Wednesday, May 30, 2012

සරුංගලය......





මතකද එදා හැන්දෑවේ....
එකම එක සරුංගලයක් 
එක නූලෙන් අල්ලගෙන හිටිය හැටි...
සරුංගලය වගේ නේද? අපේ පැතුම්...
ගොඩාක් උඩින් තිබුනේ
හිටපු ගමන් ආව රළු කෝඩයකට
ඒවා නොසෙල්වුනාම නෙවේ......


පුංචි හරි තිගැස්මක් ආවම
ඔයා මගේ අත තද කරගත්තා....
ඔව් සරුංගලය වගේම ඒ පැතුම්
මම ඊයෙත් අදත් හෙටත් රකිනවා හැමදාටම......


ඇයි මතක නැද්ද .....
අපි දිහා බලා ඉදිය චූටියෙක් කිව්වා
සරුංගලයට උඩ යන්න නූල කරදරයක් කියලා....
අනේ එහෙමයි කියලා 
මටත් හිතුන වෙලාවල් තිබ්බා.....
ඒත් සරුංගලය උඩ තියෙන්නේ
නූලෙන් කියල ඔයා මට කියලා දුන්නා....


ඉතින් ඒ අහිංසක පැතුම් ගොන්නට
ඔයාගෙත් මගෙත් දෙහිතම ඕනි.....
හැමදාටම.....
ඇයි දන්නවද?
ඒවා අපි දෙන්නගෙම නිසා...
එන හැමදේටම මූණ දෙමු....
ඔයා මගේ ලග නම් මට ඕන කුණාටුවක්.....


17 comments:

  1. ලස්සන කවි පෙලක්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ!! ජය වේවා!!

      Delete
  2. ඔයා මගේ ලඟ නම් ඔන කුණාටුවක්..

    ඇත්ත තමා..දෙන්නෙක් එකට ඉද්දි ඇයි බය වෙන්නේ මොනාටත්..ලස්සන සංකල්පනාව කල්ප.

    ReplyDelete
    Replies
    1. ඒකනේ නිම්.......ස්තූතියි සහෝ!! ජය වේවා!!

      Delete
  3. Replies
    1. ස්තූතියි සහෝ!! ජය වේවා!!

      Delete
  4. Replies
    1. :) ස්තූතියි සහෝ!! ජය වේවා!!

      Delete
  5. ලස්සන කවි පෙලක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ් අයියා !! ජය වේවා!!

      Delete
  6. ඕක මහ බයානක වැඩක් අප්පා. හැමතිස්සෙම බලන්නෙ අහකට යන්න අපිත් බලන්නෙ ඇදලා හරි එක තැන තියාගන්න

    ReplyDelete
    Replies
    1. හම් මොනා කරන්නද? පුරුදු වෙන්න වෙනවා :|) ස්තූතියි සහෝ!! ජය වේවා!!

      Delete
  7. එල..

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එල එල එසේම වේවා ස්තූතියි සහෝ!! ජය වේවා!!

      Delete
  8. ස්තූතියි සහෝ!! ජය වේවා!!

    ReplyDelete

මතක සටහනක් අකුරු කරලා යන්නත් අමතක කරන්න එපා........