Friday, December 16, 2011

ගණ දෙවිදුගෙ ඇත් හොඩවැල

ඔන්න දේව ඉතිහාසයේ කතා ගොන්නේ දෙවැනි කතාව අරන් මම අද ආවේ.කරදිය වලල්ල කතාවට ලැබුන ප්‍රතිචාර එක්ක හිතේ සතුට බොහෝමයි.අපි දන්න දෙවියන් ගැන නොදන්න කතා ටිකක් අහන්න අපි කවුරුත් ආසයිනේ..ඇත්තටම මේවා නිකන් ගොසිප් වගේ නේද?....හි හි හි ඒත් රසවත් බව නිසා ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවේ...හරි අද කතාව මෙන්න මේකයි.

ඔයාලා කලින් කතාවෙත් අහන්න ඇතිනේ ගණ දෙවියන් ගැන.අදත් ඔන්න එයා තමයි අපේ කතා නායකයා.අද මම කියන්න හදන්නේ ගණ දෙවියන්ට හොඩවැලක් ලැබුනේ කොහොමද කියලා කියන්න.ඔයාලා දැකලා ඇතිනේ යාළුවනේ ගණ දෙවියන්ට තියෙන්නේ ඇත් මූනක් සහ දේව ශරීරයක්.ඉතින් මේ ඇත් මූණ ලැබුන හැටි ගැන තමා මේ කතාව.



ගණ දෙවියන්ගේ මල්ලි තමා කතරගම දෙවියන්.කතරගම දෙවියන් ගොඩාක් ලස්සන දෙවිකෙනෙක්...මේ බලන්නකෝ


ඉතින් තරුණ වයසට ඒමත් සමගම කතරගම දෙවියන් කතරගම කන්ද තම වාස භූමිය කරගෙන වාසය කරන්නට වුනා.ඉතින් තම යහළු දෙවියන් එක්ක දිනක් මොහු සංචාරයේ යෙදෙන්නට වුනා.ඔන්න ඔහොම කට්ටියම මැණික් ගග දිගේ ඇවිදගෙන ආවා.එහෙම එද්දී දේව පිරිසට සුන්දර දර්ශනයක් නෙත ගැටුනා.මොකක්කද දන්නද ඒ?...දේවතාවියන් පිරිසක් මැණික් ගගේ බැස දියකෙලින ආකාරය.තරුණවියේ පසුවූ සියළුම දේවතාවියන් ඉතාමත් දැකුම්ළු දර්ශනයක් බවට පත්වුනා.ඉතින් උසුළු විසුළු කරමින් දිය කෙලින මේ සුර ලදුන් දිහා තරුණ දේව ගැටයන් ඇසිපිය නොහෙලා බලන් හිටියා.

ඔය කට්ටිය දිය කෙලිය තැන අද හදුන්වන්නේ සෙල්ල කතරගම කියලා.අහලා ඇතිනේ මගෙ යාළුවෝ.අද නම් මේ ස්ථානය එදා වගේ නෑ..වෙනස් වෙලා


ඉතින් ඔන්න කතරගම දෙවියනුත් මේ කාන්තාවන් දිහා මන්මත් සිතින් බලා සිටියා.මේ අය අතුරින් එක් දේවියක් දිහා කන්ද කුමරුගේ නෙත හොරැහින්ම වෙන් වුනා.ඔහු ඈ දෙස අන් අයට වඩා විමසිල්ලෙන් බැලුවා.නීල වර්ණ වරලස,කාන්තිමත් නෙත් දෙක,සුන්දර රූ සපුව කතරගම දෙවියන්ගේ නෙත් නිතැතින්ම ඇයට වශී වුනා.මේ සුන්දර දේව කන්‍යාවිය වෙන කවුරුවත් නෙමේ අපි දන්නා වල්ලි අම්මා යි.ඒ වන විට තරුණ වියේ පසු වූ ඇය අතිශයින්ම සුර ලදක් සේ දිස්වුනා.


