Monday, October 10, 2011

සෙනෙහසේ වියෝවෙන් නෙත පිරුණා රත්තරනේ.......

වැලි කතරේ පොද වැස්සට තෙමුන මට කලකට ඉහත නෙතින් දකින්නට ලැබුන නමුත් තවත් දකින්නට නොපතන දුක්බර සත්‍ය සිදුවීමක් මතක් වුනා යාළුවනේ......ඉතින් මේ ලෑස්ති වෙන්නේ ඔයාලත් එක්ක ඒක බෙදාගන්න කියලා.

මේක වුනේ මීට අවුරුදු තුනකට විතර කලින්..මගේ යාළුවෙක් හිටියා තිවංක කියලා.හරිම හොද එකා.ඉතින් තිවංක අවුරුදු 4 ක් විතර ආදරය කරලා විවාහ වුනා.ජීවිතයේ තමන් පතා ගෙන ආ කෙනාම මට ලැබුනා කියලයි තිවංක හැම වේලේම කිවුවේ..තිලිණි ඒ කියන්නේ තිවංකගේ ආදරණීය බිරිද තිවංක වගේම හිත හොද කෙල්ල..එයා හැම වෙලේම හිතුවේ තමන්ගේ ජීවිතය තිවංක කියලයි.ඔන්න ඔය විදියට මේ දෙන්නගේ ආදර කථාව දිග හැරුණා.ඉතින් කාලයත් එක්ක තිවංකගෙයි තිලිණිගෙයි ජීවිතයට තවත් අළුත් බලාපොරොත්තුවක් එකතු වුනා..ඒ තිලිණි අම්මා කෙනෙක් වෙනවා කියලා දැන ගන්න ලැබුන එක.තිවංක ජීවිතයේ වැඩියෙන්ම සතුටු වුන දවස තමයි එදා.මට ඔය දේ කිවුව මොහොතේ තිවංකගේ ඇස් වල ඒ තිබ්බ ආදරණීය සෙනෙහස තාමත් මට මතකයි.අපි යාළුවෝ හැමෝම එදා තිවංකට සුභ පැතුවා...

ඉතින් කාලය ගෙවී යන්නට වුනා.දවසක් අපිට තිවංක සහ තිලිණි මුහුදු වෙරලේදී මුන ගැසුනා.තිවංක තිලිණිට ගොඩාක් ආදරය කලා.ඉතින් තිලිණිව සතුටින් තියන්න තිවංක හැම ‍වේලේම උත්සාහ ගත්තා.වෛද්‍යවරු කියන නිසාම නොව තිලිණිට තිවංකගේ ආදරය ලගින්ම ඕන මේ කාලේ කියලා තමන් දන්නා නිසා ඔහු ඇයත් එක්ක මුහුදු වෙරළට ආවේ...අපහසුවෙන් ඇවිදින තමන්ගේ ආදර බිරිදව තම උර පත්තට තුරුළු කරන් ඇයගේ බද වටා තම අත වෙලෙමින් සුසිනිදු වැලි කැට මතින් වෙරලේ ඈතට පිය නගිමින් ඉන්නා අපේ සදාදර මිත්‍රයා දුටු අපට ආදරයේ නොනිමි කඩඉම දුටු සේ හැගිනි.

දින කීපයකට පසුව තිවංක අපට කථා කලා.තිලිණිට පුතෙක් ලැබුණා කියන ආරංචියත් අරගෙන.තිවංකගේ සතුට නිම්හිම් නැති බව අපට දැකගන්න ලැබුනේ රෝහලේදී පවා ඔහුගේ නෙතින් නික්මුනු කදුළු කැට අතරේමයි.අපි යන විට ලස්සන චූටි කොලු පැටියෙක් තිලිණිට තුරුල් වෙලා හිටියා.කොල්ලා තිවංක වගේමයි ආයේ ඇරපු අතක් නෑ..දින කීපයකට පස්සේ තිවංකලා රෝහලෙන් නික්මිලා ගෙදර ආවා..ඉතින් තිවංකගෙයි තිලිණිගෙයි අළුත් කැදැල්ල චූටි පැටියත් එක්ක සතුටින් ගතවුනා...


