු. 
28. යමක් ලබන්න යමක් කරන්න. 
29. වයසක ඔබ බලා ගත යුත්තේ තරුණ ඔබ විසින්මය. 
30. ආකල්පමය වෙනසක් අවශ්‍යය කර තිබේ. 
31. ඔබ ඊයේ කරදර වූ හෙට දවස අදයි. 
32. අසාර්ථකයි කියා දෙයක් නැත.ඇත්තේ අත්දැකීම් ගොන්නක් පමණි. 
33. වලක් වුවත් කලක් ගිහින් මලක් පිපී විලක් වෙනවා. 


 මේවා කරුණු වශයෙන් දැක්වුවත් ඉතා ගැඹුරින් ජීවිතය හා සමගාමීව අධ්‍යනය කල හැකි කාරණා යාළුවනේ.....ඒ හින්දා ටිකක් හිතලා බලන්නකෝ.....ඇත්තටම මේ වැඩසටහන මෙහෙයවපු ගුරුවරයාගේ නම නම් මතක නෑ මට .කොහොම වුනත් එතුමන්වත් ස්තූති පූර්වකව මේ වෙලාවේ මතක් කරන්න ඕන...වැදගත් යමක් කියලා දුන්නට.... ඉතින් ලැබුවාවූ අළුත් අවුරුද්දත් හැමොටම ජය කෙහෙලි නංවන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා යාළුවෝ හැමෝටම ජය වේවා!!

Saturday, December 31, 2011

නව වසරේ අපිත් අළුත් වෙමු...


ඔන්න මුලින්ම ප්‍රාර්ථනා කරන්නම් වැහි පොදත් එක්ක එකතුවුන ඔයාලා හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක් වෙන්න කියලා.....ඉතින් යාළුවනේ මේ මොහොතේ ඉදලා අපිට අළුත් දවසක් උදාවෙලා තියෙනවා.එහෙම නේද? අළුත්ම අළුත් වසරක්.වසර 4 කට පසු ඔන්න දවස් 366 අපිට මේ අවුරුද්දේ මුණගැහෙනවා.ඒ කියන්නේ අපිට වෙනදට වැඩිය දවසක් මේ අවුරුද්දේ වැඩ කරන්න වෙනවා කියන එක.හරි ඒ කොහොම වුනත් මේ උදාවුන නව වසරේ ඔයාලත් බලාපොරොත්තු ගොන්නක් පොදි බැදගෙන නේද මේ වන විටත් ඉන්නේ.නැත්නම් දැන්ම හදාගන්න. මේ අවුරුද්ද ඉවර වෙද්දී මෙන්න මේ ඉලක්ක වලට මම කොහොම හරි යනවා කියලා.මොකද දන්නවද යාළුවනේ ඉලක්කයක් නැති ජීවිතය හරියට නිකන් මාලිමාවක් නැති නැවියෙක් වගේ.....අනික බලාපොරොත්තු තමයි මිනිස්සු ජීවත්කරන්නේ..හොදට හිතලා බලන්න ජීවිතේ සමහර අවස්ථාවලදී අපිට මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි වුනා නේද?? ඒත් අපි අපේ බලාපොරොත්තුව සුන් නොකර කාලයට ඉඩ දීලා බලා හිටියා නේද...

ඉතින් ගිය අවුරුද්දේ සිදුවූ සියළුම දුක්ඛිත කාරණාවන් අදින් අමතක කරලා දමන්න.ඔයාලගේ අනාගතයට ඒ කුණු අරන් යන්න එපා.ඒවා අතීතයට එකතුවෙන්න ඉඩ හරින්න.මොකද අළුත් අවුරුද්දක අපි අළුත් වෙමු.අළුතෙන්ම හිතමු.ජීවිතය කියන්නේ දුකම නෙමේ,සතුටයි දුකයි දෙකම සමිශ්ර නයක් තමා ජීවිතය කියන්නේ.ඉතින් මගේ යාළුවනේ මිනිස් ආත්මයක් ලබා ඉතා කෙටි කාලයක් ජීවත් වන අපි ඇයි ඒ කුඩා කාලයත් දුකින් ඉන්නේ.ජීවිතය කියන මාර්ගය අධිවේගයෙන් යන්න අපිට අවස්ථාව දීලා නෑ.ඒක අපි හැමෝටම පොදුයි.ඔයාලම හිතලා බලන්නකෝ අපි මේ වනතෙක් ආ ජීවන මාර්ගයේ කොයි තරම් නම් කටු කම්බි,ගල් බොරළු තිබුනද? ඒත් අපි අපේ ගමන නැවතුවේ නෑ නේද... අපි අපිට පුළුවන් විදියට ඒ බාධක ජය ගත්තා.අන්න ඒකට අපේ ලගම හිටියා අපේ හොදම හිතවතා..කවුද ඒ? එයා තමයි අපේ ආත්ම විශ්වාසය.ඉතින් එයා හැමදාටම අපිත් එක්ක ඉන්නවා අපි හිතින් ශක්තිමත් නම්.ඔයාලා අහලා ඇති යාළුවනේ කතාවක් තියෙනවා

