Thursday, December 22, 2011

ශ්‍රී මහා පත්තිනි දේවිය


ඔන්න යාළුවනේ ටික දවසකට පස්සේ ආයෙත් වැහිපොදින් මම ආවා ලස්සන කතාවක් අරගෙන.කතාවක් කිව්වට මේක ඇත්තටම දෙවි කෙනෙක් ගැන නොදන්න අප්‍රකට තොරතුරු විදහා දැක්වීමක්.හරි ඔන්න මම අද කියන්න යන්නේ පාරිශුද්ධත්වයට අධිපති දේවතා වහන්සේ ගැන.කවුද දන්නවද ඒ? ඇය තමයි මහා පත්තිනි දේවතාවිය.

මුලින්ම අපි හොයලා බලමු ඇයගේ උපන් කතා වස්තුව සම්බන්ධ රස කතාවක්.හරි පත්තිනි දේවියගේ උපත සම්බන්ධයෙන් අපේ ජනවහරේ නොයෙකුත් අදහස් තියෙනවා.ඉතිහාසයේ සමහරක් තැනක පත්තිනි දේවිය “හත් පත්තිනි ,දොලොස් පත්තිනි” ආදී නම් වලින් හදුන්වනවා.එයට හේතුව වන්නේ ඇයගේ උපත සත් වරක් හෝ දොලොස් වරක් සිදුවී යැයි මතයක් තිබෙනවා.
හත් පත්තිනි ලෙස හදුන්වන්නේ ඇය දියෙන්,දලෙන්,ගලෙන්,ගින්නෙන්,අඹෙන්,කුලෙන්,මලෙන් යන ආකාරයෙන් සත් වාරයක් උපන් නිසාලු.

දොලොස් පත්තිනි ලෙස හදුන්වන්නේ ඇය පිනි බිංදුවෙන්,දලෙන්,දෙමට මලෙන්,ගලෙන්,සළුවෙන්,නයි කදුලෙන්,අඹෙන්,සුලගින්,සළඹෙන්,ගිනි දැල්ලෙන්,සිගා රැල්ලෙන් යන ආකාරවලට උපන් නිසාලු.ඔය කොහොම වුනත් පත්තිනි දේවියගේ උපත් ගනන නම් හතකට වඩා වැඩි බව අපට පැහැදිලියි.ඒ සදහා ඇය ගැන පවසන පහත කවියද සසදා බලන්න යාළුවනේ......

ජලෙනි,දලෙනි,මලෙනි,සලඹ වරෙක උපන්නා
ගලෙනි,කුලෙනි,සළුවෙනි එක් වරෙක උපන්නා
අඹෙනි,දඹෙනි,නයි කදුලෙනි වරෙක උපන්නා
එවැනි තෙදැති පතිනි මෙලක දිවබල පෙන්නා

ඔරුමාල පත්තිනි,වැඩිමොඩි පත්තිනි,ශිව පත්තිනි,සිද්ධ පත්තිනි,ගිනි පත්තිනි,තෙද පත්තිනි,ජල මේඝ පත්තිනි,මල් පත්තිනි,කනක බිසෝ,ශ්‍රී මහා පත්තිනි,අම්මා දේවිය,හලඹ කුමාරි,කිරි අම්මා,මා පත්තිනි,වීර පත්තිනි,සිරිමා පත්තිනි,හදුන් කුමාරි ආදී නම් වලින්ද මැයව හදුන්වනු ලබනවා.

පත්තිනි උපත ගැන මෙන්න මෙහෙමයි කියවෙන්නේ....................



ඉස්සර පඩි නම් රටේ පඩි නම් රජ කෙනෙක් රජ කලා.ඉතින් මේ රජුට තිබුනා අක්කර ගනනක් ලොකු අඹ වනයක්.ඒ කාලෙ අඹ අවාරේ.ඒත් මේ වනයේ එක ගසක හදිසියේම කල ගෙඩියක් වගෙ විශාල අඹ ගෙඩියක් හටගත්තා.ඉතින් මෙම අරුම පුදුම අඹේ ගැන උයන බාරව හිටි උයන් පල්ලා රජ තුමාට දැන්නුවා.රජතුමා බොහෝ සෙයින් සතුටු වී මෙම අඹය නෙලා ගෙන එන්න තමන්ගෙ හේවායින් එක්ක වනයට ගියා.ඇත්තටම ඒ අඹය හරිම ලොකුයි. ඉතින් රජතුමා තමන්ගේ හේවායින්ට මේ අඹය දුන්නෙන් විද බිමට හෙලන්නට අණ කලා.