පේනව නේද ඇයගේ රූප ශ්‍රීය.ඉතින් මේ දේව දූතිය කෙරේ කතරගම දෙවියන්ගේ සිතේ ආදරයක් ඇතිවුනා.ඉතින් හිතේ පැලවෙච්ච මේ ආදරයත් එක්ක කතරගම දෙවියන් දේව මාලිගයට යන්න පිටත් වුනා.කාලයත් එක්ක කන්ද කුමාරයාගේ හිතේ ආදරය කෙමෙන් වැඩි වන්නට වුනා.ඉතින් වල්ලි මාතාවට තමාගේ හිතේ තිබෙන ආදරය ප්‍රකාශ කලත් ඇය ඒක ප්‍රතික්ෂේප කලා.බලන්න ඉතින් යාළුවනේ අද කාලේ කෙල්ලො වගේමයි නේද ඒ කාලෙත්.. ඉතින් හිතේ ඇති වෙචිච ආදරය ගැන දුක් වෙවී කතරගම දෙවියන් කාලය ගත කලා.කතරගම දෙවියන් හට වුවමනා වුනා වල්ලි අම්මාට තමා කෙරේ පැහිදීමක් ඇති වන යමක් කිරීමට.මේ ගැන කල්පනා කරන අතරතුරේදී ඔහුය තම සොහොයුරා මතක් වුනා.ඒ කියන්නේ ගණ දෙවියන්.ඔයාලා දන්නවනේ ගණ දෙවි නුවණ කියන්නේ ලේසි පාසු කාරණයක් නෙමේ.ග‍ණේෂ් ට තිබුණා අනෙක් දෙවියන්ට වඩා සූක්ෂමව දුරදක්නා සිතිමේ නුවණක්.කරදිය වලල්ල කතාවෙන් ඔයාලට ඒක තේරෙන්න ඇතිනේ.ඔන්න ඉතින් කතරගම දෙවියන් තමාගේ ගැටළුව තම අයියාට ඉදිරිත් කලා.අයියා මලෝ අතරේ දුරස් බවක් නෑනේ.මලිලීගේ කතාව අසා ගණ දෙවිදුන් සිනාසෙන්නට වුනා.

“මල්ලී ඇය ඔබ හට ආදරය නැතුවා නොවේ..ඒත් කාන්තාවන් එකහෙලා තම ආදරය දැක්වීමට මැලි වෙනවා....මම දිනක් ගග අසබඩ සිටිද්දී මට ඇහුනා වල්ලි උඹ ගැන මොනවදෝ අනික් එවුන් එක්ක කතා කරනවා.උඹ ඇයට උඹේ දස්කම් පෙන්නපන්..එවිට ඇගේ හිත ඔබ කෙරේ බැදේවි....“ ගනේෂ් කියන්නට වුනා.

“ඉතින් අයියන්ඩි කියන්න මා කුමක් කරම්ද කියා“ කතරගම දෙවියන් හටද නොඉවසිලිය.

ගණ දෙවිදුන් ටිකක් වේලා කල්පනා කරන්නට වුනා.

“මුරුගන් (කතරගම දෙවියන්)! අපි මේ සදහා මේ වගේ දෙයක් කරමු...වල්ලි ඊලග කුජදා අනික් එවුන් හා දිය කෙලින්නට සෙල්ල කතරගමට එනවා..සුපුරුදු පරිදි.“

“ඔව් ඔව් ඉතින් ඉතින්“

“වල්ලි දිය නාන වෙලාවට අපි යමු එතනට.එතනදී මම ඇත් වේශයක් මවාගෙන ගං ඉවුරට එන්නම්..මට බයේ උන් හිස් ලූලූ අත දුවන්න ගනී.එතකොට මම වල්ලි පස්සේ පන්නන්නම්.මට බයේ වල්ලි දුවද්දී උඹ ඇවිත් ඒකිව මගෙන් බේරා ගනින්.වල්ලි උඹේ වීර ක්‍රියාව දැකලා නිසැකවම උඹට බහ දෙනු ඇත“

“හොද අදහසක් අයියණ්ඩි“ කතරගම දෙවියන් සතුටින් පිනා යමින් කීය.

