කොහොමද යාලුවනේ ඔන්න ටික දවසකට පස්සේ ආයෙත් අවා දේව ඉතිහාසයේ ලස්සන කතාවක් අරගෙන.මීට කලින් දාපු කතා දේව කතා වලට හොද ප්‍රතිචාරයක් තිබ්බා ඇත්තටම ගොඩාක් සතුටුයි ඒ ගැන .මොකද ඒවා තමා ගොඩාක් වටින්නේ මට..
හරි වැඩි කතා ඕන නෑ මෙන් මේකයි අද කතාව.
ඔයාලා අහලා තියෙනවද අපේ සමහර ආච්චිල,සීයල කියනවා මොකක් හරි හේතුවක් නිසා කෙනෙක් අන්ත අසරණ තත්වයට වැටුනම මෙන්න මෙහෙම කතාවක් ....
“ඕවා ගනන් ගන්න කාරණා නොවේ...පුතේ, අහලා ඇතිනේ නරක කාලේ විශ්ණු දෙවියොත් බට කොල කෑවයි කියලා“
ඔන්න ඉතින් ඕක කොයි තරම් අහලා තිබ්බත් ඕක ගැන හරි විස්තරයක් දන්නේ නෑ නේද....ඇත්තමට මමත් මගේ සීයාගෙන් තමයි මේ කතාව පොඩි කාලේ ඇහුවේ.දැන් ඉතින් ඔයාලත් එක්ක බෙදා ගන්නයි මේ ලෑස්තිය..
මේ කතාව ගෙතෙන්නේ විශ්ණු දෙවියන්, හා සෙනසුරු වටා.....
මේ ඉන්නේ යාළුවනේ විශ්ණු දෙවියන්...දන්නවනේ මෙයාගේ වාහනේ තමා ගුරුළා....
හරි ඕං නමෝ විත්තියෙන් කතාව පටන් ගන්නම්...
ඔය සෙනසුරු කියන දේවතාවා ටිකක් නපුරු ඒ වගේම දඩබ්බර කෙනෙක් .
එයාව දැකලා නැත්නම් බලා ගන්නකෝ මේ ඉන්නේ එයා තමයි....
ඇයි මතක ඇතිනේ අර මහසෝනාගේ ඔළුව ගැලවුන වෙලේ වලස් ඔළුව සවි කලෙත් හෙනහුරා (සෙනසුරු) තමා.
ඒ කතාව කියෙව්වේ නැත්නම් මෙතනින් ගිහින් කියවලා එන්නකෝ....
මට හිතෙන්නේ නරක මිත්‍ර ආශ්‍රය තමා...
ඉතින් අපිට වගේම තමා ඔය දෙවියන්ටත් කාල චක්‍රය අනුව අදාල කාලයට අදාල ග්‍රහයින් ලබනවා...තමාගේ ජීවන පෙල්ගැස්මට අපිට වගේම ඔවුන්ටත් ඒක බලපානවා.ඉතින් අහලා ඇතිනේ අපේ අයත් ඔය අපල ග්‍රහයින් ලැබුවම නොයෙක් ආකාරයේ පුද පූජා පවත්වනවා ඒවායින් සිදුවන කරදර මගහැරවා ගන්න.
ඔන්න අපේ කතා නායකතුමා ඒ කියන්නේ විශ්ණු දෙවියන් කියන්නේ හරිම බලගතු ඒ වගේම ලස්සන දෙවි කෙනෙක්.විශ්ණු දෙවියන්ගේ බිසව තමයි ශ්‍රී මහා ලක්ෂ්මී දේවිය.අහලා ඇතිනේ මගෙ යාළුවො ඒ දේවිය ගැන එයා තමයි ධනයට අධිපති දේවිය.ඔයාලා ලංකාවේ ප්‍රයිවට් බස් වල ගිහින් තියෙනවනම් මෙයාගේ රූන නොදකින්න විදියක් නෑ.ඉතින් විශ්ණු ලක්ෂ්මී දෙන්නා ගොඩාක් ආදරෙන් සතුටින් කාලය ගත කලා.
ඔන්න ඔහොම කාලය ගත වෙද්දී විශ්ණු දෙවියන්ගේ සෙනසුරු දසාව ලං වුනා.අපේ යාළුවෝ අහලා ඇතිනේ සෙනසුරු කියන්නේ ටිකක් අපල ග්‍රහයෙක්.එයාගේ කාල පරාසයට කරදර බාධක එමටයි.
