Sunday, April 29, 2012

සෙල්ලම්ද කොල්ලෝ "හොරෙක් හොරෙක්.........."




ඔන්න මචන්ලා සෙල්ලම්ද කොල්ලෝ කතා මාලාවෙන්  අදත් ආවා.........අපිට වෙච්චි පොඩි සීන් කෝන් ආතල් කතා කෑල්ලක් අරගෙන.මෙන්න මේකයි සිද්ධිය.........

මේකත් අර හොල්මන් කේස් එකත් එක්ක සම්බන්ධ සිද්ධියක්..ඒ වෑවර කේස් එක කියෙවුවේ නැත්නම් මෙතනින් යන්න.මොකද? මුල් කතා ටික කියවලා ආවනම් හොදටම කේස් එක තේරෙයි...


හරි ඉතින් ඔය උලව් හොල්මන් මන්දිරේ කරන්න ගිහින් රස ආකරයි කියලා මම කිව්වනේ..මේක මේ මන්දිරේ හදන දවසක වෙච්චි දෙයක්...කොහොම හරි එදා රෑ පිට්ටනියේ ඉදියේ මමයි,තට්ටෙයි,රනෙයි ,වැලයි,ගොරෝ නම් මතක නෑ ඌ ගෙදරට වෙලා බුදි මගේ හිතේ..තව රාමේ,ආ එතකොට අපේ වැලන්ටයින් ඌත් ඉදියා...තව දෙතුන් දෙනෙක් හිටියා නම් මතක නෑ කොල්ලෝ...

ඔන්න ඉතින් රෑට කන්න කෑම ගේන්න අපේ ගුස්පියෝ හතර පස් දෙනෙක් එලියට ගියා.අනිත් එවුන් මට ටිකක් එහායින් ඉදියේ..මමත් හීතල හුලගට වැනී වැනී මන්දිරේ හදන්න ගෙනාපු පුවක් කොට කෑල්ලකට පශ්චාත් බාගේ බර දීලා සිහින ලෝකෙක ඉදියේ.
.
බොල හරකො තෙමෙන්නේ  නැතුව ඇතුලට වෙලා ඉදහන් තට්ටේ මගේ පිටට තට්ටුවක් දාගෙන එහාට ගියා.

ඉතින් බලාපල්ල මේ නස්ගෝනියා මරුවත් මදි ..ඇයි යකෝ ගහක් කොලක් නැති මේ පිට්ටනිවේ මම අහවල් එකක් යටට වැස්සට  යන්නද? මම ඉතින් මටම පොඩි කික් එකක් දා ගත්තා මේ වගේ එවුන් අපේ ලගත් ඉන්න එක ගැන.

කොහොම කොහොම හරි මම එතන පැය බාගයක් වගේ ඉදියා.අපේ එවුන් මට පේන මානයේ ඉදියේ..සේරටම වඩා බඩත්ගිනි පාන් ගේන්න ගිය එවුන්  පාන් හදනවද කොහෙද? ඇයි හත්වලාමේ පැයක් වෙනවා ගිහින් ලොවෙත් කට්ටිය මොල්ලි අනනව ඇති.දන්නෙ නැති එවුන්නේ ගියේ..
මම පොඩි සද්දයක් ඇහිලා ඇහැරුණා.....

දුවපාන්.....හයියෙන් දුවපාන්........

මෙහෙන් වරෙන් ........ඔන්න එනවා

අම්මට සිරි සුනාමියක්ද බොලේ මේ ...මම ආයේ පුල් ඩිම් වුනා ...හෝදන්න දෙයක් නෑ ඒකේ....මොකද මුන් කෑ ගහගෙන දුවන්නේ...මම වට පිට බැලුවා මුහුද නම් නිකන් සිල් අරන් වගේ. නෑ නෑ සුනාමි කොහෙද මේ වෙලාමේ මම ඒ වෙලාවේ ඒ ගොබ්බ අදහසින් ඔළුව හදා ගත්තා.
ආයේ වට පිට බැලුවා...

අඹ ගහේ ජම්බු....

අපේ එවුන් ටික පෝලිමට එකා පස්සේ දුවනවා පන දාගෙන .පිට්ටනියෙන් එලියට පැනලා සේරම එක්ක මහ පාර දිගේ දුවන්න ගත්තා.

