හිදින්නට පෙම් පිරූ ඔය තුරුලේ
අද හිදින්නට මට වරම් නෑ මිතුරේ
මා පෙම් කලත් ඔබ නෑ පෙමින් බැදුනේ
දකින විටදී හද හඩයි ඔබ
අන් අයෙකු තුරුලේ.....
නෙතග බැල්මෙන් මා වශීකල
නුඹේ නිල් නෙතු බොදවෙලා අද
දැනෙන මේ දුක් ගින්න පැතිරී
ඇවිලිලා මගේ හදේ සිව්කොන....
නෙඑනු මැන පෙරමගට ආයේ
මුණ ගැසෙන්නට මගේ අභියස
දරන්නට බෑ මෙවන් දුක්කද
වැඩිය මහ සාගරේ ජලකද....
අන්සතුව ගිය
ReplyDeleteමලක් අභියස
හඬා කම් නැත
තවත් ඉතින් නුඹ....
පිස්සුවක් ඇතැ අපි එහෙම නෑ....
Delete“නැත දුකක් අද...
කෙසේ වත් මට....
කිමද ලතවෙනු....
පර මලක් ගැන“
ජය වේවා!!!
ලස්සනයි!!! දුකකුත් දැනෙනවා...:(
ReplyDeleteස්තූතියි සොයුරි!! හිතුවක්කාර කමට කරන වැඩ නිසා තමා දුක් දැනෙන්නේ!! මොනා කරන්නද මෙතනට වඩා එතන සුව ඇති....ජය වේවා!!
Deleteඔබ පෙම් කරනා ඔබේ කුමාරි
ReplyDeleteමටද ආදරේ කියා තිබේ!
එහෙමද??
:/
ඒ වගේ තමා!!! ලොකේ හැටිනේ බං.....මේ පැත්තට ආවට ස්තූතියි !! ජය වේවා!
Deleteමට උනා වගේමයි...අදයි ආවෙ මේ පැත්තෙ අයිත් එන්නම්කෝ.. ෆලෝ පාරකුත් දැම්මා ඕං...
ReplyDeleteලොකේ කැරකෙනවා මිනිස්සුත් වෙනස් වෙනවා සහෝ!! ස්තූතියි මේ පැත්තට එකතුවුනාට!! දිගටම ඉන්න ආරාධනා කරනවා වැහිපොද එක්ක.....ජය වේවා!!
Deleteහ්ම්ම් ඔහොම තමයි ජිවිතේ....
ReplyDeleteඒ ගැන තේරුම්ගන්න ඕනා
අනිවා ජීවිතේ එක එක විදියයි....අපි ඒක තේරුම් ගන්නයි ඕන......
Deleteමොනවා කරන්නද යාලුවා...එයාගේ "නොලැබීම" වෙන්න ඇති....:)
ReplyDeleteවෙන්න ඇති....ස්තූතියි යාළුවා මේ පැත්තට එකතු වුනාට..ජය වේවා!
DeleteThis comment has been removed by the author.
DeleteOh! an emotional poem..so sad..write some more!
ReplyDeletehmm....that's life saho!! tnx a lot 4 read....b success!
Delete