ඉතින් ඔන්න යාළුවනේ කතිකාකරගත් පරිදි එම දිනයට කතරගම දෙවියන් හා ගණ දෙවියන් සෙල්ල කතරගම බලා පිටත් වුනා.වල්ලි අම්මා පැමිණෙන තෙක් ඔවුන් ගසකට මුවා වී බලා සිටියා.ටික වේලාවකින් දේව කන්‍යාවියෝ පිරිස දිය කෙලීමට ගං ඉවුරට පැමිනුනා.

“මල්ලී ! මම දැන් යනවා වල්ලිව බය කරන්න.උඹ කතා කරගත්තා වගේ ක්‍රියා කරන්න.මේකත් මතක තියා ගන්න.වැඩේ ඉවර වූ වහාම මෙන්න මේ පැන් කෙන්ඩියෙන් පැන් ටිකක් මගේ ඇගට ගසන්න.ඉර බැස යන්න කලින් පැන් ටිකක් ඉහින්න නම් අමතක කරන්න එපා.“ කියමින් ගණ දෙවියන් කතරගම දෙවියන් අත මන රන් පැන් කෙන්ඩියක් තැබුවා.

ගණ දෙවියන් බියකරු ඇත් වේශයක් මවා ගෙන ගං ඉවුරට ඇදෙන්නට වුනා.ගග දෙසට එන හස්තියා දුටු සුර ලියන් ඔබ මොබ අත දුවන්නට වුනා.ගණ දෙවිදුන් වල්ලි අම්මා පිටුපස පන්නන්නට වුනා.තමා පිටුපස එන දැවැන්ත හස්තියා දුටු ඇය වේගයෙන් දුව යන්නට වුනා.නමුත් ගණ දෙවියන් ඇයට කිට්ටු කලා.මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් කතරගම දෙවියන් වහා පැන හස්තියා මෙල්ල කර වල්ලි අම්මාව ගණේෂ් ගෙන් බේරා ගත්තා.


ඇතාට බයේ සිටි වල්ලි සිහිසුන් නැති තත්වයේ පසුවුනා.වහා තම අත රැදි පැන් කෙන්ඩියෙන් ජලය අතට ගත් කතරගම දෙවියන් වල්ලි අම්මාගේ මුහුණට පැන් ඉස්සා.ඉන්පසු ඇය නැවත යථා තත්වයට පත්වුනා.කතරගම දෙවියන් වල්ලිව ආදරෙන් තමාට ලං කර ගත්තා. ආදරයෙන් වැලදගෙන සිටි කතරගම දෙවියන් හට තම සොයුරාගේ ඉල්ලීම අමතක වුනා.වල්ලි අම්මා සමග පෙම් බස් දෙඩූ ඔහුට සවස් වෙද්දී තමයි පැන් කෙන්ඩිය මතක් වුනේ.බලන්නකෝ වෙච්ච වැඩේ...ඔහු හනික කලබලෙන් ගණ දෙවියන් සොයා ගියා(ඇතාව).හනික පැන් කෙන්ඩියෙන් පැන් ඉහින්න හැදුවත් වල්ලි අම්මාට පැන් ඉස්ස නිසා පැන් කෙන්ඩියේ පැන් තිබුනේ ඉතාම ස්වල්පයයි.ඔහු හනික එම පැන් ටික ගණේෂ්ගේ ශරීරයට ඉසිනු ලැබුවා.ඒත් සමගම ඉර බැසයන්නට වූ හෙයින් ගණේෂ් ගේ ශරීරය පමණක් යලි යථාතත්වයට පැමිණියා.ගණ දෙවියන්ගේ මුහුණ ඇත් මුහුණක් බවට මේ හේතුව නිසා පත්වුනා.ඉතිං යාළුවනේ ඔන්න එදා ඉදලා ගණ දෙවියන් ඇත් මුහුණක් ඇති දේව ශරීරයක් ඇති දෙවි කෙනෙක් වුනා.නමුත් ඔහුගේ නුවණ නම් දිනෙන් දින මෝරන්නට වුනා.

