Tuesday, October 16, 2012

වල් වල් වල් ගම සෑර්........

ඔය පාසල් යන කාලේ වෙච්ච සුන්දර මතක සටහනක් ලියන්න ඕනි කියල හිතුනා.ඇත්තටම ඒ කාලේ වැඩ නම් රස ආකාරයයි .හරි මෙන්න මේකත් ඒ වගේ වැඩක් .ඇත්තටම මේක සිද්ද වුනේ අපි සාමාන්‍යය   පෙළ කරන කාලේ.ඔය ඉස්සර මම පාසලේ  ආවේ මාතර පැත්තේ ඉදලනේ ඉතින් ඒ දවස් වල පාසල් එන්නෙත් යන්නෙත් CTB  බස් එකක හරි කෝච්චියේ හරි තමයි .CTB නම් එන්නේ ගෙදරින් අතට දෙන ගාන ඉතුරු කරගන්න.ඔය මොනවා කලත් අපේ අම්ම උදේ පාන්දර රුපියල් 100 දෙනවා ඉතින් CTB  සීසන් එකෙන් ආවම කීයක් හරි ඉතුරු වෙනවනේ බන්  එකයි සෙල්ලම.සල්ලි ඉතුරු කරේ වැරැද්දකට නෙමෙයි හිතේ හැටියට වියදම් කරන්න අපිටත් තැන් එනවනේ කොහෙන් කියල එන සල්ලියක්ද නැත්නම් ඒ කාලේ.හි හි හි හරි ඉතින් ඔය හවසට ඉස්කෝලේ ඇරිලා ගෙදර යන්න ගාල්ලෙන් නගින්න වෙනමම සෙට් එකක් ඉදියා.කොටින්ම කිව්වොත් අපේ උන් සෙට් එක දැක්කම CTB  බස් කාරයෝ ඇක්සලේටරේ  උඩ නැගලා පාගන්නේ.හික්   උන් පොලිසීයට  වැඩිය  බයයි  ඒ කලේ අපිට.ඔය අපේ ඒ කලේ අංකේ තමයි 350 එත් පොඩ්ඩක් පරක්කු වුනාම කලින් යන්න ඕන වුනාම කොලඹ ඉදල එන තංගල්ල / කතරගම CTB  එකක නැගල 350 රෝඩ් එකේ සීසන්  එක දික් කලාම කොන්ද බනින්නේ අම්ම මුත්තා මතක් කරලා.ඌ කට ඇරපු ගමන් කියන්නේ බහින්න නවත්වන්නේ  නම් නෑ  කියලා .ඒවා කොහෙද අපේ ගල් හිවල්ලු ටිකත් එක්ක.දවසක් ඔහොම අගුනුකොලපැලැස්ස බස් එකක නැගලා ඔය අපේ එක ගුස්පියෙක් බහින ප්‍රාන්තේ  බස් එක නැවැත්තුවේ නෑ නේ.අම්ම ගහයි  අපේ එකා  එකට යෙදුවා පට්ට වැඩක්.ඊලග දවසෙත් ඒ බස් එකටම නැගලා  ඌ බහින හෝල්ට්  එක ලගින් බස් එක යද්දී මූ බස් එක ඇතුලේ  තිබ්බ කොස්සක් අරන් විසි කරා එලියට. හි  හි ඩ්‍රයිවරයා ඕක දැකලා බස් එක නැවැත්තුවා ඒක ගන්න .අපේ හිවලා හිනා වෙවී මචං  මම යනවා කියල යන්න ගියා.ඉතින් හිතපල්ලකෝ මුන් වගේ එවුන් එක්ක ඉදල මෙහෙම යහතින් ඉන්න එකම ඇති ඔය කිව්වට මමත් ඕවට හවුල්.මම කියන්න අවේ වෙනම සිද්දියක් මෙන්න මේකයි  ඒ සීන් එක