ඉතින් කොහොමින් කොහොම හරි විශ්ණු දෙවියන්ටත් හෙනහුරා ලැබුවා.ඕං ඉතින් සෙනසුරු ලැබුව දවසේ ඉදලම විශ්ණුට හරි කරදර .කල කෝලාහල වැඩි...මිනිස්සු වගේම තමා පවුල් ආරවුල්...දේව සභාවේ ප්‍රශ්ණ....දිනෙන් දිනම මේ තත්වය උග්‍ර වෙන්නට පටන් ගත්තා.කාලය ගත වෙත්ම විශ්ණු අන්ත අසරණ දුගී තත්වෙට වැටුනා.දේව සභාවේ ඔහු ඇති කරගත් ආරවුල් හේතුවෙන් විශ්ණු හට අනිත් දෙවියන්ගේත් ඇල්ම බැල්ම අඩු වුනා....අපල කාලය වැඩි වත්ම තම ධනයද ක්‍රමයෙන් හීන වී යනු ඔහුට දැනුනා ...
ඉතින් අවසානයේ ඔහු අපේ ව්‍යවහාරය අනුව පාරට වැටෙන තත්වයට පත්වුනා.ඔන්න බලන්න දෙවියන්ටත් යන කල..
තමා මෙහෙම දුක් විදින බව අනික් දෙවියන් දැනගතහොන් තමාට ලොකු නින්දාවක් බව විශ්ණු වටහා ගත්තා.ඉතින් විශ්ණු ඇත් වේශයක් මවාගෙන වනගත වුනා.දිව්‍ය ලෝකේ වගේ නෙමේනේ යාළු කැලයේ ඉතින් දිව්‍ය භෝජන නෑනේ..ඒක නිසා ව්ශ්ණුට කන්නට වුනේ ගස් වල කොල පොතු තමා..ඇත් වේශයකින් සිටි නිසා විශ්ණ වැඩිපුරම කෑවේ බට කොල.කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියා විශ්ණු කැලයට වී හෙනහුරාගෙන් බේරීමට බට කොල කකා සිටියා..ඔන්න සත් අවුරුද්දකට පසු අපලය ඉවර වුනාම විශ්ණු ආයෙත් කැලයෙන් එලියට විත් දිව්‍ය විමානයට වැඩම කලා..සුපුරුදු පරිදි දේව දූතයන් පිරිවරාගෙන ඔහු වාසය කලා..ඉතින් ටික දිනකට පසු හෙනහුරා විශ්ණුගෙ මන්දිරය අසලින් ගමන් කරන වෙලාවක විශ්ණුව මුණ ගැසුනා..ඉතින් විශ්ණු හෙනහුරා දිහා බලලා කිව්වලු මෙන්න මෙහෙම..
“කෝ උඹ කාට අපල කලත් මට වින කරන්න උඹට බැරි වුනානේ හෙනහුරෝ“
ඉතින් මගෙ යාළුවනේ හෙනහුරත් ඇගට පතට නෙදැනී මෙහෙම කිව්වලු....
“ඇයි විශ්ණු දිව්‍ය භෝජන වලදපු ඔබතුමා කැලේකට වෙලා බට කොල කාපු එකම මදිද අපලෙට“
මද සිනාවකින් එසේ කියූ හෙනහුරා තමා ආ ගමන යන්න පිටත් වුනා...
ඉතින් හිතන්න යාළු විශ්ණු දෙවියනුත් සෙනසුරු අපලයේදී බට කොල කෑවා නම් අපට මොන කතාද?..ඔන්න ඕකයි විශ්ණු දෙවියන් බටකොල කෑව සිද්ධිය .....
ඉතින් මගෙ යාළුවනේ විශ්ණුගෙන් පස්සේ ග්‍රහ චක්‍රයට යට අනුව සෙනසුරා ලබන්න තිබුනේ ගණ දෙවියන්ට.දන්නවනේ එයාගේ හැටි මොකක් හරි සෙල්ලමක් දාලා බේරෙන්න ඇති. ඊලග කතාවෙන් ඒකත් අරන් එන්නම්.......ජය වේවා!!!
