කාලෙකට පස්සේ පෝස්ටුවක් ලියන්න කියලා හිතුනා...එක එක වැඩ නිසා සිංහල ටිකක් කොටන්න වත් වේලාවක් නෑ යාළුවනේ...ඒත් ඉතින් පොඩි වේලාවක් හරි වැස්සට තෙමෙන්න කල්පය අද ඕං ආවා...මෙන්න මේකයි අද ස්ටෝරි එක..ලේස්ති වුනේ නම් කාලෙකින් යක් කතාවක් ලිව්වේ නැති නිසා එයින් එකක් ලියන්න.ඒත් ඒකටත් ඇතුලත් පොඩි විස්තරයක් මෙන්න මේක..
හරි මෙන්න මේකයි සිද්ධිය....අද කතාව උඩවැඩියා ගහක් ගැන.ඒත් මේක ටිකක් විශේෂයි.ඒ වගේම දුර්ලභයි..අපි මේක ගැමි වහරේ හදුන්වන්නේ “නගා මැරූ අල” කියලා.ඔයාලා සමහරක් විට මේක අහලත් ඇති..ඒත් නගා මැරූ අල ගැන දන්න නොදන්න විස්තර ටිකක් සොයා බලමු..ඉතින් සේරමට කලින් බලා ගන්නකෝ මේ පහල තියෙන්නේ ඔය කීව උඩවැඩියා අල ශාකය.
හරි අපි දැන් බලමු මේ ගහට මේ වගේ නමක් එන්න හේතුවුන අතීත කතාව...මේ සම්බන්ධව නම් යාළුවනේ ජනප්‍රවාද බොහෝමයයි..විමසිල්ලෙන් බැලුවම අපිට තේරුම් යනවා ඒ සේරමගේම තියෙන්නේ එකම සිද්ධි මාලාව කියලා..එහෙම වෙලා තියෙන්නේ ප්‍රාදේශීය වශයෙන් ජන වහරේ ඇති විෂමතාවයයි...ඔය කොහොම වුනත් ටිකක් වෙනස් විදියේ අදහසක් තමයි මේක...
දන්තපුරයේ බඹදත් රජුගේ පුත් සිංහකුමාර රජුට දාව හංසවතී දේවියට රෑමත් පුතෙකු ලැබින.ඉතින් මේ ලස්සන කුමරුන්ට දළ කුමරු කියා නම් තැබීය.අපි හැමෝටම වගේ දළ කුමරුගෙත් ජන්ම පත්‍රය (ඒකිව්වේ කේන්දරය) හැදීම නැකැත් පිලිබද උගත් ඇදුරන් වෙත බාර කලා..ඉතින් ජන්ම පත්‍රය සෑදූ ඇදුරන් විශේෂිත ප්‍රකාශයක් සිදු කලේය ..එනම් කෙදිනක හෝ මේ කුමරා තම නැගනියක් ආවාහ කර ගන්නා බවයි...මේ අශුභ ආරංචිය දැනගත් විගස දළ කුමරුගේ දෙමාපියන් බොහෝ සේ කලබල විය.
කාලය ඔහොම ගෙවී යද්දී හංසවතී දේවිය දෙවන වරටත් ගැබ් ගත්තාය....දස මසකට පසු ඇය රූමත් දියණියක් ප්‍රසූත කලාය...ඇය සැබවින්ම ඉතාම ලස්සනය..ඉතින් මගෙ යාළුවනේ ඇදුරන්ගේ අනාවැකිය ගැන බියෙන් පසුවූ දෙමාපියන් ඇය කාටත් හොරා රහසින් මහ වනයක් මැද ගල්ගුහාවක ඇති දැඩි කිරීමට තීරණය කලහ.දල කුමරුට හොරෙන් ඇයව එසේ පෝෂණය කරන්නට වුනා..ගිරි ලෙනක ඇති දැඩි වූ බැවින් මේ රූමත් කුමරිය ගිරි දේවිය නමින් හදුන්වන්නට වුනා.හරි කොහොම කොහොම හරි මේ රුවැති යුවතිය කාලයත් සමග වැඩෙන්නට වුනා...
