Thursday, October 4, 2012

ශ්‍රී විශ්ණු දෙවියෝ......


අවුරුද්දක් ගෙවුන වෙලේ අලුත්ම ලිපි පෙළක් අරන් එන්නයි  මේ ලේස්ති වුනේ.ඉස්සෙල්ලම  කියන්න ඕනි මේ ලිපි පෙළ මේ විදියට ලියන්න විජය ශ්‍රී ජයසිංහ  මහතාගේ හෙළබිම පුද ලබන දෙවිවරු ග්‍රන්ථය ගොඩක් වැදගත් වුනා කියල.දේව ඉතිහාසය කියන්නේ ඇත්තටම වින්දනීය සාහිත්‍ය  මාවතක්.ජනප්‍රවාද ඇදහීම මත ගොඩ නැගුනු දේව සාහිත්‍යයේ  රස මුසු තැන මීට කලිනුත් වැහි පොදින් අරගෙන අවා.දැන් අපි බලමු දෙවිවරු ගැන අසන්නට නොලැබෙන තොරතුරු ටිකක්.හරි අද අපි මුලින්ම කතා කරන්න යන්නේ විෂ්ණු දෙවියන් ගැන අප්‍රකට තොරතුරු ටිකක්.



විෂ්ණු දෙවියන් ලංකාවේ බෞද්ධ ජනතාව අතර ඉමහත් ගෞරවාදරයට  පත් වෙච්ච දෙවි කෙනෙක් ලෙස සලකන්න පුළුවන්.අපේ ජනතාව මොහුව පිළිගන්නේ ලංකාදීපයත් සම්බුද්ධ ශාසනයත් අරක්ෂා කරන ශාසනාරක්ෂක දෙවි කෙනෙක් ලෙසටයි.ඇයි යාලුවනේ එකනේ සතර වරම් දෙවිවරු අතරෙත් විෂ්ණු දෙවියන් වැජබෙන්නේ.ලංකාවේ වාදයට මුසු වෙච්ච තවත් කරුණක් තමයි විෂ්ණු සහ උපුල්වන් දෙවියන් කියන්නේ දෙදෙනෙකු යන වග.නමුත් අපට පෙනී යන්නේ ඒ දෙදෙනෙකු නොව එක අයෙකුම බවයි.මොකද යාලුවනේ මම එහෙම කියන්නේ අපිට ඔය පැටලිල්ල වෙලා තියෙන්නේ විෂ්ණු සහ උපුල්වන් යන දෙවිවරු දෙදෙනාම නිල පැහැයෙන් යුතු ශරීර දරන නිසයි.මෙහෙම හිතන්නකෝ උපුල්වන් කියන්නේ පැහැයක් නිල් පැහැයටම කියන තවත් නමක්.අපි උත්පලවන්න දෙවියන් කියන්නෙත් ඒ නිසයි. එක නිකන් පර්යාස නාමයක් වගේ.එම නිසා උපුල් වන පැහැය ගත්තු දෙවියන් ලෙස අපි සලකන්නෙත් විෂ්ණු දෙවියන්ටම තමයි.දෙවිනුවර තමයි ශ්‍රී විෂ්ණු දේවාලය පිහිටලා තියෙන්නේ 



....මතකද ඔයාලට අපි එකට කියනවා නේද දෙවිනුවර ශ්‍රී උත්පලවන්නා මහා දේවාලය කියලත්.ඉතින් පැහැදිලි නේද දෙවිනුවර වැඩ හිටින්නෙත් විෂ්ණු දෙවියන්ම තමයි කියන කාරණය.

විෂ්ණු දෙවියන් හැදින්වීමට විවිද වූ නම් රාශියක් භාවිතා කරනවා.උපුල්වන් දෙවියන්,ශ්‍රී විෂ්ණු දෙවියන්,ආභලී,රජී,වසු දේවතා,නල දේවතා,දමෝරා,හරිහර,පුලවන්....යන නම් ඒ අතර වෙනවා.විෂ්ණු දෙවියන්ගේ ප්‍රියන්භිකාව වන්නේ ශ්‍රී ලක්ෂ්මී දේවියයි .හින්දු ඇදහීම වලට අනුව ප්‍රදාන යුග සතරේදී විෂ්ණු ශරීර වර්ණ සතරකින් ලොව පහල වෙනවා කියලයි  සැලකෙන්නේ.කෘත යුගයේදී ධවල වර්නයෙනුත්,නේත්‍ර යුගයේදී ස්වර්ණ හෙවත් රන් පැහැයෙනුත්,ද්වාපර යුගයේදී රක්ත හෙවත් රතු පැහෙයෙනුත්,කලි යුගයේදී නීලෝත්පල හෙවත් නිල පැහැයෙනුත් ලොව පහල වෙනවලු.ඒ කියන්නේ අපි මේ ගෙවන්නේ කලි යුග කාලේ....

දැන් අපි බලමු තවත් විශේෂ කාරණයක්.කාලෙන් කාලෙට ලෝකවාසී ජනයාගේ හිත සුව පිණිස දෙවිවරු විවිද වූ මූර්තින්ගෙන් ලොවට පහල වෙනවා කියල ජනයා අතර මතයක් තියෙනවා.ඉතින් යාලුවනේ විෂ්ණු දෙවියන්ටත් මේ ආකාරයට මූර්ති දහයක් තියෙනවා.අපි ඒවා හදුන්වනවා දශ විෂ්ණු අවතාර කියල.අපි දැන් බලමු එකින් එක මොනවද ඒ කියලා......


