Saturday, April 21, 2012

අළුත් අවුරුද්දේ වෙනස්ව හිතමු..........

අවුරුද්දට පස්සේ ඉස්ස ඉස්සෙල්ලම මේ පැත්තට අදයි එන්න ලැබුනේ....කොහොම වුනත් හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා වැහිපොදින් ප්‍රාර්ථනා කරනවා...ඉතින් අළුත් අවුරුද්දේ මොනවද අළුත් වැඩ.තාම plan කරලා නැද්ද යාළුවනේ ...නැත්නම් අළුත් දේවල් ටිකක් හිතලා අදම පටන් ගන්න.....අහලා ඇතිනේ අපි ජීවත් වෙන්නේ සිහින වලට ජීවය දෙන්න කියලා කතාවක්.අන්න ඒ නිසා මේ පුංචි හිත් වල තියෙන ඔය පුංචි හීන ටික ඇස් මායිමේම හැබෑවක් කරගන්න උත්සාහ ගන්න...ඉතින් කල්පටත් මේ අවුරුද්ද ගොඩාක් සතුටුයි මොකද මේ පාර ගෙදර හැමෝම එක්ක අවුරුද්ද සමරන්න පුළුවන් වුනා....කොහොම කොහොම හරි මේ ලගදී දවසක රූපවාහිනිය බලද්දී රූපවාහීනී වැඩසටහනක් මගේ හිත් ගත්තා..ඇත්තටම අළුත් අවුරුද්දට අළුත් සිතුවිලි ටිකක් ඒකෙන් ගන්න පුළුවන් වේවි කියලා මට හිතුනා...අවුරුද්දටම නෙමේ අපේ ජීවිත කාලෙටම මොනවා හරි දෙයක් ඒකෙන් ගන්න පුළුවන් කියලයි මට දැනුනේ...ඉතින් උදේ අවදි වුන ගමන් ඇහිච්ච මේ වැඩසටහනෙන් පුළුවන් විදියට මම වෙන් කර ගත්තු කරණු ටිකක් පහලින් තියෙනවා .ඇත්තටම යාළුවනේ ජීව්තයේ ධනාත්මක සංකල්පය වැඩිදියුණු කරගන්න මේවා ඔයාලට යම් තරමකින් හෝ ඉවහල් වේවි....හරි එහෙවම් ඔන්න මේ ටික හීමීන් සීරුවේ කියවලා ඔළුවට අදහසක් දා ගන්නකෝ....මේ කරුණු අපේ ජීවිතයට කොතරම් සමීපද බලන්න යාළුවනේ.........


1. කෙහෙන් හරි පටන් ගන්න නොනැවතී ඉදිරියට යන්න. 
2. වඩා භයානක ආර්ථික දිලිදුභාවය නොව මානසික දිලිදුභාවයයි. 
3. කරනා දෙය හරියට කරන්න ලැබෙනා දේ ගැන නොසිතන්න. 
4. කාලය යනු ජීවයයි. 
5. වැදගත් සිදුවූ දෙය නොව අප එයට දක්වන ප්‍රතිචාරයයි. 
6. අරමුණු ඇත්තෝ ලොව ජය ගත්තෝ. 
7. වෙනස් යනු වැරදියි යන්න නොවේ. 
8. අගය කිරීම වැඩෙන් කරමු. 
9. ඔබ ජීවත් විය යුත්තේ ඔබේ සිහින වලට ජීවය දීමටයි. 
10. ලොව වෙනස් කලේ කීකරු මිනිසුන් නොවේ අකීකරු මිනිසුන් වේ. 
11. වැදගත් ඔබ කොතරම් උපයනවාද නොව උපයන දෙයින් කොපමණ ඉතුරු කරනවාද යන්නයි. 
12. සාර්ථකත්වයට කෙටි මංමාවත් නැත. 
13. සාර්ථක වූවෝ අමුතු දේවල් කල අය නොව කරනා දෙය වෙනස් අයුරින් කල අය වේ. 
14. ඉන්නා බව දැනෙන්න ජීවත් වෙන්න. 
15. වෙනස් කල හැකි දේ වෙනස් කරන්න වෙනස් කල නොහැකි දේ දෙස බලන ආකාරව වෙනස් කරන්න. 
16. විවේචනයෙන් ඔබ්බට. 
17. ඔබ යනු ඔබගේ සිතුවිලි වල ප්‍රතිඵලයකි. 
18. ජීවිතයෙන් මම තඹ සතයක් ඉල්ලා සටන් කලෙමි.ජීවිතය මට තඹ සතයකට වඩා කිසිවක් දුන්නේ නැත. 
19. දුන්න දුනුගමුවේ - ඊතල කිතලගමුවේ.........රාල මීගමුවේ - මුවෙක් ඇඩුවයි සබරගමුවේ. 
20. ලොව කිසිවෙකුට වෙනස් නොවී සිටිය නොහැක.ඔබ වෙනස් වන්නේ කවර දිශාවටද? 
21. මිනිසුන් අසාර්ථක වන්නේ නැත.කරනුයේ සාර්ථකත්වයට කලින් අත්හැර දැමීමයි. 
22. වෙනස් ප්‍රතිඵලයක් අවශ්‍යය නම් කරනා දෙය වෙනස් කරන්න. 
23. ඔබ සතුව කවර කුසලතා ඇත්තත් මිනිසුන් සමග වැඩ කිරීමේ කුසලතාව නැත්නම් ඉන් කිසිවකින් පලක් නැත. 
24. මා හට ඔබ වෙත දිය හැක්කේ කුමක්ද? 
25. අනාගතය යනු වර්තමානයයි. 
26. අපි රැකියා වලට සුදුසු නැද්ද? අපිට සුදුසු රැකියා නැද්ද? 
27. කරදරර අපට කරදර කරන තුරු ,කරදර වලට අපි කරදර නොකල යුතු. 
28. යමක් ලබන්න යමක් කරන්න. 
29. වයසක ඔබ බලා ගත යුත්තේ තරුණ ඔබ විසින්මය. 
30. ආකල්පමය වෙනසක් අවශ්‍යය කර තිබේ. 
31. ඔබ ඊයේ කරදර වූ හෙට දවස අදයි. 
32. අසාර්ථකයි කියා දෙයක් නැත.ඇත්තේ අත්දැකීම් ගොන්නක් පමණි. 
33. වලක් වුවත් කලක් ගිහින් මලක් පිපී විලක් වෙනවා. 


