Thursday, January 5, 2012

සෙල්ලම්ද කොල්ලෝ “ රෑ පානේ අපි බෑවා වෑවරේ 2....“

ඔන්න එදා නවත්වපු තැන ඉදලා කතාව......කලින් එක කියෙව්වේ නැත්නම් මෙතනින් ගිහින් කියවල එන්නකෝ,සෙල්ලම්ද කොල්ලෝ “ රෑ පානේ අපි බෑවා වෑවරේ 1....“



මම වත්ත ඇතුලට තව තවත් මගේ ඇහැ දැම්මා....දැක්ක දේ මතක් වෙද්දිත් තනි ඇහැට ඇඩෙනවා ...අනෙ මුන්ට සංගයක් කියලා එකක් ඇත්තෙම නෑනේ.

අපේ තට්ටෙ ඌ ඒ ගෙදර පනිට්ටුවක් අරන් ඒකට සබන් දියර වක්කරලා සබන් බෝල හදනවා...අනෙ අම්මප මූට හෝඩියේ පන්තියේ ක්‍රියාකාරකමක් මතක් වෙලාද කොහෙද....ඒ මොනවා වුනත් අපි දන්න විදියට නම් තට්ටේ ඒ කාලේ ඉදලම බෝල හදන්න දස්සයා..

ඔන්න ඉතින් ඒ අස්සේ අපේ ජොන්ටි වතුර පයිප්පයක් ඇරන් මගුලක් කරනවා..ඒ අස්සේ ඌ රෙදි වැලකුත් පටලවගෙන..ඒ ගොබ්බයටත් ඕන චීත්ත කෑල්ලක් වික වික ඉන්න දුන්නොත්.ඔන්න දිය කරපු සබන් බාල්දියත් අරන් තට්ටෙ ඒ ගෙදර තිබ්බ බස් එකක් හෝදනවා...ඇයි හත්ඉලව්වේ අහවල් මගුලකටද අනුන්ගෙ බස් එකක් හෝදන්නේ.....

ඔය සේරටම වඩා හපන් කොටා ඌ ඒ ගෙදර හෝස් එකක් අරන් මිදුලෙ පැල වලට වතුර දානවා..(කොටා වතුර දාන්න හරි හපනා) මම හිතන්නේ ඒ ගෙදර පැල වල ඵලදාව ගන්න වෙන්න ඇති මයෙ හිතේ.ඔය අපේ කොටාගේ ගමන හැමදාම පුටෙන්(ෆුට් බයික්කෙන්) ඕක අරන් තමයි මූ හැම තැනම යන්නේ.ඊට අමතරව රතු පාට ත්‍රීවීල් වලටත් උගේ පොඩි කාලේ ඉදන්ම ආසාවක් තිබ්බා

ඔය අස්සේ මමයි රනෙයි දෙන්නා එකතු වෙලා වෑවර ගෙඩි හයක් හතකුත් බා ගත්තා...ඔන්න ඔහොම ටික වෙලාවක් ගියා ..එක පාරටම මහා සද්දයක් ආවා වත්ත පැත්තෙන්......මම ටිං ගාලා වත්ත ඇතුල බැලුවා අම්මට සිරි පට්ට කලුවරයි ....ගෙදර එකා නැගිටලා ඇවිත් අපේ එවුන් එක්ක පොරයක් වත්ද?....නෑ නෑ එහෙම වෙන්න බෑ මොකද එහෙම ආවොත් ඌ කනවා නැති වෙන්න.

නයි කයිද ගල් බනිස්...“දඩාං දඩාං“..ඒ පාර නම් ආපු සද්දෙ ඒ තරම් හොද නෑ... මම හිතන්නේ මොකෙක් හරි ගුස්පියෙක් ගෙදර ගේට්ටුවේ ඇමිනුනා...මුළු වත්තම කළුවරයි ඇයි හත්වලාමේ අඩු තරමෙ මට රනේ වත් පේන්නෙ නැති තරම්....

රිංගන්න හිතෙනවා ගලක් පල්ලෙ....එක පාරටම දැම්මනෙ බොල ගේ ඇතුලේ ලයිට්..මොන මල ඉලව්වක්ද මේ වෙන්න යන්නේ.....රනේ තාම ගහේ මම ගෙඩි ටික තුරුල් කරගෙන තාප්පේ අයිනේ.....කර කියාගන්න දෙයක් දෙන්නටම මතක් වුනේ නෑ...

කකුල් දෙකේ පිහිට තමයි ඉතින් දැන්....

“බැහැපන් බැහැපන් ලයිට් දැම්මා “ මම රනේගේ කලිසමෙන් ඇද්දා.අප්පා මේකේ පුසුඹ අපේ නැන්දගෙ පුයර බෝතලේ වගේ.....

රනේ සිග සිග ගාලා ගහෙන් බැස්සා....ඌ නම් හැබෑ දස්සයා..
රනෙයි මමයි දෙන්නා ටිං ගාලා තාප්පෙ දිගේ පාරට බඩ ගෑවා...මෙලෝ රෙද්දක් පේන්නේ නෑ...

“රනේ උඹ ඉන්නවනේ....“ මම තකබීර් වෙලා උගෙන් ඇහුවා.
“ඇයි හත්වලාමේ මේ ඉන්නේ“ ඒ පාර නම් ඌ කිව්වේ යක්ෂාරූඞ වෙලා.