01.මත්ස්‍ය  අවතාරය 

නොකඩවා වැසි වසන්නට වූයෙන් ලෝකයම වසාලන්නට සමත් මහා ජාල ගැල්මක් ඇති වුනා.ඒ වෙලේ ලොව පළමු මිනිසා වූ මනු හට විෂ්ණු මේ බව දන්වන ලදී.ගම දනව් යට කරමින් රුදුරු ජාල කද ලෝකය වසා ගෙන යද්දී විෂ්ණු මත්ස්‍ය වේශයකින් ලොව පහල විය.ඊට පසුව මහා බල සම්පන්න වූ නැවක් මවා එතුමන් තම මත්ස්‍ය හිසින් එය ඇදගෙන පැමිණ මනුත් ඔහුගේ පවුලේ උදවියත් ඉර්ශීවරුද  නැවට නංවාගෙන ඒ මහා ජල ගැල්මෙන් බේරා ගන්නා ලදී.

02.කුර්ම අවතාරය 


ලෝකය වසා ගෙන ගිය ඒ ජල ගැල්මෙන් යාලුවනේ ලොව පැවතී සියලුම දේවල් මුහුදට ගසාගෙන ගියාලු.ඒ අතර දෙවියන් අත තිබූ මහානුභාව සම්පන්න සියලුම වස්තූන් සයුරට ඇදී ගියාලු.මේ අතර දේවයන් අමරණීය තත්වයට පත් වූ අමෘතය ද සමුදුරේ රල පෙළ අතරේ සැගවී ගිය කියලයි සැලකෙන්නේ.විෂ්ණු  දෙවියන් ශිව දෙවියන් වගේ බලගතු දෙවිවරු අමරණීයත්වයට පත් වුනේ අමෘතය පානය කිරීමෙන් කියලයි සැලකෙන්නේ.ඉතින්  දෙවියන් සතු මේ වස්තුව නැති වූ බව දන ගත අසුරයින් බෝ හෝ සේ සතුටුව සුරයන් හට කරදර කරන්නට වුනාලු.මේ අසුරයින් ගේ දුක් විදින්නට බැරිම තැන සුරයින් තමන්  ගලවගන්න ලෙසට විෂ්ණු දෙවියන්ට ආයාචනා කරන්නට වුනා.ඉතින් මේ ගැටලුව ගැන කල්පනා කල විට විෂ්ණුට පැහැදිලි වුනේ මෙයට තියෙන එකම විසදුම නැවත අමෘතය ලබා ගැනීමම පමණක් වන බවයි.ඉතින් විෂ්ණු දෙවියන් ශිව දෙවියන් හා  එකතුව මන්දර පර්වතය ගලවා වාසුකී නම් න රජු ඒ වටා ඔතා  විෂ්ණු දෙවිදු  කුර්ම අවතාරයෙන් ලොව පහල වී කිරි සයුරේ කිමිද  එහි පත්ලටම ගිලී මන්දර පර්වතය පිට මත තබා ගන්නා ලදී.වසුකීගේ වලිගයෙන්ද හිසින්ද අදිමින්  ඉදිබු වේශයෙන්  කිරි සයුරේ ගිලී සිටි විෂ්ණුගේ පිටමත වූ  මන්දර පර්වතය  සොලවමින් සුරයෝ කලබන්නට වූ බව සැලකෙනවා.ඒ කලබීම හේතු කොටගෙන යාලුවනේ රල පෙළ සගවාගෙන තබාගත් ඒ මහාර්ඝ  වස්තූන් එකින් එක ආයේ මතුවෙන්නට පටන් ගත්තලු.කල්ප වෘක්ෂය , සුරබිදෙන , ශ්‍රී ලක්ශ්මිය , හලා හලා විෂ වැනි ඒ වස්තූන් සමග අමෘතයද නැවත ඒ අතුරෙන්  මතු වූහ.නැවත අමොර්තය ලැබුණු නිසා සුරයින්ට අසුරයින් පරදා ජය ගන්නා හැකි වුනා යැයි  සැලකෙනවා.


03.වරාහ අවතාරය 

තවත් කලෙක යාලුවනේ හිරන්යාක්ෂ  නම් බලවත් අසුරයා අපේ මහා පොලව සමුදුර පතුලට හෙලූ අතර එම නිසා සයුර කැලඹී මහා ජල කදක් ඇති වුනාලු.එයින්  ලෝකය බිලි ගන්නට සැරසෙද්දී විෂ්ණු දෙවියන් වරාහ අවතාරයෙන් (සූකර වේශයෙන් ) ලොව පහල වී එකී රුදුරු අසුර එක්ක සටන් කර තම දලින් එන ඔහුව මර දමා තම දලයෙන් පොලොව සමුදුරෙන් මතු පිටට ගෙනවිත් ඒ මහා ජලස්කන්දෙන් ලෝකය බේරාගත්තේ යැයි සැලකෙනවා.