ඉතිහාසය ගෑන සුන්දර කතාවක් අප හමුවේ තෑබුවාට තුති.ජනප්‍රවාද වල එන බොහොම ලස්සන කතා ගොඩක් අපිට තියන්වා නමුත් වර්තමාන සමාජය ඔවා අමතක වෙලා,අපේ පරම්පරාව යන්තමින් හරි ඔය දෑවල් ගෑන දෑනුමක් තියන්වා නමුත් ඉදිරි පරම්පරාව ඔවා කිසිම දෙයක් නොදන්න බවනම් හොදටම පෑහෑදිලී.
ReplyDeleteඔව් මචං අද ඉන්න ගොඩාක් දෙනා මේ ගැන ඒ තරම් දැනුමක් නෑ....සාහිත්‍යයය කියන දේ අමතකම කරලා.අපි දන්න දෙයක් ඉදිරි පරම්පරා වල අයටත් දෙන්න සයිබරය උපයෝගී කරගන්න හිතුවේ වර්තමානයේ අපේ පරම්පරාම පොත් කියවන්න තියෙන මැලිකම නිසා ඒ නිසා මට හිතෙනවා මේ මාධ්‍යයය වටී කියලා...මේ තරම් ලස්සන කතා ටිකක් ඇයි අපි ඉතිහාසෙටම විතරක් යට වෙන්න දෙන්නේ අපි දන්න විදියට අනිත් අයත් එක්ක බෙදාගන්න එක තමා වටින්නේ..
ReplyDeleteස්තූතියි සහෝදරයා වටිනා අදහසක් දැම්මට...මේ පැත්තට ගොඩවුනාටත් ස්තූතියි ....ජය වේවා!!
අඩේ.. ඔයා පට්ටනේ මචං
Deleteම්ම්ම්ම්ම්... අද නෙ කතාව දැනගත්තෙ හරියටම.. හුඟාක් ස්තූතියි සහෝ!!!
ReplyDeleteස්තූතියි හිතුවක්කාරි මේ පැත්තට ගොඩවුනාට .....ආයෙත් එන්න ජය වේවා!!
Deleteමේ කතා මෙහෙම හරි අන්තර්ජාලයට එකතු වෙන එක ගැන සතුටුයි. අපේ රැප් කොල්ලො කෙල්ලො මෙව්ව දන්නෙ නැහ නෙව.
ReplyDeleteමම මේක අහල තියෙන්නේ නම් අපල කාලේ ආවම සෙනසුරු ගිහිල්ල කිව්වලු විශ්නු දෙවියන්ට අපලෙ ගැන මොකද ඉතින් විශ්ණු කියන්නෙ බලගතු දෙවියෙක් නිසා. විශ්ණු දෙවියො සෙනසුරා මට කොහේ අපල කරන්නද කියල ඇත් වෙසක් මවාගෙන කැලේකට වෙලා බට කොළ කකා අවුරුදු 7 ක් ඉදල අපලෙ ඉවර උනාම ආවලු. ඒ ඇවිල්ල ඇහුවලු සෙනසුරු කෝ අපල කරාද මට කියල.. " දේව සැප සම්පත් විඳින්න පුලුවන් ඔබතුමා අර කැලේකට වෙලා බට කොල කකා ගෙවපු එකම මදිද ඇහුවලු අපලෙට.
ස්තූතියි සහෝදරයා ඒ බව දැන්නුවට මොකද මගේ ලිපියේ අදාල සිද්ධිය ඔය තරම් දුරට විස්තර කරලා නෑ...ඇත්තටම නොදන්නා කරුණු ටිකක් කිව්වට ගොඩාක් ස්තූතියි..ඔයාගේ මතය මේකට හොදට යනවා සමහරවිට ඒක වෙන්නැති ඇත්තම සිද්ධිය ...ඉතින් රසවත් නිසාත් පිලිගත හැකි නිසාත් මම ඒ විස්තරය කතාවට එකතු කරන්නම් ...පාඨකයින් එයට කැමති වේවි ජය වේවා!!!
Deleteඋපුල්වන් කියන්නෙයි විශ්ණු කියන්නෙයි දෙන්නෙක්. එක්කෙනෙක් නෙමෙයි.
ReplyDeleteදෙන්නම නිල්පාටයි කියල කියන නිසා තමයි ඔය පැටලිල්ල. උපුල්වන් කියන්නෙ ලංකාවෙ හිටපු ප්‍රාදේශීය පාලකයෙක්. පස්සෙ දේවත්වයෙන් සැළකුවා. ශක්‍ර දෙවියන්ට බුදුහාමුදුරුවො ලංකාවෙ ශාසනය ආරක්ෂා කරන්න කියල කියපුඅම, ශක්‍රයා එයාගෙ වෙඩේ භාර දුන්නෙ මේ උපුල්වන්ට.
