Sunday, January 15, 2012

අන්සතු වූ මල


හිදින්නට පෙම් පිරූ ඔය තුරුලේ
අද හිදින්නට මට වරම් නෑ මිතුරේ
මා පෙම් කලත් ඔබ නෑ පෙමින් බැදුනේ
දකින විටදී හද හඩයි ඔබ
අන් අයෙකු තුරුලේ.....

නෙතග බැල්මෙන් මා වශීකල
නුඹේ නිල් නෙතු බොදවෙලා අද
දැනෙන මේ දුක් ගින්න පැතිරී
ඇවිලිලා මගේ හදේ සිව්කොන....

නෙඑනු මැන පෙරමගට ආයේ
මුණ ගැසෙන්නට මගේ අභියස
දරන්නට බෑ මෙවන් දුක්කද
වැඩිය මහ සාගරේ ජලකද....

15 comments:

  1. අන්සතුව ගිය
    මලක් අභියස
    හඬා කම් නැත
    තවත් ඉතින් නුඹ....

    ReplyDelete
    Replies
    1. පිස්සුවක් ඇතැ අපි එහෙම නෑ....

      “නැත දුකක් අද...
      කෙසේ වත් මට....
      කිමද ලතවෙනු....
      පර මලක් ගැන“

      ජය වේවා!!!

      Delete
  2. ලස්සනයි!!! දුකකුත් දැනෙනවා...:(

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සොයුරි!! හිතුවක්කාර කමට කරන වැඩ නිසා තමා දුක් දැනෙන්නේ!! මොනා කරන්නද මෙතනට වඩා එතන සුව ඇති....ජය වේවා!!

      Delete
  3. ඔබ පෙම් කරනා ඔබේ කුමාරි
    මටද ආදරේ කියා තිබේ!

    එහෙමද??
    :/

    ReplyDelete
    Replies
    1. ඒ වගේ තමා!!! ලොකේ හැටිනේ බං.....මේ පැත්තට ආවට ස්තූතියි !! ජය වේවා!

      Delete
  4. මට උනා වගේමයි...අදයි ආවෙ මේ පැත්තෙ අයිත් එන්නම්කෝ.. ෆලෝ පාරකුත් දැම්මා ඕං...

    ReplyDelete
    Replies
    1. ලොකේ කැරකෙනවා මිනිස්සුත් වෙනස් වෙනවා සහෝ!! ස්තූතියි මේ පැත්තට එකතුවුනාට!! දිගටම ඉන්න ආරාධනා කරනවා වැහිපොද එක්ක.....ජය වේවා!!

      Delete
  5. හ්ම්ම් ඔහොම තමයි ජිවිතේ....
    ඒ ගැන තේරුම්ගන්න ඕනා

    ReplyDelete
    Replies
    1. අනිවා ජීවිතේ එක එක විදියයි....අපි ඒක තේරුම් ගන්නයි ඕන......

      Delete
  6. මොනවා කරන්නද යාලුවා...එයාගේ "නොලැබීම" වෙන්න ඇති....:)

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති....ස්තූතියි යාළුවා මේ පැත්තට එකතු වුනාට..ජය වේවා!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  7. Oh! an emotional poem..so sad..write some more!

    ReplyDelete
    Replies
    1. hmm....that's life saho!! tnx a lot 4 read....b success!

      Delete

මතක සටහනක් අකුරු කරලා යන්නත් අමතක කරන්න එපා........