ඔන්න වෑවර කතාවේ අවසාන කොටස...කලින් ඒවා කියෙව්වේ නැත්නම් මෙතනින් ගිහින් කියවන්න
රෑ පානේ අපි බෑවා වෑවරේ 1
රෑ පානේ අපි බෑවා වෑවරේ 2
ඉවර වුන තැන ඉදලා කතාව
පලාතම පට්ට පාළුයි.ඒ මදිවට දොඹ ගෙඩි වගේ හීන් පොදකුත් වැටෙනවා...අනේ අම්මපා දැන් නම් අපි දෙන්නත් වෑවර වගේ.
“වරෙන් බං ඉක්මන් කරලා.....අහවල් මගුලක් කරනවද ඔතන නැවතිලා.ගෙදර එකා පස්සෙන් එනවද දන්නෙත් නෑනේ“ රනේ මගේ ඇගට ගොඩවිය.
“හිටු හිටු මම එනකං......නෑ බං මම මේ කල්පනා කලේ අර යකා නැගිට්ට එකේ වෑවර කපන්න පිහියක් ඉල්ලගෙනම එන්න තිබ්බ.උඹට පුළුවන් නේ හෙට උදේට ආයේ ගෙනත් දෙන්න“
රනේ ආයේ පිටි පස්සට හැරුනා.....නොදකින් අපායට යවපු දැන්වීමක් වගේ උගේ මූණ.ඒ කාලේ හිටියනම් අනිවා මූව ගන්නවා කැටයමක වාමන රූපයකට.අපරාදේ......
සූ සූ සූ.............මගෙ අප්පේ අපි රේල් පාරක් ලගට කිට්ටු වෙලා.සද්දේ දැම්මට මේ වෙලේ කෝච්චි නෑ.රෑට ඉතින් අහවල් දේකට කෝච්චි දුවනවද? අනික් මේ රෑ දෙගොඩ යාමේ.....
රනෙයි මමයි දෙන්නා හිමීට හිමීට රේල් පාර පැත්තට කිට්ටු කලා....
“මචං උඹටත් මට ඇහෙන දේම ඇහෙනවද?“ මම රනේගෙන් ඇහුවා.
“මොකක්ද බං“
“නෑ නෑ කවුරු හරි කතාකරනව වගේ“
“හම් හම් මටත් ඇහුනා,ඒත් බං මේ රෑ කවුද මෙතන“ රනේම ට කිව්වා.
“අනේ මන්දා අවුලක් නෑ වරෙන් යන්න....“ දෙන්නත් එක්ක රෙල් පාරේ එලිය තියෙන පැත්තට ගියා.
අඹ ගහේ ජම්බු.......
මෙන්න අපේ තට්යෙයි,කොටයි,තම්බිය,ජොන්ටියයි .මුන් හතර දෙනා රේල් පාරේ වාඩිවෙලා ලොකු කතාවක්.මමයි රනෙයි හිමීට කිට්ටු කලා ඒ ගොබ්බයො දිහාවට.
“ඇයි බොල ගෙරි මයිනෝ අපි දෙන්න දාලා උඹලා තුන් දෙනා අහවල් ඉටිගෙඩියක මකබෑවුනාද??“ මම තරහින් කෑ ගැහුවා.
“අපි එහෙමයි දත් මදින්නේ“ කොටා අපි දිහා බලලා හිනා වෙලා විරිත්තුවා.
ඉතින් බලා පල්ලා මුන්ට මොනවා කරන්නද කියලා.
අප්පට සිරි මම දැන්නේ දැක්කේ අපි පස්සෙන් දුවපු හොස් එකේ අනිත් කොන මෙන්න කොටා ලග.
“බොල ගුප්පියො උඹ ඔය වතුර හෝස් එක අරන් අහවල් මගුලක් කලාද?“
“නෑ බං අපි වත්ත ඇතුලේ ඉද්දී එක පාරටම ඉස්සරහා ලයිට් එක දැම්මනේ“ කොටා කතාවට මුල පිරුවා.
“ඉතින් ඉතින්...“ඇස් ගෙඩි දෙකම එලියට දාගෙන පටන් ගත්ත ගමන්ම රනේ උදැල්ලක් දැම්මා...
“ඒ අස්සේ මුන් දෙන්නා ගෙදර ගේට්ටුවෙ ඇමිනුනානේ....මම හැරිලා බලද්දී මම විතරයි වත්ත ඇතුලේ මුන් දෙන්නා එලියේ..ඉතින් බං මමත් දුවන්න ගත්තා“ කොටා එක හුස්මට කියවන් ගියා.
“ඇයි යකෝ එතකොට මේ හෝස් එකක් පටලවගෙන මොකක්ද උඹ කල සෙල්ලම“
“කලබලනේ බං...මම හෝස් එක තියෙන බව අමතක වෙලා දුවන්න ගත්තා... මල හත්තිලව්ව කියන්නේ ටැප් එකත් කඩාගෙන අන්තිමට හෝස් එක ගැලවුනේ“ කොටා විරිත්ත විරිත්ත කිව්වා.