විෂ්ණු කියන්නෙ හින්දු දෙවි කෙනෙක්.
ස්තූතියි සහෝදරයා ඒ බව දැන්නුවට මම ඒක නිවැරදි කරන්නම්.....මේ වගේ අදහස් එකතු කරනවට ගොඩාක් ස්තූතියි...දන්නේ නැති විස්තරයක් දැන ගත්තා..ජය වේවා!!
Deleteශ්‍රී ලංකාවේ දේව ඇඳහීම තුළ දෙවිවරු දෙන්නෙක් එකතු කරලා එක් අයෙක් බවට පත් කරගන්න අවස්ථා දැකගන්න පුලුවන්. විෂ්ණු සහ උපුල්වන් දෙවිවරු දෙදෙනාගේම රූප ලක්ෂණ එක සමාන වුණු නිසා "උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු" කියලා එක් අයෙක් බවට පත් කරගෙන තියෙනවා
Deleteමහායාන බෝධිසත්වයෙක් වුණු "සමන්ත භද්‍ර" බෝසතුන්ගෙන් සුමන සමන් දෙවියන් බිහිවීමත් අවලෝකිතේශ්වර බෝසතුන් පාදක කරගෙන "නාථ" එහෙමත් නැත්නම් "අවලෝකිතේශ්වර නාථ" දෙවියන් බිහිවෙන්නේත් මේ වගේ පදනමකින්
ඔව් සහෝදරයා මටත් මුලින් ඕක පැටලුනා ඒත් කට්ටියගේ වටිනා අදහස් නිසා ඒක නිවැරදි තරගන්න පුළුවන් වුනා...ඔබ පැවසූ කරුණට මමත් එකග වෙනවා ...නොදන්නා බොහෝමයක් එයින් ඉගෙන ගත්තා.ස්තූතියි මේ පැත්තට ගොඩ වුනාට...ජය වේවා!!
Deleteමේ කතාව මම අහල තියෙන්නේ,
ReplyDeleteඅපල කාලය එන්න ලංවෙද්දි විශ්ණු කල් තියා උපායක් කල්පනා කරලා හෙනහුරාගෙන් හැංගෙන්න තීරණය කලා. අන්තිමේ අලියෙක් වෙලා හෙනහුරු සාපයෙන් මිදෙන්න තීරණය කලා.
කරලා කාට කාටත් හොරෙන් කැලේට ගියා අලියෙකුගේ වේශයකින්. දිවියලෝකෙ වගේ නෙවිනෙ අලියෙක් නම් කන්නෙ කොල ජාති කිතුල් බඩත බට කොල.. වගේ... ගිහිං කාලයක් හිටියා. ඉදලා අපලේ ගෙවුන බව දැනගෙන ඔන් දිවියලෝකෙට ගියා. ගිහිං ආයෙ දේවරූපයෙන් දිලිහි දිලිහි හිටියා.
ඔන්න දවසක් හෙනහුරා ගමනක් යන කොට විෂ්ණු හම්බවුනා මූණටම. හෙනහුරාට නෝන්ඩි හිනාවක් දාලා කිව්වලු කාව තැම්බුවත් හෙනහුරාට මාව තම්බන්න බැරි වුනානේ කියලා.
හෙනහුරා ඇගට පතන නොදැනී කිව්වලු හද්ද කැලේකට වෙලා බටකොල කන්න සලස්වපු එක මදිද කියලා..
ඔය මම අහල තියෙන විදිය.
ස්තූතියි සහෝදරයා ඒ බව දැන්නුවට මොකද මගේ ලිපියේ අදාල සිද්ධිය ඔය තරම් දුරට විස්තර කරලා නෑ...ඇත්තටම නොදන්නා කරුණු ටිකක් කිව්වට ගොඩාක් ස්තූතියි..ඔයාගේ මතය මේකට හොදට යනවා සමහරවිට ඒක වෙන්නැති ඇත්තම සිද්ධිය ...ඉතින් රසවත් නිසාත් පිලිගත හැකි නිසාත් මම ඒ විස්තරය කතාවට එකතු කරන්නම් ...පාඨකයින් එයට කැමති වේවි ජය වේවා!!!