ඔන්න මගේ යාළුවනේ මෙහෙස කාලය ගත වෙද්දී දළ කුමරුට තමාගේ මේ නැගිණිය ගැන කණ වැකුනා...තමා කිසිදිනෙක වත් දැක නොතිබූ තමාගේ නැගිණිය දැක ගැනීමේ ආශාවක් ඔහු හට පහළ වුනා...ඉතින් මේ බව ඔහු පිය රජතුමාට දැන්වුවත් පිය රජතුමා නම් ඒකට කිසි විටෙකත් අවසර ලබා දුන්නේ නෑ...මොකද අනාවැකි ඇදුරන්ගේ අනාවැකිය නිසා..අවසානයේ සියල්ලමට හොරෙන් මේ ගමන පිටත්ව යන්න දළ කුමරු තීරණය කලා...රජ මාලිගාවේ සියල්ලටම හොරෙන් මහ වනයේ වෙසෙන තම නැගිණිය බලන්නට දළ කුමරු පිටත් වුනා..මහා ගිරි දුර්ග පසු කරමින් කෑලෑ සතුන් මග හරිමින් දින ගනනක් ඔහු මෙසේ වනයේ ඇවිදයන්නට වුනා.නමුත් ඔහුට මිනිස් පුළුටක් හෝ කැලය තුල නොදැනෙන්නට වුනා.අවසානයේ ඔහු විශාල ගල් ගුහාවක් අභියසට පැමිණියා...දින ගනනක විඩාව නිවා ගැනීමට ටික වේලාවක් ඈදී ගන්නට ඔහු ගල් ගුහාවේ ඇතුලට ගියා...එකෙනෙහිම දල කුමරුට දැක ගත හැකි වූයේ විස්මිත දර්ශනයකි..ඉතාම රෑමත් ලදක් ගුහාව ඇතුලත සැතපී සිටියා..ඇය අවදි කල ඔහු ඇය සමග සතුටු සාමිච්චියේ යෙදෙන්නට වුනා.එසේ කතා බහ කරන අවස්ථාවේ දළ කුමරු තම අසිපත් ගුහාව තුල පොලොවේ ඇන තැබුවා...
ඔන්න මගේ යාළුවනේ මෙහෙම දෙදෙනා එක්ක කතා කරමින් සිටින අවස්ථාවේ දල කුමරු වනයේ එන අතර මගදී නෙලා ගත් අඹ ගෙඩියක් ගිරි දේවිය හට දුන්නා.තම සහෝදරයාගේ තෑග්ග පිලිගත් ගිරි දේවිය අඹය අතට ගෙන දල කුමරු පොලොවේ ඇන තිබූ අසිපත ගෙන එහි තුඩින් අඹය දෙපළු කර කෑල්ලක් අනුභව කලාය...අනික් පළුව තම අයියන්ඩිය හට දුන්නාය.වෙහෙස මහන්සිය නිසා ස්වල්ප වේලාවකින් දළ කුමරු නින්දකට වැටී තිබුනා..
අඹ පළුය අනුභව කිරීමෙන් පසුව ගිරි දේවියට පාලනය කර ගත නොහැකි රාගික ආශාවක් ඇති වන්නට වුනා.කෙමෙන් කෙමෙන් ඒ තත්වය උග්‍ර වන්නට වුනා..තම සහෝදරයා නින්දෙන් අවදි කල ඇය ඔහු හා දැවටෙන්නට වුනා..නින්දෙන් අවදි වූ දළ කුමරුටද මේ තත්වයම ඇතිවූ තිබුනා.ඔහුටද පාලනය කර ගත නොහැකි රාගික ආශාවක් තම නැගිණිය කෙරේ ඇති වන්නට වුනා.මේ සංසිද්ධිය අවසානයේ ප්‍රතිඵලයක් ලෙස දළ කුමරු හා ගිරි දේවිය සංවාසයේ යෙදෙන්නට වුනා..නැවත පියවි සිහියට එලඹි කල සිදුවූ දේ ගැන දෙදෙනාටම කල කිරීමක් ඇති වුනා..තම සොහොයුරා අතින් තමා ගැබ් ගත් බැව් දැනගත් ගිරි දේවිය වැල් පටක එල්ලී ගෙල වැලලා මිය ගියාය.මිය යනවිට ගැබ් අරගෙන සිටි ඇය මිය යාමෙන් පසු “ගිරි යකින්න “ නමින් කුඩා ලමයින් හට වින කරන යක්ෂනියක්වී උපත ලැබූ බව පැවසෙනවා..දල කුමරුද මෙකී සිද්ධියෙන් පසු සියදිවි හානි කරගන්නා ලදී ඔහු “ගරා යක්ෂයා“ නමින් යක් භවනේ උපත ලැබීය....ඔන්න යාළුවනේ ඕක තමයි සිද්ධිය...ගරා යකා ගැන තව වැඩිපුර විස්තර ටිකක් ඊලග පෝස්ටුවකින් පල කරන්නම්..
