Monday, January 23, 2012

සෙල්ලම්ද කොල්ලෝ "බලාපියව් මෙන්න මෙහෙමයි ඩිෆ් ගහන්නේ"


ඔන්න කස්ටියට අළුත් කතාවක් අරගෙන අදත් ආවා මේ ටිකේම ලියන්න බැරි වුනා අප්පා.....සිංහල කොටන්න ගියාම එපා වෙනවා කොල්ලෝ....කොහොම වුනත් පාසල් කාලේ වෙච්ච සුන්දර කතාවක් ඕං අද අකුරු කලා..
මෙන්න මේකයි සිද්ධිය.....

ඔය ස්කෝලේ යන කාලේ අපි හිටියා පාසලේ නායක සංසදේ.හරිම සුන්දර තැනක් ජීවිතයේ ගොඩාක් දේවල් කල්පයත් ඉගෙන ගත්තේ , වැඩි දියුණු කර ගත්තේ එතැනින්.අපේ හිටියා 16 දෙනෙක්.සේරමලා එක සෙට් එකක්....ආයෙත් කතා කරන්න දෙයක් නෑ...

ඔන්න ඉතින් දවසක්දා අපේ ඔය සංසදේ භාර සෑර් උදේ පාන්දරම කට්ටියම පෝලිම් කලා පොඩි රැස්වීමකට කියලා....

ඔය අපේ සර් ඉන්නවනේ,අපි ආදරේට කියන්නේ “ලුකා“ කියලා.....මොකද දන්නවද මචංලා එයාගේ නමට ඉස්සරහින් එහෙම අකුරු දෙකක් තියෙනවා.මම හිතන්නේ වාසගම වෙන්න ඇති.ඔය අපේ වැලා නම් කියන්නේ ඒකෙන් කියන්නේ පානුයි ලුකයි කේස් එකක්ලු..අනේ මන්දා ඉතින් ඒක උගේ ප්‍රජාතන්ත්වාදී වාග් නිදහසනේ අපිත් ඉතින් ඔළුව වනලා බාර ගත්තා.

හරි හරි ...ඔන්න ඉතින් සර් ලගට ආවා.....හරිම ශාන්ත ගමනින් නැවතිල්ලේ අඩිය තිය තිය....අපිත් ඕං ඒ දිහා කට ඇරගෙන බලන් හිටියා...

නයි කයිද රෝස්පාන්...ලගට ආවමයි දැක්කේ මූණ...අකලට ගහපු කලාබරයක් වගේ...අනිවා අපේ ගුස්පියෙක්ගේ මොකක් හරි ජිල්මාට් වැඩක් මාට්ටු වෙලා ඇති..නෑ නෑ අපේ කේස් එහෙම මාට්ටු වෙන්න විදියක් නෑ....අනික අපි හොද ලමයිනේ ..ඉතින් නොදැනුවත්ව හෝ වැරද්දක් වෙන්න විදියක් නෑ බොලේ...

ඔන්න ඉතින් සර් දෙයියනේ කියලා ඉස්සෙල්ලම කිට්ටු වුනේ අපේ පූස් දිහාවට..ඌට එහෙම කියන්නේ උගේ උගුරේ මයිල් හැදෙනවා ඒකයි....හි හි ...පූසුත් ටිකක් තක්බීර් වෙල්.ඇයි හත්වලාමේ මේ උදේ පාන්දර මොන ගුන්ඩුවක්ද දන්නේ නෑනේ!!

“තොපිලා වල් බල්ලෝ .....උඹලට කියන් සිංහලක් තේරෙන්නේ නෑ.........නේ..කවුද යකෝ...........අර කොල්ලෙක්ට උඩ දාගෙන ...ගහලා තියෙන්නේ.....උඹලා දන්නව.....ද? උගේ තාත්තා පොලිසීයෙලු ..දැන් බලා පල්ලා......උඹලා කරන මේ වැඩ නිසා මටත් පොලිසි ගානේ යන්න වෙනවා....කියපිය කවුද ඒ වැඩේ කලේ කියලා...“ සර් බෙරිහන් දෙනවා....