ඉතින් යාළුවනේ හේවායින් අඹ ගෙඩිය වෙත ඊතල ප්රලහාර එල්ල කලා.ඒත් රජතුමාගේ අතිදක්ෂ කිසිම හේවායෙකුටවත් මේ අරුම පුදුම අඹ ගෙඩිය අසලින් වත් යන්න හී විදින්න බැරි වුනා.බලන්නකෝ ඒකෙත් හැටි.ඉතින් අඹය නෙලා ගන්න බැරිවුනු කල රජතුමා රට පුරා අණබෙරයක් යැව්වා මේ අඹය නෙලා දෙන්න රටවැසියෙකුට ඉදිරිපත් වන ලෙස.මේ පුවත දැන ගත් ශක්රණ දෙවියන් මහල්ලෙක් විලස උයනට පැමිණියා.ඔහු දුටු රජුට හා හේවායින්ට සිනා පහල වුනා.නමුත් අන් අයගේ උසුළු විසුළු මැද සක් දෙවිදු එක් හී පහරකින්ම අඹය බිමට හෙළුවා.මෙහිදී නොසිතූ සිදුවීමක් සිද්ධ වුනා.යාළුවනේ මේ පඩි රජතුමාට ඇස් තුනක් තිබුනා.ඉතින් අඹය කඩන අයුරු දෙස උඩ බලා සිටි පඩි රජතුමාගේ නලල මත තිබු ඇස මතට අඹ නටුවෙන් ගලා ආ කිරි බිංදුවක් වැටිනි.එම කිරි නිසා ඔහුගේ එම ඇස අන්ධ වූ බව පැවසෙනවා.තම ඇස අන්ධ කල අඹය කෙරේ කෝපයට පත්ව පඩි රජු අඹය පාරුවක තබා ගග දිගේ පහලට පා කර හැරියේ එයින් තමාට මෙන්ම තම රටටද කරදරයක් වේවි දෝ යැයි සිතාගෙන.

ඉතින් යාළුවනේ මේ අසාමාන්යම අඹය ගග දිගේ පහලට පාවී එනවිට ගග පහල දිය නාමින් සිටි තාපසවරයෙක්ට හමුවුණා.මේ විශාල අඹය දුටු ඔහු එය ගගෙන් ගොඩට ගෙන තමාගේ අසපුවට ගෙන ගොස් ආරක්ෂිත තැනක තිබ්බා.ඔන්න ඉතින් ඒ පාර සිද්ධ වුනේ අරුම පුදුම දෙයක්.හරියටම සත් දිනකට පසු මේ විශාල අඹ ගෙඩිය පැළී ඒ තුලින් අතිශයින්ම රෑමත් කුමාරිකාවක් උපත ලැබුවා. ඇය එතැන් සිටපත්තිනි නමින් හැදින්වූවා.

ඔන්න ඔහොමයි පත්තිනි උපත ඉතිහාසයේ දැක්වෙන්නේ.....හරි ඊලගට අපි හොයලා බලමු ඇය ගැන තව විස්තර ටිකක්........



රූප කායෙන් අති සුන්දර ලදක් වූ පත්තිනි දේවිය තරුණ වියට එලඹීමත් සමග තම ගම් ප්රලදේශයට භාණ්ඩ වෙලදාමට ආ පලග නම් තරුණයෙක් හා සරණ පවා ගත්තා.පත්තිනිය තම සැමියාට ඉතාම පති භක්තියෙන් හා ආදරයෙන් සලකාගෙන ජීවත් වුනත් පලග තුල නම් ඇය කෙරේ එවැනි තත්වයක් තිබුනේ නෑ.ඔහු පෙරුම්කාරී නම් නලගනක් සමග අනියම් සම්බන්ධයක් පැවැත්වූවා.අනියම් සම්බන්ධතාවයට අමතරව ඔහු සූදු කෙලියටද පුරුදු වුනු නිසා දිනෙන් දින ඔවුන් අන්ත අසරණ තත්වයට ඇද වැටුනා.