04.නරසිංහ අවතාරය


මේ විෂ්ණු අවතාරය ගැන නම් සමහර වෙලාවට ඔයා දන්නවා ඇති.මෙම අවතාරයේදී අඩක් මිනිස් වේශයෙන්ද අඩක් සිංහ වේශයෙන්ද  දක්නට ලැබෙයි.දැඩි බලසම්පන්න වතාවත් වල යෙදුනු අසුරයෙක් හැටියට එකල හිරන්යකශිපු  ප්‍රසිද්ධව සිටියා.බ්‍රහ්මනයෙක්ගෙන් අසීමිත ලෙස වරයක් ඔහු විසින් ගන්නා ලදී.එනම් දහවලේ හෝ රාත්‍රියේ යන දෙකෙහිම මිනිසෙකු දෙවියෙක් මුර්ගයෙකු යන කාටවත්ම තමාව නොමැරිය හැකි බවයි.මේ අසාධාරන බලයෙන් යුක්ත අසුරයා දෙවියන්ටද මිනිසුන්ටද එක සේ කරදර කරන්නට වුනා .නමුත් ඔහුගේ වාරයේ ස්වභාවය නිසා කාටවත්ම ඔහුව මර්ධනය කරන්නට බැරි වුනා.නමුත් ඔහුගේ පුතා වූ ප්‍රහ්ලාද ඉතා සාධාරණ පුද්ගලයෙකු වුනා .තම පියාගේ නපුරු වැඩ බල ඉන්න බැරි තැන ඔහු විෂ්ණු දෙවියන් මුණ ගැසී මේ උවදුරෙන් ලොව ගලවාගන්නා ලෙස සැල කර සිටියා.ඉතින් අපේ ශ්‍රී විෂ්ණු දෙවියන් දවාලටත් රැයටත් අයිති නොවෙන සැන්දෑ සමයක අර්ධ මිනිස් අර්ධ සිංහ වේශයක් ඇති නර සිංහ අවතාරයෙන්  ලොව පහල වී  අසුරයාගේ මාලිගය බලා ගොස් එහි ආරක්ෂක කුළුණක් පුපුරවාගෙන ඒ තුලට ඇතුල් වී තම බයංකාර මුර්ග කමින් ඔහුව මරා දමන ලදී.


05.වාමන අවතාරය


විෂ්ණුගේ වාමන අවතාරය පිලිබදව පොත පතේ සදහන් වෙන්නේ මෙන්න මේ විදියටයි  යාලුවනේ.ලොව එක‍‍් කලක බලි නම් අසුරයා උග්‍ර තපස් දම් රකිමින් මහත් වූ බලයක් ලබාගෙන එයින් උදම් වී ලෝ ජනයා හටද දෙවිවරු හටද සැහැසිකම් කරන්නට වුනාලු.ඉතින් ඔහුගේ මේ අසීමිත බලයට බිය වූ දෙවිවරු ඊට එරෙහිව පියවරක් ගන්නා බය වුනාලු,මේ වෙලේ  වාමන වේශයකින් ලොව පහල වූ විෂ්ණු දෙවියන්  අසුරයා වෙත ගොස් තම තමාගේ තුන් අඩියක් වැසෙන තරමේ බිම් ප්‍රමාණයක් ඉල්ලා සිටින ලදී.අසුරයා ඊට වරම් දුන්නු සැනින්ම එක්වරම යෝධ  ශරීරයක් මවා ගත් වාමන අවතාරය තම තුන් අඩියෙන් අහසද පොළොවද වාතස්කන්ධයද  වසා ගන්නා ලදී.ඉතින් අවසානයේ බලි ට ඉතුරු වූයේ පාතාල ලෝකය පමණි.


06.පරශුරාම අවතාරය 


පරශුරාම යනු පොරොවක් අතින් ගත් තැනැත්තා යන අදහසයි .ඉතින් අතීතයේ ජමදග්නි  නම් බ්‍රාහ්මණයාට පුත්ව විෂ්ණු දෙවියන් පරශුරාම අවතාරයෙන් ලොව පහල විය.එකල රජ කල කාර්තිවීර්ය රජු ජමදග්නි  සතු සියලුම දේපල සොර ගන්නා ලදී.ඒ වෙලේ පරශුරාම අවතාරයෙන් සිටි විෂ්ණු එම දුෂ්ට කාර්තිවීර්ය  රජු මරා දමන ලදී.තම පිය මරා දැමුණු බව ඇසූ කාර්තිවීර්ය රජුගේ පුත් කුමාර කෝපයට පත්ව ජමදග්නි රජු මරා දමන ලදී.මෙයින්  අසීමිත ලෙස කෝපයට පත් විෂ්ණු පරශුරාම ක්ෂත්‍රීය කුලයේ සියලුම පිරිමින් පිට පිට විසි එක වතාවක් මරා දමන ලද බව සැලකෙනවා.

07.රාම අවතාරය


ආයෝද්යාවේ  දශරථ  රජුගේ පුත් කුමරෙකු ලෙස විෂ්ණු දෙවියන් කලක ලොව පහල විය .රාමායනයේ කතා නායකයා වන රම කුමරු විෂ්ණුගේ මේ රම අවතාරය වේ.සීතාවට දිවි හිමියෙන්  පෙම් බැදී රාම කුමරුන්...රාමචන්ද්‍රන් ලෙසද ප්‍රකටය,ලක්දිව රාවනා පරපුර සමග සම්බන්ධ මේ කතා පුවතේදී විෂ්ණුගේ රම අවතාරය හින්දු අගමේදී මනාව පිලිබිබු කර  තිබෙනවා දකින්න පුළුවන්.