මොකක්ද බං මේ වෙන්නේ පිට්ටනියේ මම විතරයි.මටත් නිකන් දැන් දැනෙනවා වකුගඩු කාර්යක්ෂමතාව වැඩි කරලා වගේ හැගීමක්.


පරණ සීන් එකක රිටන් එකක්ද?
මුන් මොනවා හරි හොරකම් කරලා කඩේ එවුන් ගහන්න එලවනවද?
එහෙමත් නැත්නම් මොකක් හරි කුජීත වැඩක් කරලා මාට්ටුද?
නැත්නම් පොලීසියේ ලොක්කගේ තට්ටේ පලලද?
අනිවා නැත්නම් මුං ලොවෙත් ලොකු සෑර්ගේ ගෙදරට ගල් ගහලා ගේට්ටුවට තූ කරන්න ඇති....

ඔන්න මගේ ඔළුවට ආ සිතුවිලි වලින් ටිකක්..

මම විතරයි දැන් පිට්ටනියේ..මම අත දිහා බැලුවා ලනු කපන පේපර් කටර් එක මගේ අතේ..මෙතන ඉන්න බෑනේ අරුන් දුවන් මෙතනට ආවොත් තනි මම අම්බානෙකට කන විත්තිය මගේ පොඩි මොලේටත් ආවා..කොහොමද ටිකිරි මොලේ ඈ..

ගත්තා පේපර් කටර් එක අතට ,
දැම්මා එලියට පුල් තලේම,
තිබ්බා පය ඉස්සරහට ,
දුන්නා රන් එක නිල් වෙන්න


අපේ එවුන් දුවනවා උන්ගේ පස්සෙන් තව හතර දෙනෙක් දුවනවා මම පිහිය දික් කරගෙන උන් සේරම පස්සෙන් දුවනවා..කොහොමද ආ...

අම්මෝ මහන්සියට නවතිනවා හුස්ම අරිනවා ආයෙත් ඇරපු හුස්ම අහුල ගන්නවා.....මම දුවනවා

මයිනෝ එකෙක් නැවතියං යකෝ ....මාවත් ඇදන් දුවපල්ලකෝ.... මම කෑ ගගහ පස්සෙන් දුවනවා

කෙලියා නේද තාප්පෙට අපේ උන් ටික ඈත නැවතුනා මට පෙනුනා පස්සෙන් දුවපු එවුනුත් අපේ එවුන් ලගටම ගියා .නයි කයිද රෝස්පාන් .මෙන්න බොලේ මුං කෙලිනවා පහත් වෙලා අම්බානෙකට...මම හතර වරම් දෙවියන් සිහි කරලා කිට්ටු වුනා කට්ටිය ඉන්න පොට් එකට ....

දැකපු දේට තනි ඇහැට ඇඩෙනවා කොල්ලෝ....

කවුද එකෙක් බිම ..ඌට කවුරු වුනත් දීලා නැති වෙන්න..අපේ එවුනුයි පස්සෙන් එලවපු එවුනුයි අර බිම උන්නු හාදයගේ කරේ නැගගෙන..මෙන්න යකෝ පොලීසියෙන් ආවා  ඒ අස්සේ...මොන විලි සංග වැඩක්ද ඒ??

එකෙක් එනවා මගේ දිහාට තාම පිහිය මගේ අතේ....

"අනේ  බුදු මාමේ පිහිය ගත්තේ ලනු කපන්න..ගොඩාක් දික් කර ගත්තේ රෑට කන්න පාන් කන්න...මාමා දන්නවනේ පාන් ඇ දිගැටි මැද හිස් බෝල වගේ ඒවා..".මම අහන්නත් කලින් කියාගෙන ගියා

"හි හි" මෙන්න අංකල් කාරයා හිනාවෙලා මගේ පිටට තට්ටුවක් දාලා එහාට ගියා ...

අර බිම උන්නු හාදයා අල්ලගෙන වාහනේ දාගෙන පොලිස් ලොක්කලා එතනින් වාෂ්ප වුනා.වෙන දේවල් බලන් ඉදලා මට නිකන් කොයිල් වගේ..මට පිස්සුද එහෙමත් නැත්නම් මුන්ට පිස්සුද?

මම හීන් සීරුවේ කිට්ටු කලා රනේ ගාවට .

