Saturday, November 19, 2011

මාර්ටින් වික්‍රමසිංහ

ලාංකික සමාජයේ කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කල ලේඛකයන් අතර ප්‍රමුඛ ස්ථානයක් මාර්ටින් වික්‍රමසිංහ මහතාට හිමිවෙයි.පුවත්පත් කලාවේදියෙකු,විචාරකයෙකු වශයෙන්ද මාර්ටින් වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධය.සාහිත්‍ය චින්තකයෙකු ලෙසටද ලාංකික ජනතාව අතර ඔහු කල බලපෑම අතිමහත්ය.

1914 සිට 1976 දක්වා පුරා වසර 60ක් පමණ වූ ඔහුගේ ජීවිත කාලය තුල ඔහු අතින් බිහිවූ ලේඛන සංඛ්‍යාව 2000 කට ආසන්නය.පුවත්පත් කලාවේදියෙකු ලෙස සේවය කල දිගු කාලය තුල ඔහුගේ වැඩි අවධානය යොමුවූයේ භාෂාව,සාහිත්‍යය,ආගම,සංස්කෘතිය,මානව විද්‍යාව ආදී පැතිවලටයි.ඊට අමතරව අතිරේක විෂයයන් කීපයකටද ඔහුගේ ඇස යොමුවිය.

නවකථා,කෙටිකථා,විචාර ආදී බොහෝමයක්ද ළමා සාහිත්‍ය කෘති රැසක්ද මෙතුමා අතින් පෝෂණය විය.ග්‍රාමීය විද්‍යාව,සත්ව විද්‍යාව,ආදී විෂය පථයන්ගෙන් ප්‍රාථමික පාසල් සදගහා අවශ්‍ය පාඨ ග්‍රන්ථ රැසක්ද මාර්ටින් වික්‍රමසිංහ මහතා අතින් ලියැවිනි.තවද ඔහුගේ කෘතීන් කිහිපයක්ම අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ පරීක්ෂණ නිර්දේශ ග්‍රන්ථ ලෙස නම් කරනු ලැබීය. ගම්පෙරළිය,යුගාන්තය එයට නිදසුන් වේ.

විද්‍යා විෂය සිංහලෙන් හදුන්වාදීමද මෙතුමා අතින් සිදුවූ වැදගත් කාර්යයකි.විද්‍යා විත්ති පොත් පෙල ලාංකික සිසුන් අතර ඉමහත් ජනාදරයට පාත්‍ර පොත් පෙලකි.එමෙන්ම ග්‍රාමීය විද්‍යා ප්‍රවේශය වැනි කෘති පාසල් පොත් ලෙස එකල බාවිතා විය.
සිංහල හා ඉංග්‍රීසි දෙබසින්ම නිර්මාණ කල එතුමාගේ බොහෝමයක් කෘති විදේශීය භාෂාවන්ටද පරිවර්තනය විය.දිණමිණ උප කතෘ ලෙසද ලක්මිණ හා සිළුමිණ කතෘ වශයෙන් වසර 27 ක් පමණ මාර්ටින් වික්‍රමසිංහ මහතා තම නිබද හැකියාව ලාංකිකයන්ට ලබා දුන්නේය.ඔහු අතින් ලියැවුනු කතුවැකි ප්‍රමාණය අති මහත්ය..විනීත මනුවර්ණ,මයුරපාද යන ආරූඪ නම් වලින් එතුමා ලිපි පල කලේය.

23 වියේදී ලේඛන කලාවට අත්පොත් තැබූ මාර්ටින් වික්‍රමසිංහයන් ගේ මුල්ම නිරිමාණය 1914 දී එලි දැක්වූ “ලීලා“ නම් නවකථාවයි.මාර්ටින් වික්‍රමසිංහයන් ලේඛන කලාවට බට මේ කාලයේ රට තුල ප්‍රබුද්ධ කණ්ඩායම් සියල්ල අනුකාරකයින් වූ කාලය වූහ.එනම් දේශීය දේ ඉවතලා පිටරටට ගැතිවීමට උත්සාහ ගැනීමයි.මේ අන්තවාදී පිරිස් දේශීය ප්‍රගමනයට දායක කර ගැනීමට මාර්ටින් වික්‍රමසිංහයින් පුරෝගාමී විය.අපටම අනන්‍ය සංස්කෘතියක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කල මෙතුමා සාහිත්‍ය කලාව වෙනුවෙන් කල සේවය අපරිමේයය.සිංහල සාහිත්‍ය‍යේ නැගීම ආදිය එයට නිදසුනකි.එහි ගුණාත්මක බව නිසාම සාහිත්‍යයවේදීන්ගේ ගුරු අත්පොත බවට එය පත්විය.
බටහිරෙන් ආ සෑම දෙයක්ම ප්‍රතික්ෂේප කිරීම වෙනුවට එහි වැදගත් දෙයින් පෝෂණය වීමේ වැදගත්කම මාර්ටින් වික්‍රමසිංහයන් පෙන්වා දුන්නේය.ලාංකික කෙටි කථා සාහිත්‍යෙය් ආරම්භය මොහු අතින් සිදුවිය.1924 වසරේ අභිරහස නමින් දිනමිණට සැපයූ කෙටි කථාවෙන් ආරම්භ කල ඔහු කලාත්මක කෙටි කථාව සිංහල සාහිත්‍යයට හදුන්වා දුන්නේය.

සිංහල බසත්,හෙල ගැමි වහරත් නිරතුරු තම නිර්මාණ වලට ඈදා ගත් මෙතුමා එමගින් ලාංකික ලේඛකයාට නවමු මංපෙතක් එලි කලේය. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගම් පෙරළිය,කරුවල ගෙදර,මඩොල් දූව,විරාගය ආදී නවකතා සිනමාවට හා පුංචි තිරයටද නැගීය.

2 comments:

  1. හෙද බ්ලොග් එකක්. පොඩ්ඩක් ස්ලෝ වගේ.. ඒකත් හදමු..

    ReplyDelete

මතක සටහනක් අකුරු කරලා යන්නත් අමතක කරන්න එපා........