08.ක්‍රිෂ්ණ  අවතාරය


ශ්‍රී විෂ්ණු දෙවියන් ක්‍රිෂ්ණ ලෙස ලොව පහල විය මේ කතාව ඉතා රසවත් මෙන්ම දිගු කතා පුවතක් වෙනවා.මථුරා පුරයේ වාසුදේව සහ දෙවකී යන දෙපලට දාව පවුලේ අටවන පුත්‍රයා ලෙස ක්‍රිෂ්ණ ලොවට පහල විය.ලංකාවේ පණ්ඩුකාභය සිද්දියට සමීප සීද්දියක් මෙහිදීද සිදුව අත.නිමිති කරුවන්ගේ වචනයක් අනුව  දේවකීගේ අටවන පුත්‍රයා අතින් කංස රජුට මරණයට පත්වෙන්නට තිබූ බව දන ගත් කංස රජ දේවකීට ලැබෙන සම පිරිමි දරුවෙක්ම විනාස කළේය.නමුත් ක්‍රිෂ්නයන් විනාස කරන්නට දේවකීගේ ලොකු පුතා වන බලරාමයෝද,කංස රජුද ගත් සියලු උපායන් වතුරේ ගියේය. සියල්ලටම රහසින් නන්ද නම් ගොපල්ලෙකුත් ඔහුගේ බිරිද යශෝදත් කුඩා ක්‍රිෂ්නයන් වෘන්ද නම් වනයක කුඩා කල පටන් හදා වඩා ගත්හ.ක්‍රිෂ්ණ කුඩා කල පටන් බොහෝ පුදුම සහගත දේ කල බව පැවෙසෙනවා .ඔයාල දැකල ඇති ක්‍රිෂ්ණ කුමරුන් හරිම ලස්සන කෙනෙක් බට නලාව අතින් ගෙන තමයි එයා ඉන්නේ..ක්‍රිෂ්ණ ගෝපි තරුණියන් හා පෙමින් බැදෙන්නට වුනා කාලයත් එක්ක ..ඒ අතුරින් ඔහුගේ ප්‍රධාන පෙම්වතිය වුනේ රාධා.අහල ඇතිනේ රාධා ක්‍රිෂ්ණ පෙම් පුවත.තරුණ වියත් එක්ක ක්‍රිෂ්ණ කංස රජු මරා දමා මථුරාපුරය අයිති කරගන්නට යෙදුනා.අවසානයේ මගධ  රජ කෙනෙකු ඔහුට විරුද්ධව සටනට පැමිණීම හේතුවෙන් ඔහු මථුරාවෙන් පැන ගොස්   රුක්මනී නම් දේවියක් සරණ පාවාගෙන ද්වාරක නම් නුවරක ජීවත් වන්නට වුනා.මුළු භාරතයේම අසදරණයට විරුද්ධව නැගී සිටි ක්‍රිෂ්ණ අවසානයේ අදිපතින්ගේ ක්‍රියාවන්ට කල කිරී ආත්මයෙන් නැතිවී ගියාලු.ඔහු ඇති කල ද්වාරකා නම් නුවර මුහුද විසින් ගිල ගත්ත කියලයි සදහන් වෙන්නේ.


09.බුද්ධ අවතාරය 
ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙසට බුදුන් සලකන්නට භාරතයේ හින්දු ජනයා පුරුදු වී සිටිනවා.එම නිසා වර්තමානයේ විෂ්ණු අදහන අය බුදුන්ගේ පිලිමයකටද වන්දනා මාන කරන්නට පෙලබී සිටිනවා 


10.කල්කින් අවතාරය 


අපි මෙතෙක් කතා කල සියලුම අවතාරයන් මේ වන විට ලොවට පහල වූ ඒවා වේ,නමුත් මේ කල්කින් අවතාරය අනාගතයේදී ලොවට පහල වන බවට විස්වාස කරන අවතාරයක් වේ.මේ කලියුගය අවසානයේදී සුදු අසෙකු පිට නැග ගිනි දළු සහිත අසිපත අතින් දරා ශ්‍රී විෂ්ණු කල්කින් අවතාරයෙන් ලොවට පහල වන බවට විස්වාස කරනවා.අධර්මිෂ්ටයින් නසා සාදු ජනයා සුරකින්නට ඔනු ලොවට පහල වන බවයි  සැලකෙන්නේ.


හරි ඔන්න ඔය විදියට තමයි විෂ්ණු දෙවියන්ගේ දස අවතාර ගැන සදහන් වෙන්නේ.විෂ්ණු දෙවියන් නිල පැහැති ශරීරයක් හිමි කෙනෙක්.සංඛයක් . චක්‍රයක් , ගධාවක් ආයුධ ලෙසටද ඇත දරාගෙන සිටින අතර වහනය ගුරුළා වේ.කසාවන් වස්ත්‍රයකින්ද රක්තවර්ණ සලුවකින්ද සැරසී සිටින ඔහුගේ ලය මත ශ්‍රී වස්ත  සලකුණ ඇත .



ශාන්තිය කරුණාව දයාව සව්භාග්‍ය ආදී බොහෝ දේ කටත් විෂ්ණු දෙවියන් දේව සභාවේද මහා දෙවි හැටියට සැලකෙනවා. ශාන්තිකර්ම වලදී පවා දේව මණ්ඩලේ ප්‍රදාන දෙවි හැටියට එතුමන්ට ආරාධනා කරන අයුරු අපිට දැක ගත හැකියි .

