Saturday, December 31, 2011

නව වසරේ අපිත් අළුත් වෙමු...


ඔන්න මුලින්ම ප්‍රාර්ථනා කරන්නම් වැහි පොදත් එක්ක එකතුවුන ඔයාලා හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක් වෙන්න කියලා.....ඉතින් යාළුවනේ මේ මොහොතේ ඉදලා අපිට අළුත් දවසක් උදාවෙලා තියෙනවා.එහෙම නේද? අළුත්ම අළුත් වසරක්.වසර 4 කට පසු ඔන්න දවස් 366 අපිට මේ අවුරුද්දේ මුණගැහෙනවා.ඒ කියන්නේ අපිට වෙනදට වැඩිය දවසක් මේ අවුරුද්දේ වැඩ කරන්න වෙනවා කියන එක.හරි ඒ කොහොම වුනත් මේ උදාවුන නව වසරේ ඔයාලත් බලාපොරොත්තු ගොන්නක් පොදි බැදගෙන නේද මේ වන විටත් ඉන්නේ.නැත්නම් දැන්ම හදාගන්න. මේ අවුරුද්ද ඉවර වෙද්දී මෙන්න මේ ඉලක්ක වලට මම කොහොම හරි යනවා කියලා.මොකද දන්නවද යාළුවනේ ඉලක්කයක් නැති ජීවිතය හරියට නිකන් මාලිමාවක් නැති නැවියෙක් වගේ.....අනික බලාපොරොත්තු තමයි මිනිස්සු ජීවත්කරන්නේ..හොදට හිතලා බලන්න ජීවිතේ සමහර අවස්ථාවලදී අපිට මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි වුනා නේද?? ඒත් අපි අපේ බලාපොරොත්තුව සුන් නොකර කාලයට ඉඩ දීලා බලා හිටියා නේද...

ඉතින් ගිය අවුරුද්දේ සිදුවූ සියළුම දුක්ඛිත කාරණාවන් අදින් අමතක කරලා දමන්න.ඔයාලගේ අනාගතයට ඒ කුණු අරන් යන්න එපා.ඒවා අතීතයට එකතුවෙන්න ඉඩ හරින්න.මොකද අළුත් අවුරුද්දක අපි අළුත් වෙමු.අළුතෙන්ම හිතමු.ජීවිතය කියන්නේ දුකම නෙමේ,සතුටයි දුකයි දෙකම සමිශ්ර නයක් තමා ජීවිතය කියන්නේ.ඉතින් මගේ යාළුවනේ මිනිස් ආත්මයක් ලබා ඉතා කෙටි කාලයක් ජීවත් වන අපි ඇයි ඒ කුඩා කාලයත් දුකින් ඉන්නේ.ජීවිතය කියන මාර්ගය අධිවේගයෙන් යන්න අපිට අවස්ථාව දීලා නෑ.ඒක අපි හැමෝටම පොදුයි.ඔයාලම හිතලා බලන්නකෝ අපි මේ වනතෙක් ආ ජීවන මාර්ගයේ කොයි තරම් නම් කටු කම්බි,ගල් බොරළු තිබුනද? ඒත් අපි අපේ ගමන නැවතුවේ නෑ නේද... අපි අපිට පුළුවන් විදියට ඒ බාධක ජය ගත්තා.අන්න ඒකට අපේ ලගම හිටියා අපේ හොදම හිතවතා..කවුද ඒ? එයා තමයි අපේ ආත්ම විශ්වාසය.ඉතින් එයා හැමදාටම අපිත් එක්ක ඉන්නවා අපි හිතින් ශක්තිමත් නම්.ඔයාලා අහලා ඇති යාළුවනේ කතාවක් තියෙනවා

“ඔබ දුප්පතෙක් ලෙස ඉපිද දුප්පතෙක් ලෙසම මිය යන්නේ නම් එහි වරද ඔබේමයි....”

