Thursday, January 12, 2012

සෙල්ලම්ද කොල්ලෝ "ඇහැට කනට පේන එකක් ගලවපියෝ..."


ඔන්න මගේ යාළුවනේ අදත් අරන් ආවා ලස්සන කතා පොඩ්ඩක්.මෙන්න මේකයි කේස් එක.ඔය මගේ යාළුවා තට්ටෙ ඉන්නවනේ දවසක් ඌට ඔය ස්කෝලේ යන කාලේ පොඩි උලව් දත් කැක්කුමක් හැදුනා.අනේ මගේ අම්මෝ මූ දත් ඇන්දම අල්ලගෙන එහෙට දුවනවා මෙහෙට දුවනවා පිස්ෂු කෙලියයි එතන....

ඉතින් බලන් ඉන්න බැරිම තැන අපි මූවත් අරන් ගියා ඩෙන්ටල් එකකට.මූව වාඩි කරලා මම ගිහින් නොම්මරයක් ගත්තා ....

කිරි අප්පේ අංක 42 ...

ඇයි හත්වලාමේ ලංකාවේ මෙච්චර දත් අමාරු කාරයෝ ඉන්නවද? මට නිකන් එලොව පොල් පේන්න ගත්තා.ඉතින් දොස්තර අංකල් බොහෝම අමාරුවෙන් රෑ 8 ට විතර අපේ අංකය කියලා අඩ ගැහුවා.

“තට්ටේ වරෙන් යන්න ....මූ අංක පාස් කරයිද දන්නේ නෑ බොල“ මම ඌට ඇතුලය යන්න අඩගැහුවා.මූ හොදටම බුදි පුටුව උඩට වෙලා.

“වල් මයිනෝ නැගිටපිය මම උඹේ දත් ටික ගලවලා දෙන්න කලින්“ මම උගේ අතින් ඇද්දා..මෙන්න මූ එකපාරටම නින්දෙන් අවදිවෙලා කෑ ගහනවා...

“දත් කඩනවා....ඌයි.....දත් ගලවනවා....මගෙ අම්මෝ.....දත් බදිනවා....බුදු තාත්තේ.....වෑල්ඩිනුත් ඕනි නම් කරනවා .......“

“යකෝ මොන මගුලක්ද මේ.....උඹ ඩෙන්ටල් එකක්ද දැම්මේ හීනෙන්, එහෙමත් නැත්නම් ගැරජ් එකක්ද?“ මම උගේ පිටට අත දිග හැරලා පාරක් දුන්නා.

“කතා කලාද තොල්ලෝ “ ඌ කට අතගගා කියපි.

“ඔව් ඔව් යමන් යමන්, කොටා වරෙන් යන්න ඇතුලට, කට්ටා ,ජොන්ටි උඹලා ඉදහන් එලියේ අපි එනකන්“ මම තට්ටේ ඇදගෙනම ඇතුලට යන්න ගියා.

ජොන්ටි එලියට වෙලා දත් ගලවන්න ආපු නංගියෙක් එක්ක බර කතාවක...

ඔන්න බලාපල්ලකෝ මේ නරියටත් දත් කැක්කුම හැදුන චීත්ත කෑල්ලක් හරි කමක් නෑ වික වික ඉන්න දුන්නොත්.මුන් නම් පුදුම සත්තු .....(ඒ වුනාට මොනා වුනත් ඒකිත් ෆට්ටා ෆැන්ටසි කෑල්ලක් කොල්ලෝ......මගේ හිතේ කොල්ලෝ දෙන චොක්ලට් කාල වෙන්න ඇති දත් කැක්කුම හැදෙන්න ඇත්තේ)හි හි

ඔන්න මමයි කොටයි තට්ටෙයි දොස්තරයගෙ කාමරේට හීන් නූලට රිංගුවා...
නයි කයිද රෝස්පාන්.....

ඒ කාමරේ නිකන් ඇත්තටම පුරාවිද්යා. කෞතුකාගාරයක් වගේ....එක එක ජාතියේ දත්..අවුරුදු 10,20,40,75, එක එක වයස් වල දිග දත් ,කොට දත්,රවුම් දත්,හුරස්චාර්වක දත්,නාලාගිරි දත් අලේ අම්මපා දැක්කම පිස්සු පීකුදු වෙනවා.ඔය අස්සේ ඩොකාගෙ (දොස්තරගෙ) මේසේ උඩ අඩු බඩු ලොරියයි.අලවංගු,කැති,දෑ කැති,කපන කටු,හැම මගුලම එතන.මගේ හිතේ ග්රි.ල් එකකුත් තිබ්බද කොහෙද....