දවසක් අපි 10 ක් විතර හවස ගෙවල් වල යන්න CTB  එකක් එනකල් ඉන්නවා ඔය ඔය වැඩ බැරි උදවියගේ ස්ටෑන්ඩ් එකේ.ඉතින් ඉන්නවා ඉන්නවා  නෑ රතු පාට බස් එකක්.මොනවා  කරන්නද හැමෝම ඉතින් කටයි අරින්න පුළුවන් හැම තැනම අරන් ඉන්නවා පර දිහා බලාගෙනග එවෙලේ සංස්ථාවේ තෙල් බව්සරේ දැක්කත්  අපේ එවුන්ට ආතල් ඇයි ඒකත් රතු පාටට පේනවනේ.ඉතින් ඔහොම ඉද්දි අවා පොලීසේයේ මහත්තයෙක්.ආයේ මරුමුස්ම ඩයල් එකක් තමයි.දැක්කමත් හොදි ඕනි නෑ.
ටිකින් ටික අපේ ලගට කිට්ටු වෙනවා,අපේ හිවල්ලුත් එකට එක ගුලි වෙනවා ඇයි  හත්තිලව්වේ මනුස්සයෙක් ආවම මුන්ට පිප්පි බර හැදෙනවද කොහෙද.

"මොකෝ මේ පාරේ?තමුසෙලට ගෙවල් දොරවල් නැද්ද යන්න"
අර යකා අහපි උගේ මුළු ගොරහැඩි සද්දේම දාලා.කට ඇරිය පාරට කොළ බොක්කට යනකල්ම පේනවා ඒක ඇතුලේ.
"සර් මේ අපි අපි  ගෙදර යන්න  ඉන්නේ"
"එක පේනවා මිනිහෝ මෙච්චර වෙලා මොකද කරන්නේ"
තාම බස් එකක් අවේ නෑ ගෙදර යන්න එකයි.අපේ එකෙක් පැනල කියපි.කට තියන් ඉන්න බෑ නේ අපේ එකාලටත්
"තමුසේ කොහෙද යන්නේ?"  ලොක්ක උගෙන් අපි
"සර් මම වැලිගම"
"පර්ස් එක ගන්නවා එලියට"
නයි  කයිද රෝස පන් පාරේ ඉන්නවටත් දඩ ගහන්නද බන් මේ යන්නේ මම ලග ඉන්න එකාගේ කනට කෙදිරුවා
ඌ සෙත් පිරිත් කියනවා  දත් පූට්ටු කර කර.නොදකින් වල හිවලා චීත්ත කෑල්ල  වගේ අඩනවා මම මටම බැනගත්තා.
"කීයක් තියේද ඕකේ?"
"සර් රුපියල් 40 යි"
මූ මොකටද එන්න හදන්නේ ප්ලේන්ටියක් වත් බොන්නද කීයක් හරි ඉල්ලන්න හදන්නේ
නෑ නෑ එහෙම වෙන්න බෑ ඇයි යකෝ අපිත් සීසන් ගිහින් සතයක් ඉතිරි කරගන්නේ මේ වලස් තොප්පියට ඒක දුන්නම අපි වියදම් කරන්නේ අහවල් ඒවා උකස් කරලද
"තමුසෙට වැලිගමට යන්න කීයක් යනවද ?"
"20 යි සර්"... අපේ එකා ඇඹරෙනවා සත දෙකේ කෑල්ල වගේ.විලි ලැජ්ජාවට මම අත් දෙකින්ම ලග ඉන්න එකාගේ ඔඩොක්කුව වහ ගත්තා.
ඒ එක්කම අවා කොලඹ පැත්තේ ඉදලා බස් එකක්
"20යි නේ  යන්නේ එහෙනම් දැන් ඔය අපු බස් එකේ 20 දීල යනවා.මෙතන රස්තියාදු ගහන්නේ නැතුව"
ලොක්ක කියපි අපේ එකාට‍
මල  හත්තිලව්වයි....
මෙන්න මූ හැම එකගේම පර්ස් බලල බස් වලට යැව්වා
මමයි  තව දෙන්නෙකුයි  අන්තිමට ඉතුරු වුනේ
ලොක්කා මම ලගටත් අවා
"තමුන්නාන්සේ කොහෙද යන්නේ" 
"සර් ගෙදර"
"ගෙදර තමයි  මිනිහෝ ඇයි  වෙනදා වෙන කොහේ හරිද ගියේ"
"නෑ  එත් ගෙදරම තමයි.සමහරක් දාට ආච්චිලහ යනවා" මම පූස් පැටියා වලේ දත් ටිකම දාලා විරිත්තුවා
"කොහෙද ගම?" ලොක්කා ඇහුවේ රතු කට්ටත් ලගටම ඇවිත්
"සර් වල්ගම"
"කොහේ කිව්වා"
"වල්ගම"
"වැලිගම අරුත් එක්කම යන්න එපැයි තමුසෙත්"
"නෑ  නැ  සර්  වල්ගම....
වල් වල් වල් ගම"
"තමුසේ මාත් එක්ක විහිලු කරනවද මොකක්ද ඒ ගම බලනවකො නමේ කැත."
ඇයි  යකෝ මර කෙළියක්නේ මේ ගුස්පියට කොහොම තේරුම් කරන්නද
"සර්  මම බහින්නේ වල් ගම කඹුරුගමුව ඊලගට වල්ගම"
මෙන්න අන්තිමට මූ මෙහෙම කියපි
"ඔය අනික් එවුන් දෙන්න යනවල උබලයි ගෙවල් වල
තමුසේ මේ එක එක කෑළ වල ඉදල මෙහෙ එනවා ඔය එන මොකක් හරි එකක නැගලා යනවා තමුනුත් දැන්ම ගෙදර"
කෝම  හරි මම ඊලගට අපු බස් එකේ නැගලා යන්න අවා මොකද ඒ යකා එක්ක එක්ක හුරතල් වෙන්න බෑ අනික අපේ එවුනුත් සේරම ගිහින් නේ මට තනියම ජර මර දාන්නත් බෑ.
උබලට කියන්න ඔය පැත්තේ ඉදලා ඉස්කෝලේ එනකල් හැමදාම මොකක් හරි අහගන්නවා.
 ඉන්නේ කොහෙද කියන්න ගියාම හික්ස්  ඒ වුනත් ඒ කලේ සුන්දරම කාලයක්  මගේ ජීවිතේ..මොනවා කරන්නද ජීවිතේම සෙල්ලමක්නේ කොල්ලෝ...