දිනක් පත්තිනිය තම සැමියාට තම පාදයේ බැදි සලඹ දුන්නේ මුදල් අගහිගකම් හේතුවෙන් මදුරා පුරයට ගොස් එය විකුණා ගෙන ඒමටයි.ඉතින් යාළුවනේ පලග පත්තිනියගේ සලඹ විකුණාගන්නට මදුරාපුර බලා පිටත් වුනා.එහිදී ඔහුට නොසිතූ විරූ කරදරයකට මුහුනපාන්නට සිද්ධ වුනා.මදුරාපුර දේවියගේ රන් සලඹක් මේ කාලයේදීම සොරුන් විසින් පැහැර ගෙන තිබුනා.ඉතින් සොරා සොයමින් ඇවිද්ද මදුරාපුර රාජ සේවකයින් පලග සමග පත්තිනි සලඹ අත්අඩංගුවට ගත්තේ එකී සලඹ දේවියගේ සලඹ යැයි වරදවා වටහා ගනිමින්.එය කෙසේ වුනත් මදුරාපුර දේවියගේ සලඹ සොරකම් කිරීමේ වරදට පඩි රජු විසින් පලගට මරණ දඩුවම නියම කලා.මේ ආකාරයට නිවරැද්දේ වැරදිකරුවෙකු වූ පලග අමු සොහොනකට ගොස් මරාදමා ඔහුගේ මලකද කොසඹ රුකක් යට පසින් යට කලා.මේ බවක් නොදත් පත්තිනිය තම සැමියා එනතෙක් මග බලන් සිටියා.

දිනක් ඇය නපුරු සිහිනයකින් තම සැමියා මරණයට පත්ව සිටිනු දුටුවා.ඒ වේලාවේම පඩි පුරයට ගිය පත්තිනිය ඔහු පිලිබද සොයා බලන්නට වුනා.විස්තර සොයා බැලීමේදී තම සැමියා හට උරුම වූ අකල් මරණය ඇයගේ කන වැකුනා.මෙයින් බලවත් ශෝකයට හා දුකට පත් වූ පත්තිනිය සැමියාට තිබූ පති භක්තිය මුල් කරගෙන සැමියා හට අකල් මරණයක් උරුම කල සියල්ලන්ගෙන්ම පලි ගන්නට සිතා ගත්තා.ඔහු තමා හට කුමන වෙනස්කම් සිදු කලත් ඈ ඔහු කෙරේ තිබූ ස්වාමි භක්තිය මෙයින් මනාවට පැහැදිලි වෙනවා නේද යාළුවනේ....ඉතින් ඇය තමාගේ වම් පියයුර කඩා පඩි පුර පොලොවේ ගසමින් මුළු පඩි පුරයටම සාප කරන්නට පටන් ගත්තා.පත්තිනියගේ මේ ශාපයෙන් පඩිපුරම ගිනි ජාලාවක් වී අධර්මිෂ්ඨ පුද්ගලයින් සියල්ලම මේ ගින්නෙන් ඇවිලෙන්නට වුනා.පුරාණ පොත්පත් වල කියවෙන පරිදි අවසානයේ ඇය තමන්ගේ පතිව්රේතා බලයෙන් පාලගට පණ දී කිරි උතුරවා පඩි පුරයටම සෙත් පැතුවාලු.



ඉතිහාසයේ සදහන් වන පරිදි පත්තිනිය ඉතා බලගතු දේවියක වන්නේ ඇය තුල පැවති පති භක්තිය හේතු කොට ගෙනය.අදටත් කිරි අම්මා දානයක් දීමේදී පත්තිනිය හට පුද කරනුයේ ඇය සැබවින්ම දේවත්වයෙන් පිරිපුනා ආදරණීය මාතාවක් නිසා කියලයි ජන වහරේ පවතින්නේ.ඉතින් මගේ යාළුවනේ විටෙක සත් පත්තිනි තවත් විටෙක දොලොස් පත්තිනි ලෙස හදුන්වන්නා වූ මේ දේවතාවිය තිස් දහසක් නාග මානකාවියන් පිරිවරාගෙන නවගමුවේ දේවාලයෙහි වැඩ සිටිනා බවට බැතිමතුන්ගේ මතයක් පවතිනවා......





එමනිසා විශේෂයෙන් කුඩා ලමයින්,කිරි අම්මා වරුන්,හා කාන්තාවන් අදටත් නවගමුවේ දේවාලයෙන් පත්තිනියගෙන් ආශිර්වාද ලබා ගන්නට බොහෝ සෙයින් පැමිණෙනවා.....

ඉතින් යාළුවනේ ලිපිය ගැන ඔයාලගේ අදහස් දක්වන්න කියලා වැස්සෙන් ආරාධනා කරනවා......මොකද ඒවා වැහි පොදේ ඉදිරි ලිපි වලට ලොකු අත්වැලක් වෙනවා...නැවත හමුවෙනකම් ඔබට ජය!!

18 comments:

  1. හොද විස්තරයක් නේ! නියමයි :)

    ReplyDelete
  2. හරිම වටින තොරතුරු ටිකක්... මම එක හුස්මට කියෙව්වා. තවත් මේ වගේ කතා ලියන්න.. ඔන්න මමත් ෆලෝ කලා...

    ReplyDelete
  3. @ Nelum - ස්තූතියි කියෙව්වට! දිගටම ඉන්න වැහිපොදත් එක්ක ....