ආල වදන රුවන් දුන්න පණිවිඩ              කරලා 
දෑල වරේ රන් දුන්නේ එලිය                   බලලා
නීල වර්ණ දේව රැසින් ගිනිජල්                   දීලා
කොළ නැතිව විෂ්ණු මෙමල් අස්නට        වැඩලා

වලා යටින්  පායන පුන් සදෙසේ          දිලෙනවා 
දූලා එරන් සදුන් රුකක් සේම           පෙනෙනවා
හෙළ දිෂ්ටි  බලා සතුන් දුකින්                 මුදනවා
බල එසිරි මෙමල් අසන විෂ්ණු               වඩිනවා

නපුර නසමින් ලංකාදීපයත් සම්බුද්ධ සාසනයත් සුරකින එතුමන් ලංකාදීපයේ මුර දේවතාව ලෙසට සලකනු ලබනවා.

42 comments:

  1. දැන්නම් "කල්කි"අවතාරය පහල වෙන්න කාලය හරිවගේ ...

    හුගක් මහන්සිවෙලා ලියපු ලිපියක් වගේ ......

    ReplyDelete
    Replies
    1. අම්මේ ඔව් පුළුවන් තරම් ඉක්මනට එන්න ඕනි කියලයි හිතෙන්නේ මේ ලෝකේ මිනිස්සු කරන වැඩ දැක්කම.ස්තූත්යි රොබින් මේ පැත්තට ආවට ජය වේවා!!

      Delete
  2. කාලෙකින් පෝස්ට් එකක් දාලා තියෙන්නේ.....

    දේව සාහිත්‍යය ගැන කොච්චර කියෙව්වත් එපාවෙන්නේ නෑ.. පුදුමාකාර ලස්සනක් තියෙන්නේ
    දස අවතාර පිළිබඳව බුදුදහමෙත් පැහැදිළිවෙනවා.. ඒ හුඟාක් දුරට පරිණාම වාදය හා බැඳුනු පැහැදිළිකිරීමක්.. ඩාවින්ගේ පරිණාම වාදයටවඩා යුග ගනනාවක් අතීතයට විහිදුණු... ඒ පැහැදිළි කිරීම් මිත්‍යාවන්ගෙන් බැහැරව තාර්කික පදනමක් මත පිහිටලා තියනවා.. මෙතරම් දියුණු විද්‍යාවට හෝ තාක්ෂනයට තවමත් අභියෝග කරමින්ම ඒ දේෂනා කිරීම අදටත් නිසලව තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝදරයා මොනවා වුනත් අපිට ගන්න දෙයක් නම් එතනින් එපමණි.නවීන විද්‍යාවට අදුනගන්න බැරි කොච්චර දේවල් තියේද අනේ මන්ද මේවයේ ඇත්ත නැත්ත හොයාගද්දී අන්න එතැනදී තමි අපි හිර වෙන්නේ ඇත්ත දේව සහිත්ත්ය නම් අපූරු රස වින්දන මාර්ගයක්.ස්තූත්යි මේ පැත්තට ආවට ජය වේවා.!!!

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අහා ඒ කියන්නේ මේ මගාම්පුරේ ළමයෙක් නොවෑ.හි හි අපේ ගම් පළාතේ සතුටු යි අපිත් හැම පාරම යනවා දෙවිනුවර වැදලා කියල තොවිලෙත් බලල ඇයි කිරි දානෙත් අරගෙන එන්න.ස්තූත්යි මේ පැත්තට ආවට.ජය වේවා !!

      Delete
  4. හ්ම්.. ලිව්වා වගේම කියවලත් මහන්සියි.හොද ලිපියක්

    ReplyDelete
    Replies
    1. හි හි වෙන්න ඇති දිග වැඩි වෙවී යි කියලත් හිතුන වෙලාවක. ස්තූත්යි මේ පැත්තට ගොඩ වුනාට ජය වේවා!! ඔව් ඇත්ත නැත්ත කොම වුනත් අසාවෙන් කියවන්න පුළුවන් පැත්තක් එකයි මමත් ඔයාල එක්ක මෙවහොයගෙන බෙදා ගන්නේ.

      Delete
  5. හ්ම්ම්ම් ගොඩක් ආසාවෙන් කියෙව්වෙ දෙව කතාටත් වලට මං කොහොමටත් ආසයි...

    ReplyDelete
    Replies
    1. ස්තූත්යි මේ පැත්තට ගොඩ වුනාට ජය වේවා!! ඔව් ඇත්ත නැත්ත කොම වුනත් අසාවෙන් කියවන්න පුළුවන් පැත්තක් එකයි මමත් ඔයාල එක්ක මෙවහොයගෙන බෙදා ගන්නේ.

      Delete
  6. ඉතාම හොඳ ලිපියක්... මට මතක් වුනේ 'දස අවතාරම්' චිත්‍රපටය..

    ReplyDelete
    Replies
    1. ස්තූත්යි මේ පැත්තට ගොඩ වුනාට ජය වේවා!! ඒ චිත්‍රපටයේත් තියෙන්නේ මේ සම්බන්ද කරුණුද යාළුවා! බලල නෑ අසයි ලින්ක් එකක් එහෙම තියේනම් දෙන්න

      Delete
  7. sthuthi yalu oyata asawen kiyuwa

    ReplyDelete
    Replies
    1. අහන්න ලැබීමත් සතුටක් ඔයාලට දෙයක් දැනුනානම් එක තමයි මගෙත් සතුට ස්තූත්යි මේ පැත්තට ගොඩ වුනාට ජය වේවා!!