හරි දැන් සිද්ධිය දන්නවනේ ..ඇත්තවට ඔහොම වෙන්න හේතුව මේකයි...දල කුමරු තම අසිපත පොලොවේ ඇන තැබුවා මතකයිනේ ..අන්න ඒ වේලාවේ එතන පොලොව යට විශේෂිත අල වර්ගයක් තිබිලා..කඩු තුඩේ කොන ඇනිලා තියෙන්නේ අන්න ඒ අලයේ ..ඒ අලයේ තිබූ යම්කිසි විෂක් කඩුපත දිගේ ඉහලට පැමිනිලා..නැවත අඹ ගෙඩිය කපන අවස්ථාවේ ඒ විෂ අඹ යුෂ හා මිශ්‍රව දෙදෙනාගේම ශරීරගත වෙලා...ඇත්තටම ඒ වෙලාවේ දල කුමරුගේ හා ගිරි දේවියගේ මේ අධික රාගික අශාවට හේතුව මේ විෂ කියලයි සදහන් වෙන්නේ...කෙසේ වුවත් තම නැගිනිය මරා දමන්නට හේතුවුනු මේ අල වර්ගයට එදා පටන් “නගා මැරූ අල” කියා හදුන්වන්නට වුනා..
ඇත්තටම යාළුවනේ ලංකාව තුල උඩවැඩියා ශාක 188 ක් පමණ තිබෙනවා.මේ විශේෂිත අල වර්ගයත් එයින් එකක්..නමුත් අනෙක් උඩවැඩියා මෙන් නොව මෙම විශේෂය ගස් කදන් මත නොව පොලොව මට්ටමේ තණ පදුරු සමග වැඩෙන බව සැලකේ.සාමාන්‍ය යෙන් එක් පැලයක බල්බ වැනි අල දෙකක් හට ගන්නවලු..දේශීය වෛද්‍ය විද්‍යාවේදී කාමාශාව වැඩි කිරීමට දිව්‍ය ඔසුවක් ලෙස නගා මැරූ අල සැලකෙනවා.අද වෙද්දී නම් ඉතාම දුර්ලභ ශාක විශේෂයක් බවට මේක පත් වෙලා තියෙනවා.කොහොම වුනත් ශ්‍රී පාද අඩවි හිමේ යම්තාක් දුරට මේවා පවතින බවට විශ්වාසයක් පවතිනවා..හරි ඔන්න ඕකයි කතන්දරේ....ඔන්න ඉතින් කට්ටියම හෙට ඉදලා අල හොයන්න ලෑස්ති වෙන්න එපා හොදද?? දන්න දෙයක් අළුත් වුනා නම් නොදන්නා දෙයක් දැන ගත්තනම් සතුටුයි ....හැමෝටම ජය වේවා!!
මම නම් මේ කතාව දන්නවා..ඒත් අද හුඟක් විස්තර දැනගත්තා
ReplyDeleteස්තූතියි අක්කා..දන්න දෙයක් බෙදා ගෙන් ඔයාලත් දෙයක් දැන ගන්නවනම් අපෙත් සතුට ඒකයි ....ජය වේවා!!!
Deleteරත්නපුරේ තියෙන දිවා ගුහාවට ගිහින් තියේනම් අර කියන ගුහාව එතන තියෙනවා කියල තමයි කියන්නේ!
ReplyDeleteමාතෘකාව දැක්කම නම් මතක උනේ පොතක් :).එකේ නමත් නගා මරූ අල,කේ කේ සමන් කුමාර ලියපු කවි පොතක්.රසවත් කතාවක් :)
හම් ඇත්තද සහෝ ඒ ගැන නම් දැන ගත්තේ දැන්...හම් කවි පොත නම් කියවලා නෑ ඒත් කවි එකක් දෙකක් අහලා තියෙනවා...:)
Deletelassana kathawak.
ReplyDeleteස්තූතියි සහෝ..ජය වේවා!!
Deleteඒ මං මෙච්චල ඩවස් හිටාගෙන හිටියෙ වෙන සීන්කෝන් එකක්නෙ..ඒනං මේකයි ඇට්ට...:/
ReplyDeleteනිපූ නගා මෙහෙමයි මේ ගැන කතා ගොඩයි...ඔයා අහලා තිබුන එකත් මේ හා සමානද?? මට මේ ගැන දැන ගන්න ලැබුනේ ගරා යකා ගැන ලිපියක් ලියද්දී...සමහරවිට ඒකත් හරි වෙන්න ඇති..
Deleteමම මේ ගැන නම් දැන ගත්තේ අද..
ReplyDeleteමොනවා හරි දැන ගත්තා නම් කල්පයගේ සතුට ඒකයි සහෝ....ජය වේවා !!