Deleteමේ කතාව මාත් අහලා තියෙනවා.. නරක කාලය ආයම කාටවත් ඒකෙන් ගැලවෙන්න බෑ..
ReplyDeleteහම් ඒක නම් ඇත්ත සහෝ....මොනා කලත් හරියන්නේ නෑ...
Deleteබට කොළ කාල බේරුනොත් ඇති!:D
ReplyDeleteහි හි ඔව් මචං අපිට නම් පත්තර කොලත් කන්නවෙයිද දන්නේ නෑ....
Deleteපරණ මතකයක් අලුත් උනා. ගොඩක් ස්තුතියි යාළුවා කතාවට.
ReplyDeleteප.ලි.- ටුවිටර් කුරුල්ලාගේ මාර වදේ. පෝස්ට් එක උඩම වහනවා. ඌව එලවන්න ක්‍රමයක් කියනු !!!
මතකයන් අළුත් කරන්න ලැබුන එක ගැන ගොඩක් සතුටුයි...හි හි ඔව් මචං ඌ පියාඹනවා ...ඒත් මම හිතුවේ නෑ පොස්ට් වලට උගෙන් කරදරයි කියලා..! ජය වේවා!!
Deleteමමත් අහලා තිබුනා මේ කතාව. එත අමතක වෙච්ච ඒවා මතක වුනා.. :))
ReplyDeleteස්තූතියි සොයුරිය!! ආයෙත් දවසක මේ පැත්තට එන්න ජය වේවා!!
Deleteහී හී...තව දන්න කතා ටිකක් දාන්න...
ReplyDeleteස්තූතියි තරු කෙටුව ගමන් දාන්නම්!!
Deleteවිෂ්ණුගේ බිරිඳ වෙන්නේ "ශ්‍රියා කාන්තාව" කියලයි මම අහලා තියෙන්නේ. ඒක නිසාමයි විෂ්ණුට "ශ්‍රීපති" කියලා නමකුත් භාවිතා වෙන්නේ. ශ්‍රියා කාන්තාවයි, ලක්ෂ්මී දෙවඟනයි කියන්නේ එක්කෙනෙක්ටද ???
ReplyDeleteඅනික තමා මේ පෝස්ට් එකේ විෂ්ණු දෙවියන්ගේ ඡායාරූපයක් කියලා මුලින්ම දාලා තියෙන්නේ "කාලි මෑණියන්ගේ" ඡායාරූපයක්. සෙනසුරුගේ කියලා දාලා තියෙන්නේ විෂ්ණු දෙවියන්ගේ ඡායාරූපයක්
ඔව් මචං අපි ධන ලක්ෂ්මී කියලා අදුන්වන දේවිය තමා තවත් තැනක ශ්‍රියා කාන්තාව යනුවෙන් හදුන්වලා තිබෙන්නේ...නිවෙසක ධනය මූලික කරගත් නිසාත්,රූපශ්‍රීයෙන් අග තැන්පත් නිසාත්ර ඒ නම භාවිතා වන්නට ඇතැයි මම හිතනවා.
Deleteඋඩම පින්තූරයේ සිදුවූ වැරැද්දට සමාව භජනය කරමි.මොකද දේව පින්තූර අතරින් තෝරද්දී සිදුවූ වැරැද්දකි නිසා කාලිඅම්මාගේ පින්තූරයක්.ඉක්මනින් එය නිවැරදි කරන්නම්...ජය වේවා!!
This comment has been removed by the author.
Deleteසෙනසුරුගේ රූපේ කියලා තාමත් තියෙන්නේ විෂ්ණු දෙවියන්ගේ රූපෙමයිනේ. සෙනසුරු කියන්නේ කලු පාට කපුටෙක් පිට නැගලා ඉන්න කෙනෙක්..... මේ තියෙන්නේ අන්තර්ජාලෙන් මට හම්බුණු සෙනසුරුගේ රූපයක්
Deletehttp://srimahavehera.org/images/senasuru_03.jpg
ඔව් ඔබ නිවැරදි මට ඇත්තටම පොඩ්ඩක් පැටලුනා...ඉදිරියටත් මේ වගේම අදහස් දක්වපන් මචං...ඒක ගොඩාක් වටිනවා...මොකද සෙනසුරු අපලයට විශ්නුට වැඩ කරන නිසා එක ලග තිබ්බ පින්තූර දෙකක් පටලැවුනා..දෙන්නම නිල් පාට නිසා...