“ඔබ දුප්පතෙක් ලෙස ඉපිද දුප්පතෙක් ලෙසම මිය යන්නේ නම් එහි වරද ඔබේමයි....”

අපි හැමෝම පොහොසත්..සල්ලි කියන්නේ ජීවිතයම නෙමේ ඒත් සල්ලි හම්බ කරගන්න අපි හැමෝටම පුළුවන්.ඒකට තමයි අපිට ගොඩාක් පොහොසත් අපේ හිත අපිට දීලා තියෙන්නේ.ඒක මතින් තමයි අපේ මුළු ජීවිතයේම අනාගතය තීරණය කරන්නේ.මේ අළුත් අවුරුද්දේ ඔයාලා හැමෝම ඔයාලගෙ හිත් අළුත් සිතුම් පැතුම් වලින් පුරව ගන්න.හැබැයි කොයි වෙලාවේදී වත් ඍනාත්මක ඒවා නම් ඔය චූටි හිතට දා ගන්න එපා.මොකද ඒ ඍනාත්මක අදහස්,ඒ ප්‍රාර්ථනා අපේ හිත් මොට්ට කරනවා.ඔයාලා අහලා තියෙනවද යාළුවනේ මේ කතාව......

අශ්වයාගෙයි ,බූරුවාගෙයි චින්තන වෙනස ගැන මෙන්න මෙහෙම සදහනක් තියෙනවා.ඔයාලා දන්නවද බූරුවාගේ කන් තිබෙන්නේ පිටු පසට හැරිලා..ඒ කියන්නේ ඌ හැම තිස්සෙම අතීතයට කන් යොමාගෙන ඉන්නේ.ඒකනේ යාළුවනේ බූරුවා හරිම අලස සතෙක් ලෙස අපි දකින්නේ.අන්න ඒකට අශ්වයා උගේ කන් තියෙන්නේ ඉස්සරහට හැරිලා ඒ කියන්නේ හැම වෙලේම කන් යොමාගෙන ඉන්නේ අනාගතයට.අන්න ඒකයි ඌ හරිම කාර්යශීලි සතෙක් ලෙස අපි දකින්නේ.

ඉතින් යාළුවනේ ඔබත් අළුත් සිතුම් පැතුම් එක්ක අළුත් ජීවිතයක් ආරම්භ කරන්න.තමන්ගේ උපරිම චිත්ත ශක්තිය හා කාය ශක්තිය ඒ සදහා යොදවන්න.ඔයාලට පුළුවන් යාළුවනේ මේ ලෝකේ හිතනවනම් බැරි වැඩක් නෑ.අළුත් වසරේ අළුත් මං පෙතක් තෝරා ගන්න.ගල් බොරළු තිබුනත් ධෛර්යයෙන් ඉස්සරහට යන්න.ගිහින් ආපසු හැරිලා බලන්න ඔයාලටම සතුටු හිතෙයි ඔයාලා ගැනම.මොකද යාළුවනේ කතාවක් තියෙනවනේ කරගැට නැති අත් වලට රන් පදක්කම් වටින්නේ නෑ කියලා.ඉතින් හැමෝගෙම හිත් වල තියෙන හැම චූටි බලාපොරොත්තුවක් ඒ ආකාරයෙන්ම ඉටුවෙන්න කියලා වැහි පොදින් මම ප්‍රාර්ථනා කරනවා.ඔයාලගේ අදහස් උදහස් මට ගොඩාක් වටිනවා.දිගටම අපිත් එක්ක ඉන්න කියලා ආදරයෙන් මතක් කරනවා....ඉතින් අළුත් අවුරුද්දේ අළුත් දේවල් ටිකක් අරන් වැහි පොදින් හමුවෙමු...මගේ යාළුවෝ හැමෝටම සුභම සුභ නව වසරක් වේවා!!! සැමටම ජයෙන් ජය!!