    ReplyDelete
  4. @ තාරා - ස්තූතියි එකතුවුනාට වැහි පොදත් එක්ක....අළුත් විස්තර එකතු කරගත් විගස ඔයාලත් එක්ක බෙදා ගන්නම්.....! දිගටම වැස්සත් එක්ක ඉන්න ඔබට ජය!!

    ReplyDelete
  5. Niyamai Ayya..Me kurulla nam eka thanaka inne na wage!!!!!

    ReplyDelete
  6. tnx malliya...!! he he he is my lovely twitter bird! try 2 caught him.

    ReplyDelete
  7. ලස්සනට ලියලා තියෙනවා.සුබ පැතුම්.

    ReplyDelete
  8. ස්තූතියි මල්ෂාන්...!!

    ReplyDelete
  9. Ane thawath deviyan gana oya vidihe katha dannako ayya plz plz plz im budhist but mama hindu agamatath kamathi

    ReplyDelete
    Replies
    1. bohoma sthuthi yaluwa me paththata goda wunata!! hama agamakatama respect karana eka hoda deyak.ok mama hoyala balala liwwa gaman dannam.digatama inna wahi poda ekka.obata jaya!!

      Delete
  10. පත්තිනි දේවියගේ මුල් නම" කන්නගී" [මට මතක විදිහට] තමාගේ පතිනිභාවය මැනවින් ඉටු කරපු නිසයි පස්ස කාලේ ඇයව පත්තිනි නමින් දේවත්වයට පත් කරලා අදහන්න පටන් ගත්තේ

    ශ්‍රී ලංකාවේ පත්තිනි දේව වන්දනාව ඇරඹෙන්නේ ගජබාහු රජතුමා සොළී රටට ගිහින් ආපසු එද්දී පත්තිනි සළඹ රැගෙන ආපු සිද්ධියෙන්

    ReplyDelete
  11. ඔව් හින්දු සාහිත්‍යයයේ අදටත් ඇයව හදුන්වන්නේ කන්නගී යන නාමයෙන්...“කන්නගී“ යන් වචනය ඔවුන්ගෙන් ව්‍යවහාර වූ දෙයක්.දකුණු ඉන්දියාවේ තිබෙනවා ජනප්‍රවාදයක් “කන්නගී-කෝවලන්“ කියලා ඒ කතා පුවත් මේ සිද්ධියට බෙහෙවින් සමීපයි.ඉතින් සාහිත්‍යෙවේදීන්ගේ මතය තමයි ද.ඉන්දියාවේ කන්නගී ලංකාවේදී අපිට පත්තිනි වූවා කියලයි ...ඒකට හේතුව භාෂා පරිභාෂිතය වෙන්නැති කියලයි මටනම් හැගෙන්නේ....

    ඔය කියන දෙවන සිද්ධිය ගැන නම් අසා තිබෙනවා..නමුත් වැඩි දුර කියවන්න ආසයි ..මූලාශ්‍රයක් පවතීනම් ඒ ගැන සදහනක් දෙන්න..ස්තූතියි !! ජය වේවා

    ReplyDelete
  12. ඔය මදුරපුරේ සිද්ධියෙදි.ඇවිලි ගිය ගින්නෙන්, දරුවො.කන්‍යාවො...පති භක්තිය රැකි මව්වරු ,ගැබිණි කතුන් රැකුණලු...කිසිම දෙයක් උණේ නෑලු...ඒකයි කිරි අම්මා දානෙ දෙන්නේ...

    මට තවම මතකයි පත්තිනි කවි.අපි පදනමේදි කියනවා...

    ReplyDelete
    Replies
    1. ඇත්තද? දේව කවි වලට නම් මමත් ගොඩාක් ආසයි සහෝ..හම් කිරි අම්මා දානය ගැන තව විස්තර කියවන්න ආසයි..ස්තූතියි සහෝදරී මේ පැත්තට ගොඩ වුනාට ජය වේවා!!

      Delete
  13. ගොඩාක් වටින කතාන්දරයක් හොදට ලියලා තියනමා ඔබට ජය !

    ReplyDelete
  14. ස්තූතියි හිරු........:)

    ReplyDelete
  15. මම පත්තිනි දේවිය ගැන තියෙන සේරම කථා ටික කියවන්න උනත් ආසයි. ලොකු විස්වාසයක් හිතේ තියෙනවා පත්තිනි දේවිය ගැන.

    ReplyDelete
  16. අනේ මට පත්තිනි දැහැන දෙන්නකො

    ReplyDelete

මතක සටහනක් අකුරු කරලා යන්නත් අමතක කරන්න එපා........