Friday, December 23, 2011

තවම සුවදයි අම්මේ නුඹ මට


නොනිමි සෙනෙහස ඇත්තේ ඇය ලග
නොනිදවා නෙත රැක්කේ අපි සැම
රක්ත පැහැ රුධිරයත් කිරිකර
දෝරේ ගැලුවා ඇගේ සෙනෙහස

ගලායන වදනකින් ඈ මුව
පවා සෙනෙහස දැනෙනවා මට
ආදරෙයි මම හෙටත් නුඹ හට
සසර ගමනේ රැදි තුරාවට

පපු කැවැත්තට තුරුළු කරගෙන
කදුළු නැවතුවෙ අපේ ඇස්වල
දැනෙනවා ඇගේ හදේ උණුහුම
තවම සුවදයි අම්මේ නුඹ මට

____කල්ප_____

2 comments:

  1. සහතික ඇත්ත .අම්මා ගැන මතක් කලට thnx

    ReplyDelete
  2. ස්තූතියි සහෝදරයා..වැහි පොදට එකතුවුනාට! දිගටම රැදෙන්න කියලා ආරාධනය කරනවා..ඔබට ජය!!

    ReplyDelete

මතක සටහනක් අකුරු කරලා යන්නත් අමතක කරන්න එපා........