ඕවා දැක්ක පාර අපේ එකා තක්බීර් වෙලා...කොටා උගේ ඔලුව අත ගගා සනහනවා..

“දොයි දොයි දොයි බයිය දොබා........
අතට උදළු ඇහිද ගෙනේ.....දොස්තරයා ලගම එතේ.......
නිදා ගන්න පුතේ දසබිලි මාමගේ අතේ..“

ඒක අහපු පාර මටත් නිකන් කලාන්තේ වගේ හැදුනා....මම හිමීට තට්ටේ ගාවට කිට්ටු කලා.

“මේ දොස්තරයා රිදෙනවද කියලා ඇහුවොත් කියහන් නෑ කියලා හොදද?“ මම උගේ කනට කිට්ටු කරලා කිව්වා.

“ඒ මොතටද බං“

“නෑ යකෝ රිදෙනවනම් ගලවන්නේ නෑ.....ඒ නිසා රිදෙන්නේ නෑ කියහන් හොදද?“ ඌ නිකන් සිල් ගත්ත පූස් පැටියා වගේ ඔළුව හෙලෙව්වා...

ඔන්න ටික වෙලාවකින් ඩොකා එනවා හැදි ගෑරුප්පු ටිකකුයි, දෙකේ දෙකේ පොලු කෑල්ලකුයි, බංඩි කියතකුයි අරන්...ඒත දැක්ක පාර මටත් ලාවට පිප්පි බරක් හැදුනා..

“කෝ ආ...ගාන්න“ ඩොකා කිව්වා.
“ආ... ආ...“මම ඉතින් කට ඇරියා.
“කොයි දතද?“දොස්තර අහපි.
“මගේ නෙමේ ඩොක්ට මෙයාගේ“ මම තට්ටෙව පෙන්නුවා.
“මෙයාගේ“
“ඔව් ඔව් මෙන්න මෙයා“
“එහෙනම් ඕයි තමුසේ කට ඇරියේ“ ඩොකාට අසූහාරදාහට නැගලා.
“ඩොක්ට ආ... ගාන්න කිව්වනේ“ මම පූස් පැටියා වගේ කිව්වා.

“ආ.... ගාන්න කිව්වේ දත ගලවන එකාට ඕයි ....තමුසේ ආ... ගාන්නේ මම අහවල් එකක් ගලවන්නද“
ඇතිනේ ඉතින් අහගත්තා..මම හිමින් සීරුවේ කට වහ ගත්තා.

ඔන්න ඉතින් ඩොක්ට තට්ටෙව අර පඩුපුල් ආසනේ වගේ එකේ වාඩි කරවලා ..ඌ ලගට කිට්ටු වුනා.

“ලමයා මොකක්ද ගලවන්නේ“
“දත ඩොක්...ට දත“ තට්ටේ බෙරිහන් දෙනවා.
“දත තමා බොල තමුසේ හිතුවද මෙතන මම අනිත් ඒවත් ගලවනවා කියලා...“දොස්තරයට ඌරුජුවල්.

“යකෝ අහවල් ඒවා නිරපරාදේ ගලවගන්නේ නැතුව අහන දේට උත්තර දියන්“මම තට්ටෙට කිව්වා.
“බුදු දොස්තර මහත්තයෝ....ඔය ඔය කොනේ දත තමා අවුල“ තට්ටේ කියපි.
“ආ ලමයෝ ඒක නරක් වෙලා වගේ ....මේ ලමයා පැණි රස කනව නේද? වැඩිපුර ඒකයි මේ..“

දොස්තරයා යකඩ කූරක් අරන් ඒ දතට පොඩි තට්ටුවක් දැම්මා.

“රිදෙනවද ලමයා...“
“නෑ නෑ ඩොක්ට .....“
“රිදෙන්නෙම නෑනේ“
“අනේ නෑ ඩොක්ට රිදෙන්නෙම නැතෝ“
“ෂුවර් නේද පුතා..“
“ඔව් ඔව් ඩොක්ට අනේ මගේ අම්මෝ රිදෙන්නේ නැතෝ“මෙන්න මූ අඩනවා ඒ පාර.දැන් නම් දත රිදෙනවා කියලා ඩොකාට මාට්ටු වෙන්න වගේ හදන්නේ....මේ ගුප්පියත් නැට්ට විකාගෙන අඩනවනේ...