      Delete
  8. වටිනා ලිපියක්,ලස්සනටම ලියල තියෙනව, මේ කරුනු හොයාගන්න ඔබ තරමක වෙහෙස විමකුත් කරන්න ඇති, ඇත්තටම විශ්ණු කියන දෙවියා බෞද්ධ දර්ශනයට කිසිම සම්භන්ධ කමක් නැති හිංදු දෙවි කෙනෙක්, පසු කාලිනව බ්‍රාහ්මණයින් තමයි මෙය බුදු දහමට ඇතුලත් කරල තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්ත සහෝදරයා බ්‍රාහ්මණයන් තමයි බෞද්ධ දර්ශනය ඇතුලට දෙවිවරු සමීප කරලා තියෙන්නේ.මනා වුනත් රස බර සාහිත්‍යක් නිසා ලියන්න හිතුව ලිපි පෙළ.මේකේ බුද්ධ අවතාරය සදහා බුදුන්ගේ රූපයක් යෙදුවේ නැත්තේ පවුද්ගලිකව මම එහෙම කියනවට අස නැති නිසා.මොකද හැම දේටම වැඩ අපිට අපේ බුදු දහම වටිනවා.රස වින්දනය සදහා හුදෙක් මෙවන් දේ ගනිය යුථුඉ.ජය වේවා අදහස් බෙදා ගත්තට .....

      Delete
    2. විෂ්ණු කියන්නෙ එදා ඉදන් ලංකාවට ෙෙහනයක් උන දෙයිෙයක් අෙප් අය ෙමා්ඩෙයා වැඳ වැඳ හිටියට රාමායණ කතාෙවන්ම මප්නව එ්ක. ඔය ෙපාර මැරෙව ෙගාඬක් ලංකාවෙ අය.

      Delete
    3. ආර්‍ය්යෝ කියනඋන් බගවත් ගීතාවයි, රාමායණය යි අපෙන් මුලින්ම හොරකං කරේ විෂ්ණුව, උන් ලස්සනට ව්ෂ්ණුව අතුගාල දැම්මා රාමෙකුයි, ක්‍රිෂ්ණෙකුයි විෂ්ණු විදිහට පෙන්නලා, ඊගාවට දැම්මා ශිවෙක්ව ඩුප්ලිකේට් විෂ්ණු ඒ කරලා විෂ්ණු සංකල්පේ අතුගාලම දාන්නයි උන් හැදුවේ.
      අපේ එකාලා උන්දැට වෛර කොරාට උන්දැ වෛර කොරනඑකක් නෑ

      Delete
  9. බොහොම වැදගත් පොස්ට් එක ස්තුතියි යාලු

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තට ගොඩවුනාට ජය වේවා!!

      Delete
  10. superb....නියමයි... ආආආසාවෙන් කියෙව්වා, ගොඩක් ස්තුත්යි සහෝ ...
    පුංචි එකතු කිරීමකුත් කරන්නද, ඔය දාල තියෙන එව්වගේ අහලින්වත් යන්නේ නෑ ඉතින් , .... :)
    හින්දු ආගමේ ත්‍රිමුර්තියෙන් එක මූර්තියක් තමයි ශ්‍රී විෂ්ණු , ඒ කියන්නේ එයාල පිළිගන්නේ ලෝකය මැවීම ඊශ්වර දෙවියොත් , ලෝකය විනාශ කිරීම ශිව දෙවියොත් (ලෝකේ විනාශ කරනවා කියන්නේ , දේව සභාවෙන් එහෙම කරන්න තරම් බල සම්පන්න දෙවියෝ ශිව දෙවියෝ නිසයි ) ලෝක පැවැත්ම විෂ්ණු දෙවියොත් අතින් සිද්ධ වෙනවා කියලයි , එක නිසා හින්දු භක්තිකයන්ගේ ලොකු ගෞරවයක් අනිත් දෙවිවරුන්ට වැඩ ශ්‍රී විෂ්ණු දෙවියෝ කෙරෙහි තියෙනවාලු...අහ් තව ශ්‍රී විෂ්ණු දෙවියෝ ගැන තව ගොඩක් ලස්සන තොරතුරු හොයා ගන්න පුළුවන් මහාභාරතය පොත කියෙව්වනන් , එක තනිකරම දිව්‍ය ලෝකයක් නෙහ් ...

    හිහිහිහි all the best for good work... :)

    ReplyDelete
    Replies
    1. වාව් පට්ට විස්තරයකනේ ..ඔව් යාළු ඒ කතා වල සම්බන්ධයක් තියෙනවා එකින් එකට ...ස්තූතිය ඒ බව දැන්නුවට ජය වේවා!

      Delete
    2. යාලු පොඩි වරදක් පෙන්නම් ලෝකෙ මැවුවෙ මහා බ්රහ්ම ශිව ඊශ්වර කියන්නෙ එකම දෙවිකෙනක් එයාට මහා දේව කියලත් කියනව බලවත්ම දෙවියන් ශිව දෙවියන්

      Delete
  11. සතරවරම් දෙවිවරු කියන්නේ විරුඩ, විරූපක්ෂර, වෛශ්‍රාවන, ධ්‍රුතරාෂ්ඨ නේද , බෞද්ධ සංස්කෘතියත් එක්ක ශ්‍රී විෂ්ණු නම එන්නේ නෑ නේද ....