ඉතින් බලාපල්ලකෝ මේ ගුස්පියා කරන හදි.තව පොඩ්ඩෙන් ගෙදර එකා අපිට ගහන්නේ හෝස් එකෙන්.
“ඉතින් ඒ පාර උඹ මේ ඉලව්ව ඇදගෙන ආහේ අහවල් එකටද?“ මම කොටාගෙන් ඇහුවා.
“නෑ බං මට මේ කලබල අස්සේ ඕක අමතක වුනා....දුවන කොට තමයි තේරුනේ හෝස් එක තාම අතේ කියලා..“
“උඹේ අමතක විල්ල ගැන නම් කතා කරලා වැඩක් නෑ....උඹලා වල් හාවෝ...ඇයි හත්වලාමේ අපි දෙන්නා ගැන අමතක කරලා ඔහොම දුවනවද?“ මම තරහින් කිව්වා.
“අපි එහෙමයි දත් මදින්නේ“ කොටා විරිත්තලා කිව්වා.
“දත් ....දත් නෙමේ හිවලෝ ගෙදර එකාට අහුවුනානම් අපිට බත් කන්න බැරි වෙන්නේ“
“ඒක නෙමේ උඹලා කොහොමද ආවේ??“ තට්ටේ මැද්දෙන් පැනලා අහපි.
“ගෙදර ලයිට් දැම්මම මමයි රනෙයි පාරට ආවා..උඹලා බලන්න.උඹලා නැති නිසා වට පිට බලද්දී හෝස් එකක් පාරේ ඇදීගෙන යනවා දැක්ක .අපි ඒක පස්සේ දුවලා ආවා..කවුද දන්නේ මේ මගුලේ අනිත් කොන මේ මයිනා ගාව කියලා“
ඔන්න බලාපල්ලකෝ අපේ එවුන්ගේ වැඩ ගෙදර වතුර කරාමෙත් කඩලා..ඒ මදිවට හෝස් එකත් ඇරගෙන ඇවිල්ලා.කොහොම කොහොම හරි අපි රේල් පාර දිගේ ටික දුරක් ඇවිද්දා..මොනවා කරන්නද බැදගත්ත නං බෙරේ ගහපං කියලා හෝස් එක රෝල් කරලා කොටාගේ කරේ එල්ලුවා...
කොහොම හරි ඉතින් බෙල්ලේ හෝස් එකත් දාගෙන කොටා රේල් පාර දිගේ අපිත් එක්ක යනවා.ඌ දැක්කම මට සින්දුවක් මතක් වුනා...
දග ගෙයි දඩුවම් සියුමැලි වැඩිනම් අළුගොසුවනේ එල්ලාපං..........
මූත් කරන අටමගුල් තමා මේ....ටික දුරක් ගිහින් අපි රේල් පාරේ වාඩිවුනා.දෙයියනේ කියලා දිව්වත් මම වෑවර අත් හැරියේ නෑ...ගෙඩි පහක් අතේ.අන්න එහෙමයි අපිත් දත් මදින්නේ.
රෑ දෙකට විතර ඔන්න අපි රේල් පාරේ මේච්චර සෙල්ලම් දාපු වෑවර කෝස් එක ඉවර කලා.රේල් පාර අයිනේ තිබ්බ දුර ලකුනු කරන කනුවක් තමා අපෝ පොල් උල වුනේ...පට්ට ගේමක් දීලා වෑවර හිල් කරගෙන කට්ටියම බිව්වා..
අම්මේ බඩට දැනෙන සනීපයක්.....
වැඩ කිට් එක ඉවර කරලා ඉතින් කට්ටියම ගෙවල් ගියා....ඔන්න අහගනිල්ලා හොදම ආතල් එක අර හෝස් එක අයිති ගෙදර එකා රනේලයි තාත්තට කියලා තියෙනවා
“අපේ ගෙදර හොස් එක උස්සලා මහත්තයෝ .....මම ඕකුන්ව අහුවුනොත් කම්බස් කරනවා “කියලා.
..ඒ වෙද්දිත් හොස් එක රනේගේ ඇද යට.... මේවා ඉතින් අපේ කොටා කල උලව් වැඩ තමා ...ඇයි යකෝ බඩගින්නට වෑවර කඩන්න ගිහින් අපි හොරු වුනා.කොහොම කොහොම හරි අපි ආයෙත් දවසක ඒ ගෙදරට ගිහින් හෝස් එක වත්තට දාලා ආවා....අපිට මොකටද කොල්ලනේ මේ උලව් හෝස්.තව එකක් කියන්න ඕන ඒ ගිය දවසෙත් මුරුසි ගෙඩියක් බොන්න අපි අමතක කලේ නෑ....