සේරමලා එක එකාගේ මූන බලනවා...

“අඩේ මේ මොන හෙන ගෙඩියක්ද බං..කවුද දන්නේ තාත්තා පොලිසීයේ කියලා.“ ජොන්ටි හිමීට මගේ කනට කෙදිරුවා..
“ඒකනේ බං ගහද්දී වත් උන් කිව්වේ නෑනේ....මොකටද බං උන්ට ගැහුවේ“ මම රනේට කිව්වා..
“ඇයි යකෝ උඹත් ගැහුවනේ ...මගෙන් මුකුත් අහගන්නේ නැතුව ඉදහන්“ රනේ මට කියපි.

තුන් දෙනාගේ කුසු කුසුව ඇහිලද කොහෙද සර් අපේ පැත්තට ආවා...

“මොක්කද බොලේ......බොලාගේ ඔය කතා...ව.“
හරි දැන් නම් සොරි ඩොට් කොම් තමා..
“මම දන්නවා කවුද මේ වැඩේ කලේ කියලා....උඹලම කියනවද?? නැත්නම් මම ඉස්සරහට ගන්නද? “ මිනිහට දැන්නම් ඌරුජුවල්..

අම්මා ගහයි බැට් එකෙන් ......

පිටිපස්සේ මල්ලිලා ටිකක් සෙල්ලම් කල නිසා උන්ගේ ඇගේ වදින නිසා රනේ ටිකක් ඉස්සරහට වුනා..හරිනේ පරිප්පුව..
“ආ ඔය එන්නේ .....වරෙන් වරෙන් “ සර් ඉන්නේ නම් ෆට්ටා හැපි එකේ ...හරියට නිකන් ෂර්ලොක් හෝම්ස් ගේම් එකක් දුන්නා වගේ..අපේ එවුන් සේරම ටියුබ් ලයිට් වෙලා වෙච්ච සීන් එක දැකලා..

අපේ එවුන් එහෙම තනි කරන පුරුද්දක් අපිට නෑ..මමත් ගියා ඉස්සරහට
“ආ ඔය එන්නේ හීන් නූල් ගේම් දෙන එවුනුත්“ ආයේ පිස්සුවක් ඇතැ මම ගහන ගේම් සේරම ගහන්නේ තංගුසෙන්මයි .සර් බයිලා කතා කරනවා.

මෙන්න බොලේ ඒ පාර රනේත් ඉස්සරහට ආවා.හුරේ දැන් නම් හිතට ටිකක් ගැම්මක් ආවා..
දෙයියෝ සාක්කි....යන්න වුනේ විනාඩියයි අපේ සේරම එවුන් ඉස්සරහා.කොහොමද සෙට් එකේ ෆිට් එක.සර් නිකන් අන්දුන් කුන්දුන් වෙලා බලන් ඉන්නවා..

“මේ මොන උලව්වක්ද බොල....දහයක් විතර එක පොල්ලකින් ගැහුවෙ අහවල් විදියටද?....කෝ කෝ අදාල නැති එවුන් පස්සට ගියා නම්..“ කරන්න දෙයක් හිතා ගන්න බැරිව සර් කෑ ගහනවා...
අපි යයි පස්සට එහෙම ඉදිරියමට තිබ්බ පය අපි එහෙම ලේසියෙන් හොලවන්නේ නෑ..කට්ටියම හෙල්ලුනේවත් නෑ..
දැන් නම් සර් කාරයට හොදටම මල....අයේ හෝදන්න දෙයක් නෑ...