Deleteමේ පෝස්ට් එකේ පහළ තියෙන්නේ විෂ්ණු දෙවියන්ගේ දස අවතාරවලින් එකක් වුණු "ශ්‍රී ක්රිෂ්ණ" විදිහට මේ ලෝකයට පහළ වුණු අවස්ථාවේ මහාභාරත යුද්ධයට අර්ජුනගේ රථාචාරියා විදිහට ක්රිෂ්ණ ගමන් කළ අවස්ථාව :)
ReplyDeleteහම්....විශ්නුගෙ දස අවතාර ගැන බොහෝමයක් කතා තියෙන්වා නේද සහෝදරයා...රමායනයේ රාමා යනුත් විශ්ණුගෙ දස අවතාර වලින් එකක්...
Deleteමාත් අහලා තියෙනවා වගේ යන්තමට මතකයි...!! ඉක්මනට තවත් රස කතාවක් අරන් එන්න යාළු... ජයවේවා!!!
ReplyDeleteස්තූතියි ශානි....අකුරු ටික කෙටුව ගමන් ඔයාලත් එක්ක බෙදා ගන්නම් ......ජය වේවා!!!
Deleteහම්මියෝ..............
ReplyDeleteවෙලාවකට ඔයා එක්ක කතා කලන්නත් බය හිතෙනව හලේ....ඩාන පෝස්ට් වලත...o.O
ඇයි අලේ ඒ.....බය වෙන්න එපා නගෝ..ඇයි හිතුවද බොලාට හූනියමක් වත් කරයි කියලා හිකි හික ....බුදු සරණයි අලේ ජය වේවා!!
Deleteහිකිස්..හලේ නනෝ නන්න...මැත්ත....
ReplyDeleteබුදු සරණයි අයියේ....
හික් හික්....බය කරනවා ඕං හලිද?.....ඉතින් බය වෙයන්කෝ නැත්නම් මම අඩනවා..බුදු සරණයි නගා!!
Deleteහික් හලි හලි ...:P
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅගෙයි.......
ReplyDeleteමේ කථා එක එක තැන්වලදි පුංචි පුංචි වෙනස්කම් වලට ලක්වෙලා තියනවා....
මම අහල තියන විදියට විෂ්නු දෙවියන්ට සෙනසුරු අපලෙ ලංවෙනකොට විෂ්ණු දෙවියො සෙනසුරුට අභියෝගකරනවා කාට අපල කලත් තමන්ට අපල කරන්න බෑ කියලා.....
එහෙම කලාට සෙනසුරුගෙ හැටි දන්න විෂ්ණු දෙවියො ඇත් වෙශයක් මවාගෙන කැලේ ගැන්ගිලා ඉන්නවා අපලෙ ගෙවෙනකන්....
ඊටපස්සෙ තමයි අර අන්තිම දෙබස ඇතිවෙන්නෙ
හැබැයි ඉතින් ගණදෙවියන්ටනම් සෙනසුරුත් පරාද උනා ... "මල්ලිම ඒ කථාවත් කියන්නකො"
හම් වාග් ප්‍රවාද හින්දා ගොඩාක් වෙලාවට එකම අන්තර්ගතය විවිධ අදහස් අනුව හැදිච්ච ගොඩාක් කතා තියෙනවා !! ප්‍රාදේශීය ව්යවහා අනුව තමයි වෙනස් වන්නේ....ස්තූතියි මේ පැත්තට ගොඩ වුනාට..අනික් කතාවත් කෙටුව ගමන් දාන්නම් සහෝ!! ජය වේවා!!
DeleteAiya puluwannam Vishnu deviyange upatha unwahanseta thiyena balaya pilibada post akak dannako
ReplyDeleteවිශ්ණු දෙවියන්ගේ ඩස අවතාර ගැන පොස්ට් එකක් ලිව්ව මලයා.තව විස්ටර ඉක්මනින් දාන්නම්.විශ්ණුගේ උපත්තීන් 10 ක් ගැන මම ඒ දාපු ලිපියේ තියෙනවා කියවලා බලන්න.ජය වේවා
ReplyDeleteගොඩක් ලස්සනයි.අ.ඒ වගේම ගොඩක් ස්තුතියි මේ කතව කිව්වට
ReplyDelete