එදා ගණ දෙවි නුවණින් කතරගම දෙවියන් වල්ලි අම්මා තමා කෙරේ ඈදා ගත්තා.පසු කලෙක ඔවුන් දෙදෙනා විවාහ වී කතරගම කන්ද වාසභූමිය කරගෙන ජීවත් වුනා.මොන දේ වුනත් ගණේෂ් හා මුරුගන් අතරේ තිබුන සහෝදර ප්‍රේමයට නම් අඩුවක් වුනේ නෑ....

21 comments:

  1. අදයි මේ බ්ලොග් එක දැක්කේ. දිගටම මේ ජාතියේ කතා ටිකක් දාමු. තෑන්ක්ස් මචං...

    ReplyDelete
  2. ස්තූතියි උදාර!! දිගටම වැහි පොදත් එක්ක ඉන්න. වැස්ස ඔයාලා වෙනුවෙන්මයි......

    ReplyDelete
  3. මම අහලා තියෙන්නෙ වල්ලි ගණ දෙවියන්ට බයේ ක්ලාන්තෙ දැම්ම නිසා.. කතරගම දෙවියන් අර පැන් කලෙන් ටිකක් වල්ලිගෙ මූණට ඉස්සා කියලා.. :) ඒ නිසා ගණදෙවියන්ගෙ මූණට ඉහින්න පැන් මදිවුණාලු..

    අපූරු සටහනක් සහෝ. ස්තූතියි බෙදාගත්තට..
    දිගටම ලියන්නට සුබ පැතුම් හා දිරි..!!!

    ReplyDelete
  4. oya Me kataragama kanda kiyala kiyanne wadihiti kanda gana wennona

    ReplyDelete
  5. ow saho mama me kathawa ahala thiyena widiyatanam matath hithenne oka wadihiti kanda kiyala thamai......!

    ReplyDelete
  6. @ නන්දු..... ඔව් ඒක ඇත්ත වෙන්න ඇති.මම ඒ ගැන නම් හරියටම දන්නේ නෑ .ඒත් ඒ කතාව මේ සිද්ධිය හා සම්බන්ධයි කියලා මටත් හිතෙනවා...ස්තූතියි නොදන්න තොරතුරක් සැපයුවට..ඉදිරි ලිපි වලටත් අදහස් බලාපොරොත්තු වෙනවා යාළු.....ඔබට ජය!!!!

    ReplyDelete
  7. @ sadeep tnx malliya!! digatama wassa ekka inna!

    ReplyDelete
  8. දේවකතා සාහිත්‍ය! මමත් හරිම අාසයි! :)

    ReplyDelete
  9. @ තනි අලියා- ස්තූතියි මේ පැත්තට ගොඩ වුනාට...හම් මමත් ගොඩාක් ඇලුම් කරන පැත්තක්..

    ReplyDelete
  10. වල්ලි අම්මා කියන්නේ දේවතාවියක් නෙමෙයි. වල්ලි අම්මා කියන්නේ කතරගම ප්‍රදේශයේ හිටපු වැදි නායකයෙක්ගේ දුවක්. ඒක සිහිපත් කරමින් තමා තවමත් කතරගම දේවාලේ පෙරහැර සහ සිරිත් කීපයකට වැදි නායකයා ඇතුළු පිරිස සම්බන්ධ වෙන්නේ.