___කල්ප___

Sunday, October 2, 2011

"ලැබීම සහ නොලැබීම"

ජීවිතේ හැම දේම ලැබිලත් සමහර දේවල් නොලැබී යන්න පුළුවන්.ගොඩක් දේවල් ලැබුනා කියලා හිතුවට එහෙම නෑ නේද? සේරම ලැබුනා කියලා හිතාගෙන හිටපු ගොඩක් අයට ඇත්තටම පස්සේ තමයි තේරෙන්නේ තමන්ට නොලැබුන දේ ගැන.ගෙඩක් අය කියන්නේ මගේ ජීවිතේ 90% ක් නොලැබී ගිහින් කියලා...

මට සැනසෙන්න තරම් දේවල් ටිකක් ලැබිලා තියෙනවා...
මං ආසා කරන කීප දෙනෙක් මට ලැබිලා තියෙනවා...
ඒ නිසා මම සතුටින් ඉන්නේ හරිම තෘප්තියෙන්....
ඔහොම කියන අය හරිම අඩුයි නේද?

අපි බලාපොරොත්තු වෙනම දේ සමහර විට නොලැබෙන්න පුළුවන්..දෙයක් පතද්දී...බලාපොරොත්තු වෙද්දී ඒ දේ ලබා ගන්න කප්පරක් දුක් විදින්නත් කැප වෙන්නත් වුනාට නොහිතන තත්වයකදී ලැබෙන්නෙ නොලැබීම විතරයි.ඒත් මතක තියාගන්න ජීවිතයට ඕන ඔක්කොම දේ නෙමේ.අපි හිතන ඒ සරුවපිත්තල ලෝකෙම නෙමේ..අපිට උවමනා දේ විතරක් ලබා ගන්න උත්සාහ ගන්න.හැබැයි ලොක්කෝ ඒකට ටිකක් කැපවෙන්න ඕන.මොකද බිත්තර කඩන්නේ නැතුව ඔම්ලට් දාන්න බෑනේ...අනික කරගැට දකින්න බැරි මිනිස්සුන්ට GOLD MIDDLE ලැබෙන්නෙත් නෑ...ඒක තමයි ඇත්ත.

අදම අවදිවෙන්න.මේ දැන්ම...අද ඉදලා අපි අළුත් ගේමක් ගහමු.කවුරු නැතත් අපේ හිත අපිත් එක්ක....සියල්ල නැතත් ජීවිතේට ඕන දේවල් ටික ලබා ගනිමු.ඒක තමයි ලැබීම..ඒ ලැබීම ජීවිතය මත උදා කරගන්න ධෛර්යක් නැති කම තමයි නොලැබීම.ජීවිතය ඕන නම් වැඩ කරමු..එතකොට මස්සිනේ අපි ගොඩ....

Sunday, September 25, 2011

" කට්ට "

ජීවිතය යන කටු සාගරයේ අනන්ත වූත් කටු ඇත.වෛද්‍ය විද්‍යාවේද කටු ඇත.එන්නත් කට්ට,මැහුම් කට්ට, ආ.....තව අමතක වුනානේ නර්ස් අක්කලා ඔලුවේ ගහන කොණ්ඩ කට්ට.මොකද ඉතින් වෛද්‍යවරයෙක් නොවුනත් doctor ලගම ඉන්න job එකනේ හෙද කියන්නේ .ඕව ගැන කථා කරන්න ගියොත් මේකේ කෙලවරක් නෑ....මේකයි මස්සිනේ කාරණය වල දැක වලට බහින අපේ කොල්ලො දකින විදින කට්ට මේ සේරටම වඩා වෙනස්.ඔය අපි හැමදාම දකින හැට්ට කට්ටයි,පල්ලෙහා වඩු අයියගෙ බුරුම කට්ටයි,උල් කට්ටයි හැරුණම දවල්ට බත් පිගාන අතට ගත්තම ඒකෙම කටු කීයක්ද? කරවල කෑල්ලක් මාළු කෑල්ලක් කෑවත් මුදුන් කට්ට aniwa meet වෙනවනෙ.එහෙම බලද්දී අපේ life එක කටු පදුරක් නේද....?ඔය මොනවා වුනත් (කට්ට = මී පැණි) කරලා life එක ගොඩ දාන එවුන් අපි අතරේ ඉන්නවා.reality මාෆියාවේ star's ලා නොවුනට උන් life එකේ super star's ලා.