Friday, November 9, 2012

මගේ පාර මතකයිද?.......



ඈත දුර අතීතේ අපිට අපි 
නැතිව බැරි
ලස්සනම කාලයක්  
ගෙවුනු හැටි මතකයිද?.......

හීතලට හැගුම් පොදි
හිම ලෙසින් හිරවෙද්දි
පපුතුරේ උණුහුමින්
රැක ගත්තා මතකයිද?.......

දහසකුත් හීන මල්
හිත අස්සෙ නලියද්දි
ඒ හීන නුඹේ දොතේ
රැන්දුවා මතකයිද?.......

පපුතුරේ කැටි වෙච්ච
සෙනෙහෙ දෝතක් රැගෙන
අත් දෙකින් ඇස් වහලා
සිප ගත්තා මතකයිද?

දුක සතුට එක ලෙසට
උහුලන්න බැරි කමට
කදුළු බිදු ඇස් කොනින්
ඉහිරුවා මතකයිද?...........

අනේ මගේ රත්තරන්
පාළුයිනේ කියන විට
හිස හෙමින් අතගාලා
හිත හැදුවා මතකයිද?...........

ඉස්සරම වගේ තව
එකම එක දවසකට
මං හොයාගෙන එන්න
මගේ පාර මතකයිද?.......

____ කල්ප........___

4 comments:

  1. පට්ට ,නියමයි.... හතරවෙනි කවියේ මාත්‍රා නොගැළපීමක් තියෙන්වා වගේ දැක්කා. චුට්ටක් බලන්නකෝ. කවි පෙළ අවසන් කරලා තියෙන විදිහත් අපූරුයි. ජයවේවා දිගටම ලියන්න.

    ReplyDelete
  2. ඒ දේවල් මතකනම් අනිවා අයෙම එන පාරත් මතක ඇති...

    ReplyDelete
  3. හ්ම්.. මතකයි මතකයි

    ReplyDelete

මතක සටහනක් අකුරු කරලා යන්නත් අමතක කරන්න එපා........