Deleteමෝඩ අම්මල තාත්තලගෙයි නැකැත්කාරයන්ගෙයි වැරැද්ද....
ReplyDeleteසේරටම වඩා අලේ හපන් බං....
Deleteniyamai....great..
ReplyDeleteස්තූතියි සහෝ!! ජය වේවා!!
Deleteනඟා මැරූ අල ගැන මුලින්ම කියෙව්වෙ R.L. ස්පිටල් මහත්මයගෙ පරිවර්තන පොතකින්.. කතාව ටිකක් වෙනස්..
ReplyDeleteහැබැයි නඟා මැරු අල වර්ගයෙ ගොඩක් තොරතුරු දැනගත්තෙ අද..
ස්තූතියි ඔබට.. :)
ඇත්තද? පොතේ නම සදහන් කරනවද නන්දු මටත් ආසයි කියවන්න...ස්තූතියි සහෝදරී මේ පැත්තට ගොඩවුනාට..ජය වේවා!!
Deleteඒ කතාව මමත් කියවල තියනවා. පොතේ නම නම් මතකයට එන්නේ නෑ දැන්. මේ ශාකය ගැන විස්තර දැන ගත්තේ නම් අද. පොතේ නම මතක් උනොත් කියන්නම් කෝ.
Deleteකථාව අහලා තිබුනට උඩවැඩියා සීන් එකක් දන්නේ අදනේ...
ReplyDeleteමමත් ලගදී තමයි දැන ගත්තේ මචං..උඩවැඩියා ජාතියක් කියලා දැන ගත්තම පුදුම හිතුනා..ස්තූතියි මේ පැත්තට ගොඩවුනාට..ජය වේවා!
Deleteඕක මොන වගේ අලයක්ද අයියා.......කොහොම උනත් අලේ කල වැඩේ,......කැතයි හොඳේ............. !!!!!
ReplyDeleteබල්බ් එකක් වගේ කියලයි කියන්නේ..මමත් හරියට දන්නේ නෑ මල්ලි..මොකෝ ආසාවට වත් ඕක දැකලා නෑ...සිංහල වෙදෙක්ගෙන් පොඩ්ඩක් අහලා බලන්න..ස්තූතියි සහෝ මේ පැත්තට ගොඩවුනාට..ජය වේවා!
ReplyDeleteයකෝ මම හිතාගෙන ඉදියෙ නියගලා කියලනෙ... :O
ReplyDeleteඅම්මට සිරි එහෙමද මමනම් කලින් දැනගෙන ඉදියා ඒත් නිල වශයෙන් විස්තර ටික දැන ගන්න කම් ඉදියා........නියගලා කෑවම මැරෙනවනේ බං...මේක කෑවට අව්ලක් නෑ..ඊට පස්සේ වෙන අව්ල තමයි ඉතින්..
Deleteජනප්‍රවාද බෙදා හදා ගන්නවාට බොහොම තුති !!
ReplyDeleteබොහොම ස්තූතියි සහෝ!! ජය වේවා!!
Deleteකතාව කලිං අහලා තිබුනට සම්පූර්ණ කතාව හරියටම දැන ගත්තෙ අද..
ReplyDeleteනියමයි සහෝ..
එල
ස්තූත්යි යාලුවා... ජය වේවා!!
Deleteනියම විස්තරයක්.. ස්තුතියි මේ වගේ තොරතුරු බෙදා ගන්නවා ට.
ReplyDeleteබොහොම ස්තූත්යි සහෝ!! ජය වේවා!!
Deleteගරායක් උපත ගැන සොයන අවස්ථාවක මේ ලස්සන ලිපිය ලැබුණා ඔබට තුති
ReplyDeleteබොහොම ස්තූත්යි සහෝ!! ජය වේවා!!
Deleteලංකාවේ තියනවා ද?
ReplyDeleteමේ අල කොහොම හරි හොයාගන්න ඕනේ.කොහෙද තියෙන්නේ.දන්න කෙනෙක් කියන්න.මම කාලයක් තිස්සේ හොයනවා.අපේ උන්දැට දැන් වයස 78යි.මට අසූ එකයි.උන්දෑ මට කියනවා කොහෙන් හරි නගාමැරූ අලයක්වත් හොයං කන්න කියලා.මේ වයසක මම ඕවා කොහෙන් හොයන්නද.හැබැයි හම්බ උනොත් මේ නාකියාගේ වැඩ කිඩ නාකිච්චිට දෙරි ගැහිලාම යන්න දීලා තමයි පෙන්වන්නේ
ReplyDelete