Monday, December 26, 2011

තාත්තයි අප ජීවිතේ........



පිය මනින්නට මං පෙතක් සෑදු
නුඹයි නිරිදුන් අපෙ ලොවේ
නුඹේ සුලැගිල්ලේ පැටලෙමින්
පා තැබූ හැටි මතකයි අද මෙන්.....

දෙවැනි නැත වෙන කිසිම දෙයකට
නුඹේ සෙනෙහේ අපෙ ලයේ
දොරේ ගැලුවා ඔබේ වීරිය
සනසවන්නට අපි මෙසේ.....

හයිය හක්තිය මෙන්ම සියුමැලි
දරදඩු වු නුඹෙ උරපතේ
හිස තියා අප නිදි කලා ඔබ
තාත්තයි අප ජීවිතේ........

___කල්ප___

2 comments:

  1. පිය සෙනෙහසට කවි ගී නොලියවුණේ හරියට පියෙකුගෙ හිත ඇතුලෙ දරුවන් වෙනුවෙන් තියෙන ආදරය එළියට නොපෙන්නනවා වගේයි.. ඒත් හැම දරුවෙකුගෙම හදවතක තාත්තා වෙනුවෙන් ලියැවෙන කවි කොයිතරම් නම් භක්තිමත්ද..

    පිය සෙනෙහසේ ලස්සන කවි සංකල්පනාවක්.. :)

    (වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න පුළුවන්නම් කමෙන්ට් දාන්න යාළුවන්ට ගොඩක් ලේසි වෙයි යාළු..) :)

    ReplyDelete
  2. ස්තූතියි නන්දු...! අපි වැඩිය කතා නොකලට අපි හැමෝගෙම හිත් වල තාත්තා කියන රජ්ජුරුවෝ ඉන්නවා.ඒත් ඒ ගැන කතා වෙන්න් හරි අඩුවෙන්.

    ඔව් යාළු මම ඒ විදියට සකස් කරන්නම්.ස්තූතියි ඒ බව දැන්නුවට

    ReplyDelete

මතක සටහනක් අකුරු කරලා යන්නත් අමතක කරන්න එපා........