අපි හැමෝම පොහොසත්..සල්ලි කියන්නේ ජීවිතයම නෙමේ ඒත් සල්ලි හම්බ කරගන්න අපි හැමෝටම පුළුවන්.ඒකට තමයි අපිට ගොඩාක් පොහොසත් අපේ හිත අපිට දීලා තියෙන්නේ.ඒක මතින් තමයි අපේ මුළු ජීවිතයේම අනාගතය තීරණය කරන්නේ.මේ අළුත් අවුරුද්දේ ඔයාලා හැමෝම ඔයාලගෙ හිත් අළුත් සිතුම් පැතුම් වලින් පුරව ගන්න.හැබැයි කොයි වෙලාවේදී වත් ඍනාත්මක ඒවා නම් ඔය චූටි හිතට දා ගන්න එපා.මොකද ඒ ඍනාත්මක අදහස්,ඒ ප්‍රාර්ථනා අපේ හිත් මොට්ට කරනවා.ඔයාලා අහලා තියෙනවද යාළුවනේ මේ කතාව......

අශ්වයාගෙයි ,බූරුවාගෙයි චින්තන වෙනස ගැන මෙන්න මෙහෙම සදහනක් තියෙනවා.ඔයාලා දන්නවද බූරුවාගේ කන් තිබෙන්නේ පිටු පසට හැරිලා..ඒ කියන්නේ ඌ හැම තිස්සෙම අතීතයට කන් යොමාගෙන ඉන්නේ.ඒකනේ යාළුවනේ බූරුවා හරිම අලස සතෙක් ලෙස අපි දකින්නේ.අන්න ඒකට අශ්වයා උගේ කන් තියෙන්නේ ඉස්සරහට හැරිලා ඒ කියන්නේ හැම වෙලේම කන් යොමාගෙන ඉන්නේ අනාගතයට.අන්න ඒකයි ඌ හරිම කාර්යශීලි සතෙක් ලෙස අපි දකින්නේ.

ඉතින් යාළුවනේ ඔබත් අළුත් සිතුම් පැතුම් එක්ක අළුත් ජීවිතයක් ආරම්භ කරන්න.තමන්ගේ උපරිම චිත්ත ශක්තිය හා කාය ශක්තිය ඒ සදහා යොදවන්න.ඔයාලට පුළුවන් යාළුවනේ මේ ලෝකේ හිතනවනම් බැරි වැඩක් නෑ.අළුත් වසරේ අළුත් මං පෙතක් තෝරා ගන්න.ගල් බොරළු තිබුනත් ධෛර්යයෙන් ඉස්සරහට යන්න.ගිහින් ආපසු හැරිලා බලන්න ඔයාලටම සතුටු හිතෙයි ඔයාලා ගැනම.මොකද යාළුවනේ කතාවක් තියෙනවනේ කරගැට නැති අත් වලට රන් පදක්කම් වටින්නේ නෑ කියලා.ඉතින් හැමෝගෙම හිත් වල තියෙන හැම චූටි බලාපොරොත්තුවක් ඒ ආකාරයෙන්ම ඉටුවෙන්න කියලා වැහි පොදින් මම ප්‍රාර්ථනා කරනවා.ඔයාලගේ අදහස් උදහස් මට ගොඩාක් වටිනවා.දිගටම අපිත් එක්ක ඉන්න කියලා ආදරයෙන් මතක් කරනවා....ඉතින් අළුත් අවුරුද්දේ අළුත් දේවල් ටිකක් අරන් වැහි පොදින් හමුවෙමු...මගේ යාළුවෝ හැමෝටම සුභම සුභ නව වසරක් වේවා!!! සැමටම ජයෙන් ජය!!

___කල්ප___

8 comments:

  1. ඔබ තුමාටත් සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත නව වසරක් වේවා!

    ReplyDelete
  2. ස්තූතියි සහෝදරයා...!! වාසනාවන්ත අනාගතයකට මංපෙත් විවර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!

    ReplyDelete
  3. ඔන්න පුතෝ .. මගෙනුත් සුබ පැතුම් ...

    ReplyDelete
  4. @කුමාරයා - බොහෝම ස්තූතියි සහෝදරයා වැහි පොදත් එක්ක එකතුවුනාට සුභ නව වසරකට ආසිරි පතනවා යාළුවා!!!! ඔබට ජය!!

    ReplyDelete
  5. සුභ අළුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  6. @ඔබ නොදුටු ලොවක්-ඔබටත් එසේම වේවා !! කිරියෙන් පැණීයෙන් ඉතිරෙන වාසනාවන්ත හෙටක් උදා වේවා!!

    ReplyDelete
  7. අලුත් අවුරුද්දේ අලුත් වෙමු.සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  8. ස්තූතියි නදීර!! ඔබටත් සුභම සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete

මතක සටහනක් අකුරු කරලා යන්නත් අමතක කරන්න එපා........