කොහොම කොහොම හරි තාප්පේ දිගේ මමයි රනෙයි පාරට ආවා.
අම්මා ගහයි බැට් එකෙන් ......ගෙදර ගේට්ටුව ඇරලා.ඒ මදිවට ලයිට් දාලා වත්ත පුරාම.
හිමීන් සැරේ දෙන්නත් එක්ක වත්ත ඇතුල බැලුවා ..අම්මට සිරි මගේ වයර් ෂෝට් වී ගෙන ආවා...වත්ත මැද වතුර මලක්.ගෙදර අයිතිකාර අංකල් කාරයා අතින් ඒක වහන්න ෆුල් ඩම් එක.ඇයි යකෝ මේ මහ රෑ මොන වතුර මල්ද?....වැඩිවෙලා හිටියොත් අපි දෙන්නගේ වතුර මලුත් වහයි කියලා හිතුන හිනදා හිමින් සීරුවේ රනෙයි,මමයි පාර දිගේ ඉස්සරහට ආවා.

ඔන්න බලාපල්ල යාළුවන්ගේ හැටි.ඇයි යකෝ වෑවර බබා හිටපු අපි දාලා මුන් ටික පැනලා ගොහින්.අනේ ඇත්තමයි හිතෙනවා මේ වෙලාවට එක එකා කම්බස් කරන්න.ඔහොම කළුවරේ ඉස්සරහට එද්දී මටයි,රනේටයි දකින්න ලැබුනා සීන් කෝන් කෑල්ලක්.ඒකත් රස විද විද එද්දී......

කිරි අප්පා මාළුම කාපිය.......මෙන්න පාරේ දිගේ ඇදීගෙන යනවා නිල් පාට හෝස් එකක කොනක්.අහලා ඇතිනේ කතාවක් අර ගිලෙන්න යන එකා ගයිඩ්ගෙ ඇගෙත් එල්ලෙනවයි කියල කතාවක්.ඔන්න ඉතින් පට්ට කළුවරේ පාර අත ගගා ඉස්සරහට ගිය මටයි,රනේටයි මේකත් ඒ වගේ .

“රනේ මේක පස්සෙන් දුවපා...න්“ කියාගෙන පාරේ බිම දිගේ ඇදීලා යන හෝස් එක පස්සේ මම දුවන්න ගත්තා.අනේ ඉතින් කඩපු වෑවරත් තුරුළු කරගෙන අනිත් එවුන්ගේ ගෙවල් වල උදවියත් ආදරෙන් මතක් කර කර අපි දෙන්න රෑ ජාමේ හෝස් එකක් පස්සේ දුවනවා....

“ඒ බං හෝස් එකේ tap එකත් තියෙනවනේ මෙතන....එහෙනම් අනිත් කොන අහවල් එකකද තියෙන්න ඕන.අඩෝ දැන් කාලේ හෝස් දුවනවද බං??“ රනේ මගෙන් අහපි.

මූ නම් යකාම කාපිය.මූට මම ඉතින් මොන ඉලව්වක්ද තේරුම් කොරන්නේ..

“කට වහගෙන දුවපං“ මම එපමණයි කිව්වේ.අනිත් ඒවා මමම කියා ගත්තා...කොහොමින් කොහොම හරි තිත්ත කළුවරේ අපි දෙන්න පැය කාලක් පමණ මැරතන් එක දුන්නා.ඇගේ තිබ්බ හයිය හක්තිය සේරම ගියාද කොහෙද ඒකට......

ඔන්න ඔහොම ඉස්සරහට යද්දී මද පමණ එලියක් දැක්කා.අනේ අප්පේ හිතට නිකන් පිප්පි බර හැදුනා වගේ දැනුනා.මේ කළුවරේ දුවලා දුවලා කකුල් දෙකම ඔකෙස්ට්‍රා ගහනවා....දෙන්නත් එක්ක හොස් එකත් අතින් අරන් ඒ දිහාවට හිමින් සැරේ දුවන්න ගත්තා.

_____මතු සම්බන්ධයි____

6 comments:

  1. අනේ මචන් මේ රේඩියෝව නිවපන් බන්... කොහොමද මේක බලන්නේ මේකත් එක්ක.. කොමෙන්ට් නොදා හැරිලා නොයා මේක කීවේ ඒකයි

    ReplyDelete
  2. සමාවෙයන් සහෝදරයා..අපහසුතාවයකට ලක්වුනා නම්..ඒ පිලිබද දැන්වීම ඉතා අගය කොට සලකනවා....හරි මම ඒ පහසුකම ඉවත් කරන්නම්..ඔබට ජය! ස්තූතියි එකතුවුනාට..

    ReplyDelete
  3. හිකිස්....

    “මාත් ඒ නංගිගෙ කණ හපල බැලුව පැණිරහයිද කියල...“

    හාපෝ..............චී..............

    කතාවනම් මලු අලෝ.....:)
    මම රූ චූටි...

    ReplyDelete
  4. හි හි ඇයි බොලේ නැතුව මම ආච්චිගෙ හපලා බලන්නැයි!! ස්තූතියි නිපූ නගා...! මේ පැත්තේ ආවට ජය වේවා!!

    ReplyDelete
  5. අදයි මේ පැත්තට ගොඩ උනේ...

    ReplyDelete
  6. @Dinesh- ස්තූතියි මචං.....දිගටම එකතුවෙලා ඉන්න කියලා ආරාධනය කරනවා....ජය වේවා!!

    ReplyDelete

මතක සටහනක් අකුරු කරලා යන්නත් අමතක කරන්න එපා........