මාස 14 කට පමණ පසු......
හදිසියෙම තිවංක කථා කලා.ඒ හඩේ තිබ්බේ ගොඩාක් දුක්බර බවක්.මම ඇහුවා මොකද කියලා?

“මචං තිලිණිව hospital admit කලා“
“ඒ මොකද තිවංක හදිසියේම?“
“අනේ දන්නේ නෑ මචං.මටත් හිතා ගන්න බෑ මට බයයි බං doctors ලා ගෙන් ඇහුවට මුකුත් කියන්නෙත් නෑ“
“දුක් වෙන්න එපා බං.අපි ඉන්නවනේ,බලමු මොකද කියලා...“

තිවංකගේ හිත එහෙම හැදුවට මට තේරුනා මෙතන ලොකු දෙයක් වෙලා කියලා.ඊට පහුවෙනිදම මමයි යාළුවෙකුයි රෝහලට ගියා.කෙලින්ම ගියේ තිලිණිගේ වෛද්‍යවරයා හොයාගෙන.ඔහු මට පැවසූ දෙයින් මගේ දෑස් නිලංකාර වුනා.

Mr: මේ lady ට brain එකේ cancer එකක්.ඔයා මගෙන් ආයේ ආයේ අහපු නිසයි මම ඔයාට කිවුවේ.ඒත් මම හිතනවා ඔයා මේ ගැන කාටවත් කියන එකක් නෑ කියලා..

ඔහු කියූ දෙවල් මගේ හිසේ නලියන්නට විය.මම කුමක්ද කල යුත්තේ යන්න මටත් නොවැටහිණි. රොගය නිශ්චය කරගත් පසු තිලිණිව රෝහල් ගත කලාය..එදා පටන් තිලිණි රෝහලට වී අදාල ප්‍රතිකාර ලබාගන්නට වුනා....මේ දැනගත් දෙයින් පසුව තිවංකගේත් හැසිරීම පිස්සෙකුට සමාන වුනා...

දින 5 ක් 6 ක් කෙමෙන් ගතවිය. තිවංක සෑම වෙලේම තිලිණි ලගටම වී සිටියේය.අටවන දිනය ගත වත්ම තිලිණිගේ තත්වය එන්න එන්නම නරක අතට හැරිනි.දෙසතියක් අවසානයේ තිලිණි තම සෙනෙහෙබර නවාතැන්පලෙන් සදහටම සමුගත්තේය...සය වසරක තම ආදරය තනි කල ඇය එක් වසරක තම සිගිත්තා පිය තුරුලට බාර කලේ තම පියයුරේ කිර පවා බිලිදාගෙන් ඈත් කරවමිනි.අවමංගල්‍ය කටයුතු සිදු කිරීමට තරම් වත් මානසික තත්වයක් තිවංකට නොතිබිනි.පුතු තෙමේ තුරුළට ගත් හේ තම ආදරණීය බිරිදගේ නිසල දේහය දෙස ඇසිපිය නොහෙලා බලා සිටියේ “හැමදාම ඔයාගෙමයි“ කිවූ ඒ කථාව අද වලංගු නැති බව තේරුම් ගත්තාක් මෙනි.

යහළුවන්ගේ හා දෙමාපිය නෑදෑයින්ගේ සෝ සුසුම් මැද අපේ ආදරණීය යෙහෙළිය තිලිණි අප අතරින් නික්මිය.....

අවමංගල්‍ය කටයුතු අවසාන වීමත් සමග පැමිනි අය නිවෙස් බලා ගියහ..
ගෙදර ඒමට තිවංකගේ නිවසින් ආ මට ආපසු හැරී බලද්දී දැකගත හැකිවූයේ සිගිත්තා තුරුල් කරගෙන පාර දෙම බලා සිටින තිවංකයි.මම ආපසු හැරී ඔහු වෙතට ලං විය...

