Sunday, September 9, 2012

ලබැදි නුඹ............




ලබැදි නුඹ පැමිණි දා
හද මඩල වෙත ආදරෙන්......
දැනුනෙ නෑ මට මගේ නොව නුඹ
කියා කෙදිනකවත්......
කදුළු සිත්තම් නෙතේ අභියස
රන්දාලා රහසින්.....
උණු කදුළු කැට ඉතිරි කර මා
නික්මුණා නුඹගෙන්.......
ලැබූ ඒ මහ මෙරක් සෙනෙහස
සසර කෙලවර තෙක්.....
රැක ගනිමි එය මගේ නෙත් මෙන්
බොහෝ සුරැකිව දැන්......
කෙසේ කියම්දෝ හැරගියත් නුඹේ
හදේ අරණින් මං....
ඔබයි සැමදා සෙනෙහෙවන්තිය
ආදරේ මට දුන්.......

5 comments:

  1. අපිටත් නොකියම උඹ පවුල් වෙලා වගේ!:p

    ReplyDelete
  2. ඉතිං කවුද කියලා කිව්වේ නෑ නෙව.

    ReplyDelete
  3. hmm හදවතට දැනුනා.....

    ReplyDelete

මතක සටහනක් අකුරු කරලා යන්නත් අමතක කරන්න එපා........