“හරි උඹලා සෙට් එකට කරන්නේ හොද වැඩක් ...ඒත් දැන ගනියව් බොලා මට කරන්නේ ** වැඩක්...ඒක මතක තියා ගනිල්ලා...ගහපිය ඔක්කොම ඩිෆ්. Down යනවලා සේරමලා...“ සර්ට අසූ හාරදාහට නැගලා..

බලාපල්ලකෝ උදේ පාන්දරම පෝරියල්...

“ඇයි දන්නේ නැද්ද උඹලා ඩිෆ් එකක් ගහන්න වත්...මහ ලොකුවට ගහගන්න යන්නේ..“

ඇයි හත්වලාමේ අපි එහෙම ගැහුවේ නෑනේ...දෙකක් තුනක් ඇන්නා විතරයි ඒකත් අපේ එකෙක්ට සද්දයක් දාලා...ඕක ඉතින් මහ දෙයක් යෑ...ඒ කොල්ලා ඊට පහුවෙනිදම අපිත් එක්ක ඇවිත් කතා කරලා ෆිට් වුනා..කොහේවත් ඉන්න එවුන්ටනේ මේකේ උණ තියෙන්නේ ...මට නම් සිරාවටම රතු කට්ට පැන්නා...

“ඇයි උඹලට ඒකත් උගන්වන්න ඕනිද? එහෙනම් බලාපිය මෙන්න මෙහෙමයි ඩිෆ් ගහන්නේ“ සර් බාස්කට් බෝල් ක්‍රීඩාංගනේ Down ගියා...

“1 Down”
“2 Down”
“3 Down”
“හරියට බලා ගනිල්ලා පපුව බිම ගෑවෙන් නොගෑවෙන ගාන“
“4 Down”
“5 Down”

“පස්ස පැත්ත ඉස්සෙන්න බෑ...ඇගට සමාන්තරව යන්න ඕන...මෙන්න මේ විදියට “ අප්පට සිරි ලුකා සර් හිටු කියලා ඩිෆ් ගහනවා...බලන් ඉන්න ආසාවේ බෑ..

“7 Down”
“8 Down”
“9 Down”
“ඔන්න අන්තිම එක බලාගන්නවලා හරියට 10 Down“ ගින්දර වගේ ඩ්ෆ් 10ක් ලුකා සර් ගැහුවා...නහයෙන් කටින් දාඩිය බේරෙනවා සර්ගේ....හරි අමාරුවෙන් නැගිටලා කලිසමේ ගෑවිච්ච වැලි ටික පිහිදලා දැම්මා.....
අපිටත් දැන්නම් දුකේ බෑ..මොනා කරන්නද??

අඹ ගහේ ජම්බු...

ඩිං ඩොං....... ඩිං ඩොං......ඩිං ඩොං......

පලවෙනි පීරීයඩ් එකේ ඉවර වෙන බෙල් එක ගැහුවා.කට්ටියම එක එකාගේ මූණවල් දිහා බලපි...

“1 වෙනි එක ඉවරයි නේ....දැන් පන්ති වල වැඩනේ? මටත් 9 පන්තියක් තියෙනවා....“සර් කියපි

“ඔව් සර් අපිටත් ලැබ් එකේ chemistry ප්‍රැක්ටිකල් එකක් පරක්කු වුනොත් අවුල්....“ මම හොට දාලා කිව්වා....

“හරි එහෙනම් කට්ටියම දැන් යනවලා ..ස්කෝලේ ඇරුණම හෝල් එක ගාවට එනවා“ මූණ ඇඹුල් කරන් සර් කිව්වා.එහෙම කියලා ලුකා සර් ඔෆිස් එක පැත්තට හැරුනා...

