Saturday, November 19, 2011

ඇයට දුන් හද


ඇයි දුන්නේ.....?
තියා ගන්න බැරි නිසා නේද...
ඇත්තටම ආදරය හරි පුදුමයි!
මතකද දවසක් කිවුවා..
“ඔයා මට දුන්න ඔයාගේ ඔය හදවත ආයේ ඔයාම ඉල්ලුවත් මමනම් කවමදාවත් දෙන්නේ නෑ....
අනේ ප්ලීස් ඒක ආයෙ මගෙන් ඉල්ලන්නත් එපා “
අමතක වෙන්න විදියක් නෑ
ඒත් අද...........
මම ඒක ඉල්ලන්නත් කලින්
ඒක මට දීලා ඔයා ඈතට ගියා...
මගේ ආදරෙන් පිරිලා ඒක බර වැඩි වෙන්න ඇති නේද....?
මටත් දැන් ඒන ලොකු බරක්
සදාකාලික නවාතැන්පලකට ඒක බාරදෙන්න කාලේ හරි නේද...
දැන්වත් ආදරබර හදවතක් තියාගන්න පුරුදු වෙන්න
නැත්කම් ඉස්සරහට දරාගන්න බැරි වෙයි.....
හැමදාටම................

No comments:

Post a Comment

මතක සටහනක් අකුරු කරලා යන්නත් අමතක කරන්න එපා........