    ReplyDelete
    Replies
    1. නෑ එක් හින්දු ආගමේ බලපෑම මත අපේ සමාජයට ආරෑඪ වෙච්ච දෙයක්...අනේ මන්දා කාලෙන් කාලෙට ඒ නම් වෙනස් විමකුත් සමහරක් තැන් වල දකින්න පුළුවන්..මේ පැත්තට ආවට ජය වේවා!!

      Delete
  12. ගොඩක් මහන්සි වෙලා ලිවුව ලිපියක් නිස මේ මහන්සිය අගය කරන්නම ඕන.. වටින කරුණු ගොඩක් මේ ලිපියෙන් දැන ගත්තා..

    අර කිවුව කල්කින් අවතාරය ඇත්තටම වෙන දෙයක් නම් ඒක පහල වෙන්න මේ හොදම කාලෙද මන්දා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ් අයියා...මමත් ලියන ගමන් තමයි ගොඩාක් තොරතුරු හොයා ගත්තේ....හි හි මටත් හිතෙනවා මේ වෙන දේවල් එක්ක කාලේ හරි කියලා ජය වේවා!!

      Delete
  13. මේ තියෙන්නේ ප්‍රසිද්දම අවතාර 10,ඔතන නැති ප්‍රසිද්ද මෝහිනී අවතාර කියල එකකුත් තියෙනවා,මතක හැටියට රකුසෙක් ශිව දෙවියන්ට සේවය කරලා වරයක් ඉල්ලුවා තමන්ගේ අත් දෙකෙන් අල්ලන හැම දෙයක්ම ගිනි අරන් විනාශ වෙලා යන්න,ශිව දෙවියන් ඒක දුන්නම ඒකෙන් හැමදේම රකුසා වනසනවා ඒක ශිව දෙවියන්ටත් නවත්තන්න බැරි උනා,පස්සේ ශිව දෙවියන් විශ්නු දෙවියන්ට කියනවා විශ්නු දෙවියන් ස්ත්‍රී වේශයකින් යනවා රකුසා ගාවට ගිහින් රකුසව නර්තනයෙන් මත් කරනවා,රකුසා මත් වෙලා බදින්න එකට ඉන්න අහනවා,ඒකට තමුන්ගේ ඔලුවේ අත තියලා පොරොන්දුවක් වෙන්න කියනවා ඉල්ලනවා විශ්නු දෙවියෝ ස්ත්‍රී වේශයෙන්,පස්සේ ආලයෙන් අන්ද වෙලා මත් වෙලා ඉදපු රකුසා තමුන්ගේ හැමදේම අල්ලන අල්ලන එක විනාශ වෙන අතින් නොදැනීම හමුන්ගේ ඔලුවට අත තියල දිව්‍රරන්න ගිහින් විනාශ වෙලා යනවා,ඔකයි කතාව මතක් හැටියට,
    හින්දු ආගමේ බලගතුම දෙවියන් ශිව දෙවියන් උනාට බලය අතින් විශ්ණුයි ශිවයි එක සමානයි,හොදම මිත්‍රයින්,මහා බ්‍රහ්මම මවන්නේ විශ්ණු,බ්‍රහ්මගේ එක මූනක් ශිව දෙවියන් නියපොත්තෙන් හූරල නැති කරපු නිසයි දැන් 4ක් තියෙන්නේ අහල තියෙන විදියට,ශිව දේවාල විශ්නු දේවාල තිබ්බට බ්‍රහ්ම දේවාල කියලා එකක් නෑනේ,මහා දෙවිවරුන් ශිව විශ්නු,පාර්වතී,ලක්ශ්මි,සරස්වතී,ගනේශ්,මුරුගන්,

    ReplyDelete
  14. අද බොහොදෙනෙක් පිලිගන්න දෙය මෙය උනත් විශ්ණු යනු හින්දුන්ගෙ මහා දෙවියන්ය එපමනක් නොව රාවණා රජු පරාජය සදහා රාමට වරම් දුන්නෙත් විශ්ණු මයි නමුත් උපුල්වන් මහදෙවි යනු සිව්හෙලයේ ඈදුරුතුමන් වන පුලස්ති මහා රිශි තුමන්ය

    ReplyDelete
  15. හරියට කියවගන්න පුළුවන් විදිහට විෂ්ණු දෙවියන්ට නමස්කාර කරන හා අනෙකුත් දෑ පලකරන්න.
    පැහැදිලිව කියවගන්න පුළුවන් විදිහට
    මම හෙව්වට හම්බුනේ නැහැ.