ඒ වචනය කටින් පිට වුනා විතරයි අපි කෙලින්ම නැවතුනේ අපේ රූම් එකේ...දුකට සතුටට හැමට ඒකනේ ....
“මගේ අම්මේ නූලෙන් බේරුනේ“ පූස් කිව්වේ පුටුවක වාඩි වෙන ගමන්

“අනිවා අනිවා.....නැත්නම් කපෝතියි ආ....දැක්කනේ වෙච්ච දේ“ කට්ටා කිව්වා.
“රපට පාං.... පාං.... පපං..“රාමෙත් කතාවට එකතුවුනා...
“ඒක නෙමේ බං අපි දැන හෝ නොදැන අර කොල්ලට ගැහුවා..“කොටා කතාවකට මුල පිරුවා...“

“ඉතින් ඉතින්“ ගොරෝ සුපුරුදු පරිදි කකුල දැම්මා..
“මේකනේ මචාං අපි ඌට ගැහැවා....ඉතින් අපිනේ වැරැද්ද කලේ...“
“ඔව් ඔව්“
“එහෙනම් මොල උලව්වකටද බං උදේ පාන්දර දාඩිය පෙරාගෙන,වැටීගෙන පෙරලීගෙන ලුකා සර් අපේ ඉස්සරහා අරම ඩිෆ් ගැහැවේ....“කොටා විරිත්තලා කිව්වා..

“නැවතිල්ලේ බැලුවම ඒකත් ඇත්තනේ බං අපි කන්න ඕන පෝරියල් එක ඒ මනුස්සයනේ කෑවේ.....අනේ මන්දා...මතකයි නේ ඩිෆ් 10 ගහලා ඉවර වෙලා කලිසමත් පිහිද ගත්තා...“මම කිව්වා.
“ඒකනේ බං කරපු අපි මේ ආතල් එකේ ඉන්නේ....කොහේ වත් යන අර මනුස්සයා උදේම ෆට්ට කට්ටක් තමා බොල කෑවේ..“ රනේ කිව්වා...

“අපි එහෙමයි දත් මදින්නේ....!! “ කොටා දත් 28 ම විරිත්තලා කිව්වා.....



කලින් කතා ටිකත් කියවන්න මෙතනින් යන්න යාළුවනේ....

ඇහට කනට පේන එකක් ගලවපියෝ...

රෑ පානේ බෑවා අපි වෑවරේ.....

24 comments:

  1. ලස්සනයි මල්ලි කියවන එක නතර කරන්න බැරි විදිහට ලස්සනට ලියලා
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරුණ අයියා මේ පැත්තට ගොඩ වුනාට...!! ජය වේවා ඔබටත්!!

      Delete
  2. හිකිස්......මාල ඩඩුවම....ඔයාල මාලයි හලේ....:D

    බුදු සරණයි අයියෝ....

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මේ...හලේ මේ කුරුල්ලව කූඩුවකට දාන්නකො හලේ.....

      Delete
    3. ස්තූතියි නිපූ නගා....නැතුව නැතුව හිතන් ඉන්න ඇති අපිට දෙන්න හික්ස්.....

      හි හි ඇයි එයා කරදර කරනවද? කූඩුවක් නෑනේ බොලේ ඒකයි...ඉන්න මම අල්ලල දාන්නම් ඕකා කිරිල්ලියක් හොය හොය යන්නේ....නරක වයසනේ බං....

      Delete
  3. අහ්හ් එහෙමද මල්ලිලා දත් මදින්නේ...:) ෆට්ට කතාව..(Y)

    ReplyDelete
    Replies
    1. හි හි අනේ මන්දා කොටා තමයි ඒක දන්නේ;) ස්තූතියි අක්කා...ජය වේවා!!

      Delete
  4. පානුයි ලුකයි ද??
    ඒවා කෑවම මහත්වෙනවලු නේ!:D
    පට්ට ස්ටොරිය බන්!:D

    ReplyDelete
    Replies
    1. මහත් වෙනවද බං ?? දන්නේ නෑනේ හිහි....ස්තූතියි මේ පැත්තේ ආවට!! ජය වේවා!!