“රිදෙන්නේ නැත්නම් මොකටද තමුසේ අඩන්නේ?“ ඩොකා අහපි.

“නෑ නෑ ඩොක්ට මේකයි මෙයා පොඩි කාලේ ඉදලා දත් වලට මාර ආදරෙයි ...තාමත් ඉතින් ඒ වගේම ලව්...ඔය අද එකක් ගලවන නිසා වියෝ දුකටයි මිනිහා අඩන්නේ“ මම මැද්දට පැනලා වැඩේ සෝල් කලා.

“මොන පිස්සුවක්ද මේ දතක් ගලවනවා කියන්නේ නිකන් අතක් පයක් ගලවනවා කියලද හිතන්නේ ......තමුසේ ඔය තරමටම දතට ලව් නම් ගැලෙව්වම දත දෙන්නම් ගෙදර අරන් යන්න ....අරන් ගිහින් ලව් කොර ගන්නවා..තව ඕනි නම් අද ගලවපු දත් තියෙනවා අන්න අර බකට් එකේ.එයින් පාර්සලයක් බැදගෙනත් යනවා ....ඒත් දත් තමයි ඕයි“ දොස්තරයා කියපි.

දොස්තරයා හිමින් හිමින් දත් වලට තට්ටු දානවා .ඒ අස්සේ තට්ටෙ නිකන් කිරි පනුගාය හැදිච්ච එකා වගේ දගලනවා.

“මේක රිදෙනවාද?“
“නෑ ඩොක්ට“
“එතකොට මේක“
“නෑ නෑ “
“මේක නම් පනුවෝ කලා වගේ“
“අයියෝ නෑ ඩොක්ට .....මයෙ අම්මෝ...ඔය තියෙන්නේ කිරි දත් වගේම“ තට්ටේ කෑ ගහනවා.
“ඇයි යකෝ මේක මාර කෙලියක්නේ රිදෙන්නේත් නැතිලු,පනුවො කාලත් නැතිලු එහෙනම් ඕයි මම අහවල් එකද තමුසෙගෙ ගලවන්නේ කියලා තමුසෙම කියනවා“ දොස්තරයා අලවංගුවක් වගේ මොකක්දො ටූල් එකක් අරන් කිව්වා.

“ආනේ බුදු දොස්තර මහත්මයෝ ඔය ඇහට කනට පේන මොකක් හරි ගලවපියෝ....ඔය අලවංගුව නම් දාන්න එපෝ“ තට්ටේ කෑ ගහපි.

කොහොමින් කොහොමහරි හරි අමාරුවෙන් තට්ටෙව වත්තම් කරලා හක්කේ තිබ්බ හුරස්චාර්වක දත් කෑල්ලක් ගලවලා දැම්මා දොස්තරයා.

“හරි මේ යකාව දැන් අරන් යනවා ...උණ එහෙම ආවොත් ආයේ එක්කන් එන්න“ඩොක්ට කිව්වා.

“මගේ බුදුඅම්මෝ ආයෙත් නම් එන්නේ නැතෝ......මම දතට ලෙව් දොස්තර මහත්තයෝ......ආයේ ගලවන්නේ නම් නැතෝ....“ කියාගෙන තට්ටෙ එලියට දිව්වා.දොස්තරයට සමුදීලා මමයි කොටයි දෙන්නත් හීන් සීරුවේ එලියට බැස්සා...

31 comments:

  1. හි හි!
    එහෙනම් දොස්තර උම්බලගේත් දත් ගැලෙව්වා!ලොල්!

    ReplyDelete
  2. @ මහිම- හි හි තෑන්ක්ස් මචාං....

    @ නුවන්- ඒකනේ බං අපේ ගොබ්බයෝ එක්ක ඉදියම අපිත් කනපිට ගහනවා.....

    ReplyDelete
  3. පට්ට පෝස්ටුව මචාන් ...

    ReplyDelete
  4. @ ෂානු- මේ පැත්තට ගොඩ වුනාට ස්තූතියි මචාං........!! ජය වේවා!!

    ReplyDelete
  5. අඩේ.. උඹලා ඩොකාව බයිට් එකට අරන් නේ!!

    ReplyDelete
    Replies
    1. හි හි නෑ බං ඌ අහන ඒවට තමා කිව්වේ කෝ ඉතින් අපේ හාදයෝ එක්ක ඔහෝමම තමා!!