11 comments:

  1. ඒක කියෙව්වට පස්සේ අපිටත් පොලොස් මාමලා දැම්ම කේස් මතක් වුණා ඒ දවස්වල... හිනා හිනා...

    ReplyDelete
  2. හිකිස්...පව් වැඩේ හැබැයි..

    ReplyDelete
  3. ඔන්න මාත් ආවා නේ පැත්තට...

    ReplyDelete
  4. පොලිස් මාමා කෙනෙක් දවසක් මගේ බෝඩිම චෙක් කරන්න ඇවිත් පාන්දර 3 ට කියනවා ආ එලි වෙන්න තව පැය කීයද? තුනයි. හා.. එහෙම නම් පොතක් බලාගන්නවා..

    මට උපරිම මල. නයිටක් කරලා ඇවිත් නිදාගත්තා විතරයි, මේකාගේ කතාව. "පොත් පාඩම් කරන එවුන් මෙහෙ නෑ. රස්සා කරන එවුන් ඉන්නේ. රාලහාමි දැන් චෙක් කරලා ඉවරනම් යන්න. බොහොම ස්තුතියි." කියල වැහුවා දොර.

    ReplyDelete
  5. ස්කෝල කාලෙ බස් වල යද්දි වෙච්ච රසකතා තොගයක් මතක් උනා, පෝස්ට් එක කියෙව්වම. පෝස්ට් එක රහට ලියලා තියෙනවා. නියමයි !!!!!!

    ReplyDelete
  6. ලොල් සීන් :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  7. අදමද මන්දා අවෙ අපු ගමන් බඩ පිරෙන්න හිනා ...-)

    ReplyDelete
  8. කොස්ස විසි කරපු සීන් එක නම් මරු. :)

    ReplyDelete
  9. Kawda bola walgama danne nathi mee haraka......
    Aparade,,,Madiha keewa nam iwarane....
    Looka pujitha Madihe sri paghna seeha hamuduruwoth mehene.....
    ela ela...........

    ReplyDelete
  10. Walgama patthe ewun kohomat chaaaa...

    ReplyDelete

මතක සටහනක් අකුරු කරලා යන්නත් අමතක කරන්න එපා........