“තිවංක උඹ ජීවත් වෙන්න ඕන.මොකද තිලිණි උඹට එයා වෙනුවෙන් බලා ගන්න දෙයක් ඉතුරු කරලා ගිහින් තියෙනවා.ඒ කෙල්ල වෙනුවෙන් තිවංක උඹ කොල්ලව හදාගනින්...තිලිණි කොහේ හරි ඉදන් උඹලා දෙන්නා දිහා බලන් ඉදීවි.. “

තිවංකගෙන් සමුගත් මම ගෙදර ඒමට පිටත් විය.
නිවසට ආ මට ජීවිතයේ අරුමය පිලිබද වැටහිනි.තිවංක සහ දරුවාගේ අනාගතය ගැන සිතී මගේ දෙනෙතට කදුළක් ඉනුවේ සහෘදයාගේ දුක හිතට ගොඩක් සමීප බැවිනි.හිතට ගලා ආ ඒ සිතුවිලි ගොන්න අත රැදි කොලයේ පෑන මතින් මම අකුරු කලෙමි..


තනි කරලා ඔබ යන්න ගියත් අපි දෙන්නාව
මට තාම ඇසේ ඔබෙ නැළවිලි ගී හඩ
සිහිවීලා පොඩි පුතු සමගින් ගෙවු අතීතය
නුඹ යන්න ගියේ අපි දා යලි නොඑන ලෝකෙක

ඇයි රත්තරනේ මේ තරම් දුක්කද
මට උහුලන්නට බාර කලේ ජීවත්ව ඉද
පොඩි පුතා අසන කල මාගෙන් අම්මා කොහෙද
මම කියන්නේ නුඹ ඉන්නව කියලා අහසෙ උඩ

හැමවෙලේ සිතෙයි ඔබ සොයා එන්නට
මට එන්නට විදියක් නෑ පුතු තවම මා ලග
අපි දෙන්නම නැතිවී ගියහොත් දරුවාට යන
කල දසාව ගැන හිතලා මම හිදිමි රංකද

7 comments:

  1. ජීවිතෙ නියත දහමකි වෙන් වී යාම
    ළබැඳි හිතවතුන් සැමගෙන් වෙන් වීම
    බුදුන් වදාළෙත් අප හට බෝම
    රැස්කරගන්න පින් නොපැකිළ හනි හනික

    ReplyDelete
  2. ඇත්ත සාගර ජීවිතේ කියන්නේ මොකක්ද කියලා ඇත්තටම දැනෙන්නේ මෙන්න මේ වගේ වෙලාවකට.....

    ReplyDelete
  3. හ්ම් හිතා ගන්න බෑ මේ වගේ වෙලාවක මොනවා කරන්නද? මොනවා කියන්නද කියලා ?

    ReplyDelete
  4. @ රෙප් මහත්තයා- අනේ මන්දා අයියා..ජීව්තේ කියන්නෙත් මහා පුදුම සෙල්ලමක් කියලා හිතෙනවා...අපිට ඕන විදයට නෙමේ ජීවිතය අපිව හසුරවනවා කියලයි හිතෙන්නේ...මේ පැත්තට ගොඩ වුනාට ස්තූතියි..

    ReplyDelete
  5. අනේ මගේ ඇඟේ හිරිහඩු පිපුනා.. මෙහෙම රත්තරං මිනිස්සුන්ටත් දෛවය දඬුවම් කරනවනෙ..දෛවය කියන්නෙ මහම මහ නපුරෙක්!!!:/ හරිම දුකයි මේ කතාව.. :( :(

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද සහෝදරී එයා ගෙනා ජීවිතේ තරම ඒ තරම් වෙන්න ඇති...දෛවයත් වෙලාවකට අපි හීනෙන් වත් හිතන්නේ නැති දේවල් අපිට ලගා කරලා..අපි ලග තියෙන් වටිනාම දේවල් උදුරගන්නවා..අනේ මන්දා..මේ සේරම මොකටද කියලා හිතෙන්නේ මෙන්න මේ වෙලාවට තමයි....

      Delete
  6. මේක කියවද්දී මට ගොඩාක් දුක හිතුනා..... ඇත්තටම මේක ආදරණීය වැඩසටහනක කියන්න තරම් සංවේදී.... තරහා වෙන්න එපා.. මම මේක ගත්තට... ඒ වගේම ඔයාට ගොඩාක් ස්තූතියි...

    ReplyDelete

මතක සටහනක් අකුරු කරලා යන්නත් අමතක කරන්න එපා........