Saturday, January 14, 2012

රබන් සුරල් වැයේ හඩින්.......

කොහොමද කට්ටියට ...අද නං ඔන්න මම ආවේ කතාවක් අරන් නම් නෙමේ මේක මේ මට වෙච්ච පොඩි කේස් එකක්.මෙන්න මේකයි මගේ කාමරේ මාස 7,8 ක ඉදලා තිබ්බා සායම් පෙට්ටියක්...ඉතින් ඕක ඒ මේ අත පෙරලල බැලුවට මොකද යාළුවනේ මෙලෝ වැඩක් ගත්තේ නෑ..ඕං දවසක් නිකමට ඕක ඇරලා පොඩි ආට් පාරක් දාන්න සෙට් වුනා.දෙයියනේ කියලා සායම් ටිකක් අරන් වතුර ටිකක් දැම්මා දිය කර ගන්න.පුදන කොටම කාපි යකා කියලා මේ රෙද්ද දියවුනේ නෑනේ....ඉතින් කල්පයත් සායම් පෙට්ටිය පොඩ්ඩක් එහෙ මෙහේ හරවලා බැලුවා.

නයි කයිද රෝස්පාන්...
මේක තෙල් සායම් පෙට්ටියක්නේ බොලේ....මොනා කරන්නද දැක්කේ නෑ ඒ විත්තියක්.කල්පයත් “දැනුවත් වීම සදහා පමණයි“ කෙමිස්ට්‍රි සර් ගේ ඔය පන්ති පැත්තේ කරක් ගහපු හින්දා නිකමට හිතුනා මේකට සෙට් වෙන්නේ දිය කරන්න තෙලක් තමා කියලා.මොන තෙල්ද කියලා නම් මතකෙට ආවේ නෑ....කෙලින්ම රන් එක දුන්නා කුස්සියට, ඉස්සුවා පොල්තෙල් බොතලේ,ගෙනාවා කාමරේට මගේ වැඩේට...(ඔන්න ඉතින් දැන් ඔය වෘතිතීමය චිත්‍ර ශිල්පීන් කියන්න එපා තෙල් සායම් ,පොල්තෙල් වලින් දිය කරන්නේ නෑ මිනිහෝ කියලා...වෙන්න ඇති ඒත් මම ඔය මගුල් දන්නේ නෑ අතට අහුවුනේ පොල්තෙල් හි හි හි)

ඉතින් ඔන්න පැන්සලෙන් පොඩියට ලාවට ඇදලා...මුළු දවසම ගියා පාට කරන්න.මොකෝ හත්වලාමේ පින්සල අතට ගත්තම අත වෙව්ලනවා ඕයි....හරියට නිකන් සීයා කෙනෙක් වගේ.සීයලත් මීය වඩා හොදට පින්සල් පාවිච්චි කරනවා.ඉතින් කොහොම කොහොම හරි යාන්තම් ඇන්දා .ඇදලා ඉවර වුන ගමන් ඉස්සෙල්ලම කලේ ආපහු හිමීට පොල්තෙල් බෝතලේ ගිහින් තියපු එක.නැවතිල්ලේ බැලුවම හිතට පොඩි සතුටක් ආවා අවසාන ප්‍රතිඵලය දුටුවාම...ඔන්න යාළුවනේ ඇන්ද සිතුවම දැම්මා ඔයාලත් එක්කත් බෙදාගන්න..........



ඉතින් එහෙනම් හැමෝටම ජය වේවා!!!

8 comments:

  1. චිත්‍ර කෙරුවාවට ඔයා බබෙක් නෙවෙයි. අපිට මොත්තෙ දාන්න එපා....
    චිත්‍රය ඇත්තටම ලස්සනයි....

    ReplyDelete
  2. ස්තූතියි අයියා! හම් චිත්‍ර නම් ඒ කාලේ ඉදලම ඇන්දා ... නමුත් මේක තමයි මගේ පලවෙනි තෙල් සායම් වලින් කල එක....නිකමට ඇන්දේ ..ස්තූතියි මේ පැත්තය ගොඩවුනාට ජය වේවා!!

    ReplyDelete
  3. ඔය තියෙන්නේ ලසන සිත්තරයක් !!!
    මම හිතුවේ සිත්තර අඳින්න දන්නේ නැති එකෙක් ය කියලා. ඉස්කෝලේ යන කාලේ ඉදන්ම සිත්තර ඇඳපූ එකෙක් නේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මධූ....එහෙම ලොකුවට ඇන්දේ නෑ සහෝ....විනෝදෙට ඇන්දේ මේක මට අළුත් වුනේ මම මේ මාධ්‍යෙයෙන් කල පලමුවැනි එක නිසා...

      Delete
  4. මේ වගේ ලස්සන චිත්‍රයක් අදින්න පුළුවන් මනුස්සයා දන්නෙ නැද්ද තෙල් සායම් ගැන.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝදරයා!! නෑ මං ඇත්තටම ඇදලා තිබ්බේ නෑ මේක තමා පලමු නිර්මාණයි ඒත් පොඩි අවුලක් තියෙනවා මම ඇන්දේ කාඩ්බෝඩ් එකක තාම ඒකට පාට අල්ලලා නෑ....අතින් ඇල්ලුවාම යනවා අප්පා...දුක තමා..

      Delete
  5. නියමයිනේ.. ඔය තියෙන්නේ ලස්සනට.. යාළුවට හොද හැකියාවක් තියෙනවනේ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියා!! ජය වේවා!!

      Delete

මතක සටහනක් අකුරු කරලා යන්නත් අමතක කරන්න එපා........