අනේ බං මට පිස්සු ....කියහං මයෙ බොක්ක මොකද වුනේ  කියලා....මම ඌ ගාවින් වාඩි වුනා

මුකුත් නෑ බං අපි පිට්ටනියෙ කතා කර කර ඉද්දී ඇහුනා සද්දයක් හොරෙක් හොරෙක් කියලා
අපි හැරිලා බලද්දී පොරක් දුවනවා බෑග් එකකුත් අරන්.."

ඊට පස්සේමට නම් දැන් කොයිල් එකෙන්ම.

"උගේ පස්සෙන් ආව අංකල් කෙනෙක් කිව්වා..අනේ පුතේ අර මිනිහා මගේ බෑග් එක අරගෙන දිව්වා කියලා...ඉතින් බං පව්නේ මනුස්සයා ..අපි ටික අර ගොබ්බයගේ පස්සෙන් එලෙව්වා ඌව අල්ලන්න ....උඹට කියන්න බං ඌ නීල කාපර් හොරෙක් රන් එක දුන්නා නැති වෙන්න..තාමත් මගේ කකුල් රිදෙනවාරනේ කිව්වා..

උඹ මේ ඇටි කෙහෙලක් කතා කරනවා.එතකොට යකෝ උඹලා අරම මහ හයියෙන් කෑ ගහගෙන ගියේ හොරෙක් පස්සෙන්ද? මම හීන් හඩින් ඇහුවා..

ඔව් ඇයි මොකෝ අවුල රනේ කියපි.

නෑ මුකුත් නෑ

කියහන් කියහන්

නෑ ඇයි යකෝ කෑ ගැහුව එක වාක්‍යයක හොරෙක් කියලා යෙදුවේ නැත්තේ මම ඒ ටික රනේට කනට කරලම  කිව්වා...

ඉතින් බලන්න කොල්ලනේ මේ නසරානි රැල එක්ක තව මොන කතාද?

21 comments:

  1. Replies
    1. ඇලෝ වැඩ තමයි නේ බං!!

      Delete
    2. මං නොදන්නවයි ඒක..
      හිකිස්..

      Delete
  2. පට්ට පජාතයි නේ.. අපේ අම්මා නම් කියලා තියෙන්නේ. "පුතේ ඔහොම එකක් උනොත් පොළොව හාරගෙන හාරගෙන පලයන්" කියලා..

    ReplyDelete
    Replies
    1. හික් මටත් හිතුනා බං! මොකටද ඒ අල හාරන්නද?

      Delete
  3. හිකිස්.....ලඟපාත සවලක් ඒම ටිබ්බෙ නැඩ්ඩ අයියෝ......හයියූ උයාතත් වෙන වැඩ....:P

    ReplyDelete
    Replies
    1. ඒකනේ නගා....මොන සවල්ද මහ රෑ....මේක වුනේ රෑ 11 ත් පැනලා

      Delete
  4. බලාගෙන ගියාම උබ නිකම්ම හාව වෙලා නේද මචෝ,ජයවේවා...!

    ReplyDelete
    Replies
    1. ඔව් බං අපේ ගොබ්බ ගොබිලයන්ගේ වැඩ ජය වේවා!!

      Delete
  5. එහෙම යාළුවෝ ලැබීමම වාසනාවක්... :)

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ එලම සෙට් එක හි!!

      Delete
  6. ගාල්ලේ කොල්ලෙක් විදියට උඹ ගැන ආඩම්බරයි බං! හිකිස්‌

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කොල්ලා හික් අනිවා ගාල්ලේ ගන්න ආතල් ටික හොදටම ඇති නේ බං

      Delete
  7. පට්ට !!
    මාර යාළුවෝ නේ. :)

    ReplyDelete
    Replies
    1. අනිවා එහෙම තමයි බං ජය වේවා!!

      Delete
  8. හයියෝ.. ලැජ්ජාවේ බෑ.. පොලිස් අංකල්ට කොයිල් වෙන්න ඇති මල්ලි කියපු එක අහලා... හික්ස්..

    ReplyDelete
    Replies
    1. හික් හික් මොනා කරන්නද අක්කා දැක්කම ෆුල් හොල්මන් වුනා .........කවුද දන්නේ මෙතව වෙලා තියෙන උලව්....හික්ස්

      Delete

මතක සටහනක් අකුරු කරලා යන්නත් අමතක කරන්න එපා........