      Delete
  5. අම්මපා ඇත්තනේ.. උඹලට සෙට් වෙන්නේ මරු සර්ලා තමයි.. අපේ සර්ලානම් උගන්නන එක පැත්තකට දාලා ඩිෆ් ගස්සවනවා..

    ReplyDelete
    Replies
    1. හි හි ඔව් නේ මචං...අපේ එකත් ඒ වගේ තමා ඒත් අපිත් එක්ක ඉතින් නෝ හෙල්ලුම් සෙල්ලම්......තව තියෙනවා හොද ආතල් ටිකක් කෙටුව ගමන් දාන්නම්කෝ ...ජය වේවා!! සහෝදරයා..

      Delete
  6. පව් බන් සර්.. ස්කෝලෙ කාලේ නම් ඉතින් ඇඩෙනවා මතක් වෙද්දිත්

    ReplyDelete
    Replies
    1. අනිවා...මොනා කරන්නද බං අපි කිව්වද කරන්න කියලා..මේ පොස්ට් එක දැක්කොත් නම් මිනිහා වහකාලා මැරෙනවා...
      හම් ඒ කාලේ තමා ආතල්ම කාලේ කොච්චර සුන්දර මතක ගොන්නක්ද තියෙන්නේ...ආයෙත් යන්න හිතෙනවා මචං...ජය වේවා!!!

      Delete
  7. අපෙත් පීටී සර්ගේ වැඩේම ඩිප්ස් ගස්සන එක...මොන වැ‍රැද්ද කරත් ඩිප්ස්...ගුටි කනවට වැඩිය ඒක නම්බුයිනේ.හික් හික් හික් ...

    ReplyDelete
    Replies
    1. හික් හික් අනිවා ...උදේ පාන්දර ගුටි කන එක නම් මෙලෝ රහක් නෑ අප්පා...බලනකොට මචං මට හිතෙන්නේ පීටී සර්ලා සේරම එකයි වගේ...

      Delete
  8. සාර් මාර ඩයල් එකක් නේ බොළ.
    යකෝ ගුටිකනවට වැඩිය ඔහොම දෙයක් කරන එක ගොඩ.අපිනම් මැරතන් දුවල තියෙනවා අම්බානට පිනා එක්ක.

    ප/ලි:මේ උඹේ කුරුල්ලව ඇතුලට දාල තියාගනින් නැත්නම් ඊළඟ පාර ඌට වෙඩි තියනවා ...:D

    ReplyDelete
    Replies
    1. එල එල ඕවා තමා බං පස්සේකාලෙදී හිනා වෙලා මතක් කරන්න පුළුවන් ආතල්....අම්මට සිරි සර් ....සරි ගැන කතා ගොඩයි අපි අවුරුදු 3කට කිට්ටුවෙන්න මිනිහත් එක්ක වැඩ කලා ආයේ රස ආකරයයි.....

      Delete
  9. සර්ටම ගැලපෙන මෙහෙමත් ගෝලයෝ.. :D
    ජය වේ..!!!

    ReplyDelete
    Replies
    1. හික් හික් අනිවා....ආයෙත් අහලා..අපි කයි ගල් බනිස්!! හික් හික් ඇත්තමට සර්ට වඩා නම් අපි හොදයි.....ජය වේවා!!

      Delete
  10. හික් හික් පට්ට කතාව අෆ්ෆා

    ReplyDelete
    Replies
    1. හි හි ස්තූතියි පාට අක්කේ....ඔය සර් ගැන රස කතා විමානයයි...දැන්ම ලියන්න බෑ..මොකෝ මං තාම අස්වීමේ සහතිකේ අරන් නෑ...හික් හික්..;)

      Delete
  11. හිකිස්.....පට්ට සීන් එක...

    ReplyDelete
    Replies
    1. හික්ස් ද අහලා මතක් වෙද්දිත් බඩ දගලනවා...ජය වේවා!!

      Delete

මතක සටහනක් අකුරු කරලා යන්නත් අමතක කරන්න එපා........