ඔන්න ඔහොමයි කොල්ලනේ අවමගුලක් කරන්න ගොහින් අපි වෑවර බෑවේ....ඔය හොල්මන් ගුහාවම රස ආකරයක් ඉදිරියට අනිත් විස්තර ටිකත් දාන්නම්කෝ...ඉතින් හිතහල්ලකෝ උස්සපු ඒවා ආයේ ගෙනිහින් දෙන සැදැහැවත් හොරු නේද අපි??
ඒක කරන එකත් ලේසි නෑ සෙල්ලම්ද කොල්ලෝ....................
අදයි ගොඩවැදුනේ!
ReplyDeleteතව කොටස් 2ක් තියෙනවනේ
හිමිහිට කියවල එන්නම් !
:))
@ නුවන්- ස්තූතියි මචං ඕකේ හිමීට කියවන්නකෝ...! ඒක නෙමේ ස්වායක්ත උඹේ නේද? දිගටම කරහන්...ජය වේවා!!
ReplyDeleteනියම කතාව සහෝ............:)
ReplyDeleteතව ලියන්න.............:)
@ punch- ස්තූතියි සහෝ..! දිගටම එකතුවෙන්න..ජය වේවා!!
ReplyDeleteනියම කතාවක් මචං.. කොටස් තුනම ආයෙම කියවගෙන ආවා...
ReplyDeleteහිකිස්....හාපෝ....මෙයාලා....
ReplyDeleteහික් හික් එළ සීන් එකක්...
ReplyDelete@dinesh-ස්තූතියි මචාං...ඔය ගෙදර එකා බ්ලොග් නොලියන එක අපේ වාසනාව.....හි හි ජය!!
ReplyDelete@ නිපූ- කොහොමද කොල්ලන්ගේ වැඩ නේ...සමනල් හොරු ටිකක්..මතක් වෙද්දීත් හිනා යන්නේ අයෙම හෝස් එක අරන් බාරදෙන්න ගෙදරට ගිහිපු හැටි...
ReplyDelete@ ඔබ නොදුටු ලොවක්- හි හි අපිටත් සෙට් වෙන අලගු තමා ඕවා...මොනා කරන්නද?
ReplyDeleteමරු කතාව බොලේ
ReplyDelete@ වර්ණා- ස්තූතියි බං...දැන් මතක්වෙද්දී නම් මරේ මරු...
ReplyDeleteචී..........තව කියන කැත විතරක්.....:P
ReplyDeleteනෑ නෑ...ඇත්තටම ස්කෝලෙ යනකාලෙ වෙච්ච දේවල් පස්සෙ මතක්වෙනකොට ගොඩක් ලෝබයි...ඒ වගේම ගොඩක් සුන්දරයි....
@ නිපූ-මොන කැතක්ද බං? ඕවා තමා ආතල්..හම් අනිවා නගා ස්කෝලේ කාලේ අත්දැකීම් ආයේ කොහෙන්වත් ගන්න බෑ ඒවා එකෙන්ම සුන්දර මතක .....
ReplyDeleteමගේ පෝස්ට් එකේ දාපු කමෙන්ට් එකෙන් හොයාගෙන ආවෙ ඔයාව.. ආයෙත් එන්නම්කො වැහි පොදට තෙමෙන්න... කතාව කියෙව්වෙත් නෑ තාම.. එහෙනම් ජයවේවා!!!
ReplyDeleteස්තූතියි සොයුරිය මේ පැත්තට ගොඩවුනාට....මමත් ඔයාගේ පෝස්ට් එක කියවලා හිතට දැනුනු දේ දාලා ආවා....ආයෙත් එන්න වැස්සට තෙමෙන්න!! බය වෙන්න එපා හෙම්බිරිසාව හැදෙන්නේ නෑ හි හි(වගකීමක් සහිතයි) ඔබට ජය වේවා!!
Deleteබ්ලොග් අවකාශයට වැහි පොදකුත් එකතු වෙලා.වෙලාවට කුඩයක් ගෙනාවේ...ඒත් කුඩ මොකටද ? වැස්සේ නියම සිරිය විදින්න නම් කුඩ නැතිවයි යන්න ඕනි නේ ද?
ReplyDeleteරත් වෙලා තියෙන හිත් ටිකටයි.....හැම තිස්සෙම රත් වෙන pc එකයි අතරේ හිරවෙලා ඉන්න අයට දිය බිංදුවක උවැසිය දැනුනු නිසා එක්කලා වැහි පොදක් සයිබරයට!!! ඔව් අප්පේ කුඩ මොකටද?? මේක ආදරණීය වැස්සක්...දිගටම ඉන්න අපිත් එක්ක.සීතප වැහි බිංදු එක්ක ජීවිතය විදින්න!!! ජය වේවා සොයුරිය!!
Delete