    ReplyDelete
  16. විශ්ණු කියනේ බල ලෝභී කපටි දෙවියෙක් තම වාසීය ධර්මය යැයි කියූ අාරතමාර්ත කාමී දෙවියෙක් එ්බව ඔහු ගැන ලියූ හැම කාතාවකම තියනව

    ReplyDelete
  17. Vishnu,shiva,bharmha deviyangen balawathma devio vishnu deviyo thama.eth indiawe wadi thanak denne shiva deviyanta

    ReplyDelete
  18. හිංදු ආගමේ බලවත්ම් දෙවියන් විශ්නූ.ශිව විනාශය කලාට සැබෑවටම ඒක කරන්නෙ විශ්නූ.විශ්නූ දෙවියන්ට ආරම්භයක්වත් අවසානයක්වත් නැහැ.ශිව බ්‍රහ්මා ආදී සියල්ලන්ගේම වාසය විශ්නූ තුලයි.එම නිසායි ඔහුට වාසුදේව් කියන්නෙ

    ReplyDelete
  19. හිංදු ආගමේ බලවත්ම් දෙවියන් විශ්නූ.ශිව විනාශය කලාට සැබෑවටම ඒක කරන්නෙ විශ්නූ.විශ්නූ දෙවියන්ට ආරම්භයක්වත් අවසානයක්වත් නැහැ.ශිව බ්‍රහ්මා ආදී සියල්ලන්ගේම වාසය විශ්නූ තුලයි.එම නිසායි ඔහුට වාසුදේව් කියන්නෙ

    ReplyDelete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. ගොඩක් වටිනවා. මම අහල තියෙනවා විශ්ණු දෙවියන් මුහද කළඹද්දි ත‍්‍රිශූලය, හක්ගෙඩිය,ගයෙසක්, කෝලායුධය, අක්මිණිය සහ පාද සළඹක් පැන නැගුණ කියලත්.

    ReplyDelete
  22. ගොඩක් වැදගත් ලිපියක්. තවතවත් විෂ්ණු දෙවියන් ගැන ලිපි ලියන්න

    ReplyDelete
  23. නියම ලිපියක්..තවත් ඉස්සරහට මේ වගේම ඒවා බලාපොරොත්තු වෙනවා...

    ReplyDelete
  24. හරිම ආසාවෙන් කියෙව්වා. පුදුම හොද දැනුමක් ලැබුන විශ්නු දෙවියන් ගැන ආධුනික මනසට.ගොඩක් අගය කරනවා මේ ලිපිය. ගොඩ දෙනෙක්ට විශ්නු දෙවියන්ගෙ අවතාර තියෙනවා කියල දන්නවා උනාට පැහැදිලි උත්තරයක් දෙන්න කාටවත් පුළුවන් උනේ නෑ මම දැකපු අය අතරේ.

    මට පුළුවන් ද දැනගන්න විශ්නු දෙවියන් වදින ස්තෝත්‍ර යක් තියෙනවා ද කියල දැනගන්න. සම්බුද්ධ සාසනවරන් ඉධරෝහනස්මින්..... කියලා එකක්.

    මේ අවතාර 10යේ 9 වෙනි එක සමග නම් මට එකග වෙන්න අමාරුයි. ඒ ගැන ඔබගෙන් අදහසක් විමසන්න කැමතියි.

    ReplyDelete
  25. ඇත්තටම හොද ලිපියක්. මමත් ඔබේ කරුණු වලට එකඟයි .විශ්ණු දෙවියන්ම තමයි උපුල්වන් දෙවියන් කියන්නෙත්.මොකද නිල්පාට වෙලා ඉන්න හේතුවක් තියෙන්න ඕනනෙ.හැම තැනම සුලබව නිල්පාට දෙවියන් නෑ.විශ්ණු දෙවියන්ගේ හදුනාගැනීමට ඇති ප්‍රධානම හේතුව තමයි නිල්පාට.ඒක නිසා උපුල්වන් යනුවෙනුත් හදුන්වනවා.එහෙම නැතුව උපුල්වන් කියල වෙන දෙවි කෙනෙක් හැදින්වුව නම් ඒ දෙවියන් ගැන පාටින් විතරක් හදුන්වන්නේ නෑ.එහෙම කලානම් පැටලෙන නිසා.මොකද වැඩියෙන්ම ප්‍රසිද්ධ නිල්පාට දෙවියො විශ්ණු දෙවියොනෙ.ඒ නිසා මම හිතන්නේ මහාවංශයේ පාටින්ම දෙවියන්ව නම් කරල තියෙන්නෙ කවුරුත් නිල්පාට විශ්ණු දෙවියන් කියල දන්න නිසා.විශ්ණු දෙවියන්ම තමයි උපුල්වන් දෙවියන් කියන්නෙත්.

    ReplyDelete
  26. ගොඩක් වටිනා ලිපියක් මෙය ස්තුතියි ✨️

    ReplyDelete
  27. බුද්ධ අවතාරයක් වුනා කියන්නේ බොරුවක්. රාවණ නම් නිර්මාංශ පාරමි පුරන සාධාරණ රජ කෙනෙකි ඉන්දියාවේ එවකට සිටි දසරත් නැමති රජතුමා විසින්
    රාවණ රජතුමන් මැරීම පිණිස ආර්යාන් නැමති තුර්කීන්ගේ අවවාද මත මහත් වූ සතුන් බිලි යාග පුද දී රාම නම් කුමාරයෙක් දසරත් රජුගේ 62 බිරිද දාව ඉපදුනේ ය.සතුන් බිලි දී මිනිස් කුස විෂ්ණු නම් බලවත් දෙවි කෙනෙකු උපදීද? මා හිතන විදියට රාම කියනුයේ බලවත් යක්‍සෙයක් හෝ අසුරයෙකු මිස දෙවියෙකු නොවන බවයි.

    ReplyDelete

මතක සටහනක් අකුරු කරලා යන්නත් අමතක කරන්න එපා........