 මේවා කරුණු වශයෙන් දැක්වුවත් ඉතා ගැඹුරින් ජීවිතය හා සමගාමීව අධ්‍යනය කල හැකි කාරණා යාළුවනේ.....ඒ හින්දා ටිකක් හිතලා බලන්නකෝ.....ඇත්තටම මේ වැඩසටහන මෙහෙයවපු ගුරුවරයාගේ නම නම් මතක නෑ මට .කොහොම වුනත් එතුමන්වත් ස්තූති පූර්වකව මේ වෙලාවේ මතක් කරන්න ඕන...වැදගත් යමක් කියලා දුන්නට.... ඉතින් ලැබුවාවූ අළුත් අවුරුද්දත් හැමොටම ජය කෙහෙලි නංවන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා යාළුවෝ හැමෝටම ජය වේවා!!

14 comments:

  1. හම්මූ....මාල ලෙක්චලේකින්ම අවුලුඩ්ඩ පටන් අලන් ටියෙන්නෙ....
    උයාතත් ජයෙන් ජයවේවා මගෙ අයියෝ......!!!

    ReplyDelete
    Replies
    1. ආයේ නැතුව නගා.....නගාටත් ජයම වේවා!!

      Delete
  2. නියමයි.. ඇත්ටම වැදගත් කරුණු ටිකක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ!! ජය වේවා!!

      Delete
  3. වටින කරුණු ටිකක්, ඒත් තව ටිකකින් අමතක වෙන එකනේ වැඩේ!

    ReplyDelete
    Replies
    1. එකක් දෙකක් හරි ජීවිතයට දා ගන්න බලමු නේද? අපි හැමෝම සර්වසම්පූර්ණ මින්ස්සු නෙමේනේ ටික ටික ඉගෙන ගම්මු!! ජය වේවා සහෝ!!

      Delete
  4. වඩාත්ම සිත් ගත්තේ : "ඔබ ඊයේ කරදර වූ හෙට දවස අදයි"
    හොඳ වැඩක් !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ ජය වේවා !!

      Delete
  5. ...වලක් උණත් කලක් ගිහින් මලක් පිපී විලක් වෙනව.
    සිරාවටම ඇත්ත මචන්!

    ReplyDelete
    Replies
    1. අනිවා !! ජය වේවා මචං!!

      Delete
  6. ලොව වෙනස් ක‍ළේ අකීකරු මිනිස්සු කියන එකට සම්පූර්ණයෙන්ම එකගයි අය්යෙ.සිද්ධාර්ථ කුමාරයත් රජකම බාරගන්න කියලා තාත්ත කරපු යෝජනාවට අකීකරු වුණා.

    ReplyDelete
  7. හම් ඔව් නංගා !! ඉතින් ඒ අකීකරුකම මිනිස්සු කී දෙනෙක්ට ශාන්තිය ලං කලාද කියලා!! වෙනස වැරැද්දක් කර ගන්න එපා කියන එකත් ගොඩක් දැනෙන කතාවක්...

    ReplyDelete
  8. ඕන් මචෝ මාත් මේ පැත්තේ ආවා..
    සිරාවට ම ඇත්ත කතාව මචෝ.. එල!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ!! ජය වේවා!!

      Delete

මතක සටහනක් අකුරු කරලා යන්නත් අමතක කරන්න එපා........