    ඒ වගේම කතරගම දෙවියෝ වල්ලි අම්මා එක්ක සම්බන්ධතාවය පටන් ගන්න කොටත් තේවානි අම්මා කියන ඉන්දියානු යුවතියගේ ස්වාමියා වෙලයි හිටියේ :)

    ReplyDelete
    Replies
    1. ඇත්තද මචං !! තේවානි අම්මා ගැන විස්තරයක් ගන්න පුළුවන් තැනක් සදහන් කරහන්...ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න ආසයි...මොකද ඒ කතාව ටිකක් අප්‍රකටයි කියලයි මටනම් හැගෙන්නේ...

      Delete
    2. ඔව් සහෝ ඇය වැදි නායකයෙකුගේ දියනියක් තමා...කතරගම දෙවිදුන් සමග එක්වී පසු කලෙක ඇයට දේව සභාවෙන් දේවත්වයක් පිරිනැමුවාලු ...ඇයගේ අතීත කතාව මනාව විදහා දක්වනවා තම වැදි පරපුරේ තතු සමග “ගරා යක්“ ඉතිහාසය විමසුවානම් ..එහි වල්ලිගෙ සහ මුරුගන්ගේ විවාහ දිනයේ වල්ලිගෙ පැත්තෙන් විවාහයට එන්නේ වැද්දන්...විශවාසවන්ත දේවියකට මගුලට එන්නේ දෙදෙනාගේම හිතවත් පත්තිනි අම්මා...මෙහිලා ගරා යක් වැද්දන් මුණ ගැසීමට යාම ගැන ඇති විස්තරයේ සදහන් වෙනවා වල්ලිගෙ පරම්පරාවේ තොරතුරු...

      Delete
    3. http://en.wikipedia.org/wiki/Deivayanai

      Delete
    4. ස්තූතියි සහෝදරයා!!

      Delete
  11. meka weradi machan shiva purana eke tiyenne wenas widiyata

    murugan ge malli tamai ganesh,shiva parvathi tamai demawpiyo

    muruganwa shiva parvathi dennama mewwa ,dawasak gana dewiyanwa mewwe parvathi
    shiva dewiyo koheda giya welawaka parvathi naanna hadanakota gana dewiyanwa mawala dora mura karanna dunna naala enakan katawath meken athulata enna epa kiyala,shiva deiyo ethakota awa gana dewiyo e shiva kiyala danne nethywa yanna denne nethywa athulata randu una passe shiva deiyo gahapu parakin gana dewiyange muna gelawila pichchuna
    passe parvathi awilla shivata kannalaw kalama shiva dewiyo vishnu deiyonta kiwwa keleta gihin mulinma hambawena kenage oluwak aran enna kiyala

    passe mulinma vishnuta hamba une athekwa,ekai ath munak aran gana dewiyanta thiyala abisheka kare shiva deiyo

    ehemai shiva purana eke tiyenne

    ReplyDelete
  12. මේ කතාව හරියටම හරි කියල කියන්න බැහැ.මොකද කියනව නම් ඉන්දියාවෙ ගණ දෙවියන් පිලිබද ව තියන කය්හාව මීට වඩා ගොඩක් වෙනස්.ඔවුන් ගණ දෙවියන් කියල හදුන්වන්නෙ ගනේෂ් කියන කෙනෙක්ව.මේ කතාව මාත් අහල තියනව.මේ ලතා එක එක කෙන එක එක විදිහටයි කියන්නෙ.

    ReplyDelete
  13. ඔයානම් නියමයි සහො කතාව ලස්සනයි අසයි කියවන්නත්. මගෙන් සුබ පැතුම් ඔයාට

    ReplyDelete
  14. නියමයිි bro

    ReplyDelete
  15. ගණ දෙවියන්ගේ අයියා තමා කතරගම දෙවියො මල්ලි නෙමෙයි

    ReplyDelete
  16. මහා ගොන් තක තීරු නුවනක් තිබිලා තියෙන්නෙ 🤣🤣🤣🤣

    ReplyDelete

මතක සටහනක් අකුරු කරලා යන්නත් අමතක කරන්න එපා........