Saturday, November 12, 2011

පාට සිත්තම

එපා සිදලනු අපේ ආලය
තවම සුපිපෙන පියුමක්ය එය
හැකිද ඔබ හට තනි කරන්නට
ඒ පියුම මා හදේ තනිකොට.....

බැහැ පියන්නට මගේ නෙත් දෙක
ඉන්නවා නුඹ සෑම හීනෙක
හීන නොදකින රැයේ තුන්යම
හිතත් හඩනවා තාම ඔබ ගැන....

පාන සුන්දර සිනා කුමටද
නොම රැදේ නම් ඔබෙ සිතේ
ඇත ඉඩක් පෙරදා ම මෙන් හද
සුසුම් සමගින් මගෙ හදේ....

නුඹේ මතකය රැදී සිත ලග
සිතේ ඔබ සිතුවමකි අද මට
නොමැකෙනා පාටින් කරන්නට
දෙන්න අවසර නුඹේ නෙත ලග.....

No comments:

Post a Comment

මතක සටහනක් අකුරු කරලා යන්නත් අමතක කරන්න එපා........