      Delete
  6. අඩේ ලියවිල්ල නම් පට්ට !
    දිගටම එන්නම්.
    අද තමා මම් පලවෙනියටම ආවේ.
    එදායින් පස්සේ උන ගත්තේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තට ගොඩවුනාට...දන්නේ නෑ බන් ඌව ගෙදර දාලා අපිත් කැපුනාතමට හැබැයි මතක ඇති කාලෙක ඇයේ පොරට දත් කැක්කුම ආවේ නැද්ද කොහෙද

      Delete
  7. සුපිරි මචං

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට ගොඩවුනාට ස්තූතියි මචං!! ජය වේවා!!

      Delete
  8. නියමයි... මතක් කරලා දොස්තරට සල්ලි දුන්නද? :DD

    ReplyDelete
    Replies
    1. ස්තූතියි !! හි හි ඩොකා නොම්මරය දෙද්දිම ඒකනම් ගන්නවා....පස්සේ ගන්න එන එවුන් ඉන්නේ නෑ කියලා මිනිහටම තේරෙන්න ඇති..

      Delete
  9. බ්ලොගේට වැඩිය ගැජට් දාන්න එපා. එතකොට ලෝඩ් වෙන එක පමා වෙනවා. මේ ගැජට් ටික හොදටෝම ඇති. :)
    ලියන එක එලටම (මේ වගේ) ලියන්න. එතකොට කියවන්න කට්ටිය ගොඩක් එයි. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං ඒ බව දැන්නුවට!! ජය වේවා!!

      Delete
  10. Replies
    1. ස්තූතියි සහෝ ජය වේවා!!

      Delete
  11. හික් හික් ඌ අඬලා තියෙන්නේ දත් වලට ආදරේට ...එළ ඈ....

    ReplyDelete
    Replies
    1. හි හි හික් ඔව් අලේ ඌ පුදුම ආදරයක් තිබ්බේ දත් වලට ගෑනිට වඩා ආදරෙයි දත් වලට, හි හි හි ඒක අහලා ඩොකා කිව්ව කතාවට තමා මම වයර් ෂෝට් වුනේ.

      Delete
  12. හා හා සුපිරිම සුපිරි ......

    ReplyDelete
  13. හොදටම ශුවර් නේ කැක්කුම තිබ්බ දතමයි ගැලෙවුවේ කියලා??

    ReplyDelete
    Replies
    1. දන්නේ නෑ බං...ඩොකත් ගැලෙව්වා...තට්ටෙත් ආවා..අනේ මන්දා ...උගෙන් අහන්න වටින කාරනයක්!

      Delete
  14. හඃ හහා උබලගේ කටවල් වල ප්ලැටිනම් දාන්ට වටිනව,,,

    ReplyDelete
    Replies
    1. අම්ම ගහයි බැට් එකෙන්!! ඒ මොකද බොල ප්ලැටිනම් දාන්නේ?? මොනා වුනත් මචං මේ කාලේ හැටියට වටිනවා ඒකනං....හි හි හි එල එල මචං මේ පැත්තට ගොඩවුනාට!!

      Delete
  15. හික්....මලු හලේ....හිනා කෝටියයි.....

    ReplyDelete
    Replies
    1. මලුද අහලා ඒක නෙමේ දත් එහෙම ගලවන්න ඕන නම් කියන්න හොදේ!! ස්තූතියි මේ පැත්තම ගොඩ වුනාට ජය වේවා!!

      Delete
  16. :D හාෆූ.. දත්ගැලවිල්ල.. යාළුවා ඊට පස්සෙ දත්කැක්කුමයි කියලා තිබුණත් කියන්නෙ නැතිව ඇති.. :D

    ReplyDelete
  17. හි හි ඔව් නන්දු...ඒකා එදායින් මෙදා මම නම් දැක්කේ නෑ ඩෙන්ටල් එකක..ඌ එදා දාපු සෙල්ලම් වල හැටියට ඌට තව ගලවන්න දත් නැතුව ඇති හික්ස්.....

    ReplyDelete
  18. ඩොකා තට්ටේගේ දත් ගැලෙව්වද - ඔයාල ඩොකාගේ දත් ගැලෙව්වද?
    කතාව නම් ෆට්ට.. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. තට්ටේ කලබලේ ගැලෙව්වට අපි බැලුවෙත් නෑ පොරගේ මොන දතද ගැලෙව්වේ කියලා...හි හි හි ඒකත් නැත්තෙම නෑ ඩොකාගේ දතුත් ගැලවෙන්න ඇති මයෙ හිතේ.....ජය වේවා!!

      Delete

මතක සටහනක් අකුරු කරලා යන්නත් අමතක කරන්න එපා........